ඉගුරුවත්තේ පියනන්ද මහා නා හිමි
කඳුබොඩ ,පොකුණුවිට, දෙමටගොඩ සහ කඳුරට විහාරය යන සිව් පාර්ශ්වයන්ගෙන්
විකාශනය වී ඇති ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ ඉඟුරුවත්තේ පියනන්ද මහ නා
හිමිපාණෝ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය ශාසන ශෝභන සිරි සුමතිපාල වංසාභිධජ
ගෞරව නාමයෙන් පිදුම් ලබා සිටී. උන්වහන්සේට වයස වසර 63 ක් පිරීම
නිමිත්තෙන් මෙම ලිපිය වේ.
1949 නොවැම්බර් 17 වෙනි දින කුරුණෑගල උඩ ඉඟුරුවත්තේදී උපත ලැබූ
උන්වහන්සේගේ පියා ඒකනායක මුදියන්සේලාගේ රංබණ්ඩා මහතා සහ මව හේරත්
මුදියන්සේලාගේ රම්මැණිකේ මහත්මිය වූහ. ඒකනායක මුදියන්සේලාගේ මුතුබණ්ඩා
දරුවා මූලික අධ්‍යාපනය ඉඟුරුවත්ත ඊරිමිත්ත මිශ්‍ර පාසලෙන් ලබා වයස විසි
ගණන් වලදී එවකට කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ වූ ප්‍රධාන
කම්මට්ඨානාචාර්ය කහටපිටියේ සුමතිපාල නාහිමියන්ගේ උපාධ්‍යායයෙන් හා
ආචාර්යත්වයෙන් උන්වහන්සේ 1974 අගෝස්තු 25 දින අරන්කැලේ බද්ධ සීමා
මාලකයේදී උපසපන් වූහ. භාවනා පිළිබඳ මූලික දැනුම කහටපිටියේ සුමතිපාල
නාහිමි, එවකට අරන්කැලේ නාකන්දල අනෝමදස්සි හිමි, ඊරියගම පුඤ්ඤාරම්භ හිමි
සහ පරදූව පදුමජෝති නාහිමි වැනි යතිවරයාණන් වහන්සේලාගෙන් ලබා ඇත.නිකායට
සිය වසක්ද කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වසර
පනහක්ද පිරෙන අවස්ථාවකදී මෙම නාහිමියන්ට එම මහා නායක පදවි අක්තපත්‍ර
පිළිගැන්වීම දෛවෝපගත සිදුවීමකි. දැනට මහා නාහිමි කදුබොඩ සියනෑ
ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයට හා රත්නපුර ලෙල්ලෝපිටිය
රුවන්පුර විපස්සනා මධ්‍යස්ථානයෙහි ප්‍රධාන කම්මට්ඨානාධුරය හා
අධිපතිත්වය දරනු ලැබේ ඕස්ට්‍රේලියාව, බුරුමය වැනි විදේශවල ධර්ම
ප්‍රචාරක කටයුතු කර ඇත.1988 දී ශ්වේජින් නිකායේ කර්මාචාර්ය පදවියට
පත්වූ ඒහිමියෝ විද්‍යෝදය පිරිවෙණින් විනයාචාර්ය සහ සද්ධම්මාචාරිය
පරීක්‍ෂණ උසස් ලෙස සමත් වී ඇත.මීට පෙර, ඉඟුරුවත්තේ හිමියන් බුරුමයට
සැපත් වී මහාෂියා ඩෝ හිමිපාණන් වෙතින් භාවනා ප්‍රගුණ කොට තිබේ.
ඉඟුරුවත්තේ පියනන්ද මහා නායක හිමියන්ට ත්‍රිවිධ රත්නයේ සරණින් නිරෝගී
බවත් දීර්ඝායු සම්පතත් ලැබේවායි පතමු.
