පොසොන් පුර අටවක 2011 ජුනි 09
වනදා බ්‍රහස්පතින්දා
සංස්කෘතියෙන් උත්තේජනයක් නො
ලැබීම
ඔලිම්පස් පර්වතය වාසභවනය කොටගත් සියුස් නමැති දෙවියාට උපහාර
පිණිස ක්‍රි.පූ. 776 දී ගී‍්‍රකයන් විසින් ආරම්භ කරන ලද
ඔලිම්පික් ක්‍රීඩා උළෙල මානව ශිෂ්ටාචාරයට එකතු වූ වැදගත්
අංගයක් ලෙස සැලැකේ. සිව්වසරකට වරක් පැවැත් වූ මේ ක්‍රීඩා
උත්සවය ක්‍රි.පූ. 9 වන සියවසෙහි මැදභාගය වන විට නතර විය.
ඊලිස්හි රජ කළ ඉපිටොස් රජ සමයේ පැතිර ගිය වසංගතයකින් රට මුදා
ගැනීම පිණිස කුමක් කළ යුතු දැයි ඩෙල්ෆිහි දෙවොලින් විමසූ විට,
ඊට පිළියමක් ලෙස ඔලිම්පික් උළෙල යළි පවත්වන්නැයි උපදෙස් ලැබී
තිබේ. ඔලිම්පික් ප්‍රදේශය ශුද්ධ ස්ථානයක් වශයෙන් එ කල සලකන ලද
අතර, ඔලිම්පික් ක්‍රීඩකයන්ට පිරිනැමූ ජය සංකේතය වූයේ
ගී‍්‍රකයන් ගේ ශුද්ධ වෘක්‍ෂයක් වන ඔලිව් ගසේ අත්තකි. ක්‍රි.ව.
1896 දී ඇරැඹි නූතන ඔලිම්පික් උළෙලේ දී වූව ද ක්‍රීඩකයන් තරග
කරන්නේ ජය ලබා ගැනීමට ම නො ව සහභාගිත්වය වඩා වැදගත් ලෙස
සලකමිනි. “අපි නියම ක්‍රීඩා කෞශල්‍යයෙන් අපේ රටේ ගෞරවයත්
ක්‍රීඩාවේ දීප්තියත් නැංවීම සඳහා නීතිරීති වලට එකඟ ව සාධාරණ
ලෙස ඔලිම්පික් ක්‍රීඩාවට සහභාගි වන්නෙමු’ යැයි එහි ආරම්භයේ දී
ක්‍රීඩකයන් විසින් ප්‍රතිඥාවක් දිය යුතු ය.
මේ සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ, ක්‍රීඩාව හුදු තරගකාරී
අවස්ථාවක් නො ව ප්‍රාථමික මානව බෙදීම් පරාජය කළ පාරිශුද්ධ
සංස්කෘතික ඉසව්වක් බව ය. ක්‍රීඩාව දෙස අප ද අවධානය යොමු කිරීමට
ප්‍රධාන හේතුව ක්‍රීඩාලෝලී මානසිකත්වය නො ව පාරිශුද්ධ
සංස්කෘතික ඉසව්වක් ලෙස ඇති ගෞරවය බව කිව යුතු ය.
කෙ සේ වූව ද අන්තර්ජාතික ක්‍රීඩා ජයග්‍රහණ මඟින් වෙනත් අතුරු
ප්‍රතිලාභ ක්‍රීඩකයන්ට මෙන් ම ඔවුන් නියෝජනය කැරෙන රටවලට ද
ලැබේ. එහෙත් ඒ අතුරු ප්‍රතිලාභ තකා ක්‍රීඩාවේ මූලික පරමාර්ථය
විනාශ කැරේ නම්, කොන්දේසි විරහිත ව ඊට එරෙහි විය යුතු ය. ඒ අන්
කිසිවක් නිසා නො ව සමස්ත මානව සමාජයට ම එයින් අවැඩක් සිදුවන
නිසා ය.
මේ සියලු කරුණු සඳහන් කිරීමට අපට සිදු වූ හේතුව දෙසට අපි දැන්
අවධානය යොමු කරන්නෙමු. පසුගිය දා අවසන් වූ දසවන ලෝක කුසලාන
එක්දින ක්‍රිකට් තරගාවලියේ දී එංගලන්තය සමඟ පැවැති තරගය ශ්‍රී
ලංකාව ජයග්‍රහණය කරන ලද්දේ කඩුලු දහයකිනි. එම ජයග්‍රහණය සඳහා
පිත්තෙන් දායකත්වය ලබා දුන් එක් ක්‍රීඩකයකු වන උපුල් තරංග හට
තහනම් උත්තේජක භාවිත කිරීමේ චෝදනාව එල්ල වී තිබේ. එංගලන්තය සමඟ
පැවැති තරගයෙන් අනතුරු ව ලබාගත් මුත්‍රා සාම්පල පරීක්‍ෂාවේ
ප්‍රතිඵල අනුව මේ චෝදනාව එල්ල කැර ඇත. දැනටමත් අන්තර්ජාතික
වශයෙන් ප්‍රචාරය වී ඇති මෙය ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියකි.
