අ.පො.ස. (උසස් පෙළ) විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013
බෞද්ධ ශිෂ්ටාචාරය - 2
කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති
උප්පලවත්තේ
විමලානන්ද හිමි
1 සිට 25 තෙක් එක් එක් ප්‍රශ්නයට 1, 2, 3, 4, 5 යන පිළිතුරු වලින්
නිවැරැදි පිළිතුර තෝරා ලකුණු කරන්න.
(1) සැප විඳින සත්ත්වයන් දෙස බලා තමා තුළ ඇතිකර ගනු ලබන සොම්නස් බව
හෙවත් සතුට මුදිතාව යි. මෙය දහමෙහි ඇතුළත් වන්නේ,
1. සතර මහාපදේසයන්ට ය.
2. සතර බඹ විහරණයන්ට ය.
3. චතු පාරිශුද්ධි සීලයන්ට ය.
4. සතර සතිපට්ඨානයන්ට ය.
5. සතර සුඛයන්ට ය.
(2) බුදුරදුන් තෝරා ගත් පුද්ගලයෙකු අරමුණු කර නොගෙන, ගම් නියම් ගම්
පිළිවෙළින් දිනපතා යොදුන, අඩ යොදුන බැගින් හැසිරීම හඳුන්වනු ලබන්නේ,
1. ක්ෂේත්‍ර චාරිකා යනුවෙනි
2. තුරිත චාරිකා යනුවෙනි
3. කේවල චාරිකා යනුවෙනි
4. අතුරිත චාරිකා යනුවෙනි
5. ජම්බුද්වීප චාරිකා යනුවෙනි
(3) බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට ආසන්න මොහොතේ භික්ෂූන් අමතා දේශනා කර
සිටියේ “මා නියම වශයෙන් සලකන්නා ධම්මාරාම භික්ෂුව මෙන් විය යුතුය.”
යන්නයි. බුදුරදුන් එසේ ධම්මාරාම භික්ෂුව නිදර්ශන කොට ගනු ලැබුවේ,
1. බුදුරදුන්ගේ සියලු කුදුමහත් කටයුතු කළ නිසා ය.
2. බුදුරදුන්ට විවේකය අවශ්‍ය බැවින් හඬා වැළපෙන භික්ෂූන් නිහඬ කරවූ
නිසා ය.
3. බුදුරදුන් ළඟින්ම හිඳ බුදුරදුන්ගේ ගුණ ගායනා කළ නිසා ය.
4. ආමිස පූජාවට මූලිකත්වය දෙමින් සිවුරු, පිරිකර, මල්, පහන් බුදුරදුන්ට
පූජා කළ නිසා ය.
5. ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දෙමින් ශීලමය, භාවනාමය, පුණ්‍ය
ක්‍රියාවලට යොමු වූ නිසා ය.
(4) භික්ෂු සංස්ථාව ඇති වීමෙන් පසු ප්‍රථම පාරාජිකාව ලෙස බුදුරදුන්
පෙන්වා දෙනු ලැබුවේ,
1. මෛථුන ධර්ම පාරාජිකාව යි.
2. අදත්තාදාන පාරාජිකාව යි
3. මනුෂ්‍ය විග්‍රහ පාරාජිකාව යි.
4. උතුරුකුරු මිනිස් දම් පාරාජිකාව යි
5. උක්ඛේපනීය කර්මය යි
(5) පුරා විද්‍යාත්මක සාධක අනුව සලකා බලන කල ලක්දිව බුදු දහම
පිහිටුවීමෙන් පසු ඉදිකරනු ලැබූ ප්‍රථම ස්ථූපය වනුයේ,
1. ගිරිහඬු සෑය යි
2. මහියංගන දාගැබ යි.
3. ථූපාරාමය යි.
4. අභයගිරිය යි.
5. කිරි වෙහෙර යි
(6) බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව බුදුරදුන් ප්‍රථම වස් කාලය ගත කිරීමට
තෝරා ගනු ලැබුවේ,
1. බේලුව ගමයි
2. කොසඹෑනුවර ඝෝෂිතාරාමය යි.
3. රජගහනුවර සප්තපර්ණී ගල් ගුහාවයි.
