UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගෙලිඔය කරමඩ ශ්‍රී වේළුවනාරාම මහා විහාරය

ගෙලිඔය කරමඩ ශ්‍රී වේළුවනාරාම මහා විහාරය

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මනරම් කඳු මුදුනක පිහිටා ඇති ගෙලිඔය කරමඩ ශ්‍රී වේළුවනාරාම මහා විහාරය හා ශ්‍රී සද්ධාතිස්ස විද්‍යාප්‍රදීප පිරිවෙන ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩකි.

මහනුවර නාවලපිටිය (ශ්‍රී‍්‍ර පාද) මාර්ගයේ පිහිටා ඇති මෙම දැකුම්කළු විහාරස්ථානය දෙස් විදෙස් සැදැහැවතුනට හා සංචාරකයන්ට ලෙහෙසියෙන් ළඟා විය හැකි පූජා භූමියක් වශයෙන්ද සඳහන් කළ හැකිය. 1904 වර්ෂයේදී ආරම්භ කරන්නට යෙදුණු මෙම විහාරස්ථානයෙහි, මහෝපාධ්‍යාය වරකාවැහැර සද්ධාතිස්ස නායක හිමියන් විහාරාධිපති ලෙස වැඩ සිට ඇත. එයට පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික කරමඩ අරියතිස්ස නායක හිමියෝ විහාරාධිපති ධුරයෙහි කටයුතු කළහ. වත්මත් විහාරාධිපති ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසා පාලක ශාස්ත්‍රපති ගලහා සිරි සාන්ත නායක හිමියන් එම ධුරයට පත්ව ඇත්තේ 2007 වසරේ දීය.

අද වන විට විහාරස්ථානයක තිබිය යුතු විහාරාංග සම්පූර්ණ වී තිබීම සතුටට කරුණකි. එම විහාරාංග අතර පෞරාණික බුදුමැඳුර, ධර්ම ශාලාව ,සංඝාවාසය සහ ශිෂ්‍ය නේවාසිකාගාරයද වේ.


විහාරාධිපති ගලහා සිරි සාන්ත නා හිමි

සියවසකට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී වේළුවනාරාම මහා විහාරස්ථානයෙන් ප්‍රදේශයට සිදුවූ ආගමික, සමාජීය සේවය අතිමහත්ය. මෙසේ ඉටුකරන්නා වූ උදාර මෙහෙවර නිසා රජය පිළිගත් පුණ්‍ය ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවෙන් අනුමත කර ඇත. මාසික ශීල භාවනා වැඩසටහන්, වාර්ෂික සදහම් චාරිකා,දෛනික පුද පූජා, සෑම සෙනසුරාදාවකම බෝධි පූජා වැඩසටහන්, මාසික ධර්මදේශනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් විහාරස්ථානය ඇසුරෙහි සිදුවේ. විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ශ්‍රී සුචරිත වර්ධන දායක සභාව, සංඝමිත්තා කුලඟන සමිතිය, බොදු තරුණ නවෝදය, ජනපුබුදු රූපවාහිනි මුතුහර ළමා සමාජය සහ ජනපුබුදු මානව සංවර්ධන පදනම ආදි සංවිධාන රැසක් ක්‍රියාත්මක වේ. එමඟින් සිදුවන ජාතික, ආගමික සේවය මහත්සේ අගය කළ යුතුය.

 

 

වෙසක් මස අව අටවක පෝය

වෙසක් මස අව අටවක පෝය මැයි මස 31 වැනි දා සිකුරාදා අපරභාග 01.08 ට ලබයි.
01 වැනි දා සෙනසුරාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූනි මස 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]