කවර රටක දී වුවත් කඨින පින්කම
විනයානුකූලව සිදු කැරෙනවා
ප්‍රංශයේ ජේතවනාරාමාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක
මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි
අපේ රටේ මෙන්ම වෙසෙසින් යුරෝපයේ රටවලද සිදු කැරෙන කඨින පින්කම පිළිබඳ
ප්‍රංශයේ ජේතවනාරාමාධිපති, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක
මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් සමග කළ පිළිසදරකි මේ.
නා හිමියනි,
යුරෝපයේ සමහර රටවල පිහිටි විහාරස්ථානවල කඨින පින්කම මෙවර බිනර පෝදා සිට
සිදු වූවානේද?
පිළිතුර
යුරෝපයේ සමහර රටවල ඇතැම් විහාරස්ථානවල කඨින පින්කම් බිනර පෝදා සිට වප්
පෝදා දක්වා සිදු කළා. ඇතැම් විහාරස්ථානවල කඨින පින්කම ලංකාවේ කඨින
පින්කම් සිදුවන කාලවකවානුව අනුව වප්පුර පුර පෝදා සිට ඉල් පුර පෝදා
දක්වා සිදු කැරෙනවා.
අධික අවුරුද්දක් උදාවන විට සාමාන්‍යයෙන් අපේ රටේ සිදුකැරෙන කඨින
පින්කමෙහි දින වෙනස් වෙනවා. මේ වසරේදීද සිදුවුනේ එවැන්නකි. වස් සමාදන්
වන පොහොය දිනය ලෙස ඇසළ පොහොය යොදා ගනු ලැබුවද අධික අවුරුද්දකදී පමණක්
එය නිකිණි පෝදාට පසුදා වස් විසීමේ චාරිත්‍රය සිදු කැරෙනවා.
එහෙත් මෙවර ඉතා අගය කළ යුතු ආදර්ශවත් ක්‍රියාවක් ඒ නිසාම සිදුවුනා.
නිකායත්‍රයේම අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ තීරණයට
අනුව මෙවර අධික අවුරුද්දක් නිසා නිකිණි පොහොයදා උපසම්පදා භික්‍ෂූන්
වහන්සේ පොහොය විනය කර්මය සිදු කර නිකිණි අවපෑලවියදා වස් විසුවා.
ඒ නිසා යුරෝපයේ ඇතැම් රටවල සමහර විහාරස්ථානවල වස්විසීමේ දිනයන් වෙනස්
වූ නිසා කඨින පින්කම යොදා ගත් දිනයන්හිද වෙනසක් සිදු වුනා.
යුරෝපයේ රටවල එබඳු ආගමික වැඩසටහන් පිළිබඳ තීරණය කරනු ලබන්නේ බොහෝ
කාලයකට පෙර සිටය. ඊට ප්‍රධාන හේතු ගණනාවක් පවතී.
ප්‍රත්‍යන්ත ප්‍රදේශවල යම් යම් විනය කර්ම සිදුකිරීමේ අවසරය බුදුරජාණන්
වහන්සේ විසින් භික්‍ෂූන් වහන්සේට ලබාදී ඇත.
නෝර්වේ රටෙහි එක් විහාරස්ථානයක් පමණයි . මේ වන විට පවතින්නෙ. ඒ
විහාරස්ථානයේ වැඩ ඉන්නෙත් එක භික්‍ෂූන් වහන්සේ නමක් පමණයි , කඨින
පින්කමක් සපුරා ගැනීමට අවම වශයෙන් උපසම්පදා භික්‍ෂූන් වහන්සේ පස් නමක්
අවශ්‍යයි. ඒ පස්නමක් වැඩම කරවා ගැනීමට කාලවේලා ඇතිව සූදානම් විය
යුතුයි.
විදේශවල වෙසෙන සියලු දෙනාම තමන්ගේ රාජකාරිවල නිරතවීම නිසා විවේක නිවාඩු
ලැබෙන්නේ ඉරිදා ,සෙනසුරාද දෙදින පමණයි. එබැවින් සෙනසුරාදා ඉරිදා විවේක
දිනවල ආගමික කටයුතු සිදු කිරීමට නම් කාලවේලා ඇතිව අදාළ වැඩසටහන්
සම්පාදනය කර ගත යුතුයි. හදිසියේ කරන වෙනස් කිරීමකදී අදාළ භික්‍ෂූන්
වහන්සේ වැඩමවාගත නොහැකි වෙනවා.