මෙ සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වැරැදි නිසා අන්තර්ජාතික වශයෙන්
ශ්‍රී ලංකාව අපකීර්තියට පත් වූ අවස්ථා කිහිපයක් වාර්තා වී ඇත.
ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග සිද්ධිය තවමත් ඔප්පු කර නොමැති බව
ඇත්ත ය. එහෙත්, තහනම් උත්තේජක භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා
ලැබූ සුසන්තිකා ජයසිංහ හැර වෙනත් කිසිදු ශ්‍රී ලාංකික
ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් එම චෝදනාවට ලක් වී නිදහස ලබා නැත.
නැන්ඩ්‍රොලෝන් නමැති තහනම් උත්තේජකය ගත් බවට චෝදනා ලැබූ
සුසන්තිකා ජයසිංහ ගේ ‘ඒ’ මුත්‍රා සාම්පලයේ එම සංඝටක අඩංගු වූව
ද ‘බී’ සාම්පලයේ එම සංඝටක අඩංගු නො වීම නිසා ඇය නිදහස් විය.
කඩුලු පැනීමේ ශූරයකු වූ අශෝක ජයසුන්දර, කෙටිදුර ධාවන ශූරියන්
වූ ජානි චතුරංගනී ද සිල්වා හා ප්‍රමිලා පි‍්‍රයදර්ශනී තහනම්
උත්තේජක චෝදනාවන්ට වැරැදිකරුවන් ලෙස ක්‍රීඩා ඉතිහාසයට එකතු වූ
ශ්‍රී ලාංකියන් ය. පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී
රන් පදක්කමක් හිමි කැරැ ගත් බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි
තහනම් උත්තේජක චෝදනාවට වැරැදිකරු වී ඇත. ඔහු ක්‍රීඩාවෙන්
සමුගන්නා බව මැයි මස 21 වන දා නිවේදනය කෙළේ ය. බර ඉසිලීමේ
ශූරයකු වන චින්තන ගීතාල් විදානගේ හට තහනම් උත්තේජක භාවිත
කිරීමේ චෝදනාව එල්ල වූයේ එ දින ම ය.
තමා පාවිච්චි කළ ඇමෙරිකාවේ නිෂ්පාදිත ශක්තිජනක පිටි වර්ගයක
අඩංගු එක් සංඝටකයක් තහනම් උත්තේජක වශයෙන් සැලැකෙන බව නො දැන
සිටියේ යැයි චින්තන විදානගේ පවසා තිබේ. ජාතික මට්ටමේ ක්‍රීඩක –
ක්‍රීඩිකාවන් සඳහා ඖෂධ හා පෝෂණ වැඩසටහනක් රාජ්‍ය අනුග්‍රහය
යටතේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙයින් මතුවන කරුණකි.
එහෙත් වැදගත් ම කාරණය එය නො වේ. ක්‍රීඩාව පිළිබඳ ජාතික
ප්‍රතිපත්තියක් නොමැතිවීම අවධානය යොමු විය යුතු වැදගත් ම
කාරණයයි. අප ගේ ජාතික ප්‍රතිපත්තිය විය යුත්තේ, සැබෑ ජාතික
අනන්‍යතාව, ක්‍රීඩාව මඟින් ලොවට හෙළිකරන ක්‍රීඩක –
ක්‍රීඩිකාවන් බිහි කිරීම ය. එ සේ නොමැති ව හුදු ක්‍රීඩා
දක්‍ෂතාව පමණක් වර්ධනය කිරීම ප්‍රමාණවත් නැත. කුමන ආගමකට අයත්
ක්‍රීඩකයකු වූව ද ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ නම් බෞද්ධ
සාරධර්ම මත සැකැසුණු විනය ගරුක භාවයක් ප්‍රදර්ශනය කළ යුතු ය.
තරගයකට සහභාගී වන විට ආශිර්වාද පිණිස පිරිත් නූලක් ගැටගසා
ගැනීම පමණක් ඊට ප්‍රමාණවත් නැත. |