“බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව“
ග්‍රන්ථයේ දෙවෙනි මුද්‍රණය එළි දකියි
ශාස්ත්‍රපති චාමික මුණසිංහ ලියූ “බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව“ (ලෝක
විනාශයට පෙර දැක්මක්) බෞද්ධ විද්‍යා ග්‍රන්ථයෙහි නවතම දෙවෙනි මුද්‍රණය
දැන් නිකුත් වී තිබේ.
මෙම කෘතියෙන් ‘ ආදි වෘක්තෘවරුන් දුටු අනාගතය, කලියුගයේ විපර්යාස,
බුද්ධොත්පාද ලෝක, කල්ප ලෝක විනාශය සහ විවිධ ආගමික – විද්‍යාත්මක
අනාවරණ” යන ප්‍රධාන පරිච්ඡේද පහක් යටතේ කාලීන මාතෘකා 80 ක් පමණ විග්‍රහ
කර ඇත.
ලෝකයේ කැලැන්ඩර, අනාගත වංශ දේශනාව, මෛත්‍රී බුදු සසුන, සප්ත
සූර්යෝද්ගමනය, සහස්සී ලෝක ධාතු, පිටසක්වළ ජීවය, ලෝක උත්පත්තිය සහ ඈත
මෑත කල්පවල බුදු පසේ බුදුවරුන් වැනි මාතෘකා ඒ අතර කැපී පෙනෙයි.
චිරන්තන මූලාශ්‍ර, නූතන පර්යේෂණ වාර්තා, රූප සටහන් හා සේයාරූ ඇසුරෙන්
පිටු 350 ක් පුරා ඉතා සරලව කරුණු පෙළ ගස්වා ඇති මෙම පොත 071 – 4414817
යන අංකයෙන් කතුවරයා අමතා ලබාගත හැකිය. |