UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේරුවිල වාර්ෂික පින්කම්

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලලාඨ ධාතූන් වහන්සේ ද, කේශ ධාතූන් වහන්සේලා ද තැන්පත් කර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත පරිදි කාවන්තිස්ස මහ රාජෝත්තමයාණන් විසින් ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේ තනවා ශාසනය සතු කරන ලද සේරුවිල පුදබිම ගෞතම බුදුරජාණන් වහන්සේගේ පමණක් නොව කකුසඳ, කාශ්‍යප බුදුපියාණන් වහන්සේලාගේ ද ලලාඨ ධාතූන් වහන්සේලා තැන්පත් කළ ලෝකයේ එනම් ඓතිහාසික පින්බිම වන අතර, අනුවස් බැවින් පිරිපුන් පුණ්‍යස්ථානයකි.

ඉතිරිය»

දහම් සාහිත කෙත සුලභ කළ පොත් පෙළ

මේ සටහන දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි “කියවීම” මගින් මිනිසා දැනුමෙන් පෝෂණය කැරේ. දහම් පොත පත කියවන මිනිසා දැනුමෙන් හා ගුණයෙන් ද සංයමයෙන්ද පෝෂණය කැරේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ලංකා ගමනය සමග මෙරටට පැමිණි බොදු චින්තාව එවකට මෙරට ස්ථාපිතව තිබූ  විවිධ ඇදහිලි පුද පූජා මහඟු පරිවර්තනයකට යොමු කිරීමටත් ඒ ඇසුරෙන් හෙළ බොදු  සංස්කෘතියක් ඇරැඹීමටත් හේතුවිය. මිනිස් සිත් සතන් තුළ මුල් බැස ගත් එම පරිවර්තනය නොබෝ කලකින්ම මෙරට නගර, ගෘහ නිර්මාණ ශිල්පවල සිට වැව්පොකුණු, උද්‍යාන, මාලිගා, ස්ථූප, පෙතිපිළිම නිර්මාණය දක්වා විහිදී ගියේය. එසේ සංවර්ධනය වූ බෞද්ධ ශිෂ්ටාචාරයේ ඊළඟ පියවර වූයේ හෙළටුවා සටහන් කිරීම, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම් ආදි සිද්ධීන් මගින් හෙළ බොදු  ලේඛන කලාවක් බිහිවීමය. එසේ දෙදහස් වසකට අධික කාලයක් පෝෂණය වූ සිංහල බෞද්ධ සාහිත්‍යය ප්‍රබෝධය මහනුවර යුගයෙන් පසු ක්‍රමයෙන් පිරිහී ගොස් මෙරට ගොදුරුවූ බටහිර ආක්‍රමණයන් නිසා බලවත් තර්ජනයකට මුහුණ පෑ බව නොරහසකි. ඒ තර්ජනයෙන් හිස ඔසවා බොදු සාහිත කෙත මෑත යුගයේ පෝෂණය කළ අයුරු මෙම ලිපියෙන්  විමසා බැලේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දෙලොව සතුට

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ඉධ මෝදති පෙච්ච මෝදති
කත පුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමොදති
දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ

මෙම ගාථා ධර්මය දේශනා කළේ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයේ ධම්මික උපාසකතුමා අරභයාය. එම උපාසකතුමා බොහෝ උපාසකයන්ට ආදර්ශමත් පුරෝගාමී වූ ක්‍රියාවෙන්ම ධාර්මික වූ, අනුන්ට උපදෙස් දීමෙහි ආචාර්ය වූ ගුණවත් සිල්වත් කෙනෙකි. මෙතුමාට සත්දෙනෙක් පුත් කුමරුවෝද, දූ කුමරියන් හත්දෙනකුද වශයෙන් දූ පුතුන් දහහතර දෙනෙක් සිටියහ. දරු සම්පත්තියෙන් භාග්‍යවන්ත වූ කෙනෙකි. එමෙන්ම තමාගේ බිරිඳද ගුණවත් සිල්වත් තැනැත්තියක් වූ බැවින් දෙමව්පියන්ට අනුව දු දරුවෝද යහපත් ජීවිතගත කරමින් මුළු පවුලම දම් පින් කිරීමෙහි නිරත වූහ.

ඉතිරිය»

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජ මහා විහාරස්ථානය

කාර්ය බහුල අග නගරයට ආසන්නයේ වුව ද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජ මහා විහාරය නිසාම පරිසරය නිස්කලංකය, දසුන සුවදායකය. බස්නාහිර පලාතේ ඇති ඓතිහාසික සිද්ධස්ථාන අතර මෙම විහාරස්ථානයට හිමි වන්නේ ප්‍රබල ස්ථානයකි.

ඉතිරිය»

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 22 වැනි දා සෙනසුරාදා අපරභාග 02.12 ට ලබයි.
23 වැනි දා ඉරිදා අපරභාග 12.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]