වෙලගෙදර අනෝමසිරි හිමි
ශ්‍රී ජයසුමනාරාම විහාරය
ඉහලවත්ත,ප/දියදොර
කල්ප ගණනකට පසු ලැබෙන ජීවිතය පිළිබඳව මනාව වටහා ගත යුතුයි. මේ ධර්මය
සොයන්නට සුදුසු කාලයයි. විද්‍යාව තාක්‍ෂණය විවිධ වශයෙන් බොහෝ දුරට
දියුණු වී අහවරය. විවිධ වූ අධර්මවාදී කොටස්ද පහළ වී අහවරය. ධර්මය
විකෘති කොට සැබෑ දහම යටකොට බ්‍රාහ්මණ දහම ඉස්මතු කර දෙවියෝ සහ භූතයෝ
පිටුපස බොහෝ අය හඹා යන කාලයයි මේ.
දහම පෙනී මිථ්‍යාදෘෂ්ටිය තුළ සිටී. මාසයකට වතාවක් පොහොය සිල් සමාදන් වී
බෝධි පූජාව බුද්ධ පූජාව පිරිකර පූජා නොයෙක් පින්කම් දහම් කොට නිවන
බලාපොරොත්තු වන්නන් බොහෝය. වත්මනේ ඇසෙන දේශනාද විවිධය. කෙසේ කුමක් තෝරා
ගැනීමටද යන්න ප්‍රශ්නයකි. අකාලික වූ දහමද විවිධව ඇසෙයි. සත්‍ය වටහා
ගැනීමට දහම නොදන්නන්ට අපහසුය. ඔවුන් අප සැවොම අවුලෙන් අවුලට වැටෙයි.
ඉක්මනින් මේ අවුලෙන් නිදහස්වීමට මඟ සොයා ගත යුතුයි.
භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය සොයා තනි තනිව දහම
දකින්න. මේ දහම තුළට ඉක්මනින්ම පිවිසෙන්න. කවුරුවත් කාවවත් නිග්‍රහයට
විවේචනයට ලක් නොකර තම තමන්ට වුවමනා වන හෙයින් තම තමා විසින් මේ දහම
සොයන්න. ගවේෂණය කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ගවේෂණය කරන්නට
පමණක් බුද්ධිය වෙහෙස කරන්නාට පමණක්ම සත්‍ය දහම මුණ ගැසෙයි. දැන් ඇත්ත
මිථ්‍යාවට ගොදුරු වී අතර මං වී කෙලෙස් නොනසා අපාගාමී වෙයි. සසර දුකින්
නිදහස් වෙන මඟ සොයන්න. ආර්ය ශ්‍රාවකයෙකු වන්න. සසර දුකින් නිදහස් වන
කෙටි ක්‍රමයක් විටක භාග්‍යවතුන් වහන්සේ මජ්ඣිම නිකායේ ගහපති වග්ගයේ
කන්දරක සූත්‍රයේදී වදාළහ.
පින්වත්නි, දිනක් භික්‍ෂු සංඝයා සමඟ භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර
ගර්ගරා පොකුණ අසලට වී සිටින විට පෙසස නම් ඇතුන් බලන්නෙකුගේ පුතකු හා
කන්දරක නම් පිරිවැජියා පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ කථා කළේය. ඔවුන්
කථා කරන විට භික්‍ෂු සංඝයා දෙස බලා පැහැදුනේය. භාග්‍යවතුන් වහන්ස මේ
තරම් සංසුන්ව ළාමකව ඉඳුරන්ගෙන් ප්‍රසන්නව මේ ශ්‍රාවක සංඝයා කොහොමද සකස්
කළේ. කන්දරක සම්‍යයක් සම්බුද්ධ කෙනෙක් වූවාහුද භික්‍ෂු සංඝයා මේ තරම්
හොඳින් පිළියෙළ කරයි. ඉහතින් සිටිද මතු යම් කලෙක බුදුන් වහන්සේ නමක්
පහළ වෙත්ද උන් වහන්සේලා ද මෙසේම කරයි.
