මහින්දාගමනයයි
ශ්‍රී ලාංකේය ජන සමාජයයි
මහාචාර්ය
පාතේගම
ඤාණිස්සර
හිමි
ශ්‍රී ලංකාද්වීපයෙහි අග රජු ලෙස කටයුතු කළ ඔහුට මිහිඳු හිමි විමසූ
ප්‍රශ්න ඇතැම් විට විමතියට හේතු වන්නටද ඇත. කෙසේ වෙතත් රජතුමා සහ
මිහිඳු හිමියන් අතර
සම්බන්ධතාව වඩා
වර්ධනය වීම සදහා එම ප්‍රශ්න බලපානු ලැබුයේ රජතුමාද නිවැරැදි පිළිතුරු
ලබාදුන් නිසා විය හැකිය. තමාද දැනුම් තේරුම් ඇති කෙනෙකු වේදැයි යන
සිතිවිල්ල රජතුමාගේ සිතෙහි හටගන්නට ඇත. දෙදෙනා අතර පැවැති මෙම සංවාදය
ශ්‍රී ලාංකේය සංස්කෘතිය බෞද්ධ
සංස්කෘතියක් බවට
පරිවර්තනය වීමෙහිලා බොහෝ සෙයින් බලපානු ලැබු බව පෙනේ
මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළාට පසු උන්වහන්සේ ගේ මූලික
අරමුණ වූයේ ශ්‍රී ලාංකික මිනිස් වර්ගයාගේ සිත් නෙත් පහන් වන පරිදි ධර්ම
දේශනා කිරීමයි. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබුවේද
එවකට පැවැති ශ්‍රී ලාංකික සංස්කෘතික සමාජය පිළිබඳව කරනු ලැබූ පූර්ව
අධ්‍යාපනයක්ද සමඟය.
ධර්ම සන්නිවේදකයකු වශයෙන් උන්වහන්සේ ශ්‍රී ලාංකේය සමාජය තුළ බුද්ධ
ධර්මයේ උතුම් පණිවුඩය ප්‍රචාරය කළ අයුරු හරිම අසිරිමත්. මිහිඳු
හිමියන්ගේ කටහඬ මුලින්ම අවදිවන්නේ දේවානම්පියතිස්ස රජතුමා සමඟ සිදුවුණූ
සන්නිවේදනයේදීය. එහිදී රජතුමාගෙන් විමසූ ප්‍රශ්න, සංස්කෘතික පරිසරයක
සිටද දාර්ශනික පරිසරයක සිටද වෙනත් විවිධ මතවාද වලද බොහෝ අය එහි ගැඹූර
සාකච්ඡා කරති. කරුණු කෙසේ වෙතත් එම ගැටළුවලට නිවැරැදි විසැඳුම්
ලබාදුන්නේ රජතුමාය.
ශ්‍රී ලංකාද්වීපයෙහි අග රජු ලෙස කටයුතු කළ ඔහුට මිහිඳු හිමි විමසූ
ප්‍රශ්න ඇතැම් විට විමතියට හේතු වන්නටද ඇත. කෙසේ වෙතත් රජතුමා සහ
මිහිඳු හිමියන් අතර සම්බන්ධතාව වඩා වර්ධනය වීම සදහා එම ප්‍රශ්න බලපානු
ලැබුයේ රජතුමාද නිවැරැදි පිළිතුරු ලබාදුන් නිසා විය හැකිය. තමාද දැනුම්
තේරුම් ඇති කෙනෙකු වේදැයි යන සිතිවිල්ල රජතුමාගේ සිතෙහි හටගන්නට ඇත.
දෙදෙනා අතර පැවැති මෙම සංවාදය ශ්‍රී ලාංකේය සංස්කෘතිය බෞද්ධ
සංස්කෘතියක් බවට පරිවර්තනය වීමෙහිලා බොහෝ සෙයින් බලපානු ලැබු බව පෙනේ.
මිහිඳු දේශනා අතර සිංහල සංස්කෘතිය පිළිබඳ වැටහීමක් උන්වහන්සේ තුළ
පැවැති බව දැනෙන්නේ විමානවත්ථු සහ පේතවත්ථු පිළිබඳව උන්වහන්සේ කරනු ලබන
දේශනාවන් නිසාය. මිනිස් ලොව උපත ලබා තිදොරින් යහපත් වැඩ කරමින් ජීවත්
වී කළ පින්කම් නිසා දෙව්ලොව උපත ලද මිනිසුන් ගේ කතා විමානවත්ථුවල
ඇතුළත් වේ.
මිනිස්ලොව උපත ලබා තිදොරින් සමාජයට සහ තමාට අයහපතට සිදුකොට මරණයට පත්
වී පේ‍්‍රත ලෝක වල උපත ලැබූ මිනිසුන් පිළිබඳ කතා පේත වත්ථුවෙහි ඇතුළත්
වේ. මිහිඳු මහ රහතන් වහන්සේ එවකට සිංහල සංස්කෘතිය පිළිබඳව පූර්ව
වැටහීමක් තිබුණ නිසා දෙවිදේවතාවන් දැඩි ලෙස විශ්වාස කළ මළගිය වුන්
අදහනු ලැබූ එවකට සිටි සිංහල මිනිසුන්ට ඒ හා සමානව යන විමානවත්ථු සහ
පේතවත්ථු දේශනා කරනු ලැබූහ.
