කර්මයේ ඇති සැබෑ ස්වභාවය පෙන්වා දෙන විමාන වස්තුව හා
පේ‍්‍රත වස්තුව
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
මනුස්ස ලෝකයේදී ඉතා දුප්පත් ජීවිත ගත කරලා ඒ ඇත්තන්ගේ තිබෙන යම්කිසි
පූර්වක් කෘත පුණ්‍ය මහිමයකින් ඒ ඇත්තන්ට තථාගතයන් වහන්සේ හෝ රහතන්
වහන්සේ නමක් මුන ගැහිලා ඒ ධර්මය අහලා ඒ ධර්මය නුවණින් විමසා බලා මිය
යන්නට පෙර
මාර්ගඵල ලබා මරණින් පසු දිව්‍ය ලෝකයේ උපත ලැබූ ආකාරයත් විමාන
වස්තුවේ විස්තර වෙනවා
මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට පොදු ජනතාව වෙනුවෙන්
පළමුවෙන්ම දේශනා කොට වදාළේ චූල්ලහත්ථි පදෝපම සුත්‍රයයි. ඊළඟට උන්වහන්සේ
එදා රාත්‍රියේ දෙවිවරුන් උදෙසා සමචිත්තපරියාය සූත්‍රය දේශනා කළා.
ඉන්පසුව රජතුමාගේ මාලිගයට වැඩම කර මාලිගාවේ ඉඩ මදි නිසා ඇත්හළ පවිත්‍ර
කරල රජතුමාගේ පිරිස ඇතුළු සියලු දෙනාටම විමාන වස්තුව හා පේ‍්‍රත
වස්තුවයි දේශනා කොට වදාළේ. ඒ තුළින් කර්මයෙහි ඇති සැබෑ ස්වභාවය පෙන්වා
දුන් උන් වහන්සේ අනතුරුව වදාළේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව ඉතා
වැදගත් දේශනා රාශියක් අන්තර්ගත වූ සංයුක්ත නිකායෙහි සච්ච සංයුත්තියයි.
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට බැරිවීම නිසා මේ සත්ත්වයා සසරදුක
ඉක්මවා ගැනීමට නො හැකිව සිටින ආකාරයත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා
කළ මිහිඳු මහරහතන් වහන්සේ ඊට පසුව ගැඹුරු සූත්‍ර ධර්ම දේශනා කළා. පංච
උපාධානස්කන්ධය ගැන, ආයතන හය ගැන, ආදිය තිබෙන ආදිත්ත පරියාය සූත්‍රය,
පේනපිණ්ඩුපම සූත්‍රය, ධම්මචක්කපවත්වන සූත්‍රය, සච්ච විභංග සූත්‍රය,
ඛජ්ජනීය සූත්‍රය ආදි ගැඹුරු දේශනා වදාළා. වර්තමානයේ දී මේ දේශනා අප
ඉස්මතු කරද්දී අවබෝධයට දුෂ්කරයි කියලා විශාල ආන්දෝලනයක් ඇතිවුණා.
ගැඹුරු ධර්ම මිහිඳු මහ රහතන් වහන්සේ සුළු කලක දී දේශනා කරන්නට පුළුවන්
වුණා. ප්‍රථම ධර්ම සංගයානාවේදී ඛුද්දක නිකායෙහිලා සංග්‍රහ ලද විමාන
වස්තු හා පේ‍්‍රත වස්තු පිළිබඳ දැනීමක් තෙරුවණ් සරණ ගිය අප කා තුළත්
තිබිය යුතුයි.
මිහිඳු හිමියන් පේ‍්‍රත වස්තුව හා විමාන වස්තුව දේශනා කළේ මිනිසුන්ගේ
යහපත උදෙසා යි.
විමාන කියන වචනය අපට පුරුදු වචනයක්. අපි කියනවා දෙවියන්ගේ විමානය
කියලා. විමාන කියන වචනය කෙතරම් දුරට සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙනවා ද
කියා කියනවානම් බංගලාදේශයේ ගුවන් සේවයට කියන්නේ විමාන කියලා.
හින්දු භාෂාවෙන් ගුවන් යානයට කියන්නේ විමාන කියලා. අහසේ ගමන් කරන දේට
විමාන කියනවා.
ඒ තරමට සමාජ ගතවෙලා තිබෙනවා විමාන කියන වචනය. අපිත් කියනවා වෘක්ෂවල
අධිගෘහහිත දෙවිවරු විමාන හදාගෙන ඉන්නවා කියලා. විමාන කියන්නේ සැප සහගත
තැනට.
මේ ආකාරයට විමාන වස්තුවල විමාන කථා අසූපහක් සඳහන් වෙලා තිබෙනවා.
මිහිඳුමහ රහතන් වහන්සේ මේ විමාන කතා අසූපහම අපට කියා දී තිබෙන නිසයි
ලංකාවේ එය ආරක්ෂා වුනේ. මේ විමාන වස්තුවල විස්තර වන්නේ මිනිස් ලොවදී
පින් රැස් කර මියගියාට පස්සේ පරලොවදී ඒ පින්වල ඵල සුවසේ විදින ආකාරය
යි.
