උච්ඡංග
ජාතකය
ගිනිගත්හේනේ
ඩබ්ලියු. ඒ. එම්. වික්‍රමසිංහ
එක් සමයෙක්හි
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක්. එක්තරා දනව්වාසී
ස්ත්‍රියක් අරභයා මෙම ජාතකය වදාළ සේක.
කොසොල් රට වනයක් සමීපයෙහි තිදෙනෙක් සීසාමින් සිටියහ. වනය තුළ වසන්නා වූ
සොරු සමුහයක් කොල්ල කා, සීසාන අසලින් පලා ගියෝ ය. රාජ පුරුෂයෝ ඒ සොයා
විත් තොපි වනය අසල හිඳ කොල්ල කා සීසා ඇවිදු දැයි’ කියා සීසානා තැනට
විත් තිදෙනා බැඳගෙන ගොස් කොසොල් රජතුමාට පාවා දුන්නාහු ය. එකල්හි එක්
ස්ත්‍රියක් මට වස්ත්‍රය දෙව‘ යි කියා හඬමින් රජ මාලිගාව වටා ඇවිදින්නී
ය. රජතුමා ඒ ස්ත්‍රියගේ ශබ්දය අසා ඇයට වස්ත්‍රයක් දෙව‘ යි කියුයේ ය.
සරත් නන්ද කුමාර |
රාජ පුරුෂයෝ වස්ත්‍රයක් ගෙන ඇය සමීපයට ගියහ. ඒ ස්ත්‍රී වස්ත්‍රය දැක මම
මේ වස්ත්‍රය නොයිල්ලුවෙමි. ‘’පුරුෂ වස්ත්‍රයක් ඉල්වීමි’’ පැවසුවාය. රාජ
පුරුෂයෝ රජතුමාට ‘’ස්වාමිනී මේ ස්ත්‍රිය පුරුෂ වස්ත්‍රයක් වුවමනායැ’ යි
කියයි’ යනුවෙන් දැනුම් දුන්නෝ ය.
එකල්හි රජතුමා ස්ත්‍රිය සමීපයට කැඳවා ගෙන ‘තී පුරුෂ වස්ත්‍රයක්
වුවමනායැ යි යාඥා කරන්නේදැ’ යි විචාලේය. ‘එසේය දේවයන්වහන්ස’ ස්ත්‍රියට
වල්ලභයා නම් වස්ත්‍රයක් හා සමානය. පුරුෂයා නැති කල්හි දහසක් මිල
වටිනාවත් වස්ත්‍රයක් හැඳගෙන සිටින්නා වූ ස්ත්‍රී තොමෝ නග්න වුවාහු නම්
වෙයි’.
රජතුමා ස්ත්‍රියගේ බස් අසා ප්‍රසන්න වූ සිත් ඇතිව මොවුන් තුන්දෙනා තිගේ
කවුරුන් වේදැ’ යි විචාළේ ය. දේවයන් වහන්ස, මුන් තුන්දෙනාගෙන් එක් අයෙක්
මාගේ වල්ලභයාය. එක්කෙනෙක් මාගේ මලණුවෝය. එක්කෙනෙක් මගේ පුතණුවෝ ය’’.
රජතුමා එබස් අසා මම එක් කෙනෙකුන් දෙමි. කවුරුන් කැමැත්තේ දැ යි
විචාලේය. ස්ත්‍රි කියන්නී ‘දේවයන් වහන්ස මම ජීවත්ව සිටින්නේ නම්
වල්ලභයන් ලබා ගත හැක. පුතකුද ලැබෙන්නේ ය. මගේ මවුපියන් මළ බැවින් මලණු
කෙනෙක් දුර්ලභයෝ ය. එසේ හෙයින් දේවයන් වහන්ස මට මලණුවන් දුන මැනවි’ යි
කිවුවාය. රජතුමා මහත්සේ සතුටට පත්ව තුන්දෙනාම ස්ත්‍රීයට ලබා දුන්නේ ය.
මෙසේ ස්ත්‍රිය නිසා තුන්දෙනාම දුකින් මිදුනා හ.
මෙම කාරණය භික්ෂූ සංඝයා කෙරෙහි ප්‍රකාශ විය. භික්ෂුන් වහන්සේ දම්සභා
මණ්ඩපයෙහි හිඳ එක් ස්ත්‍රියක් නිසා තුන් දෙනෙක් මිදුනෝ නොවේදැ යි ඒ
ස්ත්‍රියගේ ගුණ කිය කියා වූන්හ.
එවිට බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කර බුද්ධාසන මස්තකයෙහි වැඩ
හිඳ මහණෙනි, මා එන්නට පෙර කිනම් කතාවකින් යුක්තව වුන්නේදැ යි විචාරා
මෙනම් කතාවකින් යුක්තව වුන්හායි කී කල්හි ‘’මහණෙනි, මේ ස්තී‍්‍ර මුන්
තුන්දෙනා මින් පෙරත් ගැලවුයේ යැ ‘යි ඉකුත්වත් දක්වා වදාළ සේක.
යටගිය දවස බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුත් රාජ්‍ය කරන කල්හි
තුන්දෙනෙක් මහවන සමීපයෙහි සීසාති, යන සියල්ල යට කියන ලද්දා සේය.
රජ්ජුරුවන් තුන්දෙනාගෙන් කවුරුන් කැමැත්තේදැයි විචාළ කල්හි ස්ත්‍රී‍්‍ර
‘දේවයන්වහන්ස, තුන්දෙනාම දීමට හැකිදැ’ යි විමසා සිටියාය.
එසේ දීමට නොහැකි යැයි කී කල්හි මලණුවන් මට දුන මැනව යි කීවාය. ‘තිට
මලණුවන්ගෙන් ඇති ප්‍රයෝජනය කිමද? වල්ලභයා හෝ පුත්‍රයා හැර ගනුව යැයි
රජ්ජුරුවන් කී කල්හි මෙසේ පිළිතුරු දුන්නාය. ‘දේවයන් වහන්ස, ස්වාමි
වල්ලභයෝ හා පුත්තු නම් සුලබයෝ ය. නිදැල්ලේ යන්නා වූ ස්ත්‍රීන්ට
පුත්‍රයෝ හා පුරුෂ වල්ලභයෝ සුලබය.
දුටු දුටු අය වල්ලභයෝ වෙති. යම් හෙයකින් මට මවුපියන් නැද්ද එක කුස උපන්
සහෝදරයින් ලබාගනු නොහැක්කේ ය. එසේ හෙයින් මට මලණුවන් දෙනු මැනව‘’
රජ්ජුරුවන් මෙම ස්ත්‍රියගේ බසට මහත් සේ සතුටට පත් වී තිදෙනාම නිදහස්
කර පාවා දුන්නේ ය.
මේ ස්ත්‍රී‍්‍ර මුන් තුන්දෙනා දුකින් ගැලවූයේ දැන් පමණක් නොව පෙරත්
ගැලවූවෝම’ යි බුදුරජාණන් වහන්සේ ‘උච්ඡංග ජාතකය’ දේශනා කර වදාළ සේක.
අතීතයේ මේ සතරදෙනා දැන් මේ සතර දෙනාමය. එසමයෙහි රජ්ජුරුවෝ නම් තිලෝගුරු
සම්‍යක් සම්බුදු මම්ම වේ දැ ‘ යි වදාළ සේක.
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ වෙතින් උපුටාගෙන සරලව දක්වන ලදී. |