පංචවග්ගිය සූත්‍රය
පළමු මංගල ධර්මදේශනාව වන
ධම්මචක්කප්පවත්තන සූත්‍රය
හිරු බැස යන එමෙන් ම සඳ පායා එන සන්ධ්‍යායාමයෙහි දසදහසක් ලෝක ධාතුවෙහි
අටළොස් කෝටියක් බ්‍රහ්මයන් දෙවියන් සහිත දේව සමාගමයෙහි දී අඤ්ඤා
කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග මහණුන්ට දේශනා කළහ.
මෙහි දැක්වෙන අන්ත දෙක නම් අත්තකිලමථානුයෝගය සහ කාමසුඛල්ලිකානුයෝගය යන
යෝග දෙකයි. අත්තකිලමථානු යෝගය නම් සදාකාලික ආත්මයක් ගැන විශ්වාස කරන
තවුසෝ පව්කම්වලින් අපිරිසුදු වූ ආත්මය පිරිසුදු කරගන්නට ආත්මයට
(ශරීරයට) වද දෙන ශීල, ව්‍රත
අනුගමනය කිරීමයි
මේ ගැඹුරු දහම ඇසූ පස්වග තවුසන්ගෙන්
ආත්ම දෘෂ්ටිය පහ වී සක්කාය දෘෂ්ටිය දුරුව
ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති සැඩ පහරේ
පළමු කොට හෙවත් සෝතාපත්ති ඵලයට පත් වන්නට
අඤ්ඤා කොණ්ඩඤ්ඤ තවුසා පමණක් සමත් විය.
සෙසු හතර දෙනාටම එම දහම අවබෝධ නොවීය. එහෙත් ඔවුහුද ඒ දහම දැන ගත්හ.
එහෙයින් ඊ ළඟ
දින හතරෙ එක එක තවුසාට ධර්මය දෙසා ඉදිරි
දින හතර තුළ ඔවුහු ද සෝතාපත්ති ඵලයට පත් කළහ
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති
රාජකීය පණ්ඩිත
අග්ග මහා පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නා හිමි
“එකං සමයං භගවා බාරණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ තත්‍ර ඛො භගවා පඤ්ච
වග්ගියෙ භික්‍ඛු ආමන්තෙසි, භික්ඛවොති? හදන්තෙති, තෙ භික්‍ඛු භගවතො
පච්චස්සො සුං භගවා එතදවොචං, රූපං භික්ඛවෙ අනත්තා, රූපඤ්ච හිදං භික්ඛවෙ
අත්තා, අභවිස්ස, නයිදං රූපං ආබාධාය ස්වත්තෙය්‍ය..... (සං.නි. 111 භාගය,
බු.ජ)
බුදුරජාණන් වහන්සේ වෙසක් පුණු පොහෝ දින අලුයම් කාලයෙහි බුද්ධත්වය හෙවත්
සර්වඥතා ඤාණය අවබෝධ කරගෙන සත්සති ගත කර තමන් අවබෝධ කරගත් ධර්මය
අන්‍යයන්ට අවබෝධ කරවීම දුෂ්කර බව දිවැසින් දැක එම ධර්මය අන්‍යයන්ට
දේශනා කිරීමෙන් පලක් නොවන බවත්, එයින් තමන්ට වන්නේ වෙහෙසක් බවත්
සිතූ®හ. එසේ සිතීමට හේතුව වූයේ ධර්මයේ ගැඹුරු බවත් මහජනයා කෙලෙස් බරිත
පුද්ගලයන් බවත් දැකීම. සිදුහත් කුමරු බුදු වී දහම් දෙසන තුරු බලා සිටි
සහම්පති මහා බ්‍රහ්මයා බුදුරදුන්ගේ අදහස දැන ලෝකයා විනාසයි, ලෝකයා
විනාසයි කියල අතිශයින් දුක්වී ක්‍ෂණයකින් බුදුරදුන් වෙතට ගිහින් වැඳල
කිව්ව, අහෝ ස්වාමිනී, ධර්මය දේශනා කරනු මැනව. ධර්මය දේශනා කරනු මැනව.
