වස් කාලයේදී
ආධ්‍යාත්මික වශයෙන්
වැඩි අවධානයක්
යොමු කළ යුතුයි
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර
ධර්ම මහා සංඝ සභාවේ අනුනායක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
කුලපති, මහාචාර්ය
බෙල්ලන්විල
විමලරතන අනු නා හිමි
අතීතයේ මෙන් අද
පඬුපොවා දුෂ්කර කාර්යයන්හි නියැළීමට අවශ්‍ය නැහැ.
නවීන තාක්ෂණය යොදා ගන්නට පුළුවන්. එහෙත් අද කඨින චීවර පූජාව, කඨින
පෙරහරට අනවශ්‍ය අංග එක් කිරීමෙන් විකෘති වී ඇති බවක්
පෙනෙනවා. කඨින පෙරහර සඳහා යොදා ගන්නා එකම
අමතර කාණ්ඩය හේවිසි
කණ්ඩායමයි. කඨින පෙරහර පැමිණෙන බව දායකයන්ට දැන්වීමටයි හේවිසි කණ්ඩායම
යොදවන්නේ.
ඒ හැරෙන්නට ඇසළ පෙරහර දුරුතු පෙරහර ආදියේ දක්නට තියෙන නැටුම් කණ්ඩායම්
නැහැ. ඉතාම චාම් අන්දමින් උදෑසන ගමන් කරන සංවර වූ පෙරහරක් ලෙස එය
දක්වන්න පුළුවන්. එහෙත් අද අනවශ්‍ය සංකර වූ නැටුම් පවා යොදවා එහි
ගරුත්වයට හානි පැමිණ තිබෙනවා
බුදු දහමත් සමඟ ඒකාබද්ධවී පැවතගෙන ආ බෞද්ධ සංස්කෘතියක් පැවතුණා.
බුදුරජාණන් වහනසේ දේශනා කළ වදාළ ධර්මය අකාලික, සදාකාලික ධර්මයක්. මේ
ධර්මයේ අඛණ්ඩ ගමන් මඟකට බෞද්ධ සංස්කෘතියෙන් විශාල පිටිවහලක් ලැබුණා.
විශේෂයෙන්ම බුදුදහමේ ප්‍රවර්ධනය සඳහා දායක ජනයාගේ සහයෝගය ලබා ගන්නට
බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයේ සිටම කටයුතු යෙදුණා. එම නිසා වෙහෙර
විහාර ඇති වුණා. දායකයන් නිසා වෙහෙර විහාර හා වත් පිළිවෙත් සම්බන්ධ
වුණා. වත් පිළිවෙත් සම්ප්‍රදායක්ද ඇති වුණා. ඒ කිසිවක් බුදුරජාණන්
වහන්සේ අනිවාර්ය කළ වත්පිළිවෙත් නොවේ.
එසේ වුවත් බුදුරජාණන් වහන්සේ වෙනුවට පුද පූජා පවත්වන්ට යම් යම් දේ
ජනතාවට අවශ්‍ය වුණා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහිම අප ශ්‍රී
මහ බෝ සමිඳු අංකුරයක් ජේතවනාරාමයේ රෝපණය කළා. ආනන්ද බෝධි රෝපණය නමින්
හැඳින්වූයේ එයයි. මේ අයුරින් ක්‍රමයෙන් බෝධින් වහන්සේ වන්දනා කිරීම්
වැනි චාරිත්‍රයක් ඇතිවුණා. එමෙන්ම භික්‍ෂූන් වහන්සේ උදෙසා බුදුරජාණන්
වහන්සේ විසින් වරින් වර පනවනලද විනය නීති රීති සඳහා දායකයන් සම්බන්ධ
වීමෙන්ද විවිධ වාරිත්‍ර ක්‍රම ඇතිවුණා.
මේ අතර කඨින පින්කම් උත්සව විශේෂ තැනක් ගන්නවා. වස් කාලයේදී අන්‍ය
ශ්‍රාවකයන් එක් ස්ථානයක රැඳී සිටියත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්
සංචාරය කිරීම නිසා මහජන ඉල්ලීම් මත වස් කාලයේදී වස් වසන ලෙස බුදුරජාණන්
වහන්සේ නියම කළා.
එහිදී එක ස්ථානයක රැදී සිටිමින් කල් ගත කිරීමක් ලෙස එය සලකන්නේ
නැහැ.අධ්‍යාත්මික වශයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් ලෙසයි වස්
කාලය සලකන්නේ.
මේ කාලය තුළ කමටහන් ලබාගෙන විවිධ ප්‍රදේශවල භාවනා කිරීම පිණිස වැඩම
කළා. එවන් අවස්ථාවලදී භික්ෂූන් වහන්සේ විවිධ දුෂ්කරතා වලට මුහුණ පෑවා.
