අභියෝග දිනිය හැක්කේ කෙසේද ?
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
මෙබඳු අභියෝග
ජයගත හැකි
තත්ත්වයකට
පත්වීම සඳහා
කෙනෙකුට ඥානය සහ ජීවන අත්දැකීම්
අවශ්‍යවේ. ඥානයෙන්
පරිනත වීම දක්වා ජීවන
අත්දැකීම් නොලැබෙනතාක් පුද්ගලයකු පරමාදර්ශී කෙනෙක් බවට
පත්වීම අපහසු ය. බෝසත්
චරිතයද සංසාරගතව ලැබූ ජීවන අත්දැකීම් වලින්
පරිනත වූයේය. මිනිස්
ජීවිතයක ඥානයද
අත්දැකීම්ද මුහුකුරා යන්නේ වයසත් තමාගේ වයසත් සමග ය
අභියෝග ජය ගනිමින් පෙරට ගමන් කරන පුද්ගලයා සතු තිබිය යුතු ගුණාංග
කිහිපයක් වේ. ඒවා තිබිය යුත්තේ තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස සහ
සමාජයට අර්ථයක් සැපයීම සඳහායි. දියුණු වන පුද්ගලයකු සතුව පැවැතිය යුතු
ගුණාංග සතරකි. එනම්
* උත්සාහවන්ත බව (උට්ඨාන)
* අප්‍රමාදී බව (අප්පමාද)
* ඉඳුරන්ගේ සංයම බව (සංඥමේ)
* ඉඳුරන්ගේ දැමුණු බව (දමේනච)
බුදු දහමෙහි උගන්වන මෙම කරුණු කාරණාවලින් ජීවිතය සකසා ගැනීම කළ
යුත්තකි. මෙබඳු අභියෝග ජයගත හැකි තත්ත්වයකට පත්වීම සඳහා කෙනෙකුට ඥානය
සහ ජීවන අත්දැකීම් අවශ්‍යවේ. ඥානයෙන් පරිනත වීම දක්වා ජීවන අත්දැකීම්
නොලැබෙනතාක් පුද්ගලයකු පරමාදර්ශී කෙනෙක් බවට පත්වීම අපහසුය. බෝසත්
චරිතයද සංසාරගතව ලැබූ ජීවන අත්දැකීම් වලින් පරිනත වූයේය. මිනිස්
ජීවිතයක ඥානයද අත්දැකීම්ද මුහුකුරා යන්නේ වයසත් තමාගේ වයසත් සමගය.
අත්දැකීම්වලින් තොර ඥානයද ප්‍රඥාවෙන් තොර අත්දැකීම්ද කෙනෙකුගේ ජීවිතය
සරුසාර බවින් පිරිපුන් කරන්නට හේතු නොවේ. මෙහිදී ‘ උට්ඨාන’ යනුවෙන්
දක්වනු ලබන්නේ තමන්ගේ ජීවන අරමුණු මැනවින් තෝරාගෙන ඒ අංශ කෙරෙහි උත්සාහ
වීමය. ඒ ඒ පුද්ගලයන්ගේ ජීවන අරමුණු අවශ්‍යතා වෙනස්ය. කෙනකුගේ උත්සාහය
ඇතිවිය යුත්තේ සිය ජීවන අභිමතාර්ථ මැනවින් දැන හඳුනා තෝරා බේරා ගත්
පසුවය. අරමුණකින් තොර වූ උත්සාහයකින් ද එතරම් පලක් නොවන බව පැහැදිලිය.
අප්‍රමාදී බව යනුවෙන් මෙහිලා අදහස් කරනු ලබන්නේද උත්සාහය ඔස්සේ යන
අප්‍රමාදී බවයි. සිය ජීවන අරමුණු සාර්ථක කරගැනීම සඳහා මෙහි දක්වන කරුණු
එකිනෙකට සහ සම්බන්ධ බවත් දක්නට ලැබේ. උට්ඨාන (උත්සාහවත් වී) අප්පමාද
(අප්‍රමාදී බව) යන වචන දෙක අතර පවතින්නේ ද එබඳු සම්බන්ධතාවයකි. සංයමය
යනුවෙන් දක්වනු ලබන්නේ තමන්ගේ කය වචන යන දොරටු මැනවින් හැසිරවීමයි. ඒ
හැසිරවීම් ක්‍රමය ස්වකීය ජීවිත අරමුණු සමග ගැලපීමක් තිබිය යුතු වෙයි.
දමේනච යනුවෙන් දක්වනු ලබන්නේ සිය ඉඳුරන් දමනය පිළිබඳවයි. ඉඳුරන් හයකි.
