පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමන රත්නායක
ප්‍රායෝගික ජීවිතයට බුදුගුණ සම්බන්ධ කැර ගන්නට ඇති සෑම මොහොතකම
තුනුරුවන් සරණ යෑම කුසල වර්ධනයක් සේම භාවනා වැඩීමක් සිදුවේ. එය
සම්බුද්ධ දේශනාවට අනිවාර්යෙන්ම එකඟ වේ
දම්සක් පැවැතුම් සූත්‍රය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව
වේ. එහි සඳහන් වන භාවනා පිළිබඳව විමසා බැලීම වැදගත් වේ.
ආර්ය අට්ඨාංගික මාර්ගය මෙහිදී කවරාකාරයෙන් ප්‍රයෝජන ගත යුතු දැයි
සැකවින් මෙසේ දක්වන්නේ “භාවේ තබ්බං” සහ “භාවිතං” යනුවෙනි. භාවෙ තබ්බං
යනුවෙන් වර්ධනය කළ යුතු යන අදහස ප්‍රකාශවේ. වර්ධනය කළ යුත්තේ මුළු ආර්ය
මාර්ගයම වේ.
ඒ අනුව ආර්ය අට්ඨාංගික මාර්ගය මෙහිදී වැදගත් වේ. ඒ වාගේම බොහෝ
අවස්ථාවන්හි සමාජය අමතක කැරුණ දෙයක් එහි ඇත. එනම් ශීල අංශයයි. එයට අදාළ
සම්මා වාචා, සම්මා කම්මන්ත සම්මා ආජීව භාවනා වශයෙන් අනුගමනය නොකරන බව
දක්නට ලැබේ.
වෙනත් ආකාරයකින් මෙය කිවහොත් සම්මා වාචා යනු යහපත් වචන කතා කිරීමෙන්
පවා සිදුවන්නේ කුසල් වර්ධනයයි. ඒ අනුව එය ශීල භාවනාවෙන් කෙසේවත් වෙනස්
විය හැක්කක් නොවන්නේය. භාවනාවේ මුඛ්‍ය පරමාර්ථය කුසල වර්ධනයයි. සීලාදි
ප්‍රතිපත්ති තුළද මෙය ක්‍රියාවට නැගේ.
මේ අනුසාරයෙන් සිතන කෙනෙකුට දාන, ශීල,භාවනා වල ඇති වර්ගීකරණය තුළ
භාවනාවෙන් යොදා ඇත්තේ කුමක් දැයි ප්‍රශ්නයක් මතුවිය හැකිය. බුදුදහම
විවිධ පැතිවලින් යමක් විස්තර කරන බව පරියාය දේශනා යන්නෙන් පැහැදිලිවේ.
බුදුරජාණන් වහන්සේ එදා ආනන්ද හාමුදුරුවන් හමුවේ “පරියායේන ආනන්ද මයා
ධමෙමා දේසිතො” යනුවෙන් උන්වහන්සේගේ ධර්මය විවිධ අකාරයෙන් දේශනා කරන බව
පැහැදිලි කළ සේක.
ඒ අනුව දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හිදීම කුසල
වර්ධනය සිදුවන බව සඳහන් වේ. එබැවින් පළල් අර්ථයකින් දාන, ශීල පුණ්‍ය
ක්‍රියාවන්හිදීද භාවනාව මහඟු පුණ්‍ය කර්මයක් ලෙසින් සිද්ධ වේ. මෙහිදී
භාවනාව වෙන්කැර තිබීමේදී සිත හා නුවණ වැඩෙන කුසල් ඇතුළත් වන බව සැළකීමට
ගත යුතුය.