4. බරණැස ඉසිපතනාරාමය යි
5. විශාලා මහනුවර කූටාගාර ශාලාව යි
(7) පින්බර ස්ත්‍රියකට ඇතිවන ලක්ෂණ පහක් වශයෙන් පඤ්ච කල්‍යාණය සඳහන් කළ
හැකිය. බුද්ධ කාලීන භාරතයේ විසූ විශාකා මහා උපාසිකාව ද මෙකී ලක්ෂණ
වලින් පරිපූර්ණ වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ‘ඉඳුණු කෙම් ගෙඩි සේ’
රතු දෙතොල් පිහිටා තිබීම එහි සඳහන් වන්නේ,
1. කේෂ කල්‍යාණය යනුවෙනි
2. මාංශ කල්‍යාණය යනුවෙනි
3. දන්ත කල්‍යාණය යනුවෙනි
4. ඡවි කල්‍යාණය යනුවෙනි
5. වයඞ කල්‍යාණය යනුවෙනි
(8) බුද්ධ කාලීන භාරතයේ විසූ ප්‍රසිද්ධ තවුසෙක් සැරියුත් මහ රහතන්
වහන්සේ වෙත එළඹ ඔබ වහන්සේගේ ධර්ම විනයෙහි ඉතා දුෂ්කර චර්යාව කුමක්දැ’යි
විමසීය. එයට පිළිතුරු වදන් දෙන සැරියුත් තෙරුන් වහන්සේ ඇවැත්නි,
පැවිදිවීම මෙම ධර්ම විනයෙහි ඉතාම දුෂ්කර චර්යාව යැ’යි ප්‍රකාශ කරමි.
මෙසේ පැනයක් ඉදිරිපත් කරන ලද්දේ,
1. ජම්බුක ආජීවකයා ය
2. කොණ්ඩඤ්ඤ තවුසා ය
3. සංජය පරිබ්‍රාජකයා ය
4. උපාලි ගෘහපතියා ය
5. සීහසේනාධිපති ය
(9) සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ‘ ද්‍රෝණ බමුණාගේ මූලිකත්වයෙන් බුද්ධ
ශාරීරික ධාතුන් බෙදා දීම සිදු කෙරිණි. සර්වඥ ධාතූන් වහන්සේ අට පිරිසකට
හිමිවූ අතර, ද්‍රෝණ බමුණා ධාතුන් මැනීම සිදු කළ නැළිය පූජනීය වස්තුවක්
කොට තබා ථූපයක් ඉදි කරන ලදී. එසේ ඉදිකරන ලද ථූපය වශයෙන් සළකනු ලබන්නේ,
1. අංගාර ථූපය යි.
2. චාපාල චේතිය යි
3. කණිෂ්ක ථූපය යි.
4. කුම්භ ථූපය යි
5. ගෝතමක චේතිය යි.
(10) තථාගතයන් වහන්සේගේ ඓතිහාසිකත්වය විදහාපාන බුද්ධ ධර්මය මෙන්ම බෞද්ධ
ඉතිහාසයත් ඉතා කදිමට විවරණය කරන, බුද්ධ භාෂිතයන් මෙන්ම ශ්‍රාවක
භාෂිතයෙන් ද පොහොසත්, අන්තිම දස මාසය තුළ උන්වහන්සේ කළ කී දේ අන්තර්ගත
අති විශේෂ වැදගත් සූත්‍රයක් ලෙස සැළකෙනුයේ,
1. දම්සක් පැවතුම් සූත්‍රය යි.
2. අනාගතභය සූත්‍රය යි.
3. මහාපරිනිබ්බාන සූත්‍රය යි.