මිනිසුන් තුළ පැවැති විශ්වාස සහ බුදුදහමෙහි උගන්වන මේ කතන්දර අතර වැඩි
වෙනසක් නැති නිසාත් දේශනා රටාවන්ගේ නවමු බව නිසාත් ඒවා මිනිසුන් අතර
බෙහෙවින් ජනපි‍්‍රය වේ. එදා මිනිසුන් විශ්වාස කොට තිබූ දේවකතා සහ
මළවුන් පිළිබඳ සිද්ධි භීතිය මතු කරන කතාන්දර පමණක් වූයේ නමුදු මිහිඳු
හිමියන් කළ දෙසුම්වල පැහැදිළි කළ කතාවල ඊට වඩා හරයක් ගැබ් වී තිබිණි.
මිහිඳු දෙසුම්වල වූ කතා තුළ පැවැති හරය වූයේ මෙලොව උපත ලබා හොඳ වැඩ කළ
අය සහ නරක වැඩ කළ අය අතර පැවැති වෙනසයි. එසේම මිනිසකු වශයෙන් උපත ලැබූ
පසු උපතින් ලැබූ තුන් දොර සමාජ අර්ථය පිණිස යෙදවීමේ අවශ්‍යතාවයි.
හරවත් දහම් කරුණු රසවත් ලෙස සහ අසන්නාගේ මනසට අමුත්තක් නොදැනෙන ලෙස
තෝරා බේරා ගැනීම බුදු දහම සමාජය පුරා ඉතා ඉක්මනින් පැතිරී යාමට හේතු
විය. එසේම එවකට ශ්‍රී ලංකාව තුළ පැවැති සෑම ඇදහිලි විශ්වාසයක්ම මැනවින්
හදාරා ඒවාට බෞද්ධ අර්ථ කැවීම සහ මැනවින් ගැළපීම මිහිඳු හිමියන් සතු
දේශනා කෞශල්‍ය හෙළි පෙහෙළි කරන අවස්ථාවන් ය. නිදසුන් හැටියට පහත සඳහන්
සිද්ධි දැක්විය හැකිය.
මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වඩින විට ශ්‍රී ලාංකික සමාජය තුළ
ගිනිදෙවියා පිදීමේ අදහස පැතිරී තිබේ. ගිනිගොඩක් දල්වාගෙන් එය නිවෙන්නට
නොදී ආරක්‍ෂා කිරීම තුළ දෙවියන්ගේ ආශිර්වාදය තමාගේ සිත සුව පිණිස
පවතින්නේ යැයි යන විශ්වාසය ගිනි දෙවියා පිදීම නම් වෙයි.හරවත් අර්ථයක්
නැති වුවද ශ්‍රී ලාංකේය සමාජ පුරා මෙම ඇදහිල්ල සහ විශ්වාසය ප්‍රචලිත වී
තිබිණි. මිහිඳු හිමියන් එහි නිරර්ථක බව මිනිසුන්ට කියන්නට ගියේ නැත.
උන්වහන්සේ පහන් පූජාව පිළිබඳව ඉගැන්වීම මිනිසුන්ට කළහ. පහන් පූජාව යනු
තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට කරන උපහාරයකි. පහන් දැල්වීම තුළ තමන්ගේ
මෝහය නමැති අන්ධකාරය දුරුවී ප්‍රඥාව නමැති ආලෝකය පහ වේවා යන පැතුමක්ද
වේ. නිරර්ථක ගිනිදෙවියා පිදීම අතහැර දැමූ ප්‍රාග් බෞද්ධ සිංහල සමාජය
මිහිඳු දෙසුම් සමඟ අර්ථවත් ආලෝක පූජාවට හුරු පුරුදු විය. මේ ආදි වශයෙන්
එයට සමාජය තුළ පැවැති පර්වත වන්දනාව වෙනුවට චෛත්‍ය වන්දනාව ද රුක්‍ෂ
වන්දනාව වෙනුවට බෝධි වන්දනාවද යාග හෝම පූජා වෙනුවට සුවඳ දුම් පූජාවද
මළවුන් ඇඳීහීම වෙනුවට මළගිය ඥාතීන්ට පින්දීමද ගස්කොළන් වලට ආහාර පූජා
කිරීම වෙනුවට කුස ගින්නෙ සිටි අයට කෑම බීම දීමද ආදි පුද පිළිවෙත්වලට
හුරු පුරුදු වී තිබේ.
මිහිදු හිමියන්ගේ දේශනා අතර අනාගත බුදුසසුන ලංකාවේ ස්ථාවර බවට
පත්කරවීමේ අවශ්‍යතාව තිබුණු බවද පෙනේ. දේශනා මෙන්ම උන්වහන්සේ කළ කී දෑ
තුළින් මේ බව හෙළිවෙන බැවින් පැමිණි ආගන්තුක පිරිස වෙනුවට ශ්‍රී ලාංකේය
දරුවන් පැවිදි කරවීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීම එකකි. අනුරාධපුරයේ
අනාගතයේ ඉදිවන ස්වර්ණමාලි චෛත්‍යරාජයා පිහිටන ස්ථානය සහ අනෙකුත් පූජනීය
ස්ථාන පිළිබඳ සඳහන් කිරීම අනෙකි. සිය නැගණිය වූ සංඝමිත්තා තෙරණිය ද සමඟ
භික්‍ෂුණී ශාසනයද ලංකාවට ගෙන්වීම සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම
කරවීම ද දෙතිස් පළරුක බෝධීන් පැළ කළ යුතු තැන් නිශ්චය කිරීමද එබඳුම
වැදගත් කමකින් යුක්තය.
සටහන
හේමමාලා රන්දුනු |