වස් වසා ආපසු වඩිනා භික්‍ෂූන් වහන්සේ කිහිපනමක් වර්ෂාවට ගොදුරුවී
තෙතබරිත වූ සිවුරුවලින් යුක්තව වැඩම කළා. මේ සම්බන්ධව බුදුරජාණන්
වහන්සේ වස් වසා අවසන් වන භික්‍ෂූන් වහන්සේට කඨින චීවරයක් පිළිගැනීම
සුදුසු බව දේශනා කළා. එහිදී එය පිළිගැන්වීමට දායකයන්ට අවස්ථාවක්
සැලසුණා.
කඨින චීවර පින්කමේ ආරම්භය සිදුවුණේ ඒ අයුරින්. එම පින්කම වඩාත් අපගේ
සංස්කෘතිය හා මිශ්‍ර වූයේ කඨින චීවර පින්කමේ ආනිශංස දේශනා කිරීමත්
සමගින් .අපදාන පාලියේ පවා පෙර භවයන්හි කඨින චීවර පූජා කිරීම පිළිබඳ
ආනිශංස දක්වා තිබීම නිසා දායක දායිකාවන් මේ කඨින චීවර පූජාවට වඩාත්
උනන්දුවක් දැක්වූවා.
මේ නිසා ගිහි – පැවිදි සම්බන්ධය වඩාත් තහවුරු කිරීමට කඨින පින්කම
හේතුවක් වුණා. විශේෂයෙන්ම වස් තුන් මසක කාලසීමාව තුළදී වෙනත් දිනවලට
වඩා විහාරස්ථානයට සම්බන්ධ වී භික්‍ෂූන් වහන්සේගේ ඇප උපකාර ලබා දීමටත්
පින්කම් සඳහා වැඩි උනන්දුවක් දැක්වීමටත් දායකයන් කටයුතු කළා. එහිදී ගමේ
සිටින එක් පුද්ගලයෙකු හෝ දායකයන් පිරිසක් එක්ව වස් වැසීම සඳහා
භික්‍ෂූන් වහන්සේට ආරාධනා කරනු ලැබුවා. එම කාලය තුළ භික්‍ෂූන් වහන්සේට
සිවුපසයෙන් ඇප උපස්ථාන කිරීම දායකයා විසින් බාර ගනු ලබනවා.
මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරටට බුදු දහම ගෙන වැඩම කළේ පොසොන්
පුන් පොහෝ දිනකයි. ඇසළ මාසය වන විට වස් කාලය ඇරැඹෙනවා. මිහිඳු හිමියන්
එහිදී දේවානම්පියතිස්ස රජුට වස් කාලය ගත කිරීමට අවශ්‍ය බව දන්වා
සිටියා. එම අවස්ථාවේදී මහ රජතුමා විසින් ඒ සඳහා ගිහියන් වශයෙන් කුමක්
කළ යුතු දැයි විමසා සිටියා. එවිට මිහිඳු මා හිමියන් වස් වැසීම සඳහා
භික්‍ෂූන් වහන්සේ කටයුතු කරන අයුරු වදාරා සිටියා. දේවානම්පියතිස්ස
රජතුමා විසින් මහමෙවුනා උයන භික්‍ෂූන් වහන්සේ උදෙසා වස් වාසය පිණිස
සකස් කර දුන්නා. මෙරට ප්‍රථම වස් කාල සීමාව ඇරැඹුණේ ඒ ආකාරයෙනි.
පසුව මෙරට භික්‍ෂු පිරිස වැඩවීමත් සමඟ පින්කම් සංස්කෘතියක් බිහිවන්නට
පටන් ගත්තා. වස් විසීමේ චාරිත්‍රයන් වස් කාලය අවසානයේ කඨින වස්ත්‍ර
පූජාවන් උත්සවශ්‍රීයෙන් සිදුවුණා. එකල වෙහෙර විහාරස්ථානවලට අවශ්‍ය
සියලු දේ අඩුවක් නැතිව පූජා කළා. එමෙන්ම ඇතැම් රජවරුන්ගේ සමයන්හිදී
භික්‍ෂූන්ට වස් ආරාධනා කිරීමට දායකයන් නොමැති නම් රාජ සේවකයන් විසින්
වස් ආරාධනා කර අවශ්‍ය සියලු කටයුතු රජයේ වියදමින් කළ යුතු බවට දන්වා
තිබෙනවා. විශේෂයෙන්ම වසභ රජුගේ කාලයේදී මේ කාර්යය නිසි අයුරින් සොයා
බලා සිදු කර තිබෙනවා. ඒ ලෙසින් රාජ්‍ය අනුග්‍රහය ලබන පින්කමක් බවට මෙය
පත්වුණා. ජීවිතයේදී එක් වරක් හෝ කඨින චිවරයක් පූජා කිරීම ඉතාම වටිනා
බවට බෞද්ධයන් අතර මතයක් තිබෙනවා.
ඉතාම චාම් ගෞරවය රැකෙන අයුරින් වස් පින්කම් සිදු කෙරුණා. චීවර මාසය ලෙස
හඳුන්වන කඨින පින්කම් යෙදෙන මේ මාසය තුළ විහාරස්ථානයන්හි කඨින පින්කම
සිදු කෙරුණා.
