විමාන - පේත කථා වත්ථුවෙන් පෙන්වා දෙන කුසල් අකුසල්
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
ශ්‍රී ලංකා ධරණීතලය අමා දම් ගඟුලින් නැහැවී ගිය උතුම් පොසොන් පොහොය
අදයි.අප රටේ හෙළ සංස්කෘතිය බොදු සංස්කෘතිය බවට පත් වූ දවස අදයි. සංසාර
සාගරයේ කිමිදී සිටින අවිද්‍යා අන්ධකාරයේ වෙලී සිටින සත්වයින් ඉන්
මිදීමේ මඟට යොමු කරවූ දිනය අදයි. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා
යන සිව්වණක් පිරිසේ ආරම්භය සනිටුහන් කළ දිනය අදයි. අහස උසට දිව යන මහා
දාගැබ්, කළු ගලට ජීවනය දුන් කුලුණුබර බුද්ධ ප්‍රතිමා ආදිය නිර්මාණය
වීමේ උදාර බොදු කලා මංගල්‍යයේ ආරම්භය සිදු වූ දිනය අදයි. දඹදිව
ධර්මාශෝක මහාධිරාජයාගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ අප තථාගත අර්හත්
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය රැගෙන අප හෙල දෙරණට සැපත්
වූ ඒ උත්තරීතර දිනය හෙල බෞද්ධයන්ට වටිනාම, අනර්ඝතම දිනය අදයි.
දා මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා ප්‍රමුඛ හතළිස් දහසක
පිරිවරට චුල්ලහÀථි පදෝපම සූත්‍රය දේශනාකොට උතුම් තිසරණයෙහි පිහිටුවා
ඉන් අනතුරුව උතුම් දේශනා ගණනාවක් සිදු කළ අතර සච්ච සංයුත්තය,දේවදූත
සූත්‍රය අනමතග්ග සංයුත්තය, විමානවත්ථු, පේතවත්ථු, බාලපණ්ඩිත සූත්‍රය
ආදිය ඉන් ප්‍රධානත්වයක් ගනී. ඒ අතරින් අනුලා බිසව ඇතුළු පන්සීයක්
කාන්තාවන්ට දෙවන දිනයේදී මාලිගයේදී මෙම විමානවත්ථු හා පේතවත්ථු දේශනාව
සිදු කරනු ලැබූ සේක. එම දේශනාවෙන් පසුව එම පිරිසට උතුම් ධර්මාවබෝධය
සිදු විය. එනම් සෝතාපන්න තත්ත්වයට පත් විය.
උතුම් පුණ්‍ය කර්මයන්, සිදු කොට දිව්‍යමය තත්වයන්ට පත් වී සැප ලබන
අයුරු විමානවත්ථූවෙන් විස්තර කෙරෙන අතර නොයෙක් පාපි ක්‍රියා කොට
පේ‍්‍රත ලෝකවල ඉපදී දුක් ව්ඳින ආකාරය පේතවත්ථුවෙන් විස්තර කෙරේ.
විමානවත්ථු ප්‍රකරණය පිළිබඳව මුල් ග්‍රන්ථය ඛුද්දක නිකායට ඇතුළත් වේ.
පාලි විමාන වත්ථුව සංග්‍රහ වී තිබෙන්නේ ගාථා ආකාරයටයි. මෙම ගාථා පුච්ඡා
හා විස්සර්ජන වශයෙන් දෙයාකාරය. පුච්ඡා ගාථාවලින් සමහර ඒවා භාග්‍යවතුන්
වහන්සේ විසින් අසන ලද ඒවායි. සමහරක් මහරහතන් වහන්සේලා අසන ලද ඒවා වන
අතර ශක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු අසන ලද ඒවාද ඒ අතර වේ. විස්සර්ජන ගාථා
යනුවෙන් හඳුන්වන්නේ එම ප්‍රශ්නවලට පිළිතුරු ප්‍රකාශ කරන ලද ගාථාවන්ය. ඒ
ගාථා වර්ග දෙකම සංග්‍රහ කොට මහ රහතන් වහන්සේලා විමාන’ වත්ථූ නාමයෙන්
තබන ලදී. මෙම පාලි විමානවත්ථු ප්‍රකරණයට බදරතීථී විහාරවාසි භදන්තාචරිය
ධම්මපාල මහා ස්ථවිර පාදයන් වහන්සේ විසින් පරමත්ථ දීපනී නම් විමාන වත්ථු
අටුවාව ලියන ලදී.
