UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ස්‍යාමෝපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ  නායක පදවි, උපසම්පදා කාරක සභික පදවි හා ගරු නාම ප්‍රදානෝත්සවය මැයි 10 වනදා පැවැත්විණි.

ස්‍යාමෝපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 27 වන උපසම්පදා වාරය නිමිත්තෙන් නායක පදවි, උපසම්පදා කාරක සභික පදවි හා ගරු නාම ප්‍රදානෝත්සවය මැයි 10 වනදා මාතර රන්දූපත විහාරයේදී පැවැත්විණි. එහිදී ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අභිනව මහනාහිමි රාජකීය පණ්ඩිත මහෝපාධ්‍ය ගොම්බද්දල ශ්‍රී නන්දාරාමාභිධාන ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් නායක පදවි පිරිනැමීම සහ ගෞවරනාම පිරිනැමීම සිදු කැරිණි.

එහිදී ශ්‍රී රෝහණ පාර්ශ්වයේ නව අධිකරණ සංඝනායක පදවියෙන් ඕමාරේ කස්සප හිමියෝ පිදුම් ලැබූහ.


ඕමාරේ කස්සප නා හිමියන් අක්ත පත්‍රය ලැබූ අවස්ථාව

ඌව පළාතේ ප්‍රධාන සංඝනායක හම්බෙගමුවේ සුනීත නාහිමි ‘ධර්ම කීර්ති ශ්‍රී පේමසිරි’ ගරු නාමයෙන්ද,

හම්බන්තොට දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පස්ගොඩ ඤාණාලෝක නාහිමි “ධර්ම කිර්ති ශ්‍රී සාරානන්ද” ගරු නාමයෙන්ද,

ඌව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඇතිලිවැවේ හිමරතන නාහිමි “සද්ධර්ම කීර්ති ශ්‍රී ඤාණරතන” ගරු නාමයෙන් පිදුම් ලැබූහ.

“උපසම්පදා කාරක සභික” ධූරයෙන් ගරාඩුවේ මංගල හිමියෝ පිදුම් ලැබීය.

උපසම්පදා කාරක සභික ධූරයෙන් වතුකන්දේ ගුණානන්ද හිමි, හොරන්ගල්ලේ ධීරානන්ද හිමි, අත්තනයාලේ නන්දසිරි හිමි, මීගස්වැවේ සුමනරතන හිමි, හබරකඩ සෝභිත හිමි, ඕමාරේ සෝභිත හිමි, දෙල්ලව ධම්මරතන හිමි, ගෝනදෙනියේ කුසලඤාණ හිමි, වත්තේහේනේ් සුමණ හිමි, කලටියාවල නාගිත හිමි පිදුම් ලැබූහ. ගරුනාම සම්මුති ලද ගිහි පිරිස සුනිල් සරත් කුමාර හේවාපතිරණ මහතා ‘රෝහණ කීර්ති ශාසනමාමක’ ගරු නාමයද, විශේෂඥ වෛද්‍ය අනුලා විජය සුන්දර මහත්මිය ‘වෛද්‍ය විභූෂණී’ ගරු නාමයද, කුඹලාතර ආරච්චිගේ හේමකුමාර විජේනායක මහතා ‘ධර්ම ප්‍රසාදිනී’ ගරු නාමයද, චන්ද්‍රසිරි විජේතුංග මහතා ‘ශාසන ප්‍රසාදනි’ ගරු නාමයද, සීසර් සුදුසිංහ මහතා ‘ලේඛනශූරි ශාසනබන්දු’ ගරු නාමයද, පහල වටියල ඊ. ඒ. පේ‍්‍රමදාස මහතා ‘කාව්‍ය ශිරෝමණී’ ගරු නාමයද, රොහාන්ත ලලිත් සමරසිංහ මහතා ‘සාසනාභිමානි රෝහණ පුත්‍ර’ ගරු නාමයද ලැබීය.

නායක පදවි තුනක්ද, උපසම්පදා කාරක සභිකධූර එකොළහක්ද, ගරුනාම සම්මුති ගිහියන් සඳහා හතක්ද පිරිනැමීම එහිදී සිදු කැරිණි. ජනාධිපති ආගමික සම්බන්ධීකාරක ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නයද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිතමුනි සොයිසා මහතා මාතර පුරපති සොසින්ද්‍ර හදුන්ගේ මහතා සමග ප්‍රභූන් රැසක් හා ගිහි පින්වත්හු රැසක් එම අවස්ථාවට සහභාගි වූහ.

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි 20 වැනිදා ඉරිදා පූර්වභාග 2.43 ට ලබයි.
21 වැනිදා සඳුදා පූර්වභාග 5.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 20 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 28 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]