4. මහා මංගල සූත්‍රය යි
5. දසධම්ම සූත්‍රය යි
(11) බුද්ධ ප්‍රතිමාවක් සඳහා කරන ලද ගෘහය පඨිමාඝරය නොහොත් ප්‍රතිමාඝරය
යි. ලාංකේය කලාකරුවා ප්‍රතිමාඝරය නිර්මාණය කරන ලද්දේ සම්ප්‍රදාය කීපයකට
අනුගත වෙමින් ය. එම සම්ප්‍රදායන් ගණන නම්,
1. දෙකකි
2. තුනකි
3. හතරකි
4. පහකි
5. හයකි
(12) අනුරාධපුර යුගයෙන් ඇරැඹි මුල්කාලීන භික්ෂූන් වහන්සේලා උදෙසා එවක
රාජ්‍ය පාලනය විසින් ඉදිකරන ලද “භාවනා කුටිය” ලාංකේය ගෘහ නිර්මාණ කලාවේ
අද්විතීය කලා කෘතියකි. එය හැඳින්වීමට සුදුසු පර්යාය පදයක් වන්නේ,
1. උපෝසථාඝරය යි.
2. බෝධිඝරය යි.
3. පධානඝරය යි
4. වටදාගෙය යි
5. චන්නාඝරය යි
(13) “වට්ටධාතුඝර” යන වචන තුන එකට එකතු වීමෙන් වටදාගෙය යන්න සෑදී ඇත.
මෙම කලා කෘතිය නිර්මාණය කිරීමෙහිලා බලපෑ මුඛ්‍ය අරමුණ වන්නේ,
1. බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට යි.
2. දාගැබ ආරක්ෂා කර ගැනීමට යි.
3. පැරැණි වී අටුවා ආභාෂය ආරක්ෂා කර ගැනීමට යි.
4. භික්ෂු විනයෙහි ප්‍රගමනය උදෙසා යි
5. දාගැබක චමත්කාරය ඉස්මතු කිරීමට යි
(14) භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාගේ මැසි, මදුරු උවදුරු සීත දුරු කර
ගැනීම සඳහා තනන ලද ‘ ගිනිහල් ගෙය’ හඳුන්වනු ලබන්නේ
1. ඡන්නාඝරය නමිනි
2. පධානඝරය නමිනි
3. ධාතුඝරය නමිනි
4. චේතියඝරය නමිනි
5. බෝධිඝරය නමිනි
(15) බෞද්ධ භික්ෂුවට පොහොය හා විනය කර්ම කිරීම සඳහා පෙර රජවරුන් විසින්
කරන ලද “ උපෝසථාඝරය” ආරාමික තවත් උපාංගයකි. මෙය ලක්දිව සෙල්ලිපිවල
හැඳීන්වෙන්නේ,
1. සීමා මාලකය නමිනි
2. පොහොය ගෙය නමිනි
3. පොහෝන ගෙය නමිනි
4. විනය සීමාව නමිනි
5. බුද්ධ සීමාව නමිනි
(16) භික්ෂූන් වහන්සේට වන සතුන්ගෙන් ආරක්ෂාව වීම සඳහා දිය අගල් ද සහිතව
නිමවන ලද ගෘහය පධානඝරය යි. දැනට ලංකාවෙන් හමුවී ඇති සකල උපාංගයන්ගෙන්
සමන්විත පධානඝරය ලෙස සැලකෙන්නේ,
1. රිටිගල පධානඝරය යි
2. මනාකන්ද පධානඝරය යි
3. අරංකැලේ පධානඝරය යි
4. ලාහුගල පධානඝරය යි
5. පුලියන්කුලම පධානඝරය යි
(17) පැරැණි වී අටුවා ආභාෂය ගත් එක් සම්ප්‍රදායක් පධානඝරය තුළින්
විහිදී ගොස් ඇත. එම විහාර සම්ප්‍රදාය නම්,
1. ගන්ධකුටි විහාර සම්ප්‍රදාය යි
2. ටැම්පිට විහාර සම්ප්‍රදාය යි
3. ගෙඩිගේ සම්ප්‍රදාය යි
4. ප්‍රසාද විහාර සම්ප්‍රදාය යි
5. පංචායතන සම්ප්‍රදාය යි
(18) සඟල සිවුර හතරට නමා ඒ මත පාත්‍රය තබා ඊට උඩින් යෂ්ඨිය සිටුවා
ථූපයක් නිර්මාණය කරගත හැකි බව පෙන්වා දුන්නේ,
1. බුදුරදුන් ය.
2. කණිෂ්ක අධිරාජයා ය
3. මහා කාශ්‍යප හිමි ය.
