අගතිගාමි
නොවීමට
නම්....
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි
බෞද්ධයන් ලෙස අපි නිතරම අපගේ ශාස්තෘන් වහන්සේ පිළිබඳව
ශ්‍රද්ධාවක් ඇතිකර ගන්නට මහන්සි වෙන්න ඕන.
උන්වහන්සේ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් වදාළ මේ ධර්මය සසර කතරින් එතෙර
වීමට අපට තිබෙන එකම පාලමයි.
තථාගතයන් වහන්සේ වදාළ
ඒ ධර්මය මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පොහෝ දිනක ලංකාවට වැඩම කර අපට
කියා දුන්නේ අපගේ
වාසනාවකට
සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා අපට කියා දෙනවා ඉපදෙන
මැරෙන සංසාරයේ තිබෙන දුක පිළිබඳව. ඒ වගේම ඒ දුකෙන් නිදහස් වෙන ආකාරය
පිළිබඳව. උන්වහන්සේ වදාළ ඒ මිහිරි සුන්දර ධර්මය අප කවුරුත් අපේ
ජීවිතවලට ගලපා ගන්නවා නම් ඒ පුද්ගලයා තමා මේ ලෝකයේ සිටින දක්ෂතම
පුද්ගලයා.
බෞද්ධයන් ලෙස අපි නිතරම අපගේ ශාස්තෘන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක්
ඇතිකර ගන්නට මහන්සි වෙන්න ඕන. උන්වහන්සේ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන්
වදාළ මේ ධර්මය සසර කතරින් එතෙර වීමට අපට තිබෙන එකම පාලමයි. තථාගතයන්
වහන්සේ වදාළ ඒ ධර්මය මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පොහෝ දිනක ලංකාවට
වැඩම කර අපට කියා දුන්නේ අපගේ වාසනාවකට.
ඒ ධර්මය තුළින් අපට කියා දෙනවා නිතරම අපට බලපාන සතර අගතිය පිළිබඳව.
අගතිය කියා කියන්නේ අප නොයා යුතු තැන. ගතිය කියා කියන්නේ අප යා යුතු
තැන. හිත මෙහෙයවිය යුතු, නොවියයුතු තැන, මෙහෙයවීමට සුදුසු, නුසුදුසු
තැන් හතර තමයි සතර අගතියට ඇතුළත් වන්නේ.
ඡන්දය, ද්වේශය, භය, මෝහය අපේ සිතේ ඇතිවන සිතිවිලියි. සිතින් සිතිවිල්ල
ක්‍රියාත්මක කරන එක තමයි යමක් සිතනවා කියා කියන්නේ. යමක් සිතා තමයි
අපි කවුරුත් යම් යම් දේවල් කරන්න පෙළඹෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි
කියනවා මං මේක කිව්වේ, හිතුවේ නැතිව කියලා. එහෙම කිව්වා කියලා ඇත්තට
ඒකෙ විපාකය අඩුවීමක් වන්නේ නැහැ. කි‍්‍රයාව පිළිබඳව දැනුවත් නොවී එක
සැරේට මේක කෙරුණ කියලා යන්න බැහැ. නොදැනුවත්ව අපේ හිතේ සම්බන්ධයක්
නැතිව අපේ අතවත් අපිට ඔසවන්නට බැහැ. ඇගිල්ලක් නමන්න බැහැ. ක්ෂණිකව ඒ
සිතිවිල්ල පහළ වෙනවා.
ඡන්දය, ද්වේෂය, භය, මෝහය කියන මේ සිතිවිලි කි‍්‍රයාත්මක කරන එකට තමා
හිතනවා කියන්නේ. එහෙම හිතලා අපි ඒ දේ කයින්, වචනයෙන් පිට කරනවා. හිතල
තමයි අපි තීරණ ගන්නේ. තීරණයක් අරගෙන තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ තීරණය
තුළ අතිශයින්ම වැදගත් වන සැලකිලිමත්විය යුතු කාරණා හතර තමා ඡන්දය ,
ද්වේශය, භය, මෝහය තිබෙනවාද කියා කල්පනා කිරීම. විශේෂයෙන් තීන්දු තීරණ
ගැනීමේදී අනිවාර්යයෙන්ම මේ ගැන සැලකිලිමත් විය යුතුයි.
