පිච්ච මල් පූජා
මහෝත්සවය
කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, ශාන්ති පදනම විසින් 1990 වසරේ දී ඉතා චාම්
පින්කමක් ලෙස අනුරාධපුර උඩමළුවේ දී ආරම්භ කළ පිච්ච මල් පූජාව මේ වන විට
මහා දැවැන්ත ආගමික ව්‍යාපෘතියක් බවට පත් වී ඇත. පිච්ච මල් සුවඳට
ආකර්ශනය වූ මනුෂ්‍යයෝද, දෙවියෝද, සපිරිවරින් එදිනට මහමෙව්නාවට මුළු
දෙන්නාහ. පිච්ච මල් පූජාවේ අන්තර්ගත කරුණු කීපයකි. ඉන් එකක් වන්නේ
බෞද්ධයන් එක් තැනකට ඒකරාශී කොට බෞද්ධ පණිවුඩයක් එකවර ලබාදීමයි. දෙවැනි
කරුණ වන්නේ ජාතික සංවර්ධනයක් සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ සිතුම් පැතුම්
පෙළ ගැස්වීම සහ ආකල්ප වල වෙනසක් ඇතිකරලීමට මඟ පෙන්වීමයි.
ඉතිරිය»
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 18 වැනි උපාධි
ප්‍රදානෝත්සවය
ජූලි 9 සහ 10 වැනි දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී දේශීය හා විදේශීය විද්‍යාර්ථින්ට
ප්‍රථම උපාධි, පශ්චාද් උපාධි හා සම්මාන ආචාර්ය උපාධි
ඇතුළුව උපාධිලාභීන් 819 දෙනෙකු වෙත උපාධි ප්‍රදානය කරනු
ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
කථා කිරීමට දුෂ්කර වූවෝ
බුදුරජාණන්වහන්සේ විසින් දේශිත අංගුත්තර නිකායේ පස්වැනි පොතට අයත්
දේශනාවක් වන දුක්කථා සූත්‍රයට අනුව බලන විට මේ ලෝකයේ කථා කිරීමට දුෂ්කර
පුද්ගලයන් පස්දෙනෙකු සිටින බව පෙන්වා දී තිබෙනවා. එපමණක් ද නොවෙයි කථා
කිරීමට පහසු පුද්ගලයන් පස් දෙනකු ගැනත් එහිදී කථා කර තිබෙනවා. අපි
පළමුවැනුව බලමු කථා කිරීමට යෑමෙදි දුෂ්කර වූ පුද්ගලයන් පස්දෙනා ගැන.
ඉතිරිය»
සිත් තුටු කරනා සිතුල්පව්ව මහ වෙහෙර
ආගමික වටිනාකමකින් අනූන සිතුල් පව්ව හාත්පස විසිරී පැතිරී ඇති වන
ගහණයක් මධ්‍යයේ වන සතුන්ගේ නිජ භූමියක් මෙන්ම අභය භූමියක් වූ යාල
වනෝද්‍යානය තුළ පිහිටි අති පූජනීය ඓතිහාසික සිද්ධස්ථානයකි. ඇත්තෙන්ම
පුරාතනයේ මෙය යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් ම සැදි තපෝ වනයකි.
ඉතිරිය»
|