ඉඳිගොල්ලේ ආනන්ද
බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ
වැල්ලම්පිටියේ රතන හිමි
අහුලියැද්දේ අතුල හිමි
ශ්‍රී ලංකාවාසී අපට පමණක් නොව ලෝකවාසී සැමට අපේ රටේ සබරගමු පළාත
ඓතිහාසික වශයෙන් අතිශය වැදගත්ය. එවන් වැදගත්කමක් ඇති පළාතක් තවදුරටත්
බබළවන්නට, ශාසනික යුග මෙහෙවරක් කරමින් පනස් අටවන වියේ පසුවූ මහා
යතිවරයාන නමක් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ රත්නපුර , ප්‍රාදේශීය
ලේඛකාධිකාරි මෙන්ම සබරගමු විශ්වවිද්‍යාලයේ පාලක සභික හා රත්නපුර
තිරිවනාකැටිය ශ්‍රී ජයසුන්දරාම මූලමහා විහාරාධිපති ශාස්ත්‍රපති
අහුලියැද්දේ අතුල නා හිමියන්ගේ හදිසි අපවත් විමෙන් බෞද්ධයෝ කණගාටුවට
පත්ව සිටිති.
රත්නපුර දිස්ත්‍රික්කයේ කඩවතු කෝරළේ හෙළපල්ල පත්තුවේ අහුලියැද්ද
ග්‍රාමයේ දී 1954 මැයි නවවෙනි දින උන්වහන්සේ මෙලොව එළිය දුටුවේ
ආර්.එම්. පුංචිබණ්ඩාර සහ ඒ.ඇම්.බන්ඩාරමැණිකේ යන දෙමාපියන්ට දාවය.
ආර්.එම්. රත්නායක යන ගිහිනමින් වසර දහයක පමණ කාලයක් හැඳින්වූ කුඩා
දරුවා 1964 ජුනි දහවෙනි දින අහුලියැද්දේ අතුල නමින් සසුන්ගත විය.
තිරිවනාකැටිය මූලමහා විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ පණ්ඩිත නිවිතිගල
ඤාණතිලක හිමිපාණන් වහන්සේ අතුල හිමියන්ගේ ආචාර්ය පාදයන් වහන්සේ වූහ.
අතුල හිමියන් කුරුවිට පුස්සැල්ල චේතියගිරි පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය
ලැබුඅතර වැඩිදුර අධ්‍යාපනය සඳහා රත්නපුර මුද්දුව සිරිසුමන පිරිවෙනට
ඇතුළත්වූහ.අධ්‍යාපනයේ මහත් කුසලතා දැක්වූ අහුලියැද්දේ අතුල හිමියන්
මුද්දුව සිරිසුමන පිරිවෙනේ උසස් අධ්‍යාපනය හදාරද්දී 1976 උපසම්පදාව
ලැබූහ. ඒ රත්නපුරේ ආනන්ද හිමිගේ සහ බටුගෙදර සිරි සුධර්ම හිමිගේ
ආචාර්යත්වයෙන් හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍ය වටාපොත
සුමංගලාභිධාන නාහිමියන්ගේ කර්මාචාර්යත්වයෙනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් . ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ.
ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ජපන් භාෂාව හැදෑරූ අහුලියැද්දේ අතුල හිමියෝ ජපන්
භාෂාව මැනවින් හසුරුවමින් ජපන් භාෂාව සම්බන්ධයෙන් “ඩිප්ලෝමා” සහතිකයක්
ද දිනාගත්හ.
උන්වහන්සේ ජපානයට වැඩම කර එහි දෙවසරක කාලයක් ගතකරමින් වැඩිදුරටත් ජපන්
භාෂාව හැදෑරූහ. ඊට අමතරව ජපානයේදී මහායාන බුදු දහම පිළිබඳවද අධ්‍යයනය
කළ අතුල හිමියෝ ජපානයේ ධර්ම ප්‍රචාරක කටයුතුවල ද නිරතවූහ.