එනම් ඇස, කණ, නාසය, දිව, ශරීරය යන ඒවාට අරමුණු වන රූප, ශබ්ධ, ගන්ධ, රස,
ස්පර්ශ යන කරුණු විෂයෙහි රාග, දෝෂ, මෝහ ආදී අකුසල ධර්ම ඉපදවීමෙන් තොර
සමාජ හිතකාමී දමනය මින් අදහස් කෙරේ.
බුදු දහමෙහි දක්වන මෙම කරුණු කාරණා නිදසුනක් හැටියට බෝසත් චරිතයට ගලපා
බැලිය හැකිය. ජාතක පොතෙහි බෝධිසත්ව චරිතය, නිරූපණය වන්නේ බුද්ධත්වය
නමැති උත්තුංග අරමුණු සාධනය කරගැනීම සඳහා කටයුතු කරන කෙනෙකු හැටියටයි.
බෝධිසත්වයන් වහන්සේ සතු එම උතුම් අරමුණු සපල කරගැනීම පිණිස මෙම කරුණු
සතර උපස්ථම්භක විය.
කෙනෙකුගේ ළමා, තරුණ, මහලු ආදී ජීවන අවස්ථාවලදී ද නොඑසේ නම් තමා
බලාපොරොත්තු වන යම් යම් අංශයන් ද මනා නිපුණතා වඩා වර්ධනය කර ගැනීමට
ජීවිතයක් තුළ පැවතිය යුතු මේ ගුණාංග සතර තමා සතුවද කොපමණ දුරට
පවතින්නේදැයි තමා විසින්ම නිරන්තරයෙන් විමසා බැලිය යුතු වෙයි.
බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව කරනු ලබන්නේ චුල්ලපන්ථක නමැති තෙරණුන්
වහන්සේ අරභයාය. චුල්ල පන්ථක තෙරණුවන් ළමා වියේදීම පැවිදි බවට පත් විය.
සිය වැඩිමහල් සහෝදරයා වූ මහා පන්ථක තෙරුණුවන් ඊට කලින් පැවිදි වී
සිටියේය. සිය සොහොයුරා ළඟට පැවිදි බවට පත්වී ආගම දහමට අනුකූල වන පරිදි
චුල්ල පන්ථක හාමුදුරුවන් තමන්ගේ ජීවන පැවැත්ම හදාගත්තා. එහෙම වුණත් බණ
පොත් වණ පොත් කිරීමේ කටයුත්ත උන්වහන්සේ අතින් ගිලිහී ගියා. පසුව
අවශ්‍යතාවය දැනී උත්සාහ ගත්තත් ඒවා අතපසු වුනා. මහා පන්ථක හාමුදුරුවන්
නිරන්තරයෙන් නියෝග කරන්නේ බණ පොත් කට පාඩම් කළ යුතු බවයි. නමුත් චුල්ල
පන්ථක හාමුදුරුවන්ට කට පාඩම් කිරීමේ කටයුත්ත ඒ තරම් ලෙහෙසි වූයේ නැහැ.
මාස හතරක් තිස්සේ පාඩම් කළත් එක ගාථාවක් හරිහැටි කට පාඩමේ තියාගන්නට
හැකි වුනේ නැහැ.
කටපාඩම් කිරීමේ ශක්තිය චුල්ල පන්ථක හාමුදුරුවන්ට නැති නිසා හාර මාසයක්
තිස්සේ එක ගාථාවක් වත් කටපාඩම් නොහිටි නිසා හාමුදුරුවන්ට කේන්ති ගිහින්
චුල්ල පන්ථක හාමුදුරුවන්ට පන්සලෙන් යන්න කියලා කිව්වා. යන්න එන්න
තැනැක් නැති නිසා චුල්ල පන්ථක හාමුදුරුවෝ පන්සලේ පිටි පැත්තෙන් පාරට
බැහැල පාර අයිනේ අඬ අඬා ඉන්න කොට වෙනත් ලොකු හාමුදුරුවො නමක් වැඩමකර
ඇයි ඔබ වහන්සේ අඬන්නේ කියා ඇහුවා. සිය සහෝදරයා තමන් පන්සලෙන් පිටුවහල්
කළ බව කියූවිට උන්වහන්සේ ලේන්සු කැබැල්ලක් අතට දී මා එනතුරු මෙය
පිරිමදින්න යැයි පොඩි හාමුදුරුවන්ට අවවාද දී යන්න ගියා.
අත පිස දමමින් සිටි ලේන්සු කැබැල්ල ඉක්මනින් කිළිටි වී ගිය නිසා ජීවිතය
පිළිබඳ අවබෝධයක් ඇතිවුණා. චුල්ලපන්ථක හාමුදුරුවෝ රහත් වුණා. චුල්ල
පන්ථක හාමුදුරුවන්ට මේ පිළිබඳව උපදෙස් දීලා තමා එනතුරු ඉන්න යැයි කියා
යන්න ගියේ බුදුරජාණන් වහන්සේය.
හේමමාලා රන්දුනු
|