|
|
රන්කොත් විහාරය |
|
|
පානදුර මහා වාදයට වසර 140 ක් සපිරුණු වගයි
බ්‍රිතාන්‍ය යුගයේ දී බුද්ධාගම අබිං යයි පවසමින් අප රටේ බෞද්ධයින්ට
විරුද්ධව මිෂනාරින් විසින් ඇරඹූ සටන වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද
හිමිපාණන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් පරාජයට පත් කළේ වර්ෂ 1873 දී ය.
අගෝස්තු මස 24 සහ 26 වැනි දින පානදුර රන්කොත් විහාරස්ථානයට නුදුරුව
පිහිටා තිබුණ දොඹ ගස්වත්ත නැමැති පොල් රුප්පාවේ දෙපාර්ශවය අතර මහා
වාදයක් පැවැත්විණි. මෙය පානදුර, මහා වාදය නම් විය. පානදුරාවාදයට මූලික
වූයේ පානදුර වෙස්ලියන් දේවස්ථානයේ අධිපති එම පල්ලියේදී බුද්ධධර්මය
විවේචනයට ලක් කරමින් පැවැත්වූ දේශනයක් ය.
ඉතිරිය»
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 28 වැනි
දා බදාදා පූර්ව භාග 02.09 ට ලබයි.
29 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.12 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 28 වැනිදා බදාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 04 වැනි දා බදාදා ය. |
|
|
|
|
|
|