UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැලිගල්ල ඇල්පිටිය පොත්ගුල් විහාරය

වැලිගල්ල ඇල්පිටිය පොත්ගුල් විහාරය


විහාරාධිපති අඹගමුවේ සෝරත හිමි

කන්ද උඩරට ගම්පළ රාජධානියේ වැලිගල්ල ඇල්පිටිය පොත්ගුල් විහාරය සැදැහැවතුන්ගේ සිත් නිවා සනසන පුණ්‍ය භූ®මියකි. එහි ආරම්භය සනිටුහන් වන්නේ වර්ෂ 1868 දිය. කන්ද උඩරට කීර්තිමත් පාණබොක්ක පරපුරේ පාණබොක්ක මහාධිකාරම්තුමා විසින් ඉදිකරවන්නට යෙදුණි.

විහාරස්ථානයේ පැරැණි ආවාස ගෙය ප්‍රතිසංස්කරණය කිරීම 1940 දී සිදුකරන ලද්දේ එවකට වැඩ සිටි ඇල්පිටියේ ශ්‍රී සෝමානන්ද හිමියන් විසිනි. විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම ද පසු කලෙක සිදුවූ අතර 1956 දී විහාරයේ පොත්ගුල ඉදිකරනු ලැබිණි. පොත්ගුල් විහාරය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ශ්‍රී සුචරිත පෙර පාසල ආරම්භ කරන ලද වර්ෂය ලෙස සඳහන් වන්නේ 1979 වසරයි.

පොත්ගුල් විහාරයෙහි වත්මන් විහාරාධිපතින් වහන්සේ ලෙස කටයුතු කරන්නේ අඹගමුවේ සෝරත හිමියන් ය. උන්වහන්සේ විසින් 1986 දී පාණබොක්ක නගරාධිපතිතුªමන්ගේ උපකාර සහිතව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන ලදී. ඒ අනුව, ගතවූ වසර කිහිපය ඇතුළත දාන ශාලාව සහිත දෙමහල් සංඝාවාසය ඉදි කිරීම, පැරැණි සංඝාවාසය ප්‍රතිසංස්කරණය කිරීම සහ දෙමහල් ධර්ම ශාලාව ගොඩනැඟීම සිදු විය.

අට විසි බුදුකුටි සහිත බෝධි ප්‍රාකාරය ගොඩ නැඟීම මෙන්ම අබලන්ව තිබූ පුස්තකාල ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කොට පුස්තකාලය යළි ආරම්භ කිරීම ද විහාරස්ථානයට නව ආලෝකයක් ගෙන දීමට සමත් විය. එමතුදු නොව, පොත් ගුල් විහාරයට පිවිසෙන මාර්ගය පිළිසකර කිරීම ආදිය ද විහාරය පළාතේ දියුණු විහාරස්ථානයක් බවට පත්වීමට හේතුවක් වී ඇත.

ප්‍රදේශවාසී දරු දැරියන්ගේ දහම් දැනුම වඩවා ඔවුන් ගුණ දහමෙන් පෝෂණය කරවන්නට විහාරස්ථ සුමංගල දහම් පාසලෙන් ඉටුවන්නේ මහඟු මෙහෙයකි. විශේෂයෙන් විහාරාධිපති හිමියන් විසින් ගම්වැසි දිළිඳු පිරිස් නඟා සිටුවීමට ඉටු කරනු ලබන සේවය පැසසිය යුතු වේ.

 

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 18 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.00 ට ලබයි.
19 වැනි දා සිකුරාදා පූර්ව භාග 06.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 18 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීලඟ පෝය
අප්‍රේල් 25 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]