|
|
බෙල්ලන්විල රජ මහ වෙහෙර |
|
|
බෙල්ලන්විල රජ මහ වෙහෙර සළසයි සැමට මෙහෙවර
එදත් අදත් මහජන ගෞරවාදරයට පාත්‍ර වූ ඓතිහාසික බෙල්ලන්විල රාජ මහා
විහාරස්ථානයේ 63 වරටත් ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 31 වැනි දා දක්වා
පැවැත්වීමට බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල
විමලරතන අනු නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ ඇසළ පෙරහර කොමිටිය
විධි විධාන යොදා ඇත. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ පෞරාණිකත්වය
දේවානම් පියතිස්ස රාජ්‍ය කාලය දක්වා දිවයයි. දෙවනපෑතිස් රජු සමයේ
අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරන ලද, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ
දක්‍ෂිණ ශාඛාවෙන් පැන නැඟුණු දෙතිස් මහා බෝධීන් වහන්සේ අතුරෙන් එක්
බෝධීන් වහන්සේ නමක් බෙල්ලන්විල පුද බිමෙහි රෝපණය කළ බව සිංහල බෝධිවංශයේ
සඳහන් වේ. මේ අනුව බෙල්ලන්විල රෝපණය කර ඇත්තේ අනුරාධපුර මහ මෙවුනා
උයනෙහි රෝපිත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵල රුහ බෝධීන්ගෙන් එකකි.
ඉතිරිය»
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 28 වැනි
දා බදාදා පූර්ව භාග 02.09 ට ලබයි.
29 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.12 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 28 වැනිදා බදාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 04 වැනි දා බදාදා ය. |
|
|
|
|
|
|