සමහර අය තීන්දු තීරණ ගන්නට තමන් කැමැති පුද්ගලයාට වාසි වෙන ආකාරයට.
තවත් සමහරෙක් තීන්දු තීරණ ගන්නේ ද්වේෂයෙන් අගතිගාමි වෙලා. එවිට යම්
පුද්ගලයෙක් රිදවන්න තමයි තීන්දු තීරණ ගන්නේ. ඊළඟට වචනයෙන් අගතිගාමි
වෙනවා. තර්ජන ගර්ජන වලට බය වෙලා වැරැදි තීරණ ගන්නවා. ඒ වගේම මෝහයෙන්
අගතිගාමි වෙලා පුද්ගලයාගේ වහසි බස්වලට රැවටිලා මුලාවෙලා වැරැදි තීරණය
ගන්නවා.
මේ කියන සතර අගතියෙන් අගතිගාමි නොවී කටයුතු කරන්න ඕන. එහෙම කටයුතු
කරන්න නම් තීන්දුවක් තීරණයක් ගන්න හැම මොහොතකදීම දෙසැරයක් කල්පනා කළ
යුතුයි. විමසා බලා අවේගශීලි නොවී තීරණ ගත යුතුයි. අපේ සිත තරහ
සිතිවිල්ලක තිබෙද්දී ජීවිතයේ කිසිම වැදගත් තීන්දුවක් ගන්න හොඳ නැහැ.
මොකද ද්වේෂයෙන් සිටින අවස්ථාවේදී ඒවායේ විපාක පේන්නේ නැහැ. රාගයටත්
මෝහයටත් සිත යටවෙලා තිබෙද්දේ තීන්දු තීරණ ගන්න හොඳ නැහැ.
රාගයෙන් රත් වූ සිතකට කළයුත්ත නොකළයුත්ත වැටහෙන්නේ නැහැ. දේවේෂයෙන්
මෝහයෙන් මුලා වූ සිතට කළයුත්ත නො කළයුත්ත තේරෙන්නේ නැහැ. ඒ නිසා සතර
අගතියෙන් අගතිගාමි නොවී තමා විසින් තමා පාලනය කරගත යුතුයි. නිතරම
ආපස්සට බලන්න නැවත නැවත තමා කරන දේ පිළිබඳව සිතන්න පුරුදුවිය යුතුයි.
තමා වචනයක් පිට කරන්නට කලින් මා කියන දේ තුළින් මට අයහපතක් වේද අන්අයට
අයහපක් ද වේද කියා විමසා බලන්න පුරුදු වෙන්න. එයට තමා යෝනිසෝමනසිකාරය
අවශ්‍ය වන්නේ. නුවණින් කල්පනා කරන්න මම කරන දේ මට හොඳ වුවත් අන් අයට
නරකක් වේ නම් මම සතර අගතියෙන් වළකිනවා කියා ප්‍රත්‍යවේක්ෂා ඤාණය ඇතිකර
ගන්න.