එසේම විසුද්ධි මාර්ගය ආදි බෞද්ධ ග්‍රන්ථවල භාවනාව සම්බන්ධ කමටහන් 40 ක්
දක්වා තිබේ. එහෙත් ඒ සියල්ලම එකම පුද්ගලයෙකු එය වෙන වෙනම පුහණු කළ
යුත්තක් නොවේ. උදාහරණයක් වශයෙන් මෙහිදී මෛත්‍රී භාවනාව සැළකිල්ලට
ගැනීමට හැකිය.
ඒ අනුව මෛත්‍රීය වැඩීම සීමාවකින් තොරව සිදු කළ හැකිය. සියලු ලෝක
සත්වයන්ටම මෛත්‍රි වඩන්නා සේ තමාටද අසීමිතව මෛත්‍රි වඩා ගැනීම,
පුරුද්දක් කැර ගත යුතුය. ඒ අනුව ‘මා සුවපත් වේවා’ සියල් සත්වයෝම
සුවපත්වෙත්වා යනුවෙන් මෛත්‍රිය වැඩීම සියලු බැතිමතුනට සුපුරුදු
ක්‍රියාවක් වේ.
එහෙත් වචනයෙන් කියවන අදහස අවංකවම තම ක්‍රියාදාමයන්ට සම්බන්ධ කැරවීම
මෛත්‍රි භාවනාවේ ප්‍රධාන අපේක්‍ෂාව වේ.
ඒ අනුව කෙනෙකු කරන රැකියාව තමන්ටත් අනුන්ටත් යහපත පතා මෛත්‍රී සහගතව
සිදු කිරීම යහපත් ක්‍රියාවකි. එම ක්‍රියාදාමය නැවත නැවත ආවර්ජනය
කැරමින් මෛත්‍රී භාවනාව වැඩීම සමාජයට යහපතක් සිදුවන බව සිහිපත් කැරදීම
ඉතා වැදගත්ය.
එක්තරා නිවසක කුස්සියක් අවශ්‍යතාවයක් මතුවිය. ඒ අනුව ඒ ගෙදර සිටි
මෑණියන්ට එම අදහස පැවසූ විට ඇය මෙසේ කීවාය. එන්න පුතේ “ කුස්සිය
කියන්නේ දෙවැනි බුදු ගේ නේ” යනුවෙන් එතුමිය පැවැසුවාය.
එහි අර්ථය කුමක්දැයි විමසූ විට එතුමිය මෙසේ කීවාය. කුස්සිය තුළ පිඟන්
සේදීම සහල් සේදීම බත් උයන කුස්සිය පිරිසුදු කිරීම යන සියලු කටයුතු තමා
උදෙසා පමණක් නොව පවුලේ සියලු දෙනා වෙනුවෙන් සිදු කෙරේ. ඒ අනුව මෙත්‍රී
වැඩීම ඒ තුළින් සිදුවේ. එසේම දානමානාදි කටයතු සඳහාද යොමුවේ. මේ කරුණු
මුල්කැරගෙන පරාර්ථ චර්යාවක් කුසල වර්ධනයක් ඔස්සේ සති පුහුණුවක් ඇතිවේ.
ඒ අනුව බුදුගුණ නිරායාසයෙන්ම එවැනි ස්ථානයක බුදුන් ජීවමාන බව
ධර්මානුකූ®ලව ඔප්පු කළ හැකි නේද? යනුයෙන් ඇය කරුණූ පැහැදිලි කළාය.
ප්‍රායෝගික ජීවිතයට බුදුගුණ සම්බන්ධ කැර ගන්නට ඇති සෑම මොහොතකම
තුනුරුවන් සරණ යෑම කුසල වර්ධනයක් සේම භාවනා වැඩීමක් සිදුවේ. එය
සම්බුද්ධ දේශනාවට අනිවාර්යෙන්ම එකඟ වේ.
බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් හමුවේ මෛත්‍රී භාවනාව පිළිබඳව මෙසේ
වදාළ සේක. මුළු බෞද්ධ පුහුණුවම මෛත්‍රි පදනම් කැරගෙන ගොඩනැගී ඇති බවය.