ස්වාමිනි, කෙලෙස් අඩු සත්වයෝ සිටිති. ධර්මය අසන්නට නොලැබුණොත් ඔවුහු
පිරිහෙති. ඔබවහන්සේගේ ධර්මය වටහා ගන්නෝ සිටිති.
සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා
කෙරෙහි කරුණාවෙන් බුදු ඇසින් ලොව බැලූහ. එවිට උන්වහන්සේගේ නුවණ දැලට
පෙනුණ කෙලෙස් අඩු හා කෙලෙස් වැඩි ආදී නා නා තරාතිරම්වල සත්වයින් සිටින
බව. හරියට ජලයේ තිබෙන නෙලුම් ආදී මල් මෙන් නුවණින් විවිධ තරාතිරමේ අය
සිටින බව දිවැසින් දැක්ක. අනතුරුව බ්‍රහ්මයාට දේශනා කළ අපාරුණා තෙසං
අමතස්ස ද්වාරං යනුවෙන් එම අයට අමා දහම් ඇසීමට දොරටු විවෘත කෙළෙමියි
යනුවෙන්.
ඉක්බිති උන්වහන්සේ පළමුවෙන් මේ ගැඹුරු ධර්මය දෙසිය යුත්තේ කාට ද කියල
බැලුවම උන්වහන්සේට පසුගිය සය වසර තුළ හමු වූ බුද්ධිමතුන් ගෙන්
ආලාරකාලාම, උද්දකරාම පුත්‍ර ආදී තවුසන් මියගොස් බව පෙණුන. අනතුරුව
පස්වග තවුසන් සිටින්නේ කොහේදැයි බලන විට ඔවුන් බරණැස් නුවර
ඉසිපතාරාමයෙහි සිටින බව දැකල ඔවුන්ට පළමු ධර්ම දේශනාව දේශනා කිරීමට
තීරණය කළා. ගයාවේ සිට බරණැසට යාමට පිටත් වූ බුදුරදුන්ට අතර මගදී ‘උපක’
නම් ආජීවකයා හමුවුණා. ඇවැත්නි, ඔබේ ඉන්ද්‍රිය බොහොම ප්‍රසන්නයි. ශරීර
වර්ණය ද ඉතා පිරිසුදුයි. ඇවැත්නි, ඔබ කා උදෙසා පැවිදිවූයේ ද? ඔබේ
ශාස්තෘවරයා කවරහුද? ඔබ රුචිකරන්නේ කාගේ දහමක්ද? මෙසේ ප්‍රශ්න කළ ‘උපකට’
බුදුරදුන් වදාරණ වා තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් සසරින් මිදුනෙකි. මට ඒ සඳහා
ගුරුවරයෙක් නැත. දෙවියන් සහිත ලෝකයෙහි මා හා සමාන අන් කිසිවකු ද නැත.
‘ජින’ කියන්නෙ මා වැනි අයටයි කියල තමන් කවුරුද කියල හඳුන්වල දුන්න.
අනතුරුව උන්වහන්සේ ඉසිපතනය බලා වැඩිය.