නමුත් පේ‍්‍රත වස්තුවල විස්තර වන්නේ මිනිස් ලොවදී ඔහු රැස් කරන්නා වූ
අකුසල් මිය ගියාට පසු පවු විපාක සේ දුකසේ භුක්ති විඳින ආකාරය යි. එතකොට
මෙය වැදගත්කම තිබෙන්නේ මේ විමාන වස්තු පේ‍්‍රත වස්තු විස්තර කරලා
මිහිඳු මහ රහතන් වහන්සේ ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළේ මේ
සත්ත්වයන් මේක ඉක්මවා ගන්න බැරිව වාසය කරනවා. එයින් ඔවුන් බේරා ගැනීමේ
අනුකම්පාවෙන්මයි.
මනුස්ස ලෝකයේදී ඉතා දුප්පත් ජීවිත ගත කරලා ඒ ඇත්තන්ගේ තිබෙන යම්කිසි
පූර්වක් කෘත පුණ්‍ය මහිමයකින් ඒ ඇත්තන්ට තථාගතයන් වහන්සේ හෝ රහතන්
වහන්සේ නමක් මුන ගැහිලා ඒ ධර්මය අහලා ඒ ධර්මය නුවණින් විමසා බලා මිය
යන්නට පෙර මාර්ගඵල ලබා මරණින් පසු දිව්‍ය ලෝකයේ උපත ලැබූ ආකාරයත් විමාන
වස්තුවේ විස්තර වෙනවා.
ඒ වගේම විමාන වස්තුවල විස්තර වෙනවා මිනිස් ලෝකයේදී මාර්ගඵල ලබා නැහැ.
නමුත් බුදුරජාණන් වහන්සේ ගැනත් භික්ෂූන් ශ්‍රාවකයන් ගැනත් බලවත් චිත්ත
ප්‍රසාදයක් තිබිලා තියෙනවා. සාමාන්‍යයෙන් ජීවිතය පරදුවට තබා පින්කළ අයා
පිළිබඳවත් මෙහි විස්තර වෙනවා.
පින් කරපු අය සැප ලබන ආකාරය කියවන විට පුදුමත් හිතෙනවා.
පේ‍්‍රත වස්තුවේ දී අපට හමුවෙනවා විමාන පේ‍්‍රතයන් කියලා කොටසක් ගැන.
විමාන පේ‍්‍රත කියන්නේ කලකට සැප ලැබෙනවා. කලකට දුක ලැබෙනවා. ඒ අය විමාන
පේ‍්‍රතයෝ. ඒ වගේම සිත කය වචනය පිනට යොදවා ගැනීමට බොහෝ සේ උපකාරි වෙන
දෙයක් මේ විමාන වස්තුව.
විමාන වස්තුව තුළ දී හමුවෙනවා මලක් පූජා කරලා, කැඳ ටිකක් පූජා කරලා,
පුටුවක් පූජා කරලා පැන් ටිකක් පූජා කරලා මහා දිව්‍ය සැපයක් ඇතිකරගෙන
ඉන්න අය පිළිබඳ විස්තර හමුවෙනවා. ඒ දිව්‍ය සැප ලබා ගැනීමට පුළුවන් වුනේ
සිත පහදවාගෙන ඒ පොඩි පින කළ නිසයි. විමාන වත්තුවල පෙනෙන ප්‍රකට කරුණ
තමයි එහි ඉන්නා ප්‍රතිග්‍රාහක පක්ෂය දානය එහෙම නැත්නම් පිළිගන්නා
පිරිසගේ තිබෙන ගුණාත්මක භාවය මේ සැප ලබන්න බහුල වශයෙන්ම පාදක වෙලා
තිබෙනවා.
තථාගතයන් වහන්සේට, සැරියුත් මහ රහතන් වහන්සේට, මුගලන් මහ රහතන්
වහන්සේට, කාශ්‍යප මහ රහතන් වහන්සේට ආදී රහතන් වහන්සේලාට මුළු හදවතින්ම
තෙරුවන් සරණ ගිහිල්ලා සුළුවෙන් හෝ දෙයක් පූජා කරයිනම් එයින් අප්‍රමාණ
පුන්‍යස්කන්දයක් ලැබෙනවා.
තථාගතයන් වහන්සේ වදාළා ලෝක සත්වයා ජීවත් වන්නේ කර්මයෙහි දාසයන්
පරිද්දෙන්. කර්මයෙන් නිදහස් විය නොහැකි ලෙස ඔවුන් කර්මයට සිර වී
සිටින්නේ කරත්තයේ රෝදය කව ඇණයකින් සිරවී පවතින ලෙසින්. එය කෙතරම්
බලසම්පන්නද යත් ලෝකයෙහි සැප දුක තීරණය කිරීමේ ප්‍රධානම බලවේගය වශයෙන්
කර්මය ගැන කතා කිරීම වරදක් නැහැ.
පින්වත් මහණෙනි, චේතනාත්මක කරන ලද්දා වූ රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ
විපාක විදීමකින් තොරව මම කර්මයන් අභාවයට පත්වෙන බවක් නොකියමි. එම විපාක
වනාහි මෙලොවදී පල දෙන්නට පුළුවනි. නැතහොත් භවයේ උපදින තාක් කිසියම්
තැනකදී පල දෙන්නට පුළුවනි.
එම නිසාම පින්වත් මහණෙනි, චේතනාත්මකව කරන ලද්දා වූ රැස් කරන ලද්දා වූ
කර්මයන්ගේ් විපාක විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වෙන බවක් මම
නොකියමි.
(පඨම සංචේතනික සූත්‍රය අ.නි.6)
සටහන
නයනා නිල්මිණි |