විමාන යනුවෙන් අදහස් කරනු ලබන්නේ දිව්‍ය ප්‍රසාදයි. එම දිව්‍ය විමාන
අතිශයින් අලංකාරය, විචිත්‍රය, ශෝභමානයි.
එමෙන්ම යොදුන් ගණන් විශාලයි. ඒවා විශිෂ්ඨ වු දේවතාවන්ගේ ක්‍රීඩා
නිවාසස්ථාන වශයෙන්ද විස්තර කෙරේ. විමානවත්ථුව වර්ග සතකින් සමන්විත වේ.
පීඨ වර්ගය, චිත්‍රලතා වර්ගය, පාරිච්ඡත්තක වර්ගය, මඤ්ජෙට්ඨක වර්ගය,
මහාර්ථවර්ගය, පායාසි වර්ගය, සුනික්ඛිත්ත වර්ගය වශයෙනි.මෙහි මුළු කථා
වස්තුව ප්‍රමාණය අසූූපහක් වන අතර එයින් කථා පණහක් ස්ත්‍රි විමාන
වත්ථුය. අතුරු කථාත් සමඟ කථාවත්ථූ සියල්ලම එකසිය විසිතුනක් (123) වේ.
පේ‍්‍රත වත්ථුව, ඛුද්ධක නිකායට ඇතුළත් ග්‍රන්ථ පහළොවෙන් සත්වන පොතයි.
ධම්මපාල හිමියන් විසින් රචනා කරන ලද අටුවාව පරමත්ථ ජෝතිකාව නම් වෙයි.
පේ‍්‍රතවත්ථුව අර්ථ උප්පත්ති හා පෘච්ඡා විසර්ජන වශයෙන් දෙයාකාරවෙයි. ඒ
භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ කරුණ අරභයා කරන ලද දේශනා අර්ථ උප්පත්ති
වස්තුය. නාරද තෙරුන් ඇතුළු තෙරුන් වහන්සේලා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඒ
ඒ පේ‍්‍රතයන් කරන ලද ප්‍රකාශ පෘච්ඡා විස්සර්ජන වත්ථු යනු පේ‍්‍රත
වත්ථුව වර්ග වශයෙන් හතරක් වේ. එනම් උරග වර්ගය, උබ්බරී වර්ගය, චූල වර්ගය
හා මහා වර්ගය වශයෙනි. උරග වර්ගයේ කථා 12 කි. උබ්බරී වර්ගයේ කථා 13 කි.
චූල වර්ගයේ කථා 10 කි. මහා වර්ගයේ කථා 16 කි. සියලුම කථා පනස් එකකි.
පේත,පේ‍්‍රත යන වචනවලින් මිය ගිය තැනැත්තා පරලොව ගිය තැනැත්තා යන
තේරුම් ගැන්වෙයි. විවිධාකාරයේ අකුශල කර්ම සිදු කරගෙන පේත ලෝකයේ විඳීමට
සිදුවන ආකාරය තහවුරු කර දී ජනතාව අකුශලයෙන් වෙන් කර කුසලයේ පිහිටුවීම
පිණිස මෙම පේතවත්ථුව මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලාංකිකයන්ට
දේශනා කරන ලැබූ සේක. විශේෂයෙන්ම පේ‍්‍රත ලෝකවල ඉපදීමට හේතුවන
පාපීක්‍රියා අතර සඟ සතු දේ අනිසි ලෙස පරිභෝග කිරීම, සඟ සතු දේපළ විනාශ
කිරීම, සත්ව ඝාතනය, සත්ව හිංසාව,බොරුකීම,ලෝභය, ඊර්ෂ්‍යාව, කිරීම, වෛරය
පෝෂණය කිරීම, කාම මිථ්‍යාචාරය හෙවත් කයින් අසංවර වීම ප්‍රධානත්වයක්
ගනී.
පේත වත්ථුවේ ඇති කථා අතරින් එකක් දෙකක් හෝ සාකච්ඡාවට ගැනීම වටී උරග
වරගයට අයත් ‘සූකර මුඛ’ පේතවත්ථුව අනුව එක් පුද්ගලයෙක් කයින් සංවර
වුවත් වචනයෙන් අසංවර විය. එබැවින් කයින් සංවර වීමේ පුණ්‍ය විපාකයක්
වශයෙන් මුළු සිරුර රන්වන් පාටින් සියලු දියත බබුළුවමින් සිටින ලෙසත්
වචනය අසංවර වූ හෙයින් මුඛය ඌරුමුඛයක් ලෙසත් උප්පත්තිය ලැබීය. සමහරු
සිතා සිටින්නේ කයින් කෙරෙන වැරැදි පමණක් බරපතළ බවයි. එහෙත් වචනයෙන්
කෙරෙන වැරැදිවලටද විපාක ලැබෙන ආකාරය මේ කථා පුවතින් අපට ඉගෙන ගැනීමට
ලැබේ.