ඇසළ පුර පොහෝ දින බරණැස ඉසිපතනයෙහි මිගදායට වැඩිය බුදුරදුන් නිසි පරිදි
පිළිනොගත් පස්වග තවුසන්ට තමන් වහන්සේ බුදු වූ බව විශ්වාස කරවන්නට මහත්
වෙහෙසක් දරන්නට සිදුවුණා. එයට හේතුව එකල පැවැති තවුස් සම්ප්‍රදායන්
අනුව මූලික වශයෙන් ආත්ම දෘෂ්ටියෙන් යුත් තවුසෝ එයින් බැහැරව
විමුක්තියක් නොලැබිය හැකි බව දැඩිලෙස පිළිගෙන තිබීමයි. තමන් බුදු වූ බව
අඟවන්නට නොහැකිම වූ විට උන්වහන්සේ වදාළ ඇවැත්නි, මෙයට පෙර මා මෙබඳු
ප්‍රකාශයක් කළා කියල නුඹලා දන්නව ද? නැත, ස්වාමිනී යි තවුසෝ පිළිවදන්
දුන්හ. ඉක්බිති තමන් රහතුන් කියා තම ධර්මය අසන්නට සූදානම් වන්නැයි
වදාළ. එවිට එම ප්‍රකාශය පිළිගත් පස්වග තවුසෝ එම ධර්මය අහන්න සූදානම්
වූහ.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ “ද්වෙ මෙ භික්ඛ වෙ අන්තා පබ්බජිතෙන න සෙවී
තබ්බා ගයාවා, යං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හිනො ගම්මො පොථුජ්ජනිකො
අනරියො අනත්ථ සංහිතො” යනාදී වශයෙන් පළමු මංගල ධර්මදේශනාව වන
ධම්මචක්කප්පවත්තන සූත්‍රය හිරු බැස යන එමෙන් ම සඳ පායා එන
සන්ධ්‍යායාමයෙහි දසදහසක් ලෝක ධාතුවෙහි අටළොස් කෝටියක් බ්‍රහ්මයන්
දෙවියන් සහිත දේව සමාගමයෙහි දී අඤ්ඤා කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම,
අස්සජි යන පස්වග මහණුන්ට දේශනා කළහ. මෙහි දැක්වෙන අන්ත දෙක නම්
අත්තකිලමථානුයෝගය සහ කාමසුඛල්ලිකානුයෝගය යන යෝග දෙකයි. අත්තකිලමථානු
යෝගය නම් සදාකාලික ආත්මයක් ගැන විශ්වාස කරන තවුසෝ පව්කම්වලින්
අපිරිසුදු වූ ආත්මය පිරිසුදු කරගන්නට ආත්මයට (ශරීරයට) වද දෙන ශීල,
ව්‍රත අනුගමනය කිරීමයි. ‘දුක්ඛෙන ඛො සුභ මධ්ගන්තබ්බං’ යන පාඨය අනුව
සිරුරට දුක් දීමෙන් ම, පරලොව සැප ලැබිය යුතුය යන දෘෂ්ටියයි
අත්තකිලමථානුයෝගය කියන්නෙ. ගෝ ව්‍රත, අජ ව්‍රත, වග්ගුලිව්‍රත, සුනඛ
ව්‍රත, පඤ්ච තාපන ව්‍රත පවත්තඵලභෝපී, ආදී විවිධ ශීල ව්‍රත ඔවුහු
අනුගමනය කළහ. මේවා විස්තර කිරීමට මා නොපෙළඹෙන්නේ ලිපිය දික්වන නිසයි.
දෙවැන්න කාම සුඛල්ලිකානු යෝගයයි. පුනර් භවයක්, කර්මයක්, ආත්මයක් ඇතැයි
නො පිළිගන්න මොවුහු ආත්මයක් ඇතැයි නොපිළිගණිති. ඔවුහු දිට්ඨ ධම්ම
නිබ්බානවාදීහු ය. උපන් සත්වයාට ඇත්තේ මෙලොව පමණකැයි විශ්වාස කරන ඔවුහු
යාවත් ජීවේත් සුඛං ජීවේත් යයි කියන පරිදි ජීවත් වනතාක් හැකිතාක් හොඳින්
හෝ නරකින් හෝ ඉන්ද්‍රියයන් පිනවමින් ජීවත් විය යුතු ය. මරණයෙන් පසු
උපතක් නැතැයි යනු මොවුන්ගේ පිළිගැනීමයි. කාම සුඛයෙහි ඇලීගැලී විසීම හීන
(පහත ග්‍රාම්‍ය (අශිෂ්ට මිනිසුන්ට අයත්) පොථුජ්ජනිකො (කෙලෙස් භරිත
පුහුදුන් අයට අයත්) අනරියො (නිර්වාණ මාර්ගයක් නොවන) අනත්ථ සංහිතො (සසර