ශ්‍රී ලංකාවට වැඩමකළ අතුල හිමියෝ පශ්චාත් උපාධියක් ලෙස ශාස්ත්‍රපති
උපාධිය හිමිකර ගත්හ . ගොරකපොල විද්‍යාරාජ පිරිවෙනේ සහ රත්නපුර මුද්දුව
පිරිවෙන් විද්‍යායතනයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළහ
පාතකඩ භික්‍ෂු පුහුණු මධ්‍යස්ථානයෙන් භික්‍ෂු ආකල්ප වර්ධනයට අවශ්‍ය
දැනුම ලබාගත්තේ අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ
හිමියන්ගේ ඇසුරෙනි.1990 අතුල හිමියන් තිරිවනාකැටිය මූලමහා විහාරස්ථානයේ
විහාරාධිපති තනතුරට පත්වීමත් සමග සමාජ සේවාවන් රැසකට මුල පුරන්නේය.
ශ්‍රී දේවානන්ද දහම්පාසල ආරම්භකර විහාරස්ථානය ආශි‍්‍රතව විවිධවූ සමිති
සංවිධාන පිහිටුවන්නට මූලික වූහ. ආබාධිත සරණ සෙවණ පදනම පිහිටවුහ 1990
වසරේදී පිහිටුවන ලද ශ්‍රී විද්‍යාඥාන මූලික පිරිවෙන ඉතා සාර්ථකව
ඉදිරියට ගෙන යමින් තරුණ භික්‍ෂූන් වහන්සේලාට ධර්ම ඥානය ලබාදෙන
තක්සලාවක් බවට පත් කළහ.
අඩසියවසක ශාසනික යුග මෙහෙවරේදී දිවයිනේ ගිහි පැවිදි උගතුන්ගේ ඇසුර ලැබූ
අහුලියැද්දේ අතුල හිමියන්ගේ අපවත්වීමෙන් බෞද්ධ ජනසමාජයට සිදුවූ පාඩුව
මෙතෙකැයි කියා නිමකළ නොහැක.
ඔක්තෝබර් මස 07 දින ආදාහන කටයුතු සිදු කැරුණු ශාස්ත්‍රපති අහුලියැද්දේ
අතුල හිමියන්ට නිර්වාණාවබෝධය වේවා!
ර/බෙලිහුල්ඔය ධම්මරතන මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති
ශාස්ත්‍රපති පණ්ඩිත
කොස්ගම විනීතජීව හිමි
උකුතුලේ ශ්‍රී ප්‍රඥාකීර්ති නා හිමි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට උකුතුලේ විජේසේකර මුදියන්සේ රාළහාමිලාගේ
මුදලිහාමි නිළමෙතුමන් හා උඩවැල්ලේ කොරළ රාළහාමිලාගේ කොයින් මැණිකේ
මහෝපාසිකාවට දාව 1914 ජනවාරි 30 දින පුත්‍රරත්නයක් ලෙස පින්වත්
කුමරුවකු මෙලොව එළිය දුටුවහ.
එවකට කඩදොර රජමහා විහාරාධිපති ලබුතල ශ්‍රී පියරතනාභිධාන මා හිමියන් මෙම
දරුවා 1927 සැප්තැම්බර් මස 09 වන දින උකුතුලේ සුමනසාර නමින් සසුන් ගත
කළහ. සාමණේර පැවිද්දෙකු වශයෙන් උගත යුතු නිති බණ දහම් ඉගෙන කියාගත්හ.
වැඩිදුර අධ්‍යාපනය සඳහා දොරනෑගොඩ ශ්‍රී සදානන්ද මහා පිරිවෙනට 1929 දී
ඇතුළත් වූහ. නාහිමියන් 1938 පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරුවනට ඇතුලත්ව
එවකට පිරිවෙන්පතිව වැඩවිසූ ලුණුපොකුණේ ශ්‍රී‍්‍ර ධම්මානන්දාභිධාන මා
හිමියන්ගෙන් ශබ්ධශාස්ත්‍රය මනාව ප්‍රගුණ කළහ.