කර්ම විපාක දීමේදි ගිහිපැවිදි භේදයක් නැති බව ප්‍රතිමුඛ පේතවත්ථුවේ
තිබෙන මේ කථා පුවතින් අනාවරණය වෙයි. දිව්‍යමය සිරුරක් බඳු වූ යහපත්
සිරුරක් ඇති අහසෙහි සිටින පුද්ගලයෙකි. ඔහුගේ දුර්ගන්ධය හමන මුඛය පණුවන්
සිදුරුකොට කා දමයි. එයට හේතුව පෙර භවයකදී මෙම පුද්ගලයා දුෂ්ට වචනයෙන්
යුත් වචනයෙන් අසංවර වු ශ්‍රමණ වේෂධාරි පාපි භික්‍ෂුවක් වීමයි.
සත්ත පුත්‍ර ඛාදක පේ‍්‍රත වත්ථුව තුළින් අප කරනු ලබන අකුශල කර්ම හා
බොරු දිව්රීම් විපාක දෙන ආකාරය ඉතා මැනවින් අවබෝධ කරගත හැකි වේ. එම කථා
පුවතට අනුව යම ලොව උපන් එක් පේ‍්‍රතියෙකු උදේට තමන් උපදවන දරුවන් සත්
දෙනෙක්ද සවසට උපන් දරුවන් සත් දෙනෙක් ද අනුභව කරයි. ඒ ප්‍රමාණයක්
දරුවන් කා දමන ඇයගේ ක්‍ෂුධාගින්න සංසිඳෙන්නේ නැත.ඇයගේ හදවත
දැවෙයි.අව්වෙහි, ගින්නෙහි දැවෙනවාක් පිච්චෙනවාක් මෙන් නිවීමක් නැත. ඇය
විසින් කරන ලද අකුශල කර්මය පිළිබඳව නාරද තෙරුණුවන් විමසූ විට ඇය
තෙරුණුවන්ට කියා සිටියේ පෙර ඇයට පුත්‍රයන් දෙදෙනෙක් සිටි නිසා ඇය
පුත්‍ර බලය කරණකොට ගෙන සැමියා අභිභවනය කොට සැමියා යටත්කොට සිතු බවයි.
මේ ගැන කෝපයට පත් සැමියා වෙනත් බිරිඳක් ගෙනා අතර ඇයට දරු ගැබක් හටගත්
මොහොතේ දුෂ්ට සිතින් යුක්ත වූ පෙර පිරිස පසු පිරිසගේ ඒ දරුගැබ විනාශ
කරනු ලැබුවා . එවිට ඇගේ මව ඇය ගැන කිපී නෑයින් රැස්කරවා ඇය ලවා
දිව්රීමද කරවා ඇය බියෙන් තැති ගන්වා ඇත. ඒ අවස්ථාවේදී ඇය මේ ආකාරයෙන්
බොරුවට දිව්රා ඇත. එනම් “මා එය කළා නම් මම පුත්‍ර මාංශ කන එකියක්
වෙම්වා” යනුවෙනි. ඒ පාප කර්මයේද බොරු බස්කීමේද විපාකය නිසා ලේ තැවරුණු
සිදුරු අතිව මේ අයුරින් දරුවන්ගේ මස් කමින් ජීවත්වෙමියි කියා ඇය
පැවසුවාය. ඉහත කථා ප්‍රවෘත්ති මෙන් කථා රාශියක් පේත වත්ථුවේ දැක්වේ.
මේ පේතවත්ථුවේ දැක්වෙන කථාවලින් අපට දැනුවත් කරන්නේ අකසල කර්මයන්ගෙන්
වැළකී සිටීමටයි.
මීළඟට අපගේ අවධානය,යොමුවිය යුත්තේ විමාන වත්ථුවටයි. විවිධාකාරයේ
පින්කම්කොට දිව්‍ය ලෝකවල ඉපදී සැප විඳින ඇත්තන් පිළිබඳව මෙහි දැක්වේ.
