අනතුරින් අත් මිදෙන්නට නම්..
නාවලපිටියේ
අරියවංශ හිමි
සේඛ බල පුරුදු කරමු - 4
අප බුදුරජාණන් වහන්සේ ගැන
සිහි කරන්න කරන්න සතුටට නම්
පත්වෙන්නේ. පී‍්‍රති ප්‍රමෝදයට නම්
පත් වෙන්නේ. අපට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම
අමතක වෙන්නෙ නැත්නම්,
අපේ සිත සාර්ථක වෙන පැත්තට
නැමිල. එහෙනම් ශ්‍රද්ධා බලය
කියල කියන්නේ අන්න ඒක
සුගතියට පැමිණීම පිණිස දුගතියෙන් නිදහස් වීම පිණිස අපට උපකාර වන බලවත්ම
දේ තමයි සේඛ බල .එය ඇතිකර ගත්තොත් අප සුගතියක උපදින විදිහට සිත සකස්කර
ගත්තා වෙනවා. නමුත් අපට සේඛ බල පුරුදු කරගන්ට බැරි වුණොත් සුගතියට එන්ට
තියෙන අවස්ථාව නැතිවෙලා දුගතියේ උපදින්න තියෙන අවස්ථාව බහුල වෙනවා.
එනිසා අප අනතුරෙන් නිදහස් වන්නා වූ මාර්ගය අඳුරගන්ට ඕනෑ. අඳුරගෙන
ජීවිතයට සේඛ බල පුරුදු කරගන්ට මහන්සි වෙන්ට ඕනෑ. ඉතින් අපි අද ඒ සේඛ බල
ජීවිතයට පුරුදුකර ගන්න ආකාරය ගැන ඉගෙන ගනිමු.
අප ඉගෙන ගත්ත ඒ සේඛ බල තමයි ශ්‍රද්ධා බලය, හිරිබලය, ඔත්තප්ප බලය, වීරිය
බලය, පඤ්ඤා බලය, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධා
බලය කියල අප ඉගෙන ගත්තා. අප කොහොමද ශ්‍රද්ධා බලය පුරුදු කර ගන්නේ?
ශ්‍රද්ධා බලය තියෙන කෙනා තුළ හිරි බලය දියුණු වෙනවා. ඒ වගේම එයා තුළ
ඔත්තප්ප බලය දියුණු වෙනවා. විරිය බලය දියුණු වෙනවා. නමුත් ශ්‍රද්ධා බලය
නැති කෙනා තුළ හිරි බලය පිරිහෙනවා. ඔත්තප්ප බලයත් පිරිහෙනවා. විරිය
බලයත් පිරිහෙනවා. ප්‍රඥා බලයත් පිරිහෙනවා. එතකොට හිරි බලය, ඔත්තප්ප
බලය, විරිය බලය, ප්‍රඥා බලය , පිරිහෙන්නේ නැති වෙන්න උපකාරි වෙන්නෙ
කුමක්ද? ශ්‍රද්ධා බලයයි. ශ්‍රද්ධා බලය හොඳට තිබුණොත් හිරි බලය, ඔත්තප්ප
බලය, වීරිය බලය තිබුණොත් අපට ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන්. බුදුරජාණන්
වහන්සේගේ අවබෝධය අදහා ගන්න පහසුයි. අපට නුවණ නැත්නම් ප්‍රඥාව නැත්නම්
බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගන්න බැරුව යනවා. බුදුරජාණන් වහන්සේගේ
අවබෝධය අදහා ගත්ත කෙනා තුළ පවට ලජ්ජාව, පවට බය, විරිය පිහිටනවා.
අප මීට පෙර වීරිය ගැන ඉගෙන ගත්තා මතකද? කොහොමද විරිය බලය ගැන අප ඉගෙන
ගත්තේ? අකුසල් ධර්මයත් ප්‍රහාණය කිරීම පිණිසත් කුසල් ධර්මයන් උපදවා
ගැනීම පිණිසත් ඇරැඹූ වීරියෙන් යුක්තව වාසය කරනවා කියලා නේද? එහෙනම්
හොඳට තේරුම් ගන්න ඒ ඇරැඹූ විරිය කිව්වාම නිතර වීරිය තියෙනවා. ඒ විරිය
නිතර පවත්වන එකක්. එහෙනම් අපේ වීරිය අඩුවෙලා ගියා නම්, යම් කලෙක විරිය
දුර්වල වෙලා ගියා නම් ඒකට හේතුවුණේ මොකක්ද? හිරිඔතප් දුර්වල වෙලා
යාමයි. හිරිඔතප් දුර්වල වෙලා ගියා. ශ්‍රද්ධාව දුර්වලවුණේ ඇයි? ප්‍රඥාව
දුර්වලයි. එහෙනම් අප ඒ ප්‍රඥාව හොඳින් ඇති කර ගත්තොත් හිරි ඔතප් ඇති
කරගන්න පුළුවන් වෙනවා. හිරි ඔතප් සහිතව ඉන්න කෙනා තුළ වීරිය ඉපදෙනවා.