4. අශෝක අධිරාජයා ය
5. මොග්ගලීපුත්ත තිස්ස හිමි ය.
(19) බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී කලාකරුවන් සතර ඉරියව්වෙන්ම එය
නිර්මාණය කිරීමට පෙළඹුණහ. එයින් එක් ක්‍රමයක් නම් හිටි පිළිමය යි. එය
වර්ග වශයෙන් කොටස්,
1. දෙකකි
2. තුනකි
3. හතකි
4. පහකි
5. නවයකි
(20) බුදුරදුන් තමා හමුවට ආ විවිධ පුද්ගලයන් සමඟ වාද විවාද පැවැත්වූ
අවස්ථා සංකේතවත් කිරීම විතර්ක මුද්‍රාවෙන් නිරූපිත ය. මෙම මුද්‍රාව
හැඳින්වීමට යෙදෙන පර්යාය පද කීපයක් වන අතර එයට අයත් නොවන්නේ,
1. ව්‍යාක්‍යාන මුද්‍රාව ය
2. ඤාණ මුද්‍රාව ය.
3. සන්දර්ශන මුද්‍රාව ය
4. කටක හස්ත මුද්‍රාව ය
5. ධාන්‍ය මුද්‍රාව ය
(21) බුද්ධ ප්‍රතිමාව සඳහා කලාකරුවා යොදා ගත් ආසන ක්‍රම අතර භද්‍රාසනයට
හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එකී ආසන ක්‍රමයෙන් නිරූපිත මුද්‍රාව
වන්නේ,
1. ධර්ම චක්‍ර මුද්‍රාව යි
2. අභය මුද්‍රාව යි
3. වරද මුද්‍රාව යි
4. විතර්ක මුද්‍රාව යි
5. සිංහාසනය යි
(22) සුබාසනය, අර්ධ පර්යංකාසනය, යනුවෙන් හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ
ප්‍රතිමා ශිල්පීන්ගේ අභිරුචියට පත්වූ ආසන ක්‍රමය වන්නේ,
1. පද්මාසනය යි
2. වීරාසනය යි
3. වජ්‍රාසනය යි
4. භද්‍රාසනය යි
5. සිංහාසනය යි
(23) වම් සිරි පතුල දකුණු කලවා මතද, දකුණු සිරි පතුල වම් කලවා මතද
තබාගෙන වැඩ සිටීම පද්මාසනය යි. මෙය හැඳින්වීමට යෙදෙන තවත් පර්යාය පදයක්
වන්නේ,
1. සිංහ සෙය්‍යාවෙන් සැතපීම
2. වජ්‍රාසනය යි
3. සුබාසනය යි
4. අර්ධ පර්යාංකාසන යි
5. කමලාසනය යි
(24) අනුරාධපුර සමාධි බුදු පිළිමය, තොලුවිල හා පොළොන්නරු ගල්විහාර බුදු
පිළිම
1. පද්මාසන ක්‍රමය ගනී
2. සුඛාසන ක්‍රමය ගනී
3. සිංහාසන ක්‍රමය ගනී
4. භද්‍රාස ක්‍රමය ගනී
5. වජ්‍රාසන ක්‍රමය ගනී
(25) ‘සඳකඩ පහන’ වූ කලී සත්වයාගේ සසර ගමන හා එහි අවසානය නිරූපණය කරන
ප්‍රබලතම සංකේතය යි. මේ බව ප්‍රකාශ කළේ,
1. සෙනරත් පරණවිතාන මහතා ය
2. එච්. සී. පී. බෙල් මහතා ය.
3. සිරිනිමල් ලක්ද්‍රසිංහ මහතා ය
4. කුඹුරුපිටියේ වනරතන නා හිමි ය
5. බඹරැන්දේ සිරිසීවලී හිමි ය
ප්‍රශ්නය අංකය පිළිතුර
01. 2
02. 2
03. 5
04. 1
05. 3
06. 4
07. 2
08. 1
09. 4
10. 3
11. 3
12. 3
13. 2
14. 1
15. 3
16. 3
17. 2
18. 1
19. 1
20. 5
21. 1
22. 2
23. 5
24. 2
25. 1 |