අප යම් තීන්දුවක් තීරණයක් නිගමනයක් ගන්නට කලින් ආ පස්සටත් ඉදිරියටත්
ප්‍රත්‍යක්ෂා ඥානයෙන් කල්පනා කරන්න ඕන හේතුවක් තියෙනවා. ඒ තමයි මම කරන
දෙයින් මට කරදරයක් වෙයිද? එහෙම නැත්නම් හිතන්න එයින් අන් අයට කරදරයක්
වෙයිද කියලා. එසේ කිසිවෙකුටත් කරදරයක් නැත්නම් එය තමයි කළ යුත්තේ. ඒ
විදිහට කටයුතු කරල තමයි අපි ආවේග පාලනය කරන්න පුරුදු වෙන්නේ. මිනිස්සු
ආවේගශීලි වන්නේ සිතේ තියෙන සිතිවිලිවලට වටිනාකමක් දෙන නිසයි. තමාට
කෙනෙක් යම් දොසක් කීවානම් ඒ සිතිවිල්ලට යම් වටිනාකමක් දෙන්නට අපි
පුරුදු වෙලා ඉන්නවා. “අරය මම වරදක් නොකර මට දොස් කිව්වා” කියා ඒ
සිතිවිල්ලට වටිනාකමක් දෙනවා. මේ වටිනාකම දී තිබෙන්නේ හොඳ දෙයකට නොවෙයි.
එනිසා සෑම කටයුත්තකදීම අපි නුවණින් කල්පනා කර බැලීම ඉතා යහපත් වෙනවා.
අපි දන්නවා ඡන්දය (කැමැත්ත) නිසා අපේ සමාජයේ කෙතරම් අපරාධ වැඩි වෙලාද?
යම් දෙයකට කැමැත්ත ඇතිකරගෙන ඒ කැමැත්ත සිත තුළ පාලනය කර ගන්නට බැරිවීම
තුළින් හිංසාකාරි ක්‍රියා වැඩිවෙලා තිබෙනවා. සොරකම් කිරීම්, දූෂණ, වංචා
අපරාධ මේ සියල්ලටම මේ ඡන්දය හේතුවෙනවා. එනිසා ඔබ ඡන්දයෙන් අගතිගාමි
නොවී සිටීමට පුරුදු වෙන්න.
ඒවගේම අපේ සිතේ ඇතිවන තරහ එහෙමත් නැත්නම් දේවේෂයෙන් අගතිගාමි නොවිය
යුතුයි. තරහ සිතිවිල්ල පාලනය කර ගන්නට බැරි ක්ෂණික කෝපය මත මිනිස්සු
කෝළාහල කරගන්නා ආකාරයත් එහි විපාක විඳින ආකාරයත් අපි දකිනවා. ක්ෂණික
කෝපයට වුවත් ඒ පුද්ගලයාගේ සිතේ කල් ඇතුව යම් සූදානමක් තිබෙනවා. එය ඉබේ
හට ගන්නා දෙයක් නොවේ. කෙනෙක් නරක සිතුවිලි හිතේ තබාගෙන එහි ක්‍රියාත්මක
කරන්න පුරුදු වෙලා ඉන්නවානම් ඒ සිතිවිලි යම් තැනකදී ඉස්මතු වෙනවා.
ක්ෂණික කෝපය මෙන්ම ක්ෂණික මෛත්‍රියත් පුරුදු කරන්නට පුළුවන්නම් මේවා
අපට නිරන්තරයෙන් පාලනය කර ගන්නට පුළුවන් වෙනවා. මේ සියලු දේ සිදුවන්නේ
හොඳ ක්‍රියා පිළිබඳව අපට භාවිතයක් නැතිකමයි. අපේ සිතේ තරහක් ආ විට මේක
හානිකර සිතිවිල්ලක් කියලා තේරෙනවානම් අකුසල් සිදුවෙනවා බොහෝ දුරට
අඩුයි. එසේ සිතන්නේ සැබෑ දක්ෂයෙක් පමණයි.
එනිසා ඔබත් මේ ධර්ම කරුණු උපයෝගි කරගෙන සිතට එන අකුසල නුවණින් විමසා
බලා ඒවා බැහැර කරලා තථාගතයන් වහන්සේ වදාළ ආකාරයට අපගේ ජීවිත සාර්ථක කර
ගන්නට මේ පොසොන් පොහෝදා අපි අදිටන් කර ගනිමු.
සටහන
නයනා නිල්මිණි |