ඒ අනුව ආනාපාන සති ආදි විවිධ භාවාන ක්‍රම පුහුණු කිරීමේදී සිතේ නිවීමක්
මෙන්ම සැනසීමක් එකතුවේ. ඒ අනුව සිතේ එකඟ බව යන්න අනිත්‍ය තේරුම්
ගැනීමයි. සියලු දෑ අත හැරිමට කැමැත්ත දැක්වීම තුළද ගැඹුරින් මෛත්‍රි
භාවනාව වර්ධනය වේ.
ඒ අනුව මෛත්‍රී භාවනාව හා අනෙක් භාවනා ක්‍රම අතර ඉතා සමීප
සම්බන්ධතාවයක් පැවති උදාහරණ ලෙස අප අවදි වූ මොහොතේ සිට නින්දට යන මොහොත
දක්වා සිදු කර ගත හැකි ක්‍රියාදාමයන් පෙන්වීමට හැකිය.
බොහෝ විට බොහෝ දෙනෙකු භාවනාව යනු සිත එක් තැන් කැර ගැනීමක් යැයි කියනු
ලැබේ. එය එම විෂයට පමණක් සීමා නොකළ යුතුයි. එය තුළින් විය යුත්තේ සිත
එක්සත් කරන සෑම අවස්ථාවක ජීවිතය හා බැඳුණු ක්‍රියාදාමයන් එයට එකතු
කැරගෙන සිත දියුණූ කිරීම කළ යුතුයි.
ඒවාගේම නුවණ වැඩීම, දුක දැකීම, හා දුකෙන් මිදීම, ආදි ධර්මානුකූල අවස්ථා
පාදක කැරගෙන කුසල් වැඩීමට අධිෂ්ඨාන කැරගත යුතුය. සිත එක්සත් කැර ගැනීම
සඳහා ඉතා සරල ක්‍රමයක් මෙසේ පෙන්වාදීමට හැකිය. පහසු ඉරියව්වකට වාඩිවී
හුස්ම ගැනීමත් හුස්ම පිට කිරීමත් ඉතා ඕනෑකමින් සිදු කිරීම හොඳ ආරම්භයක්
වේ. හුස්ම පිළිබඳ දැඩි අවධානයක් ඇති කැර ගැනීම වැදගත්ය. එය හොඳින්
පුහුණු කළ විට හුස්ම සරළව නිවෙන ආකාරය කෙනෙකුට අත්විදින්නට හැකිය.
ඉන්පසු එය අනිවාර්යෙන්ම නිවෙන බව අගේ කිරීමට සිත නිරන්තරයෙන්ම පෙළඹෙයි.
ඒ නිසා සිත මෙන්ම කයද සුවපත් වේ. සිතේ ස්වරූපයද ඉන් පසු ක්‍රමයෙන්
වැටහේ.
ඒ අනුව නැවත නැවත සිතේ සැනසීම අගේ කිරීමට වැඩිවේ.
මේ ආකාරයට නිවෙන සිත ඉතා තදින් එක්සත් වේ. ඒ වාගේම මෙසේ එකසත් වන මනස
වුවද කාලයාගේ ඇවෑමෙන් වෙනස් වන බවද පිළිගැනීම වැදගත්ය.
එවිට අතහැරීමේ ගුණය පිළිබඳව පුහුණුවක් ක්‍රමයෙන් උදාවේ. මේ ආකාරයට සිත
එක්සත් කරන්ට පුරුදු වන බැතිමතුන් නැවත නැවතත් හුස්ම ඉහළ පහළ ගැනීම
පටන් සිත එක්සත්වීම දක්වාත් අනිත්‍ය ධර්මය හා අතහැරීම ගැඹුරින් තේරුම්
ගැනීම සඳහා යොමුවීම ප්‍රයෝජනවත් වේ.
සාකච්ඡා කළේ
බණ්ඩාර පිලවල |