දුකට හේතුවන) ප්‍රතිපදාවකයි වදාළ බුදුරදුන්. එහෙත් අත්තකිලමථානුයෝගය
(සිරුරට දුක්ගෙන දීම) අනරිය (නිර්වාණයට බාධාකරන), අනර්ථ සංහිත (මෙලොව
පරලොව දෙකේම අයහපත පිණිස පවතින) ප්‍රතිපදාවත් වූ නිසා මෙලොව අද තිබෙන
මේ අන්ත දෙකම අත්හැර මධ්‍යම ප්‍රතිපදාව වන මා සොයාගත් ආර්ය අෂ්ටාංගික
මාර්ගය අනුගමනය කරන්නැයි වදාළා. එය චක්ඛුකරණී (ප්‍රඥා චක්‍ෂය පහළ කරන)
ඤාණකරණී (ප්‍රභාව ඇතිකරන) උපසමාය (කෙලෙස් සංසිඳුවන විශිෂ්ට ඤාණ පිණිස)
සම්බොධාය (චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස) නිබ්බාණය (තෘෂ්ණාදි කෙලෙස්
නැසීම් පිණිස) හේතුවේ යැයි වදාළ. එයට හේතුවන සම්මාදිට්ඨි ආර්ය
අෂ්ටාංගික මාර්ග තමන් වහන්සේ විසින් (මධ්‍යම ප්‍රතිපදා) අවබෝධ කරගත් බව
වදාළ. මේ අනුව දුක්ඛාර්ය සත්‍යය, සමුදයාර්ය සත්‍යය, නිරෝධාර්ය සත්‍යය,
මග්ගාර්ය සත්‍ය යන නිර්වාණ ගාමිණි ආර්ය සත්‍ය හතර වදාළ බුදුරදුන් තමන්
වහන්සේට මේවා අවබෝධ වනතුරු ඒ බව ලොවට නො කී බවද වදාහළ. මම දැන් ඒ උතුම්
චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙනයි ඒවා ගැන මෙසේ කිවෙයි වදාළහ.
බුදුරදුන් මට දැන් ඤාණදර්ශනය එනම් සෝවාන් ආදී මාර්ගඵල දර්ශනය පහළ වී
ඇත. මාගේ මේ සසරින් මිදීම වෙනස් වන්නක් නොවේ. මේ මාගේ අන්තිම
ආත්මභාවයයි. නැවත වීමක් නැති නිසා මේ අවසන් උපතයයි වදාළහ.
මේ ගැඹුරු දහම ඇසූ පස්වග තවුසන්ගෙන් ආත්ම දෘෂ්ටිය පහ වී සක්කාය දෘෂ්ටිය
දුරුව ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති සැඩ පහරේ පළමු කොට හෙවත් සෝතාපත්ති
ඵලයට පත් වන්නට අඤ්ඤා කොණ්ඩඤ්ඤ තවුසා පමණක් සමත් විය. සෙසු හතර දෙනාටම
එම දහම අවබෝධ නොවීය. එහෙත් ඔවුහුද ඒ දහම දැන ගත්හ. එහෙයින් ඊ ළඟ දින
හතරෙ එක එක තවුසාට ධර්මය දෙසා ඉදිරි දින හතර තුළ ඔවුහු ද සෝතාපත්ති
ඵලයට පත් කළහ.
ඇසළ පුරපෝය දා පස්වග භික්‍ෂූන් සමග ඉසිපතනයෙහි ම වස් එළඹි බුදුරජාණන්
වහන්සේ ඉදිරි දින හතරේ දහම් දෙසා එක් එක් භික්‍ෂුවට ධර්මාවබෝධය කොට
සෝතාපන්න ඵලයට පත් කොට පස්වන දිනයෙහි ඒ පස්නම එක්කොට අනන්තලක්ඛණ
සූත්‍රය දෙසා අරහත් ඵලයට පත් කළහ. මෙහි ආරම්භයෙහි සඳහන් කළ පරිදි අනන්ත
ලක්‍ඛණ හෙවත් පඤ්චවග්ගිය සූත්‍රය බුදුරදුන් දෙසූ දෙවන ප්‍රසිද්ධ ධර්ම
දේශනාවයි. බුදුවීමෙන් පසු යම් යම් අවස්ථාවල ධර්ම දේශනා පවත්වා ඇතත් ඒවා
අප්‍රකටය. අනන්ත ලක්‍ෂණ සූත්‍රය ඇතුළත්ව ඇත්තේ සංයුක්ත නිකායේ බන්ධක
වග්ගයටය. උපය වර්ගයෙහි ඇතුළත් මෙය මහා වග්ග පාලියෙහි ද තිබේ. සූත්‍රය
ආරම්භ කරන්නේ එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතනාරමයෙහි
මිගදායෙහි වෙසෙද්දී පස්වග මහණුන් අමතා මෙය දේශනා කර බවයි.
