චුල්ලහත්ථි පදෝපම සූත්‍රය
මහාචාර්ය
පාතේගම
ඤාණිස්සර හිමි
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී‍්‍ර ලංකාද්වීපයට වැඩම කිරීමෙන්
පසුව ශ්‍රී‍්‍ර ලාංකිකයන් හට බුදු දහමේ අනර්ඝතම පණිවුඩය පැහැදිළි කරනු
ලැබූහ. උන්වහන්සේ ශ්‍රී‍්‍ර ලංකාවට වැඩම කොට දේශනා කරනු ලැබූ සූත්‍ර
ධර්ම කිහිපය අතර චුල්ලහත්ථි පදෝපම සූත්‍රය සුවිශේෂ වෙයි.
හත්ථි යනු ඇතාය. පද යනු පා සටහනයි. චූල්ල හත්ථි පදෝපම සූත්‍රය ඇතෙකුගේ
පා සටහන උපමාවට ගෙන බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගය පැහැදිළි කිරීම කරනු
ලැබූහ. මෙම සූත්‍රය ආරම්භ වන්නේ බුදු දහම කෙරෙහි පැහැදුණු “ පිලෝතික”
නමැති තාපසයකු සහ බුදුදහම පිළිබඳව දැනීමක් හෝ වැටහීමක් නොතිබුණු ”
ජාණුස්සෝනි “ නමැති බ්‍රාහ්මණයකු අතර ඇතිවන සංවාදයකිනි. “ජාණුස්සෝනි”
ත්‍රිවේද ප්‍රාප්ත උගතෙකු වුවද, ඔහුට බුදුරජාණන් වහන්සේ පිළිබඳව
දැනුමක් තිබුණේ නැත. “ පිලෝතිකත් “ජානුස්සෝණිත්” දෙදෙනාගේ මිත්‍රත්වය
නිසා “ජාණුස්සෝනි” බමුණාට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්නට ලැබේ. මේ
සිද්ධිය සිදුවන්නේ අතර මඟදීය.
එක දවසක් “ජාණුස්සෝනි” බ්‍රාහ්මණයා සුදු වෙළඹක් යෙදූ රථයකට නැගී දිවා
කාලයේ සැවැත්නුවර දිශාවට යන්නට ගියා.එසේ යන අතරමඟ ඔහුට ඈතින් තමන්ගේ
දෙසට එන “පිලෝතික තවුසා” දුටුවා. දෙදෙනා ළං වූ පසු ආගිය තොරතුරු කතා
කළා . “ජාණුස්සෝනි” “පිලෝතිකගෙන්” විමසන්නේ ඔබ කොහි සිට එන්නේ ද?
යනුවෙනි. එවිට “ පිලෝතික” පවසන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ හිඳ එන බව ය.
බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥා සම්පන්න මහා පුරුෂයකු බව “පිලෝතික”
කියයි. උන්වහන්සේ ගේ අනන්ත අප්‍රමාණ වූ ප්‍රඥාව මෙපමණයැයි කියා කීමට
තමන් කවුදැයි ඔහු විමසයි.
“ජාණුස්සෝනි” නැවතත් විමසන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙපමණ
පැහැදීමට බලපානු ලැබූ හේතු කාරණා මොනවාද? කියායි. එම අවස්ථාවේ
බුදුරජාණන් වහන්සේගේ අසීමිත ප්‍රඥාව පිළිබඳව ප්‍රසාදයට පත්වීමට මූලික
වශයෙන්ම බලපානු ලැබූ කරුණු හතරක් පිළිබඳව “ පිලෝතික” තවුසා “ජාණුස්සෝනි
” බමුණා හට පැහැදිලි කරනු ලබයි. එනම්,
1.තමන් දැක තිබෙන සමහර දක්‍ෂ පණ්ඩිතයන් වාද විවාදයෙහි තත්පර
ප්‍රඥාාවෙන් හෙබි පණ්ඩිතයන් බුදුරජාණන් වහන්සේ සමග වාද විවාද කරන්නට
යැයි සිතා වහසි බස් දොඩා උන්වහන්සේ ලඟට ගොස් වාද විවාද නොකොට
බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට
පත්වන බවයි. එබඳු සිද්ධි තමන් දැක තිබෙන බවයි.
2.තමන් දැක තිබෙන සමහර බ්‍රාහ්මණ දක්‍ෂ, වාද විවාදයෙහි තත්පර
ප්‍රඥාවෙන් හෙබි පණ්ඩිතයන් බුදුරජාණන් වහන්සේ සමග වාද විවාදකරන්නට යැයි
සිතා වහසි බස් දොඩා බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් වාද විවාද නොකොට
බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට
පත්වන බවයි. එබඳු සිද්ධි තමන් දැක තිබෙන බවයි.