වීරිය උපදවා ගන්න එයාට පුළුවන්. එතකොට ශ්‍රද්ධාව උපදවා ගැනීම අප හොඳින්
ඉගෙන ගන්නට ඕනෑ.
ඒ සඳහා අප බුදුරජාණන් වහන්සේ ගැන නිතර සිහි කරන්න ඕන. අප බුදුරජාණන්
වහන්සේ ගැන සිහි කරන්න කරන්න සතුටට නම් පත්වෙන්නේ. පී‍්‍රති ප්‍රමෝදයට
නම් පත් වෙන්නේ. අපට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම අමතක වෙන්නෙ
නැත්නම්, අපේ සිත සාර්ථක වෙන පැත්තට නැමිල. එහෙනම් ශ්‍රද්ධා බලය කියල
කියන්නේ අන්න ඒක. යමෙක් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තා කියන
එකෙන් අදහස් වෙන්නේ. එයාට ඒ බුදුරජාණන් වහන්සේ ගැන නිතර සිහි වෙනවා.
එයාට ඒ බුදුගුණ නිතර සිහිවෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි වෙනට
සිහි වෙන්ට එයාට කාවද දකින්න පුළුවන් වෙන්නේ? බුදුරජාණන් වහන්සේව
දකින්න පුළුවන් වෙනවා. එතකොට යමෙක් හොඳින් ශ්‍රද්ධාව තුළ පිහිටා
සිටියොත් බුදුරජාණන් වහන්සේ දැකීම එයාට ඇතියි කියල සිතෙන්නේ නෑ.
එතකොට ධර්මය තුළ වැඩෙන කෙනෙක් තුළ තේරුම් ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි ඒ
කාරණාව.ඊළඟ එයාට සද්ධර්ම ශ්‍රවණය ඇති කියල සිතෙන්නේ නෑ.ඇයි සද්ධර්ම
ශ්‍රවණය ඇති කියල සිතෙන්නේ නැත්තේ? සද්ධර්මය ඉගෙන ගන්න ඉගෙන ගන්න එයාට
භාග්‍යවතුන් වහන්සේ දකින එක ඇතියි කියල සිතෙන්නේ නැත්නම්, එයාට ධර්ම
ශ්‍රවණය ඇති කියල සිතෙන්නෙත් නෑ. ධර්ම ශ්‍රවණය කරන්ට කරන්ට එයාට
භාග්‍යවතුන් වහන්සේව දකින්න පුළුවන්. එයා එයින් සෑහීමකට පත් වෙන්නෙ නෑ.
එයාට ආයෙ ආයෙමත් ධර්මය අහන්ට සිතෙනවා. ධර්මය නැවත අහන්ට අහන්ට ඒ ධර්මය
පුරුදු කරන අය ගැන එයා තුළ ප්‍රසාදය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා.
එතකොට ඒ විදිහට ධර්මය නැවත අහන්ට අහන්ට ධර්මය පුරුදු කරන අය කෙරෙහි
උපකාර කරන්න එයාගෙ සිත නැමෙනවා. එහෙනම් එයාට සංඝ උපස්ථාන කිරීමත් ඇතියි
කියල සිතෙන්නේ නැ. මේ විදියට බුදුරජාණන් වහන්සේ දැකීම ඇති කියල
සිතෙන්නේ නැති කෙනා තුළ තියෙන ලක්ෂණය මොකක්ද? එයාට බුදු ගුණ සිහි කරන්න
පහසුයි. බුදු ගුණ එයාට නිතර සිහි වෙනවා.
සීවලී ස්වාමීන් වහන්සේගේ මෑණියන් සුප්පියා උපාසිකාව සීවලී රහතන් වහන්සේ
ඉපදෙන්ට ඉන්න කොට කොතරම් කලක් ඒ වේදනාව උහුලගෙන හිටියද? දීර්ඝ කාලයක් ඒ
වේදනා උහුලගෙන හිටියා. ඒක අසාමාන්‍ය වේදනාවක්. අවුරුදු හතයි මාස හතයි
දවස් හතයි කිව්වාම ඒක සුළු පටු කාලෙකුත් නෙවෙයි. අතිශය කර්කශ දුක්
විදින්ට ඇති.ඒ හැම වෙලාවෙම ඒ උපාසිකාවට භාග්‍යවතුන්ට වහන්සේව සිහිපත්
වුණා. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සැම දුකින්ම නිදහස් වුණා කියලා සිහි
කළා. ඒ උපාසිකාව එහෙම සිහි කළාද? සිහිවුණාද? සිහි වුණා. එතකොට ධර්මය
තුළ පිහිටා සිටින කෙනෙකුගේ ස්වභාවය නේද ඒක? එයාට කායික දුක තියෙන කොට
බුදු ගුණ සිහි කිරීම ප්‍රශ්නයක් වුණේ නෑ. ධර්ම ශ්‍රවණය ප්‍රශ්නයක් වුණේ
නෑ. එහෙනම මේක හොඳට තේරුම් ගත්හ. ධර්මය තුළ පිහිටි කෙනාගෙ ලක්ෂණය ඒකයි.
කායික දුක බලවත් වෙන්ට වෙන්ට එයාට මොකක්ද සිහි වෙන්නේ ? බුදුරජාණන්
වහන්සේ සිහි වෙනවා. සද්ධර්මය සිහි වෙනවා. එයාට සිහි වෙන්නෙ නැත්නම් යම්
කෙනෙක් සිහිපත් කරල දෙනකොට එයාට සිහිය උපදිනවා. ඒකයි ධර්මය තුළ පිහිටි
කෙනාගේ ස්වභාවය එතකොට එයා ළඟ ශ්‍රද්ධා බලය තියෙනවා.
ඒ විදිහට ශ්‍රද්ධා බලය ඇති කර ගන්ට නම් ආරම්භය කොහොමද අප ඇති කරගත
යුත්තේ ? මේක හොඳට තේරුම් ගත යුතු කාරණයක්. දැන් අප ගොඩාක් වෙලාවට
කරන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉගෙන ගන්නවා. ඉගෙන ගෙන ඔන්න
භාවනා කරන්න පටන් ගන්නවා. ඒ කරල සිතනවා. අනේ මට භාවනා වැඩෙන්නේ නෑනේ’
කියල. බුදුගුණ වැඩෙන්නේ නෑ කියනවා. එහෙම කියනවා නේද? මට බුදුගුණ
පිහිටන්නේ නෑනේ කියන ගැටලුව ගොඩකට තියෙනවා. එතකොට බුදුගුණ වැඩෙන්නෙ
නැත්නම් අපට දොර විවර වෙන්නේ නෑ නේද? ඇයි ඒ බුදුගුණ වැඩෙන්නේ නෑ කියල
කියන්නේ ? අපි කල්පනා කරන්නෙ බුදු ගුණ ගැන නොවෙයි. බුදු ගුණ ගැන කල්පනා
නොකර බුදු ගුණ වැඩල සමාධියක් ඇති කරගන්නයි සිතන්නේ. එතකොට බුදු ගුණ
වැඩෙන්නේ නෑ.
ඒක නේද කවුරුත් සිතන්නේ. මම බුදු ගුණ සිතල සමාධි උපදවා ගන්නවා කියල
සිතනවා. අපට එහෙම නොවෙයි කරන්න තියෙන්නේ. අප කළ යුත්තෙ බුදුරජාණන්
වහන්සේගේ ගුණ වලට පහදින එකයි.ඒ විදිහට ඒ බුදු ගුණ ගැන පැහැදුණොත් අපට ඒ
බුදු ගුණ සිහිවෙනාව. එතකොට සිතේ තියෙන්නේ බුදු ගුණ . එතකොට සිත
තියෙන්නේ කුසල් අරමුණක.
එතන තමයි සමාධිය ඇති වෙන්නේ. එහෙම සිත සිතා ඉන්න කොට ඒ සිත වැඩෙනවා.
කලක් යනකොට බලවත් සමාධි ඇති කර ගන්න එයාට පුළුවන්කම ලැබෙනවා.
|