රූපං භික්ඛවේ අනත්තා, රූපඤ්ච හීදං භික්ඛවේ අත්තා අහවිස්සා න ඉදං රූපං
ආබාධාය සංවත්තෙය්‍ය යනාදී වශයෙනි. මෙහි තේරුම බුදුහාමුදුරුවෝ පස්වග
මහණුන්ට වදාරනව මහණෙනි, මේ පඤ්චස්ඛන්ධයට අයත් රූපය අනාත්මයි. (මෙය සැදී
තිබෙන්නෙ පඨවි, ආපො, තෙජො, වායො යන සතර මහා භූතයන්ගෙනි. මේ හතර එක් වූ
විට එහි වර්ණ, ගන්ධ, රස, ඕජා යන හතරක් එක්ව සුද්ධාෂ්ටක රූප කලාප සෑදේ.
ඒවායේ එකතුවෙන් ඇසට පෙනෙන, ඇසට නො පෙනෙන, සප්‍රාණික, අප්‍රාණික රූප
හෙවත් වස්තු හෙවත් ද්‍රව්‍ය ස්වභාවිකව හටගනී. මේ රූපය තුළ නො නැසෙන,
භවයෙන් භවයට මැරී උපදින උපදිනතාක්, මාරුවේවි ගමන් කරන වෙනස් නොවන අප
ආත්මය නමින් හඳුන් වන කේවල ශක්ති පුඤ්ජයක් මේ තුළ නැත. එමනිසා
සුද්ධාෂ්ටක රූප කලාපවලින් බැඳුන කුණප කොටස් දෙතිසකින් යුත් කරජකාය නම්
ශරීරය නොයෙක් ආබාධ වලින් පෙළෙනව. රූප්පතීති රූපං කීවේ ඒ නිසයි. සීත,
උෂ්ණාදියෙන් වෙනස් වන නිසා ය. රූපය කියන්නෙ, වෙනස් නොවන ආත්මයක් මෙහි
තිබේ නම් මෙය මොන ආබාධයකින්වත් වෙනස් වන්න බැහැ. එසේ වන්නේ නැහැ. ඒ
නිසා රූපය අනිත්‍යයි.
එසේම මගේ මේ රූපය මෙහෙම තියෙන්න ඕන. මෙහෙම ලස්සන වන්න ඕන. කැඩෙන්න
බිඳෙන්නෙ නැතිව, තිබෙන්නට ඕන. කෙට්ටුවන්න බැහැ. තරබාරු වෙන්න බැහැ.
දුර්වර්ණ වන්න බැහැ. ඔය ආදී වශයෙන් රූපය මෙසේම තියෙන්න ඕන. නො යෙසේම
ඉහත කී පරිදි වෙනස් නො වේවා කියල ඔබ අප හිතුවට ඒ සඳහා යම් යම් උපක්‍රම
යෙදුවට එසේ වන්නෙ නැහැ. එසේ නො වෙනස් ව සදා කල් පවතින්න නම් ආත්මයක් ඒ
තුළ තියෙන්න ඕන. රූපය සදාකල්හි නිරුපද්‍රිතව විපරිනාමයට පත් නොවී
නොතිබෙන්නෙ සජීවි අජීවී පියවි රූපයක් ම අනාත්ම හෙයිනි. මේ විධියට රූප,
වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන පඤ්චස්කන්ධයාගේම ස්වභාවය මේකයි.
වන්දනාව ආදී අනෙක් හතර නාම ධර්මයයි. අරූපී ධර්මයි. එයින් විඥානය හෙවත්
හිත රූපය සමඟ බැඳී තිබෙන්නකි. එය හරියට මැණිකක ඇමුණු නූලක් මෙනි.
