UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක්

බෞද්ධ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සිංහල මාධ්‍යයෙන් පවත්වනු ලබන අතර සති අන්තයෙහි සෙනසුරාදා සවස 3.30 සිට 6.00 දක්වා පැවැත්වේ. මෙම මස 12 වෙනි සෙනසුරාදා මෙම එක් අවුරුදු පාඨමාලාව ආරම්භ වන අතර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය මන්දිරයෙහි එකී පංති පවත්වනු ලැබේ.

මෙහි පරමාර්ථය වනුයේ පෞද්ගලිකව පවුල් ජීවිතය හොඳිින් පවත්වාගෙන යාමට අවශ්‍ය කරුණු ප්‍රායෝගික දැනුම ආකල්ප බුදුදහම තුළින් ලබාදීමය. එසේම වෘත්තිමය වශයෙන් මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන විද්‍යාර්තීන්ට තමන්ට වෙනම උපදේශනය කිරීමට අවශ්‍ය කරන ප්‍රයෝගික දැනුමද ලබා දෙයි.

ත්‍රිපිටකයෙහි ඇති ඉතා වටිනා සූත්‍ර ධර්ම තුළින් විශේෂයෙන්ම පවුල් දිවියක් සාර්ථක කර ගැනීම සඳහා දේශිත සූත්‍රවල අන්තර්ගත කරුණු මෙහිදී ප්‍රයෝගිකව යොදා ගැනේ.

උපදේශනය හඳුනා ගැනීම, බෞද්ධ උපදේශකයෙකු තුළ වගාකර ගතයුතු ගුණ ධර්ම, සන්නිවේදනය නියාමාකාරයෙන් කිරීම, පුද්ගල සංජානනය කරගන්නා අයුරු, ආතති කළමණාකරණය, තරහ පාලනය, මානසික රෝග හඳුනා ගැනීම, ඒවාට ප්‍රතිකාර කරණ ක්‍රම, විවිධ බටහිර චිකිත්සක ක්‍රම පිළිබඳ අවබෝධය, පවුල් උපදේශනය, පූර්ව විවාහ උපදේශනය, තනි පුද්ගල උපදේශනය, කණ්ඩායම් උපදේශනය, ආදී කොට ඇති උපදේශනයෙහි විවිධ ප්‍රභේද ගැනද අධ්‍යයනය කෙරේ. එසේම උපදේශන සැසියක් සිදු කරන්නේ කෙසේද? යන්න පිළිබඳ ප්‍රායෝගික අවබෝධය ලබාදෙනු ඇත. මෙයට අමතරව භාවනාව, මනෝ චිතිත්සාවක් ලෙස ප්‍රායෝගික පුහුණු කිරීමද යෝග අභ්‍යාස තුළින් ආතතිය වැනි මානසික රෝග සමනය කර ගැනීම පිළිබඳවද මෙහිදී ගැඹුරින් විමසා බැලේ.

මෙම පාඨමාලාවේ අධ්‍යක්ෂක සහ ප්‍රධාන දේශක ලෙස ඇමෙරිකානු මනෝ විද්‍යා සංගමයෙහි නිත්‍ය සාමාජික, මනෝ රෝග චිකිත්සක, බෞද්ධ පවුල් උපදේශක සරත් චන්ද්‍රසේකර මහතා කටයුතු කරන අතර අනෙකුත් ආචාර්ය මණ්ඩලය ලෙස ඇමෙරිකානු ජාතික මනෝ උපදේශක කබගෝසා හිමියන්, බ්‍රිතාන්‍ය ජාතික මනෝ රෝග චිකිත්සක ආචාර්ය ජෝනෑෂ් මහත්මිය, මනෝ උපදේශක පල්කුඹුරේ චන්දිම හිමියන්, ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා ශි‍්‍රයා තෙන්නකෝන් මිය, සහ ජ්‍යේෂ්ඨ මනෝ උපදේශිකා අරෝෂා දහනායක මිය කටයුතු කරනු ලැබේ. අවුරුද්ද අවසානයෙහි වටිනා සහතිකයක් ද පිරිනැමේ. වැඩි විස්තර සඳහා 0112559602 අමතන්න.

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි 20 වැනිදා ඉරිදා පූර්වභාග 2.43 ට ලබයි.
21 වැනිදා සඳුදා පූර්වභාග 5.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 20 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 28 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]