පැවිදි බිමට
			
			 
			ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසර සමරමින් තෙලිජ්ජවිල කද්දුව ශ්‍රී 
			වර්ධනාරාමයේදී අගෝස්තු 31 දා පෙරවරුවේදි කුල දරුවකු පැවිදි කිරීමේ 
			පුණ්‍යෙීත්සවයක් පැවැත්වේ. 
			ශ්‍රී වර්ධනාරාමාධිපති අතුරලියේ ශ්‍රී සුදර්ශන පිරිවෙනේ කෘත්‍යාධිකාරි 
			අතුරලියේ පාලිත හිමියන්ගේ ආචාර්යත්වයෙන් සහ යහමුල්ල බෝධිරුක්ඛාරාම 
			විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කඹුරුපිටිය ප්‍රාදේශීය සංඝ 
			සභාවේ ලේඛකාධිකාරි යහමුල්ලේ අනුරුද්ධ හිමියන්ගේ උපාධ්‍යත්වයෙන් මෙසේ 
			සසුන් ගත කැරෙනුයේ අකුරැස්සේ දීගල එච්.ඒ. සුමේධ කුල දරුවායි. 
			- අකුරැස්සේ සමූහ තේජා විද්‍යාරූප  |