විඥානය හෙවත් හිත නැත්නම් සත්ව ශරීරය අප්‍රාණික වෙයි. එය කර්මන්‍ය
නොවෙයි. වේදනා, සඤ්ඤා, සංඛාර යන තුන චෛතසිකයි. ඒවා උපදින්නේ විඥානයෙහි
ය. අරමුණක් ඉන්ද්‍රිය ගෝචර වූ විට ඒ පිළිබඳව සුඛ, දුක්ඛ, උපේක්ඛා
වශයෙන් උපදින වේදනාව, වින්දනය ඇතිවන්නේ වේදනා චෛතසිකය සමගයි. සඤ්ඤා
චෛතසිකයෙන් කෙරෙන්නේ පසිඳුරන්ගෙන් ගන්නා රූපාදි අරමුණු හඳුනා ගැනීමයි.
සංඛාර චෛතසිකය කියන්නේ ඉන්ද්‍රියත්, අරමුණුත් දෙකේ ඝට්ටනයෙන් උපදින ලෝභ
ද්වේශාදී ක්ලේශ ධර්මයයි. තණ්හාවයි. එය කාම තණ්හා වස්තුවලට ඇති ආශාව,
භවයට ඇති ආශාව, විභවයට ඇති ආශාව කියල වස්තුකාම හෙවත් කැමැති දෑ ලැබීමට
ඇති ආශාව එක් කොටසකි. දෙවැන්න ක්ලේශ කාමයි. එනම් වස්තු මුල්කරගෙන ඒ
වස්තු පිළිබඳ හිතේ උපදින ආශාව ක්ලේශ කාමයි. මෙයට අහිධ්‍යාව යයි ද
කියනව. මේ නිසා සත්වයා කුසල් අකුසල් රැස් කරනව. ඒවා තමයි අප කර්ම යයි
කියන්නේ. බුද්ධාගමේ උගන් වන ආත්මය තමයි කර්ම සංකල්පය. ආත්මවාදීන්ගේ
ආත්මය කුසල් අකුසල් රැස්කරන්න වගෙ අපේ කර්මය තමයි කුශල් අකුශල් වන්නෙ.
එනම් හිතින් හිතල කියන කරන හිතන සිතිවිලියි. බ්‍රහ්ම, දේව මනුෂ්‍ය
තිරිසන් ආදී වශයෙන් හා හීණ ප්‍රණීත වශයෙන් සත්වයන් එකිනෙකාට වෙනස්
වන්නේ ඔවුනොවුන් කරන ලද කුශල අකුශල කර්ම බලයෙනි. නො යෙසේම කිසියම්
දෙවියකුගේ කැමැත්තක් නොවේ. දෙවියාත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන
ත්‍රිලක්‍ෂණයට යටත් තවත් සත්ත්වයෙකි.
රූපය ගැන අනාත්ම භාවය දැක් වූ බුදුරජාණන් වහන්සේ වේදනා භික්ඛවේ අනත්තා,
සඤ්ඤා, අනත්තා, සංඛාරා, අනත්තා, විඤ්ඤාණං, අනත්තං යනුවෙන් සෙසු ස්බන්ධ
හතරම රූපය මෙන් අනාත්ම බව වදාරළ. ඒ එකක් වත් ආත්ම නම් ආබාධ පිණිස ලක්
නොවන බවත් ඒවා එකක් එකක් පාසා මෙසේ මෙසේ වන්න ඕන. වෙනත් විදියකින්
තිබෙන්න බැහැ කියල වදාළ. මහණෙනි, යම් ලෙසකින් විඤ්ඤාණාදිය අනාත්ම
බැවින් ආබාධ පිණිස හේතුවනවයි කියල වදාළෙ විඤ්ඤානාදි පසේම වෙනසක් වන්න
බැහැ. ඒවා මට ඕන හැටියට සදාකල්හි තියෙන්න ඕන කියල හිතුවට එසේ නොවන බව
දේශනා කළා. අනතුරුව බුදුරදුන් භික්‍ෂූන්ගෙන් ඇහුව මහණෙනි, කෙසේද? රූපය
නිත්‍ය ද අනිත්‍යද? කියල, එවිට භික්‍ෂූන් පිළිතුරු දුන්න ස්වාමිනී,
රූපය අනිත්‍යයි. මහණෙනි, යමක් අනිත්‍ය නම් එය දුකක් වෙනවද? සුවයක්
වෙනවද? කියල ඇහුව. ස්වාමිනි, දුක්ඛ යි පිළිතුරු දුන්න. මහණෙනි, යමක්
අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සුළු නම් මෙය මාගේය. මෙය මම වෙමි. මෙය
මාගේ ආත්මයයි කියා සැලකිය හැකිද? කියල ඇසුව ස්වාමීනි, එසේ සැලකිය
නොහැකියයි පිළිතුරු දුන්න. මේ විදියට පඤ්චස් ඛන්ධය පිළිබඳවම බුදුරදුන්
විචාළ විට මේ විදියටම පස්වග භික්‍ෂූහු ද පිළිතුරු දුන්න.
