|
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත්
දා (22) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී
ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගත් අවස්ථාව. අස්ගිරි පාර්ශවයේ
මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්‍ඛිත
මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ දියවඩන නිලමේ ප්‍රදීප්
නිලංග මහතා ද මෙහි සිටිති.
- ඡායාරූපය - චන්දන පෙරේරා |
|
මහනුවර මහමළුවේ දී පැවැති උත්සවයට
සහභාග්ි වූ සඟරුවනින් කොටසක් |
|
මියන්මාරයේ විශේෂ බෞද්ධ දූත පිරිසක්
විසින් ඓතිහාසික මිහින්තලා සේල චෛත්‍යරාජයාණන් වහන්සේගේ
තැන්පත් කිරීම සඳහා පිරිනැමූ චූඩාමාණික්‍ය ජනාධිපතිමහින්ද
රාජපක්‍ෂ මැතිතුමාගේ සුරතින් මිහින්තලා රාජමහා විහාරාධිපති
වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් වෙත භාරදීම ඉකුත් 24 වන දා
අරලියගහ මන්දිරයේ දී සිදුවිය. එම අවස්ථාවට ගංගාරාමාධිපති
ගලබොඩ ඤාණිස්සර නාහිමියන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්
රාජපක්‍ෂ මහතා ද එක්ව සිටියහ. - ඡායාරූපය – චන්දන පෙරේරා |
|
කොළඹ හුණුපිටිය ගංගාරාමය හා අරලියගහ
මන්දිර පරිශ්‍රය ආශි‍්‍රතව පැවැති ‘බුද්ධ රශ්මි’ වෙසක්
කලාපය 25 වන දා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින්
විවෘත කැරිණි. හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර
නාහිමි, ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු මහා
සංඝරත්නයද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද ත්‍රිවිධ
හමුදාපතිවරුන් ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ද ඊට එක්ව
සිටියහ.
- ඡායාරූපය – උදේෂ් ගුණරත්න |
|
කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධාලෝක වෙසක්
කලාපය වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බෞද්ධාලෝක
වෙසක් කලාපය නැරඹීමට එක් විය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය
රාජපක්‍ෂ මහතා ඇතුළු ආරක්‍ෂක ප්‍රධානීහු ඊට එක් ව සිටියහ.
- ඡායාරූපය – චන්දන පෙරේරා |
|
බත්තරමුල්ල දියවන්නා ඔය අසබඩ ලක්විරු
සෙවණ පිහිටි ප්‍රදේශය හා අවට දියවන්නා වෙසක් කලාපය
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් 24 වන දා විවෘත
කෙරුණු අවස්ථාව, කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනාධිපති
ඇල්ලේ ගුණවංශ හිමියන් සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ
මහතා ද මෙහි සිටිති.
- ඡායාරූපය - චන්දන පෙරේරා
|