2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරා
			පාලි/සංස්කෘත භාෂා 
			සහතික පත්‍ර පාඨමාලාවක්
			
			 
			2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරා කැලණිය සුදර්ශන මාවතේ අංක 738/01 
			චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන පාලක සභාව මෙහෙයවීමෙන් 
			මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි අ.පො.ස. සාමාන්‍ය 
			පෙළ සමත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ හා දසසිල් මාතාවන් සඳහා පාලි/ සංස්කෘත 
			භාෂා සහතික පත්‍ර පාඨමාලා දෙකක් 2011 මාර්තු 05 ආරම්භ විය. 
			සෑම සෙනසුරාදා දිනක ම ප.ව. 2.00 සිට ප.ව. 5.00 දක්වා කැලණිය 
			හිඹුටුවැල්ගොඩ සුදර්ශන මාවතේ් අංක 110 චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ 
			මධ්‍යස්ථාන මූලස්ථාන ප්‍රධාන ශාලාවේ දී මෙම පාඨමාලා නොමිලයේ පැවැත්වේ.
			 
			මේ පිළිබඳ විස්තර 0718426682 / 0714485496 යන දුරකතන මඟින් දැන ගැනීමට 
			හැකි බවද කියයි.  |