
පැවිදි නම :-
ප්‍රංශයේ ජේතවනාරාමාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ
සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි.
වැඩ වසන පන්සල :-

ප්‍රංශයේ ජේතවනාරාමය
උපන්දිනය :–
1945 අගෝස්තු මස 10 වන දින
පියා :–
එස්.ඒ. වීරක්කොඩි මහතා
මව :-
අමරකෝන් දිසානායක මාතාව
සහෝදර සහෝදරියන් :–
සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් තිදෙනෙක් පමණ
ගිහි නම :-
වීරක්කොඩි ආරච්චිගේ අබේසිංහ
මූලික අධ්‍යාපනය :-
මිද්දෙණිය විද්‍යාලය
උසස් අධ්‍යාපනය :-
තංගල්ල ශ්‍රී ධම්මදින්න පිරිවෙන මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් 1974 දී දර්ශන පිළිබඳ ගෞරව උපාධිය
ලබාගැනීම විද්‍යෝදය ශ්‍රේණිවල ත්‍යාග හා ශිෂ්‍යත්ව ලබමින් අවසාන වසරේ
ශිෂ්‍යයකු දිනාගත හැකි “ ශ්‍යාම රාප් ත්‍යාගය” 1968 දී හිමිකර ගැනීම
ප්‍රංශයේ පැරිස් විශ්ව විද්‍යාලයේ ඉංගී‍්‍රසි හා ප්‍රංශ භාෂාව පිළිබඳ
ඩිප්ලෝමාව හදාරා තිබීම. ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපන
ආයතනයේ පාලි භාෂාව පිළිබද ඩිප්ලෝමාව හැදෑරීම
පැවිදි වීම :-
1956 ජුනි මාසය
උපාධ්‍යායයන් වහන්සේ හා ආචාර්යන් වහන්සේ -
මුලනේ අග්ගාරාම ලොකු හාමුදුරුවෝ
උපසම්පදා දිනය :-
1965 ජුනි මස 05 වන දින මහනුවර මල්වතු මහා
විහාර උපෝෂථාගාරයේදී
පැවිදි දිවියේ වැදගත් සිදුවීම් :–
ඇත්ගාල් මුල්ලේ අස්වස්ථරාම විහාරයේ විහාරාධිපති කුඩා බැදිගම ශ්‍රී
සුදර්ශනානන්ද විහාරයේ විහාරාධිපති මල්හේවාගේ අයිනේ ශ්‍රී මුණසිංහාරාම
විහාරයේ විහාරාධිපති වීම
තාරන්දෙණියේ දන්අත්තවල ශ්‍රී විසුද්දාරාම විහාරයේ විහාරාධිපතිවීම
සම්මාන උපාධි ආදිය :-
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙන් ‘ප්‍රවචනකීර්ති ශ්‍රී අග්ගාරාම’
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය ලැබීම. රුහුණු විශ්ව
විද්‍යාලයෙන් දර්ශන විශාරද’ සම්මානය ලැබීම.
රෝහණ සංඝ සභාවෙන් ‘ත්‍රිපිටක වාගිශ්වර’ ගෞරව නාමය ලැබීම, විද්‍යෝදය
පරිවේණාස්ථානයෙන් “ විද්‍යෝදය ධර්ම ශාස්ත්‍ර විභූෂණ” සම්මානය ලැබීම
විදේශ ධර්මදූත සේවාව :-
ප්‍රංශය, එංගලන්තය, ඇමරිකාව, ජර්මනිය, ඉතාලිය,
බෙල්ජියම, නෙදර්ලන්තය
තනතුරු ආදිය :-
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය දැරීම
1976 දී පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද්‍ර පිරිවනේ
ආචාර්යවරයෙකු මෙන්ම නියෝජ්‍ය පරිවේණාධිපති වීම
1977 දී තංගල්ල කදුරුපොකුණ මහා විද්‍යාලයේ
ආචාර්යවරයකු මෙන්ම නියෝජ්‍ය විදුහල්පතිවීම
බොරැල්ල සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යවරයකු මෙන්ම නියෝජ්‍ය
විදුහල්පති වීම, කොළඹ විද්‍යෝදය මහ පිරිවනේ ආචාර්යවරයකු මෙන්ම හා බෞද්ධ
හා පාලි විශ්ව විද්‍යාලයේ විද්‍යෝදය ආයතනයේ ධර්ම අධ්‍යක්‍ෂක ධූරය
හෙබවීම
පාලනය කරන පන්සල් :-
ප්‍රංශයේ ජේතවනාරාම විහාරය, ඇත්ගාල්මුල්ලේ අස්වස්ථරාම විහාරය, කුඩා
බැදිගම ශ්‍රී සුදර්ශනානන්ද විහාරය, මල්හේවා අයිනේ ශ්‍රී මුණසිංහාරාම
විහාරය, තාරන්දෙණියේ දන්අත්තවල ශ්‍රී විසුද්දාරාම විහාරය
දහම් පාසල් :-
උඩපේරාදෙණියේ ශ්‍රී විසුද්දාරාම විහාරයේ ශ්‍රී සද්ධාර්තා නමින් දහම්
පාසලක් ආරම්භ කිරීම හා ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම නුගේගොඩ
කන්දේවත්තේ ශ්‍රී විජේවර්ධනාරාම දහම් පාසලේ ආචාර්යවරයකු වීම
වෙනත් :-
ආර්ථික අපහසුතා ඇති වෛද්‍ය සිසුන් 100 ක අධික ප්‍රමාණයකට රුපියල්
1500/- බැගින් මාස්පතා පරිත්‍යාග කිරීම
මිද්දෙණිය හා කදුරුපොකුණ මාහ විද්‍යාලවලින් විශ්ව විද්‍යාලයට පැමිණෙන
සිසුන් සඳහා රුපියල් 500 බැගින් දීමනාවක් ප්‍රදානය කිරිම
මුරුංගාගස්යාය, ඇත්ගාල්මුල්ල, කුඩා බැදිගම, දත් අත්තවල මල්හේවායේ අයින
යන ගම් පහක සිදුවන සෑම අවමංල්‍යයක් සඳහාම රුපියල් 3000 බැගින්
පරිත්‍යාග කිරීම විහාරස්ථාන අවට ප්‍රදේශයේ සිදුකරනු ලබන සියලුම
ආදාහනවලට රුපියල් 5000 බැගින් පරිත්‍යාග කිරීම
සෑම මසකම 10 වන දින දිළිඳු වයස්ගත දෙදෙනකුට රුපියල් 1000 බැගින්
පරිත්‍යාග කිරීම ගෙවල්, 15 කට අධික ප්‍රමාණයක් ප්‍රදානය කර තිබීම
හේමමාලා රන්දුනු |