UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රෝමයේ ධර්මාශෝක විහාරය

ඉතාලියේ රෝම නගරයේ ධර්මාශෝක විහාරය රමණීය නිසංසල පරිසරයක මීට තෙ වසරකට පෙර ආරම්භ කරන ලද විහාරස්ථානයකි. භික්ෂූන් වහන්සේලාට දහමට යොමු වූ සැදැහැබර පින්වතුනට භාවනා යෝගීව සිත් සතන් පහන් කර ගැනීමට උද්‍යානයක්ද විහාර භූමිය ඉදිරිපිට තිබීම මෙම විහාරස්ථානයට සොබා සිරියද ගෙන දේ.


විහාරස්ථ ස්වාමීන් වහන්සේ

සිත් සතන් නිවාලන ධර්මශෝක විහාර භූමිය පිහිටි පරිසරය ඉතා සුන්දරය. ඒකාකාරී දුෂ්කර ජීවිත අරගලයක යෙදෙන විදෙස් ගත ශ්‍රී ලාංකේය බෞද්ධ අපට අස්වැසිල්ලක් ලබා දෙමින් එම විහාරස්ථානයේ නිතර ආගමික කටයුතු සිදුකැරෙන අතර ධර්මාශෝක විහාරස්ථානයේ විහාරාධිපති ලෙස දඹදෙණියේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ කටයුතු කරති. ධර්මාශෝක විහාරවාසී නේපාලයේ නන්ද ස්වාමීන් වහන්සේද ධර්මාශෝක විහාරයේ වැඩ සිටින අතර එම ස්වාමීන් වහන්සේ දෙනම ගෙන් ධර්මාශෝක විහාරයට සිදුවන සේවය අති මහත්ය. ධර්මාශෝක විහාරස්ථානයේ ආරම්භ කර ඇති සිදුහත් දහම් පාසල මගින්ද සංකර ගති පැවැතුම් ඇති රටක හැදෙන වැඩෙන දරු පරපුර සදාචාර සම්පන්නව පෙල ගස්වා ගැනීමට දරන වෑයම පිළිබඳ එහි ආචාර්ය මණ්ඩලයට කෘතවේදී විය යුතුය.

ඉතාලි තරුණ බෞද්ධ සංගමයේ තරුණ දරුවන් වැඩිහිටි සමාජයට ආදර්ශයක් දෙමින් තරුණ දූ පුතුන් විහාරස්ථානයේ තරුණ බෞද්ධ සංගමයට එකතු වී බෞද්ධ කටයුතුවල නියැලෙන අයුරු දුටුවිට ද ඇතිවන්නේ සතුටකි. විහාරස්ථානයේ සිදුකරන සියලුම ආගමික කටයුතුවලට දායකත්වය දෙන එම තරුණ දූ පුතුන් සෑම පෝය දිනකම මසකට වරක් සිල් සමාදන් වී ශීල භාවනා පින්කම්වල යෙදෙන අයුරු අගය කල හැකිය.අද ඇතැම් තරුණ ළමයි අසංවර සමාජ රැල්ලට හසුවී නහය , කන විදගෙන විවිධ ඇඳුම් විලාසිතාවන්ගෙන් සැරසී යන නුහුරු මාවත දුටුවිට මේ තරුණ දූ පුතුන් මුළු ශ්‍රී ලංකාවටම ආඩම්බරයකි. එහි ගෞරවය හිමි විය යුත්තේ රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයටය. ජාතික ආගමික කටයුතු වලටද මුල්තැන දෙමින් ජාත්‍යන්තර තලයටද අනුග්‍රහය දක්වමින් ධර්මාශෝක විහාරාධිපති ධර්මාරාම ස්වාමීන් වහන්සේ ගී‍්‍රසිය , ප්‍රංශය, ජර්මනිය යන රටවල් වලද දහම් කටයුතු සඳහා සහභාගි වන අවස්ථා ද ඇත. ධර්මාශෝක විහාරයේ රෝපණය කර ඇති බෝධින් වහන්සේද ආනන්ද බෝධින් වහන්සේගේ ශාඛා නමක් බව නායක ස්වාමීන් වහන්සේ පැවසූහ. බුදු දහම ලොව පුරා ප්‍රචාරය කිරීමේ අරමුණින් ජාතක කතා වස්තුව වැනි බෞද්ධ පොත පත ඉතාලි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් මුද්‍රණය කරවා ජනතාව අතර බෙදා හරින සමාජ මෙහෙවරක් ද විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කැරේ.


කඨික පින්කම් අවස්ථාවක්

ඒ සියලු කටයුතු වල පෙර ගමන්කරු වන ධර්මාරාම ස්වාමීන් වහන්සේට සහ විහාරවාසී නන්ද ස්වාමීන් වහන්සේටද කෘතඥ විය යුතුය.ගුරු මණ්ඩලයේ කැපවීම මත මේ පුංචි කැකුළු යහමගක ගමන් කිරීම පිළිබඳව දරුවන්ගේ දෙමාපියන් ලබන්නේ අපිරිමිත සැනසීමකි. විශේෂයෙන්ම පන්සලේ දායක සභාව ඉතාමත් උනන්දුවකින් විහාරස්ථානයේ කටයුතු සඳහා දායකත්වය ලබා දෙන අතර එම පින්වතුන්ගේ නොමද සහාය නිසා ධර්මාශෝක විහාරය දිනෙන් දින දියණුව කරා ඉදිරියට යන ආකාරය ගැන බෞද්ධයින් සතුටු වෙති. ජාතික ආගමික කටයුතුවලට මුල් තැන දෙන ධර්මාශෝක විහාරය ආගමික කටයුතු වලදී නිතරම වැඩිහිටි නායක හාමුදුරුවරු ශ්‍රී ලංකාවේ සිට වැඩම කරවා එම බෞද්ධ කටයුතුවලට සහභාගි කරවන අවස්ථාද ඇත. ශ්‍රී ලංකාවේ දිවුල්ගනේ රජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී ගලහිටියාවේ සිරිරතන නායක ස්වාමීන් වහන්සේ ද රෝමයේ ධර්මාශෝක විහාරයේ වස් එළඹ සිටියහ.


සිදුහත් දහම් පාසලේ දරුවෝ

එම විහාරස්ථ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉතාලියේ රෝම නුවරදී මියගිය තම ස්වාමිපුරුෂයාට පින් පිණිස රෝම නුවර සිටින රජිතා මහත්මිය විසින් ධර්මාශෝක විහාරස්ථානයට පූජා කරන ලද්දකි. විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් වූ අප ගෙවන ඒකාකාරී ජීවිතයට මානසික සුවයක් ලබන රෝමයේ අපගේ් හදවත බදුවූ ධර්මාශෝක විහාරයෙන් දින දින දහම් හඬ පැතිරේවා.

 







 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]