සමහර අවස්ථාවල ඉතාමත් ශ්‍රද්ධාවෙන් සුළු පින්කමක් කොට දිව්‍ය සැප විඳින
අවස්ථා දක්නට ලැබේ. මෙහි ප්‍රථම කථා කොටස් වන පීඨ වර්ගයේ එවැනි කථා
කීපයක් මදක් දක්නට ලැබේ. අලංකාර වූ දිව්‍ය සළු ඇඳගත් දිව්‍යමය මලින්
සැරසුණූ සිරුරු ඇති දෙව්දුවක් රත්රන් පුටුවකින් පවනට බඳු වේගයෙන්
කැමැති පරිදි ගමන් කරයි. එවිට මුගලන් මහරහතන් වහන්සේ මේ දේවතාවියගෙන්
විමසා සිටින්නේ කුමන පිනක් නිසා මේ ආකාරයෙන් දිලිසෙන පුණ්‍ය ඍර්ධි මුළු
දිශාවන් බබලන සිරුරකට හිමිකම් කියන්නේද කියායි. එවිට ඒ දෙව්දුව
පිළිතුරු වශයෙන් කියා සිටින්නේ ඇය මිනිස්ලොව සිටින කාලයේදී ආගන්තුක
වශයෙන් වැඩම කළ පින්වත් ස්වාමීන් වහන්සේ නමකට ආසනයක් පනවා මෑණියන්
වන්දනා කොට හැකි පමණකින් දන්දුන් බැවින් මේ ආකාරයේ ප්‍රතිඵල ලැබූ බවයි.
එවැනි පීඨ විමාන කථා වත්ථු කීපයක්ම විමාන වත්ථු මුල්භාගයේදීම හමුවේ.
එමෙන්ම කුඤ්ජර විධාන වර්ගයට අනුව එක්දේවතාවියක් රනින් කරන ලද නැවකට
නැඟී දිව්‍යමය කුසයෙන් ගැවසුණු පොකුණට බැස අතින් පිදුම්හෙළමින් සිටී.
එමෙන්ම මේ දෙව්දුවගේ පැහැය සියලු දිග බබුළුවන අතර මෙවැනි පුණ්‍යර්ධියන්
කුමක් නිසා ලැබුණේදැයි මුගලන් මහරහතන් වහන්සේ ප්‍රශ්න කළ විට ඇය එකල
මිනිස්ලොවදි කරන ලද පුණ්‍ය කර්මය පෙන්වා දෙන ලදී.ඇය මිනිස්ලෝකයේදි
පිපාසාවෙන් සිටි එමෙන්ම ක්ලාන්ත වී සිටී. එක් භික්‍ෂූන් වහන්සේ නමක්
දැක උන්වහන්සේට ඉක්මනින් නැගී සිට වළඳන්නට පැන් ස්වල්පයක් පිරි
නැමුවාය. ඒ පිනින් මේ සියලු යස ඉසුරු ලැබූ බව ඒ දෙව්දුව ප්‍රකාශ කළාය.
මෙවැනි කථා රාශියක්ම විමාන වත්ථු වේ දක්නට ලැබේ. එකල මේ උතුම් දේශනා
ශ්‍රවණය කළ පින්වතුන් පාපකාරි ක්‍රියාවලින් වෙන්ව පුණ්‍යක්‍රියාවල නිරත
වී උභයාර්ථ සිද්ධිය සලසා ගන්නට යෙදුණි. එදා මිහිඳු මහරහතන් වහන්සේ මේ
උතුම් දේශනය කළ විට අනුලා බිසව ඇතුළු කාන්තාවන් පන්සීයකට උතුම්
සෝතාපන්න තත්ත්වයට පත්වීමට හැකි විය.
මෙම පේ‍්‍රතවත්ථූ හා විමාන වත්ථූවේ ඇති සියලු කථා පුවත් මෙවැනි කෙටි
ලිපියකින් ඉදිරිපත් කළ නොහැකි බව පාඨක ඔබට මැනවින් වැටහෙනු ඇත. එබැවින්
ඔබ විසින් විවේක අවස්ථාවල මේ කථා පුවත් කියවා තව තවත් කර්මය හා කර්මඵලය
පිළිබඳ අවබෝධ කරගෙන හැකිතාක් පින්කම් කර ගැනීමටත් නිවන් දක්නා තුරු
සුගතිගාමී වීමටත් හැකි ඉක්මනින් මේ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වීමටත්
අධිෂ්ඨාන කර ගන්න.සැමට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය ලැබේවා. |