1936 දී මහනුවර අස්ගිරි මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී ප්‍රබන්ධයක්ද
ඉදිරිපත් කරමින් උකුතුලේ ප්‍රඥාකීර්ති නමින් උපසම්පදාශීලයෙහි පිහිට
වූහ.එම යුගයේදී වේයන්ගොඩ ගල්ගමුව දේවාල කැලය නමින් හැදින් වූ පුංචි
ආවාසභූ®මියක් සහිත ඉපැරැණි නා ඇසතු ද්විත්ව බෝධින් වහන්සේගෙන් පමණක්
පැවති එම භූ®මියට 1938 වර්ෂයේ වැඩම කළහ. එම ආවාසභූ®මියේ වස්වසා වැඩසිටි
නා හිමියන්ට එහි නිත්‍ය වශයෙන් ම වැඩසිටින ලෙස එවකට එහි දායක පිංවතුන්
ඇරයුම් කළ අතර එම දේවාල කැලය සහිත භූ®මිය අයිතිව සිටි අප නාහිමියන්ගේ
ගුරු දේවෝත්තම පනන්වල ශ්‍රී‍්‍ර රතනපාල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේද
ඉල්ලීම මත එහි නිත්‍ය වශයෙන් වැඩ සිටීමට කටයුතු කළහ.
එම පුංචි ආවාස භූමිය වත්මන වන විට ප්‍රදේශයේම දර්ශනීය විහාරස්ථානයක්
බවට පත් කළහ. සියලුම විහාර අංගයන්ගෙන් පරිපූර්ණ විහාරස්ථානයක් සේම 1967
දී ඉතා වටිනා දෙමහල් විහාර මන්දිරයක්ද නිර්මාණය කරවීමට නාහිමියෝ
උත්සාහවන්ත විය.
ගල්ගමුව, කොට්ටල, ග්‍රාමවරයට මහා දියුණුවක් ලබා දෙමින්, ප්‍රදේශයේ
මංමාවත් ඉදිකරවමින් මගීන්ගේ ගමන් පහසුවට බස්රථද ලබාදීමට අමතක නොකළහ.
1950 දී කීනවල නමින් දුම්රියපළක් පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ
නාහිමියන් වහන්සේය. 1948 ඔක්තෝම්බර් 18 වන දින ශ්‍රී බෞද්ධෝදය නමින්
දහම් පාසලක් විහාරස්ථානය තුළ ආරම්භ කරමින් අපවත්වන තුරුම එහි
ප්‍රධානාචාර්ය ධුරයද හොබවමින් කටයුතු කළහ. මේ වන විට වසර 65 ක්
පසුකරමින් දීර්ඝ ඉතිහාසයකටද උරුමකම් කියන ශ්‍රී බෞද්ධෝදය දහම් පියස
වර්තමානය වන විට 450 කට අධික සිසු පිරිසකට දහම් අවබෝධය ලබා දෙන්නේය.
එමෙන්ම උන්වහන්සේ පැවිදි භූ®මියට පත්වූ ඓතිහාසික කඩදොර රජමහා
විහාරස්ථානයේද ස්වකීය ගුරු දේවයන් වහන්සේ වූ නාපටවෙල ශ්‍රී සද්ධානනද
නාහිමියන්ගේ අපවත් වීමෙන් පසුව එහිද අධිපතිත්වයට පත් නා හිමියෝ එම
විහාරස්ථානයේද අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු රැසක් සිදුකළහ.
අති උදාර සේවාවන් සමුදායක් සිදුකළ නාහිමියන්ට 1968 මහනුවර අස්ගිරි මහා
විහාරය මගින් කර්මාචාර්ය ධුරයක්ද පිරිනැමූ අතර 1989 නාහිමියෝ සීනාදී
සිව් කෝරළේ උප ප්‍රධාන සංඝනායක පදවියට පත්විය. එමෙන්ම භික්‍ෂුවක් ලෙස
ලැබිය හැකි උසස්ම ශාසනික පදවිය වන මහෝපාධ්‍යාය පදවිය 2000 වර්ෂයේ දීද
2006 වසරේ විද්‍යාලංකාර පිරුවන මගින් “ විද්‍යාලංකාර රත්න විභූෂණ” යන
ගෞරව නාමයෙන්ද පිදුම් ලදහ.