3. තමන්දැක තිබෙන සමහර ගිහි දක්‍ෂ, පණ්ඩිතයන් වාද විවාදයෙහි තත්පර
ප්‍රඥාවෙන් හෙබි එබඳු පණ්ඩිතයන් බුදුරජාණන් වහන්සේ සමග වාද විවාද
කරන්නට යැයි සිතා වහසි බස්දොඩා උන්වහන්සේ ළ¼ගට ගොස් වාද විවාද නොකොට
බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට
පත්වන බවයි . එබඳු අය තමන් දැක තිබෙන බවයි.
4.තමන් දැක තිබෙනවා. සමහර ශ්‍රමණ පණ්ඩිතයන් හරිම දක්‍ෂයි. වාද
විවාදයෙහි තත්පර ප්‍රඥාවෙන් හෙබි එබඳු පණ්ඩිතයන් බුදුරජාණන් වහන්සේ සමග
වාද විවාදකොට උන්වහන්සේ පරද්දනවා යැයි සිතා වහසි බස් දොඩා උන්වහන්සේ
ළඟට ගොස් වාද විවාද නොකොට බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදී
ශ්‍රාවකයන් බවට පත්වන බවයි. එබඳු අවස්ථා තමන් දැක තිබෙන බවයි.
“පිලෝතික” තාපසයා තමන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සහ උන්වහන්සේගේ
ප්‍රඥා මහිමය පිළිබඳව සිය අත්දැකීම් ඇසුරෙන් දක්වනු ලැබූ කරුණු කෙරෙහි
අසීමිත ප්‍රසාදයට පත් “ජාණුස්සෝනි” බමුණා බුදුරජාණන්වහන්සේ බැහැ දැකීම
සඳහා යාමට අධිෂ්ඨාන කරයි. එසේ කොට බුදුරජාණන් වහන්සේ හමුවට එන “
ජාණුස්සෝනි” බමුණා අතර මගදි හමුවූ “ පිලෝතික” තවුසාගෙන් බුදුරජාණන්
වහන්සේ පිළිබඳව තොරතුරු අසා දැනගත් බව කියයි. බුදුරජාණන් වහන්සේ සමග
සතුටු සාමීචියේ කතා බහ කොට සිටි “ජාණුස්සෝනි” බමුණා හට බුදුරජාණන්
වහන්සේ කරුණු කාරණා පැහැදිලි කරනු ලබයි.
උන්වහන්සේ දන්වන්නේ ඇතුන් වාසය කරන මහා වනාන්තරයක ඇතුන් බැලීමට යන
පුද්ගලයකු නිවැරැදිවම නිශ්චිතවම තමන් සෙවීමට බලාපොරොත්තු වන ඇතා දැන,
දැක කරුණු පසක්කොට ගත යුතුබවයි. නමුත් සාමාන්‍ය සමාජය එසේ තමන්ට අවශ්‍ය
කරුණු නිශ්චිතවම සොයා විමසා බලා දැණුම ලබා නොගන්නා බවයි. සූත්‍රයෙහි
මෙසේ කියයි, වනාන්තරයේ යන මිනිසෙක් ලොකු ඇත් පියවර සටහනක් දැක එම පියවර
සටහනින්ම පමණක් තමන් සොයන ඇතා මේ කැලෑවේ ඉන්නවා යැයි යන නිගමනයට
පැමිණෙන්නෙ නැත. එයට හේතුව ලොකු පියවර සටහන් ඇති තමන් නොසොයොන ආකාරයේ
ඇතුන්ද වනයෙහි සිටිය හැකි බැවිනි. තවදුරටත් සොයාගෙන යනවිට අතා ගස්වල
පිට අතුල්ලපු තැන් දකින්නට ලැබෙයි. නමුත් ඇතුන් සොයන දක්ෂ තැනැත්තා ඒ
දැකිල්ලෙන් පමණක් සෑහීමකට පත් නොවෙයි. මන්ද,මහ ඇතෙකු නොවන උස වෙනත්
ඇතුන්ද සිටිය හැකි නිසාය.තවදුරටත් සොයාගෙන යන විට ඇතා දළ දෙක ඇනපු තැන්
දකින්නට ලැබේ. ඒ දැක්මෙන්ද මේ වන ඇතා යැයි දක්‍ෂ ඇතුන් සොයන්නා
නොසිතයි. මන්ද එබඳු දළ සහිත වෙනත් ඇතුන්ද සිටිය හැකි බැවිනි. තවදුරටත්
සොයා ගෙන යන විට මහ ඇතා ඇස් දෙකටම දකින්නට ලැබෙයි. ඉන් පසු දක්‍ෂ ඇතුන්
සොයන්නා මේ ඉන්නේ මහ ඇතානේ දැයි යන දැනීම ඇතිකර ගනී.
බුදුරජාණන් වහන්සේ මෙම ඇත් පියවර උපමාව මගින් ප්‍රඥාව ලබාගැනීමේ පළමු
පියවර හැටියට පෙන්වා දෙනු ලබන්නේ අනුමානයයි. අනුමානය ඔස්සේ ප්‍රඥාව කරා
ළඟා විය හැකි නමුදු අනුමානය යනු ප්‍රඥාව ලෙස අර්ථ විග්‍රහ නොකරයි.නමුත්
සමාජයේ සිටින බොහෝ අය අනුමානය සත්‍යය ලෙස පිළිගන්නට උත්සාහ කරනු
ලබයි.එය සාවද්‍ය වීමටද නිරවද්‍ය වීමටද හැකිය. එනිසා බුදු දහම මිනිසාට
උගන්වනු ලබන්නේ ප්‍රඥාව යනු තමා විසින්ම පසක් කොට ගත යුතු එකක් බවය.