කඨින චීවරය උදෑසන එළිය වැටීමට පෙර විහාරස්ථානයට ගෙනවිත් භික්‍ෂූන්
වහන්සේට පූජා කළ යුතුවනවා. එහෙත් අද මේ තත්ත්වය වෙනස් වෙලා.ඇතැම්
දායකයන්ට එසේ නිසි අයුරින් පින්කම් පැවැත්වීමට හැකියාවක් නැහැ. කඨින
චීවරය උදෑසනින් දවාලටත් හවසටත් රැගෙන එනවා. අතීත සම්ප්‍රදායයන් සියල්ල
බිඳිලා ගිහින්. අතීතයේ කඨින චීවරය සකස් කර ගැනීමට අද මෙන් පහසුකම්
තිබුණේ නැහැ. එම නිසා පළමුව පුළුන් සොයා ගන්නවා. එම පුළුන් කැටීමෙන්
නූල් සකසා ගන්නවා. නූල් කැටීමෙන් පසුව වස්ත්‍රයක් වියා එම වස්ත්‍රය
පූජා කරනවා. පසුව සිවුර මසා පසුව එම වස්ත්‍රය පඬු පොවා වේලා භික්‍ෂූන්
උදෙසා කඨින චීවරය පුදනු ලබනවා. පසුව භික්‍ෂූන් වහන්සේ විසින් එක්
භික්‍ෂූන් වහන්සේ නමකට එම චීවරය පවරනු ලබනවා. චීවරය පැවරීම ලැබූ
භික්‍ෂූන් වහන්සේ එම චීවරය පොරවා එදින රාත්‍රියේ කඨිනානිශංස ධර්ම දේශනය
සිදු කරනවා.
අතීතයේ මෙන් අද පඬුපොවා දුෂ්කර කාර්යයන්හි නියැළීමට අවශ්‍ය නැහැ. නවීන
තාක්ෂණය යොදා ගන්නට පුළුවන්. එහෙත් අද කඨින චීවර පූජාව, කඨින පෙරහරට
අනවශ්‍ය අංග එක් කිරීමෙන් විකෘති වී ඇති බවක් පෙනෙනවා. කඨින පෙරහර සඳහා
යොදා ගන්නා එකම අමතර කාණ්ඩය හේවිසි කණ්ඩායමයි. කඨින පෙරහර පැමිණෙන බව
දායකයන්ට දැන්වීමටයි හේවිසි කණ්ඩායම යොදවන්නේ.
ඒ හැරෙන්නට ඇසළ පෙරහර දුරුතු පෙරහර ආදියේ දක්නට තියෙන නැටුම් කණ්ඩායම්
නැහැ. ඉතාම චාම් අන්දමින් උදෑසන ගමන් කරන සංවර වූ පෙරහරක් ලෙස එය
දක්වන්න පුළුවන්. එහෙත් අද අනවශ්‍ය සංකර වූ නැටුම් පවා යොදවා එහි
ගරුත්වයට හානි පැමිණ තිබෙනවා.
ඉදිරියේදී මේ තත්ත්වයන් තවත් වර්ධනය වීමට පුළුවන්. එම නිසා කඨිනයේ
ගරුත්වය ආරක්ෂා කිරීමට අප පියවර ගත යුතුයි.
කඨිනයේ මූලිකත්වය ගන්නා දායක මහතාගේ නිවසින් කඨිනය වැඩමවීම අතීතයේ
පටන්ම තිබූ සිරිතක්. එහෙත් අද කඨිනය ගෙයින් ගෙට ගෙන යන්නත් පුරුදු
වෙලා. මෙය කඨිනයේ ගරුත්වය හීනවීමට බලපානු ලබනවා. එමෙන්ම අද කඨිනය
තරගයක් බවට පත්වෙලා. පෙර වසරේ කඨින පින්කම් බාරගත් දායකයාට වඩා උසස්
අයුරින් තමන් කඨින පින්කම සිදු කිරීමට යාමෙන් එතැන බුද්ධාලම්භන
පී‍්‍රතිය නැතිවෙලා. එක්තරා ආකාරයකින් කඨින පෙරහර විකෘති තත්වයකට
පත්වෙලා.
විවිධ ශබ්ද සහිත උපකරණ යොදා ගනිමින් නැටුම් කණ්ඩායම් පෙරහරට සම්බන්ධ කර
ගැනීම සුදුසු නැහැ. එයින් සිදුවන්නේ කඨිනයේ මූලික හරය ගිලිහී යාමයි.
විවිධ වූ නැටුම් කණ්ඩායම් දෙස වැඩි අවධානයක් යොමුවීම නිසා කඨිනය හා ඊට
අදාළ වත් පිළිවෙත් කෙරෙහි ජනතා අවධානය අඩු වනවා. විශේෂයෙන්ම තරුණ පරපුර
අනාගතයට රැගෙන යන්නේ වැරැදි දැක්මක්. මේ නිසා කඨින පූජාව තරගයක් බවට
පත් නොකර ගැනීමටත් පෙරහර කඨින පෙරහරට උචිත ලෙසින් පැවැත්වීමටත් අප
පියවර ගත යුතු වනවා.
සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර |