යුග කීපයක සිතුවම් ඇති
හිදගල රජ මහා විහාරය
සටහන
බණ්ඩාර පිලවල
එදා සිදුගල නමින් ප්‍රකට ග්‍රාමය අද හිදගල වේ. මේ ප්‍රදේශය වළගම්බා
රාජ්‍ය තෙක් දිවයයි. එය ක්‍රිස්තු පූර්ෂ 6 – 7 සියවස් ගණයට අයත්වේ.
හිදගල රාජ මහා විහාරය |
මේ විහාරස්ථානය පිහිටි භූමිය කේන්ද්‍රිය කැරගෙන එකල වළගම්බා රජු ඉදිකළ
මාලිගාවක් පැවැති බවට මත පවතී. එම රජු කෙටූ ගල් කටාරම් සහිත ලෙන පසුව
දර්ශනීය විහාරස්ථානයක් බවට පරිවර්තනය විය.
පැරැණි බිතු සිතුවම් |
ගම්පොළ යුගයේ රජ පැමිණි 4 වැනි බුවනෙකබාහු රජුගේ පාලන සමයේ කොත්මලේ
පුසුල්පිටිය රාජ මහා විහාරස්ථානයේ වැඩ සිටි ශි‍්‍ර දන්තධාතුන් වහ්නසේ
සෙංකඩගල පුරවරයට වැඩම කළ ගමනේ දී ගම්පොළ අටබාගේදී දහවල් බුද්ධ පූජාව
සිදුකිරීමෙන් අනතුරව දන්තධාතුන් වහන්සේගෙන් වැඩම කරවන පෙරහැර සවස්
ජාමේදී හිදගල රාජ මහා විහාරස්ථානයට ළඟා වුන බව සඳහන් වේ. එසේ වැඩම කළ
දන්ත ධාතුන් වහන්සේ දින ගණනක් එම විහාරස්ථානයේ වඩා හිඳුවා පුද පූජා
පවත්වා පසුව සෙංකඩගල පුර ශ්‍රී දළදා මාලිගාවට රැගෙන ගිය බව පැවැසේ.
සෙංකඩගල පුර සැදුම් ලත් ඉපැරණි විහාරස්ථාන අතර හිදගල ලෙන් විහාරයට
සුවිශේෂ ස්ථානයක් හිමිවේ. පේරාදෙණිය මහනුවර මාර්ගයේ ගලහහන්දියෙන්
දෙල්තොට මාර්ගයේ මද දුරක් ගිය විට උස් කඳු බෑවුමට යාබදව හිදගල ගල්ලෙන්
රාජ මහා විහාරස්ථානය ඉදිවී තිබේ. එම භූමිය පෞරාණික නටබුන් රාශියකින්
යුක්තය. මේ විහාරස්ථානය පිහිටි භූමිය ඉතා දර්ශනීය වේ.
මේ ආරම්භය වළගම්බා රජු දවස ලෙස පිළිගැනීමට හැකි පුරාවිද්‍යාත්මක සාධක
රැසක්ම හමුවේ. විහාර අභ්‍යන්තරයේ බිතු සිතුවම් මෙන්ම සෙසු බුද්ධ
ප්‍රතිමාවන් දුටු බොදු බැතිමතුන්ගේ නෙත් සිත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන්
ඔප් නැංවේ.
විහාර මන්දිරයට පිවිසෙන ප්‍රධාන දොරටුව |
විහාර අභ්‍යන්තරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ද චෛත්‍ය ගෘහයක් ද
විද්‍යාමානවේ. සිංහල රජ දවස ඉදිකළ චෛත්‍යය නිදන් හොරුන්ගේ ග්‍රහනයට හසු
වී කැඩී බිඳී ඉරි තැළී ගිය ස්වරූපයක් දක්නට ඇත.
පෞරාණික බෝධිය |
මුළු විහාර මන්දිරයම ආවරණය වන ආකාරයට නිර්මාණය කැර ඇති දර්ශනීය චිත්‍ර
විශේෂයෙන්ම බුද්ධ භාෂිතය ආරෝපණය වේ. මෙයට අජන්තා බිතුසිතුවම් ශෛලය
අනුගමනය කැර ඇතැයි විශ්වාසය කෙරේ.
බුදුරජාණන් වහන්සේගේ සහම්පති බ්‍රහ්මයාට දහම් දෙසන අවස්ථාවේ
වජ්‍රාසනාගතව වැඩ සිටින ආකාරය දර්ශනීය අයුරින් චිත්‍රයට නගා තිබේ. ඒ
වාගේම පරිවාර දෙවිවරු බුදු රුව දෙස නෙත් හැර සමවත් සුවෙන් වැඩ සිටින
ආකාරයක් සිතුවමට නඟා තිබේ.
එහි නිර්මාණගත චිත්‍ර බුද්ධ චරිතයේ සුවිශේෂ අවස්ථාවන් පෙළ ගැසී තිබේ.
මෙම චිත්‍ර යුග හතරක නෑකම් කියන බව ඉතිහාස පුරා විද්‍යාඥයෝ පවසති.
මෙහි ප්‍රදර්ශනය වන බිතුසිතුවම් විශාල ප්‍රමාණයක් දැනටමත් විනාශ වී
ගොස්ය. තවද මහනුවර යුගයට අයත් බිතු සිතුවම් විශාල සංඛ්‍යාවක් බරෙඳ්
ප්‍රදර්ශනය වේ.
මෙහි බෝධි ගර්භය සතර වැනි ශත වර්ෂය තෙක් දිවයයි. එහි බෝධි ගුප්ත
කුමාරයා ලේඛනගත කළ ශිලා ලේඛනයන්ද ප්‍රදර්ශනය වේ. මහානුභාව සම්පන්න බෝධි
වෘක්ෂයද බොදු බැතිමතුන් අතර ප්‍රසාදයට ලක්වේ.
වත්මන් භාරකාර
සංසුන්ගම ඤාණරතන හිමි |
මෙහි ලෙන් ආශි‍්‍රතව රහතන් වහන්සේලා වැඩ සිටි බව විශ්වාස කිරීමට හැකිය.
එසේම මේ විහාරයේ ආරණ්‍ය වාසි භික්ෂුන් මුල් යුගයන්හි වැඩ විසූ බවට
ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇත.
මෙහි සඟ පරපුර අනුරාධපුර යුගය තෙක් දිව ගියත් පසුකාලීනව එය සියම් මහා
නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ විහාරයක් බවට පත්විය.
අද මෙහි විහාරාධිපති ධුරය සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ
මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක මාහිමියෝ හොබවති.
මේ විහාරස්ථානයේ නිත්‍ය නේවාසිකව හිටපු භාරකාර මල්වතු මහා විහාරවාසී
මහෝපාධ්‍යාය ඇඹිල්මීගම ධර්ම රක්ඛිත ශ්‍රී දේවරක්‍ඛිත නාහිමියන්ගේ
ආශිර්වාද ඇතිව වත්මන භාරකාරත්වයට ගෞරව ශාස්ත්‍රවේදී සංසුන්ගම ඤාණරතන
හිමියෝ පත්කැර සිටිති. මෙම උත්තරීතර පූණ්‍යභූමිය සංරක්ෂණය කැර අනාගත
පරපුරට දායාද කිරීම සියලු දෙනාටම පැවැරී ඇති වගකීමක් වේ.
ඡායාරූප - ගාමිනී රාමනායක
|