එවැනි අති උදාර සේවාවක් සිදුකළ ධර්ම , විනයධර , උගත්, වියත්,
ප්‍රතිපත්තිගරුක, නිහතමානී, ඇවතුම් පැවතුම් ඇති මීට පස් වසරකට පෙර 2007
නොවැම්බර් මස 23 වන දින අපවත්වී වදාළ මහෝපාධ්‍යාය විද්‍යාලංකාර රත්න
විභූ®ෂණ සිනාදි සිව් කෝරළයේ උප ප්‍රධාන සංඝ නායක උකුතුලේ ධර්ම කීර්ති
ශ්‍රී පියරතන ප්‍රඥාකීර්ත්‍යාභිධාන නා හිමියන්ට අමාමහ නිවන්සුව
අත්වේවා.
ගල්ගමුව ශ්‍රී චෛත්යාරාමාධිවාසී
ගල්ගමුවේ සද්ධාතිස්ස හිමි
දෙහිපේ නන්ද හිමි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ ග්‍රාමයේ පදිංචි ඩබ්.පී.ඩී.
ඩබ්.වික්‍රමසිංහ හා වයි.කේ.පද්මා යටිවැල්ල යන දෙපළට දාව 1969 නොවැම්බර්
25 වෙනි දින ජන්ම ලාභය ලැබූ රංජිත් සුදන්ත වික්‍රමසිංහ කුමරුවා අකුරු
කරනු ලැබුවේ, දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙන් හා දෙනිකේ මහා
විද්‍යාලයෙනි.
දොළොස්වෙනි මස සපිරෙනවාත් සමග රංජිත් සුදන්ත කුමරුවා දෙහිපේ නන්ද හිමි
ලෙස දෙහිපේ බෝධිරුක්ඛාරාම යේදී සසුන්ගත වූයේ, 1982 සැප්තැම්බර් 29 වෙනි
දින ඇහැලගස්තැන්නේ පියදස්සි හිමියන් යටතේය. හඟුරන්කෙන මාදන්වල රජමහා
විහාර පිරිවෙණෙන් අධ්‍යාපනය ආරම්භ කළ උන්වහන්සේ උපසම්පදාව ලැබුවේ, 1990
වර්ෂයේ අස්ගිරි මහා විහාරයේදීය. දෙහිපේ නන්ද හිමියන් වැඩිදුර අධ්‍යාපනය
හැදෑරීම සඳහා මහනුවර හාරිස්පත්තුව, මාරතුගොඩ “විදුමිණ” පිරිවෙණ වෙත
ඇතුළත් වූහ.
නල්ලතන්නිය තේ වත්තේ ශ්‍රී පාද මාර්ගයේ ශ්‍රී පාද කල්පවෘක්‍ෂ විහාරය
නමින් විහාරස්ථානයක් 2002 වසරේ පෙබරවාරි මස 04 වෙනි දින ආරම්භ කරන ලදී.
නන්ද හිමියන්ගේ පැවිදි දිවියේ 30 වෙනි වසර සමරන 2012 වසර උන්වහන්සේට
තවත් වැදගත් වසරක් වන්නේ කල්පවෘක්‍ෂ මහා විහාරය ආරම්භ කර වසර 10 ක්
පිරීමද හේතුපාදක කරගෙනය. නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ශ්‍රීපාද වන්දනා
වාර /අවාර කාලයේ විවෘතව තබන එකම විහාරස්ථානය වන්නේද මෙම කල්පවෘක්‍ෂ මහා
විහාරයයි.මෙහි දායක සභාවේ ප්‍රදේශයේ හින්දු ජනතාවද සිටීම සුවිශේෂ
කරුණක් ලෙස සඳහන් කළ හැක. විහාරස්ථාන ඉරුදින දහම් පාසලේ ළමයින් 80 කට
ආසන්න පරිසක් දහම් දැනුම හදාරණ අතර ඉන් බහුතරයක් දමිළ ළමයින් වීම තවත්
විශේෂ කරුණකි.
මස්කෙළිය
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
|