ඇතා ගස්වල කොළ කඩා දැමූ සිද්ධිය දුටු පමණින් මේ කැලෑවේ මහ ඇතා
සිටිනවායැයි නිශ්චයකට පැමිණීමට නොහැකිය. එසේ වන්නේ “වාමනිකා” නමැති ඇත්
කුළය නිසා බව බුදු හිමියෝ දක්වති. “වාමනිකා”ඇතුන් උස ඇතුන් වර්ගයක් වන
නමුදු මහ ඇතුන් නොවේ. මේ විදිහට “උච්චා කාලාරික “ ඇත් කුළය” උච්චා
කනේරුකා “ ඇත් කුළය ආදි වශයෙන් වනයෙහි ඇත් වර්ග පිළිබඳව සහේතුක කරුණු
කාරණා කිහිපයක්ම පැහැදිලි කරමින් ජාණුස්සෝනි බමුණා හට කරුණු කියයි.
අනුමානය සත්‍යය සොයාගෙන යාමට පමණක් උපකාර වන දෙයක් බව මෙහිදී
බුදුරජාණන් වහන්සේ දක්වනු ලබයි.
බුදුරජාණන් වහන්සේ මෙම උපමාව පැහැදිළි කොට ඒ උපමාව ඔස්සේ තමන් වහන්සේ
ශ්‍රී සද්ධර්මය පැහැදිලි කරනු ලබයි. යම්කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ
පිළිබඳව ප්‍රසාදයට පත්වී ගිහිජීවිතය අතහැර පැවිදිබිමට පැමිණ කටයුතු
කරයි. බාහිර ඇවතුම් පැවතුම් සංවරව සිත , කය, වචනය තැන්පත්ව ශීල
සමාදානයෙහි යෙදේ. චූල සීල, මධ්‍යම සීල, මහා සීල, යනුවෙන් මෙහි පියවර
ක්‍රමයක් දේශනා කරනු ලබයි. තම පංචේන්ද්‍රියන් තුළින් බාහිර සමාජයේ
සංසිද්ධි අල්ලා ගැනීම අතහරී. ඒවා සමාජ සිද්ධි ලෙස පමණක් සිතා සිය
අභ්‍යන්තරයට ඇතුළත් කර ගැනීමෙන් වැළකේ. ඇසින් රූප දැක ඒ රූප පිළිබඳව
මනසින් මෙනෙහි නොකරයි. කනෙන් ශබ්ද අසා එම ශබ්ද මනසින් මෙනෙහි කිරීමෙන්
වළකී. මේ විදිහට පස¼ිදුරන්ගෙන් ලබන ආවේදණයන් පිළිබඳ වැඩිදුරට හිත්
යවමින් මනස අවුල් කරගන්නට යන්නේ නැත. මනා සිහියෙන්ද,කල්පනාවෙන්ද
,අවබෝධයෙන්ද යුතුව සියල්ල කරයි. මෙසේ බාහිර ඇවතුම් පැවතුම් පැවැත්වීම
සහ මානසික අවබෝධය වැඩිවීම තුළින් සිත තැන්පත් කරයි. මෘදු බවට පත්
කරයි.අකම්පිත කරයි. ඒ තුළින් අතීතය පිළිබඳ මෙනෙහි කරයි. ඊයේත්,
පෙරේදා, ගිය අවුරුද්ද ආදි වශයෙන් ඈතට යයි. පෙර භව වලට හිත අරගෙන යයි. ඒ
අනුව “ පුබ්බේ නිවාසානුස්මෘති” ඥානය ලබයි. වර්තමානය ගැන සිතයි.හෙට දවස
ගැන සිතයි. හිත යොමු කරයි. ලබන අවුරුද්ද ඔය ආදි වශයෙන් අනාගතයට සිත
අරගෙන යයි.මේ විදිහට “චුතූපපාත ඥානය” ලබයි.
සංසාරය ගැන සමාජය ගැන හිතයි. අරි අටඟි මගෙහි යෙදේ. නැවත ඉපදීමටත්, සසර
පැවැත්මටත් නිතර අවශ්‍යවන තෘෂ්ණාව මුලිනුපුටා දමයි. සිත සමාධි ගත කරයි.
සියලු ආශ්‍රවයන් ක්‍ෂය කර දමයි. ආසවක්කය ඥානය ලබයි. මේ අයුරින් ගිහි
ජීවිතය ගත කරන කෙනෙකු හට ආර්ය මාර්ගයේ පාරප්‍රාප්තිය දක්වා ගමන් කළ
හැකි ආකාරය පැහැදිලි කරනු ලබයි.
සටහන: හේමමාලා රන්දුනු |