මම ම මේ සංඝයා අතර ක්‍ෂය කළ ආශ්‍රව ඇති වැස නිමනවන ලද බ්‍රහ්මචරියාව
ඇති අවසාන කරන ලද කටයුතු ඇති, බහා තබන ලද කෙලෙස් බර ඇති, පිළිවෙළින්
පැමිණියා වූ අරහත් බල ඇති, ක්‍ෂය කළාවූ භව සංයෝජන ඇති, මනාකොට නුවණින්
දැක, කෙලෙසුන් කෙරෙන් මිදුණා වූ රහත් භික්‍ෂූහු ද ඇත්තාහු ම ය. නිතර
නිතර පවත්නා වූ සිල් ඇත්තාහුය. නිතර පවත්නා යහපත් පැවතුම් ද ඇත්තාහු ය.
නුවණ ඇත්තා වූ නුවණින් කරන පැවතුම් ඇත්තා වූ සතර සතිපට්ඨානයන්හි මනාව
පිහිටා සිටින සංඝයා මේ අතර වෙති.
මේ කාරණය මනාව ගවේෂණය කළ යුතුයි.අපි යන්නේ කොහෙද? මිනිසත් භවයක් ලැබුණෙ
ඇයි? කළ යුත්තේ කුමක් ද? කරගත යුත්තේ කුමක් ද? යන්න මේ දේශනයෙන් ඔබට
මනාව වැටහෙයි. මේ තුළ ඉන්න. මේ අනුව ගමන් කරන්න. මේ දහම තුළින් සත්‍ය
දකින්න. ගිහි වෙස් දරා සිටින ඔබ ද පැවිද්දා ද යා යුත්තේ එකම අරමුණකට
විය යුතුයි. ඒ නිවනයි. විමුක්තියයි. සසර දුක දුරු කිරීමටයි. එසේනම්,
සතර සතිපට්ඨානයට සිත් යොමු කළ යුතුයි. එකී සතර සතිපට්ඨානයෝ නම්,
1. කෙලෙස් නිවන වීර්ය ඇත්තේ මනා නුවණක් ඇති, සිහිය තිබෙන ස්කන්ධ ලෝකයේ
ලෝභ දෝෂයන් දුරුකොට කයෙහි කය නැවත බලමින් වාසය කළ යුතුයි.
2. කෙලෙස් නිවන වීර්ය ඇත්තේ යහපත් නුවණ ඇත්තේ සිහි ඇත්තේ විඳීම්
රාශියෙහි ලෝභය හා දොම්නස සංසිඳවාගෙන විඳී ම් කෙරෙහි විඳීම් නැවත නැවත
බලමින් වාසය කළ යුතුයි.
3. කෙලෙස් නිවන වීර්ය ඇත්තේ යහපත් නුවණ ඇත්තේ සිත් සමූහයෙහි ලෝභය හා
දොම්නස සංසිඳවාගෙන සිත් නැවත නැවත බලමින් වාසය කරයි.
4. කෙලෙස් නිවන වීර්ය ඇත්තේ යහපත් නුවණ ඇත්තේ සිහි ඇත්තේ ධර්ම සමූහයෙහි
ලෝභය හා දොම්නස සංසිඳුවාගෙන ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින්
වාසය කළ යුතුයි.
මේ දහම තුළ සිටිය යුතුයි. අපි බොහෝ පුරුදුව සිටින්නේ සොයනවාට වඩා
කවුරුන් හෝ කළ කී දේ විවේචනය කිරීම පහර ගැසීම පමණයි. වත්මනේ බොහෝ
සෙයින් සමාජය විසිරී අති බවක් වැටහෙයි. මෙය කාලයේ වරද විය හැකියි.
වත්මනේ ඇතැම් මිනිසුන් පන්සලෙන් බොහෝ දුරස් වෙයි. ඇතැම් ළමයින් දහම්
පාසලෙන් දුරස් වෙයි. මේවාට විවිධ විවිධ වූ සාධාරණවූත් නොවූත් හේතු
පදනම් වී ඇති අද මිනිසාට ජීවත් වීමට අසීරුය.
බොහෝ සෙයින් පංච කාමයට වහල් වී ජීවිතය ගෙවන සැමටම සිදුවන්නේ මහත්
විනාශයකි. මනාලෙස වටහා ගත යුතුයි. මිනිසා මිනිසාට කිසිම දිනක තේරුම්ගත
හැකි අයකු නොවේ. මිනිසා නම් වූ සත්වයා සැමවිටම බලාපොරොත්තු පොදි බැඳගෙන
සිටී. ලෝකය දැකිය යුතුයි. කරන කියන හොඳ හෝ නරක තිබිය යුතුයි. එහෙත්
පුද්ගල ජීවිතය පරිණත විය යුත්තේ කවදා හෝ මරණයට පත් වේ යැයි යන
අදහසින්ය. ඒ නිසා හොඳින් දැහැමෙන් ජීවත් විය යුතුයි යන්නත් මේ දුකින්
නිදහස් විය යුතුය. ඒ නිදහසත් නිදහස් වන්නා වූ මගත් සොයා ගත යුතුයි,
වශයෙන් සිතා දිනකට නිකරුණේ ගත කරන කාලකණ්නි වූ කාලයෙන් මදක්වත්
ප්‍රයෝජනයට ගෙන දහම දැකීමෙන් මෙන්ම මේ දුකින් නිදහස් වෙන මඟ වූ මධ්‍යම
ප්‍රතිපදාවද අනුගමනය කරමින් ඒ සදහා උත්සාහ දැරිය යුතුය.
උන්වහන්සේ වදාරන්නේ යමෙක් ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් එය නොගත
යුතුයි. සලකුණු වශයෙන් නොගත යුතු යම් හේතුවකින් මේ ඇසෙහි සංවර රහිතව
වාසය කරන්නන්හට ලෝභ, ද්වේශ සංඛ්‍යාත, ලාමක වූ අකුසල උපනියදි, මේ ඇසෙහි
සංවරය පිණිස එය හේතුවෙයි. චක්ඛු ඉන්ද්‍රිය රකියි. චක්‍ඛු ඉන්ද්‍රියෙහි
සංවරයට පැමිණෙයි. කන, නාසය, දිව,ශරීරය , මනස යන ඉන්ද්‍රියන්ගෙන්ද
මෙසේමය. මේ ආකාරයට ඉන්ද්‍රියන්ගෙන් සංවර වූයේ නම් තම සන්තානයෙහි
කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳීමට හැක. මැදුම් පිළිවෙතට පිවිසීම සදහා
මේ ආකාරයට සතර සතිපට්ඨානය තුන් ඉන්ද්‍රිය සංවරතාව ඇති කොටගත යුතුය.
මේ ආකාරයට ඉන්ද්‍රිය සංවරතාව තුළින් සම්මා දිට්ඨියට සිත පත් කරගත
යුතුයි. යහපත් දැකීම එනම් චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ ඥානය ඇති
කරගැනීමයි. චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ ඥානය ඇති කරගන්නේ අවිද්‍යාව
දුරුකර ගැනීමෙන්ය. එනම් කාමච්ඡන්ද , ව්‍යාපාද, උද්ධච්ච, කුක්කුච්ච,
ථීනමිද්ධ, විචිකිච්ඡා යන නීවරණ යටපත්කර ගැනීමෙනි. මෙකි නීවර්ණයන්
කෙරෙහි සිත පවත්නා ආකාරය වටහාගත යුතුයි. ඒ සදහා කළ යුත්තේ පංච
උපාදානස්කන්ධයේ ඇතිවීම, පැවතීම, නැතිවීම පිළිබඳ හේතු ඵල වාදය (පටිච්ච
සමුප්පාදය) තුළින් ඇති වූ සළායතනයන් (ආයතන 6 ) ඇස, කන, නාසය, දිව,
ශරීරය , මනස කෙරෙහි සිත පිහිටුවා ගැනීමයි. ඒ තුළ සති, ධම්මවිජය වීරිය,
පීති, පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා, යන බොජ්ඣංග ධර්ම වඩවාගත යුතුයි. එවිට
චතුර්විධ සත්‍ය පිළිබඳව සිත පිහිටුවා ගත හැකිය. මමත්වය දුරු කොට
අනිත්‍යතාව මෙනෙහි කොට මිථ්‍යාවෙන් තොර දහම මේ අයුරින් දකින්න.
ඔබට තෙරුවන් සරණයි !
|