එවිට බුදුරදුන් වදාරණව එසේ නම් මහණෙනි, යමක් අනිත්‍ය නම්, දුක් නම්,
වෙනස්වන සුළු නම්, මෙය මාගේ, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි යනුවෙන්
අතීත, අනාගත, වර්තමාන වූ, තමා පිළිබඳ වූ හෝ අනුන් පිළිබඳ වූ හෝ ඕලාරික
වූ යෝ සියුම් වූ හෝ හීන වූ හෝ උසස් වූ හෝ ළඟ වූ හෝ, දුර වූ හෝ කිසියම්
රූපයක් වේද? ඒ සියලු රූප මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ, යි
මෙසේ සම්‍යයක් ප්‍රඥාවෙන් හෙවත් විදර්ශනා නුවණින් දැක්ක යුතුයි. වේදනා,
සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන අතීත වර්තමාන, අනාගත හෝ ආධ්‍යාත්මික, බාහිර
වූ හෝ ඔලාරික, සියුම් වූ හෝ හීන ප්‍රණීත වූ හෝ ළඟ වූ හෝ දුර වූ හෝ
සියලු පස්කඳ පිළිබඳවම මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මේ මාගේ ආත්මය
නොවේ යනුවෙන් ඒවායේ යථාභූත තත්ත්වය හෙවත් ඇති තතු විදර්ශනා ප්‍රඥාවෙන්
දකින්න.
මහණෙනි, මෙසේ විදර්ශනා නුවණින් දකින ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා රූපයෙහි
කලකිරෙයි. වෙදනාවෙහි කලකිරෙයි. සංඥායෙහි කලකිරෙයි. සංස්කාරයන්හි
කලකිරෙයි. විඥානයෙහි කලකිරෙයි. මේ කලකිරුණු පසු මේවා කෙරෙහි නොඇලෙයි
හෙවත් ආශාව දුරුකර ගණියි. නොඇලීම නිසා සිත කෙලෙස්වලින් මිදෙයි.
කෙලෙස්වලින් මිදුන පසු මම කෙලෙස්වලින් මිදුනෙමියි යන නුවණ පහළ වෙයි.
එවිට ඔහු තමාගේ සසර උපත අවසන් වී යයි දනියි. නිවන් සඳහා පිරිය යුතු
මාර්ග බ්‍රහ්ම චර්යාව බැස නිමවන ලදැයි දනී. නිවන් සඳහා මේ අත් භවේදී
කළයුතු යමක් ඇත්නම් ඒවා මනා ලෙස නිමවිනැයි දනී. මේ අත්බැව සඳහා කළයුතු
තවත් කිසිවක් නැතැයි දනියි. භාග්‍යවතුන් වහන්සේ මෙම අනන්තලක්‍ඛණ දේශනාව
මෙසේ වදාළහ. එය අසා අර්හත් ඵලයට පත්වීමෙන් අතිශය සතුටට පත් වූ පස්වග
රහතුන් වහන්සේ බුදුන්රදුන්ගේ දේශනාව සතුටින් අනුමත කළහ. මෙම දහම්
විස්තරය දේශනා කරත් ම භද්දවග්ගිය භික්‍ෂූන්ගේ සිත් යළිත් නූපදින සේ
කෙලෙසුන්ගෙන් මිදුනේ ය. |