ඉතාලිය, වැනි රටක භික්‍ෂූන් වහන්සේ පස් නමක් එක දිනක ආරාධනාවකට වැඩම
කරවා ගැනීමට විශාල වියදමක් දැරිය යුතුවේ.
ලංකාවට පහසුකම් පැවතුනද යුරෝපයේ විහාරස්ථානවලට එවන් ප්‍රායෝගික
දුෂ්කරතා පවතී. ඒ නිසාම ඉතා කල්ඇතිව ආගමික වැඩසටහන් සංවිධානය කර ගනු
ලබන්නේ.
යුරෝපා රටවලත් අපේ රටේ සිරිතට අනුව කඨින පින්කම් පැවැත්වෙනවාද?
සාම්ප්‍රදායිකව ථෙරවාදී බුදුසමය අනුගමනය කරන රටවල් විනයානුකූල සියලු
චාරිත්‍ර එකම රටාවකට සිදු කැරේ. සංස්කෘතික සිරිත් විරිත් පමණක් වෙනස්වන
අවස්ථා පමණක් දක්නට ලැබේ.
කම්බෝජය, ලාඕසය, වියට්නාම ,තායිලන්ත, බුරුම ආදි රටවල “ථෙරවාදී
භික්‍ෂූන් වහන්සේ් සමග සහයෝගිතාවයෙන් ආගමික කටයුතු වල නිරත වීමට අවකාශ
සැලසී තිබේ. එහෙත් ඒ කවර රටක භික්‍ෂූන් වහන්සේ නමක් වුවද විනයානුකූල
වාක්‍යයන් තුළ කිසිදු වෙනසක් නොපවතී.
තායිලන්තයේ කඨින පෙරහර ඉතා සතුටෙන් කෑ කෝ ගසමින් නැටුමෙන් අලංකාරවත් වී
තිබේ.අපේ රටේ එවැනි සිරිතක් නොපවතී. එවැනි සාම්ප්‍රදායික සංස්කෘතික
උරුමයන් ඇතැම් රටවල පවතී. එහෙත් විනයානුකූල ක්‍රියාවලිය කවර රටක වුවද
සමානව පවතී.
බොහෝ රටවල සිදු කැරෙන කඨින පින්කම් සඳහා අප වෙත ඇරැයුම් ලැබේ. ගියවර
නෝර්වේ විහාරස්ථානයේ පැවැති කඨින පින්කම සඳහා රටවල් හයක පමණ භික්‍ෂූන්
වහන්සේ සහභාගි වුණා. ඇතැම් දුෂ්කරතා පවතින හෙයින් සංස්කෘතික වශයෙන්
වෙනස්කම් පැවැතියද විනයානුකූල කිසිදු වෙනසක් නොපවතී. දේශගුණික හේතුන්
නිසා පමණක් ආගමික චාරිත්‍ර පමණක් වෙනස් වුවත් විනයානුකූල කටයුතුවල
කිසිදු වෙනසක් ඇති නොවේ.
තායිලන්තය, වියට්නාමය, ලාඕසය ආදී කවර රටක බොදුනුවෝ වුවද ඉතා දැඩි
උනන්දුවකින් කඨින පින්කම සිදු කිරීමට පෙළඹේ.
ප්‍රංශයේ ජේතවන විහාරයේ කඨින පින්කම සඳහා වුවත් තායිලන්ත, වියට්නාම් ,
ලාඕස, කාම්බෝජ ආදි සියලු රටවල බොදුනුවන් ඉතා උද්‍යෝගයකින් සහභාගිවන
අයුරු දැක ගත හැකිවේ.
කඨින පින්කම පිළිබඳ අදහස්
කඨින පෙරහරක් පැවැත්වීමේදී කඨිනයකට නුසුදුසු සංස්කෘතිකාංග කඨින පෙරහරකට
සම්බන්ධ කළ යුතු නොවේ. ඇතැම් විට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් එවැනි දෑ බොදු
ජනතාව සිදු කළද ඒවා පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුත්තේ අනාගතයේ කඨින
පෙරහරට වුණත් යම් දුෂ්කරතාවලට මුහුණ පෑමට ඉඩකඩ ඇති බැවිනි.
අපේ බෞද්ධ සංස්කෘතිය ද සුරැකෙන ලෙස විනයානුකූලව, ශ්‍රද්ධාව, ගෞරවය,
පෙරදැරි කරගෙන එවැනි ආගමික ක්‍රියා සිදුවන්නේ නම් මතු පරපුරටද එමගින්
ආදර්ශයක් සැපයිය හැකියි .එය ගිහි පැවිදි දෙපක්ෂයටම සතුටුවිය හැකි
කරුණක්ද වනු ඇත.
යම් යම් අතපසුවීම් අප අතින් සිදු වුවහොත් එහි ප්‍රතිවිපාක ලැබීමට අපට
කලක්ගත විය හැකිය. බුද්ධිමත්ව නුවණින් සිතා බලා විවේචනයටද ලක් නොවන
අයුරින් පින්කම් සකස්වීම ඉතා ආදර්ශවත් වේ.
බුදුදහම හැම විට හැමට සෙත සලසන උතුම් දහමක් වන අතර කිසිවකුට කරදර
හිරිහැර කරන දහමක් නොවන බව අප තරයේ සිහිතබා ගත යුත්තකි.
කෙනෙකුට හානියක්, හිරිහැරයක් කරදරයක්, වේදනාවක් නොවීමට අප අපගේ හර
පද්ධතීන් ආරක්‍ෂා කර ගැනීමට බුද්ධිමත් විය යුතුවේ.
ලංකාවේ මෙන්ම ශ්‍රී ලාංකේය භික්‍ෂූන් වහන්සේ වෙසෙන ලොව බොහෝ රටවල ද
කඨින පින්කම ඉතා අලංකාරයෙන් සිදු වන මහ පින්කමකි.
ධර්මානුධර්ම ප්‍රතිපත්ති ගරු කළ යුතු අතරම ශ්‍රද්ධාව වර්ධනය වන කුසල්
දහම්හි නිරතවීමද අගය කළ යුතුය. එහෙත් බොදුනුවන් ලෙස කිසි විටෙක තම
මූලික අභිමතාර්ථයෙන් බැහැරව කටයුතු නොකළ යුතුය. බෞද්ධ සංස්කෘතිය
ආරක්‍ෂා විය යුත්තේද බෞද්ධයාගේ යහපත් සංස්කෘතික ලක්‍ෂණද වර්ධනය වීමෙනි.
කඨින චීවරයක් ගම වටා වැඩම කරවීමේ අරමුණූ රැසක් ද පවතී. ගමේ වෙසෙන
ඇතැමෙකුට පන්සලට පැමිණීමට අතපය වාරු නැති විය හැකිය. එවන් අයෙකුට පවා
දැක සිත සතුටු කර ගැනීමට ගතත්, සිතත් දහමට නැඹුරු කර ගැනීමට කඨින
පින්කම අතීතයේදී යොදාගත් බව අමතක නොකළ යුතුය. එමගින් ගමම ඒකරාශි වේ.
අපගේ ආගමික, සංස්කෘතික රටාවන් නොඉක්මවා ධනයද අපතේ නොහරිමින් ආගමික
මෙන්ම සාමාජික කටයුතු සඳහා අත හිත යොමු කිරීමට අවධානය යොමු කළ යුතුවේ.
එහෙත් අවශ්‍ය ආගමික කටයුතුවලින් බැහැරවීමක් එමගින් අපේක්‍ෂා නොකැරේ.
හැම විට ධනය වැය කළ යුත්තේ අර්ථවත් කි‍්‍රයා සඳහා වන අතර නිරර්ථක
ක්‍රියා සඳහා අනවශ්‍ය ලෙස ධනය වැය කළ යුතු නොවේ.
කාලගුණික,දේශගුණික, පාරිසරික හේතූන් මත ඇතැම් රටවල පවතින කඨින පින්කම්
ඒ රටට සුදුසු අයුරින් සකස් වේ. එහි අඩුපාඩුවක් දැකිය නොහැකිය.
සටහන : සීසර් සුදුසිංහ |