ගුණ දහම්වලින් ශක්තිමත් වෙමු
කොළඹ බෞද්ධාලෝක මාවත
ධර්මායතනාධිපති ඇල්ලේ
ගුණවංශ හිමි
බුදුරජාණන් වහන්සේ සන්නිවේදනයේ දී උපමා උපමේය වැඩි වශයෙන් භාවිතා කර
තිබෙනවා.
මේ නිසා තමයි ජනතාවගේ
මනසට බුදු දහම හොඳින්
කා වැදුණේ. බුදුරජාණන්
වහන්සේ උපමා සඳහා වැඩි
වශයෙන් යොදා ගත්තේ
ගහකොළ, සතුන් ඇතුළු
පරිසරයෙන් ලබා ගත් බොහෝ දේ බව අපට හොඳින් තේරුම් ගැනීමට
පුළුවන්
ලෝකය පහළවීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ අග්ගඤ්ඤ සූත්‍රයේ
පැහැදිලිව දක්වා තිබෙනවා. ‘අනුකරණය’ට මිනිසා හුරුවූ අන්දම. මේ අනුකරණයට
ජනතාව හුරු වන්නේ කෙසේද?තොරතුරු දැනගැනීමෙන්. තොරතුරු දැනගන්නේ කෙසේද?
පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනී ආදී මාධ්‍යයෙන්, එසේ නම් රටේ අපරාධ
මර්දනයට, ගුණාංග සපිරි මිනිසුන් බිහි කිරීමට මාධ්‍යය මගින් ද දායකත්වය
ලබා දිය යුතු වනවා.
බෞද්ධ සංස්කෘතිය හා මුසුවෙච්ච සංස්කෘතියකින් සිංහල ජනතාව පෝෂණය වී
තිබෙන්නේ ලෝකයේ වෙනත් කිසිදු රටක නැති සන්නිවේදන රටාවක් අපේ රටේ
තිබුණා. අදත් තිබෙනවා.
අපේ නිවසක බෝවන රෝගියකු සිටින විට බාහිර පුද්ගලයන්ට එය දැන ගැනීමට කොළ
අත්තක් එල්ලුවා. අවමංගල්‍යයක් වූ විට සුදු කොඩියක් දැමුවා. තමන්
නොදන්නා මාර්ගයක යන විට නැත්නම් කැලයකට යන විට කොළ අත්තක් එල්ලුවා. මේ
සන්නිවේදන රටාව දියුණු යැයි සම්මත රටවලත් තිබුණේ නැහැ.
මේ සන්නිවේදනය ජනතා සිත් සතන් අතර පුදුමාකාරයෙන් කාවැදී තිබුණේ බොදු
හැදියාව හා මුසු වූ නිසයි.
ජනතාවට නිවැරැදි පණිවුඩයක් එමඟින් ලැබුණා. සිංහලකම හා බුද්ධාගම අතර
දියුණුවට එය මං පෑදුණා. බුදුරජාණන් වහන්සේගේ පළමු අවවාදය වූයේ,
චරථ භික්ඛවෙ චාරිකං
බහුජන හිතාය, බහුජන සුඛාය, අත්ථාය
හිතාය දෙව මනුස්සානං
දහමේ පණිවුඩය සන්නිවේදනය කිරීම සඳහා නැත්නම් ධර්ම ව්‍යාප්තියට, අනෙක්
අයගේ දැන ගැනීම උදෙසා චාරිකාවේ යෙදෙන ලෙසත් එක මඟක දෙදෙනකු නොයන ලෙසත්
බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.
වසර 2600 කට පෙරදී බුදුරජාණන් වහන්සේ සන්නිවේදනය කෙතරම් සාර්ථක අයුරින්
මෙහෙයවුවාද යන්න තේරුම් ගැනීමට මෙයද හොඳම උදාහරණයක්.
බුදුරජාණන් වහන්සේ සන්නිවේදනයේ දී උපමා උපමේය වැඩි වශයෙන් භාවිතා කර
තිබෙනවා. මේ නිසා තමයි ජනතාවගේ මනසට බුදු දහම හොඳින් කා වැදුණේ.
බුදුරජාණන් වහන්සේ උපමා සඳහා වැඩි වශයෙන් යොදා ගත්තේ ගහකොළ, සතුන්
ඇතුළු පරිසරයෙන් ලබා ගත් බොහෝ දේ බව අපට හොඳින් තේරුම් ගැනීමට පුළුවන්.
බුදුරජාණන් වහන්සේ තම සන්නිවේදනයට යොදාගත් මේ ජනහිතකාමී ක්‍රමවේදය නිසා
ජනතාවට සෙතක් මිස කිසිවිටක අයහපතක් සිදුවී නැහැ. කරුණු අවබෝධ කරවීමට
නිවැරැදි මගේ යොමු කිරීමට උන්වහන්සේ ගත් නිවැරදි ක්‍රියා මාර්ග
තාක්‍ෂණය මෙතරම් දියුණු වී ඇති යුගයක හෝ දක්නට නොහැකි තරම්.
නවීන විද්‍යාවේ විවිධ මාධ්‍ය උපකරණ ඔස්සේ යමින් දියුණුවූවත් අපේ
ජනමාධ්‍ය කලාව එක්තරා රාමුවක් තුළ පවතින බවක් පෙනෙනවා. ජනමාධ්‍යයේ
ප්‍රධානම වගකීමක් වන්නේ ජනතාවට සත්‍ය ලබාදීමත් එම සත්‍යය මගින්
මිනිසුන් රාග, ද්වේෂ, මෝහ වැනි දුර්ගුණ ඉවත් කර පිරිපුන් මිනිසුන්
ගොඩනැඟීමට උපකාරවීමයි. එහෙත් අද එවැන්නක් සිතනවාදැයි අපට සිතා ගැනීමට
බැහැ. රාගය ඉස්මතු කරවන ආකාරයට අද ඇතැම් ජනමාධ්‍ය ක්‍රියා කරන බවක්
පෙනෙනවා. මෙය සමාජයේ යහ පැවැත්මට ඉතාම හානිකරයි.
අපේ ජනකවි කිසිවක් රාගය ඉස්මතු වන ආකාරයට නිර්මාණය වී තිබුණේ නැහැ. හෙළ
ගැමියා පරිසරය සමග නිබඳවම ගැටුණු අතර ඔහු ජනකවියෙන් කරුණාව, දයාව
සංසාරය පව් පින් ආදිය ගැන අදහස් පළ කළා.
මං බාලේ ඇති තලගොයි සිටියා
මගෙ තනියට ඌ මිදුලේ කෙළ සිටියා
නපුරු සතෙක් ඇවිදින් ඌ අරන් ගියා
නිවන් පුරේ පලයන් තලගොයි පැටියා
තිරිසන් සත්ත්වයන්ට පවා කරුණාව දැක්වූ අයුරු අපට වටහා ගත හැකිය.
බෞද්ධයකුට ලැබිය හැකි උපරිම සැපත වන නිවනට යන ලෙස තලගොයි පැටියාට හෙළ
ගැමියා ප්‍රාර්ථනා කර ඇති බව මෙයින් පෙනේ.
ගැමියන් ජනකවි වර්ග කරේ නැහැ. පැල් කවි, පාරු කවි, කරත්ත කවි වගේ
වර්ගීකරණයක් නූතන සමාජය විසින් කර තිබෙනවා. ඔවුන් තමන්ගේ පාලුව කාන්සිය
මකා ගැනීමට කවි කිව්වා. ඒකත් එක් අතකට හොඳ සන්නිවේදනයක්.
පැරැණි ජන සමාජයේ හැටියට බොහෝ විට නෑනටයි පෙම් කළේ.
මේ නෑනට පෙම් කිරීම මත නෑනා නොලැබී ගියත් උරණ නොවී ඇයට සුබ පැතූ ජන කවි
කෙතරම් අප ජන කවි ව්‍යවහාරයේ දක්නට තියෙනවද?
මයියංගණේ එක එළියයි බන් නෑනා
ඒ එළියට අද ඉඳගෙන පොල් ගානා
වේරගංතොටේ ඔරු පදිනා යස මානා
අප එක තැනක ඉපදෙමු පින්කුරු නෑනා
නෑනාට ඉදිරියේ දී එක තැනක ඉපදීමට කෙරෙන ඇරියුමක් ඒ ජනකවියෙන් කියා
තිබෙනවා. අද ප්‍රේමය කඩවුණොත් ඇති වන්නේ කුමන තත්ත්වයක්ද? අන්තර්ජාලය
මගින් විශ්වයම එකම ගම්මානයකට ගෙන යන අද ජනතාවට වඩා එදා ජනතාව ඇසූ පිරූ
තැන් ඇත්තන් බව අපේ සාහිත්‍ය ඉතිහාසය දෙස බැලීමෙන් පෙනී යනවා.
මාධ්‍යවේදියා, මාධ්‍යය සැමවිටම ජනතාවට වඩා ඉදිරියෙන් සිටිය යුතුවනවා.
ඔහු ජනතාවට යහපත් දේම පමණක් ලබාදිය යුතු වනවා.
නමුත් අද කනගාටුවෙන් වුවත් අපට කීමට ඇත්තේ අපරාධ, ඝාතන වැනි සමාජයට
නුසුදුසු දේ සඳහා මාධ්‍යය වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.වාණිජ ලෝකයේ
පැවැත්ම රඳා පවත්වා ගැනීමට මාධ්‍ය කටයුතු කළ යුතු වුවත් සමාජයට අහිතකර
පුවත් හුවා දක්වමින් ඒ තත්ත්වය කරා යැම අනුමත කරන්න බැහැ.
ඝාතනයට ලක්වන සියලුම කාන්තාවන් රූමත්. මාධ්‍ය විසින්ම නිර්මාණය කරන ලද
මෙවන් ක්‍රමවේදයන් අප සමාජයට අද මුල් බැස ගෙන තියෙනවා.
කිසිවකු දිවි නසාගතහොත් එම තැනැත්තාගේ නොමැති ප්‍රශ්න පවා සොයා
දක්වමින් පුවත් මැවීමට උත්සාහ කරන බවක් දක්නට තිබෙනවා. නැති දේ මවා පෑම
අන්න්‍යයන් අපහසුවට පත් කිරීම බුදු දහම අනුව අපට අනුමත කළ හැකිද?
ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත්පත් බිහිවීමත් සමඟ බොහෝ මාධ්‍ය ආචාර ධර්ම
ගිලිහී ගොස් තිබෙනවා. මේ තත්ත්වය වෙනස් විය යුතු වෙනවා. ජනතාව අද බොහෝ
විට ධර්මය ශ්‍රවණය කරන්නේ රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන්. එමෙන්ම
පුවත්පත් මගින් දහම් දැනුම ලබා ගන්නවා.
මෙවන් තත්ත්වයක් මත ජනමාධ්‍ය අපරාධ මතුකර දැක්වීම මඟින් සමාජ ව්‍යසනයට
පාර කැපීමක් සිදුවනවා. අපරාධ සිදු කළ ආකාරය පැහැදිලි විස්තරාත්මකව
මාධ්‍යවලින් හෙළි කිරීම තවත් අයකුට ඒ සඳහා ලබාදෙන උපකාරයක්. තවත් අයෙක්
එය අනුකරණය කරනු ලබනවා. ජනතාව සැමවිටම සදාචාරාත්මක ගුණ දහම් වැඩීම
අනුකරණයට යොමු කිරීමට මාධ්‍ය කටයුතු කළ යුතු වනවා.
පන්සලක සිදු කරන විශාල පින්කමකට ලබාදෙන ප්‍රචාරය හා අපරාධයකට ලබාදෙන
ප්‍රචාරය අතර වෙනස බලන්න. මේ අපරාධ අහන දකින ඊළඟ පරපුරේ අනාගතය කෙබඳුද?
ත්‍රස්තවාදයෙන් මුදාගත් අපේ රට බාර ගන්න සමාජයෙ ඊළඟ පරපුර අද ශක්තිමත්
කළ යුත්තේ ගුණධර්මවලින්.
කරුණාව, දයාව, මෛත්‍රිය වැනි ගුණ ධර්ම පිරි සමාජයක් බිහිකිරීම උදෙසා
මෙරට සියලු මාධ්‍ය කටයුතු කළ යුතු වනවා.
සියල්ලට පෙර රට හදා ගැනීමට අප සියලු දෙනා එක්විය යුතු වනවා.
රට අධර්මයෙන් පිරී ගියහොත් බුදු දහමේ සාර ධර්ම පොත පතට නැත්නම් නාමිකව
සීමා වේවි. ඒ සියල්ල ජය ගැනීමට මාධ්‍යයට විශාල මෙහෙවරක් කරන්න පුළුවන්.
සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර |