UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අව අටවක 2013 මැයි 02 වන දා

සම්බුදු තෙමඟුල සැමරීමට සූදානම්

 

ශ්‍රී බුද්ධ වර්ෂ 2557 සම්බුදු තෙමඟුල උදාවීමට ඇත්තේ තවත් දින කීපයක් පමණි. සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ඓතිහාසික වූත්, පූජනීයවූත්, සදානුස්මරණීය වූත් ආගමික දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දවස යි. එබඳු උත්තරීතර දිනයක් ගත කළ යුත්තේ කවර ආකාරයකට දැයි බොදුනුවාට වෙසෙසින් පැහැදිලි කළ යුතු නොවේ.

ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවීමෙන් එම පින්බර දිනය දා බොදුනුවා පිනෙන් පොහොසත්වීමට නිරන්තරයෙන් කටයුතු යොදා ගත යුතු වේ.

පොහොය දවස ප්‍රතිපත්ති පූජාවට ම ප්‍රමුඛත්වය දීම පෙර සිට පැවැත එන උදාර සිරිතකි. එහෙයින් වෙසක් පොහොය දින අපේ රටේ සෑම වෙහෙර විහාරස්ථානයකම සීල, භාවනා ආදී ආගමික වැඩසටහන් සඳහා බොදු ජනතාව යොමු කරවීමට කටයුතු සම්පාදනය කිරීම කවදත් මෙරට පූජනීය මහ සඟරුවනෙහි මාර්ගෝපදේශකත්වයෙන් සිදු කැරෙන්නකි.

සෑම විහාරස්ථානයක් පාසාම පැවැත්වෙන දහම් පාසල ද මූලික වී එබඳු ආගමික කටයුතු සම්පාදනය කරමින් වෙසෙසින් හැදෙන වැඩෙන දරු පරපුර වෙත ආගමික කටයුතු පිළිබඳ නිසි අවබෝධයක් ලබාදෙමින් ඔවුන් ගුණ දහමෙන් පෝෂණය කිරීමට කටයුතු යෙදීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු වේ.

පෝ දින පැවැත්වෙන ආගමික කටයුතු සම්පාදනය කිරීමෙහිලා දහම් පාසලට පැවරෙන හා පැවරිය යුතු වගකීම් සමුදාය සුළු පටු නොවේ.

අපේ රටේ විවිධ ස්වේච්ඡා සංවිධාන පැවතුන ද සෑම ගමක් විහාරස්ථානයක් පාසා ම බොදු සමිති පෝ දින ආගමික වතාවත් මෙහෙයවීමට විහාරස්ථානය මග පෙන්විය යුතුවේ.

මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මික සුවපත්භාවය පතා එවන් ආගමික සංවිධාන මගින් කළ හැකි මෙහෙවර බොහෝ බව කල්පනා කළ යුතුවේ.

ඒ නිසාම අනෙකුත් පසළොස්වක පොහොය දිනවල මෙන් නොව වෙසක් පසළොස්වක පොහොය දිනයට ලොකු කුඩා සියලු දෙනා ගමේ විහාරස්ථානය වෙත නොවරදවා පැමිණෙන ආකාරයේ ආගමික වැඩසටහන් සම්පාදනය කිරීමට කටයුතු යෙදිය යුතුවේ.

අපේ රටේ බොහෝ වෙහෙර විහාරස්ථාන වෙසක් පොහොය දින ආගමික කටයුතු මෙහෙයවීම පිළිබඳ සංවිධානය වේ. එමෙන්ම දහම් පාසල් බෞද්ධ සමිති සමාගම් දැනට මාස කීපයකට පෙර සිට ම වෙසක් පොහොය දින ආගමික කටයුතු පිළිබඳ සංවිධානය වෙමින් පවතී.

මේ අයුරෙන් බලන විට අතපසුවීමකින් හෝ පසුගිය වසරේ වෙසක් පෝදා සිදු කළ නොහැකි වූ ආගමික කටයුතු මේ වසරේ වෙසක් පොහොයදා නොකඩවා සිදුකිරීමට පෙලඹෙන බව සඳහන් කළ යුතු වේ.

වෙසක් පොහොයදාට පමණක් නොව වෙසක් සතිය පුරාම ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවීමට බොහෝ වෙහෙර විහාරස්ථාන ආගමික කටයුතු සංවිධානය කරන අතර ඇතැම් විහාරස්ථාන වෙසක් මාසය පුරාම ආගමික කටයුතු මෙහෙයවීමටද සංවිධාන වන බව අප දන්නා කරුණකි.

හැම බොදු නිවසකම වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් සැරසිල්ලකින්, වෙසක් පහන් කුඩුවකින් නිවස අලංකාර කිරීමට අමතක නොකිරීමද බොදුනුවාගේ චාරිත්‍රයයි.

බොදුනුවා වෙසක් සතිය පුරා බොදු ධජ නංවා වෙසක් සැමරුම,ජීවිත ගමනේ අධ්‍යාත්මික සැනසිල්ල සොයාම නිරත වන ආකාරය දකින බලන අයකුට පවා ඇති කරනුයේ මහා සැනසීමකි.

ගිලාන උපස්ථාන, අභයදාන, ලේ දන්දීම්, අසරණ සරණ සේවා, ආදී වශයෙන් විවිධ පින්කම්වල කවදත් නිරතවන බොදුනුවා වෙසෙසින්ම වෙසක් සතිය තුළ දාන,ශීල භාවනා ආදී මහ¼ගු පින්කම් වල නිරතවනුයේ දකින බලන අය පවා විශ්මයට පත්කරවමිනි.

එවන් පරිත්‍යාගශීලි හැගීම්, ආදර්ශවත් සංයමය බොදුනුවාට නිරන්තරයෙන් උදාවූයේ සම්බුදු දහමේ හා බෞද්ධ සංස්කෘතියේ ආභාෂයෙන් ම ය.

එබැවින් ඒ ආගමික හැදියාව සංයමය වෙත තව තවත් නැඹුරු වී අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරීමට අදිටන් කර ගනිමු.

 

බක් මස අටවක පෝය

බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]