ධම්මපද සැහැල්ල - 28 කොටස
බණ්ඩාර මඩුගල්ලේ
පාප වග්ගය
116. අභිත්ථරේථ කල්‍යාණෙ - පාපා චිත්තං නිවාරයේ
දන්ධං හි කරොතො පුඤ්ඤං - පාපස්මිං රමතී මනො
පිනට යොමු වී පවෙන් - වෙන්ව ජීවත් වෙන්න - නැතොත් නොදැනුවත්ව ම පවට
යොමු වන්නේ.... ය.....
හිතවතුනි; පින්කමෙන් සතුට හිමි වන්නේය - පාපයෙන් ජීවිතය දුකට යොමු
වන්නේ ය.
117. පාපං චේ පුරිසෝ කයිරා - න තං කයිරා පුනප්පුනං
න තම්හි ජන්දං කයිරාථ - දුක්ඛො පාපස්ස උච්චයො
නොදැන කළ වරදකට - නැවත යොමු නොවිය යුතු - ‘වරද’ යනු පාපයකි - පාපයෙන්
දුක ලැබේ....
හිතවතුනි, වරදකට - යොමුවීම පුරුද්දක් - නොකරගත යුත්තේ්ය - එය විනාසෙට
මුලය....
118. පුඤ්ඤං චේ පුරිසො කයිරා - කයිරාථෙ තං පුනප්පුනං
තම්හි ජන්දං කයිරාථ - සුඛො පුඤ්ඤස්ස උච්චයො
සැදැහැයෙන් කරන පින - වෙත නැවත යොමුවන්න. - පිනක් යනු යහපතකි - ඒ නිසා
සැප ලැබේ... හිතවතුනි, නිරතුරුව - යහපතට යොමු වන්න - යහපතක් යනු පිනකි
- පින් නිසා සැප ලැබේ.
119. පාපොපි පස්සති භද්‍රං - යාව පාපං න පච්චති
යදා ව පච්චති පාපං - අථ පාපො පාපානි පස්සති
පාපයක් පල දෙන්ට - පළමුවෙන් යහපත්ය - පල දෙන්ට පටන්ගත් - දිනට එය දුක්
ගොඩකි.
හිතවතුනි; පාපයේ - දරුණු බව දැනෙන්නේ - එහි නරක විපාකය - ලැබෙන මොහොත්
සිට ය.
120. භද්‍රෝපි පස්සති පාපං - යාව භද්‍රං න පච්චති,
යදාච පච්චති භද්‍රං - අථ භද්‍රෝ භද්‍රානි පස්සති.
කළ පිනක් පල දෙන්ට – පළමු එය නිසසලය - පල දෙන්ට පටන් ගත් - පසුව එය මහ
සැපකි.
හිතවතුනි; තුන් දොරින් - හොඳ දෙයට යොමු වන්න - සසර වසනා තුරා - ඔබට සැප
ලැබෙනු ඇත.
121. මාප්පමඤ්ඤේථ පාපස්ස - න මන් තං ආගමිස්සති
උද බින්දු නිපාතෙන - උදකුම්භෝ පි පුරති,
පූරති බාලො පාපස්ස - ථොක ථොකම්පි ආචිනං
ටිකෙන් ටික පව් කරන - අමනයාගේ දිවිය - අන්තිමේ පව්වලින් - පිරි
ඉතිරෙන්නේ.... ය.....
හිතවතුනි; වරදකට - යොමුවීම වැරැද්දකි - වැරැදි එක්රැස්වීම - මහා දුක්
උල්පතකි.....
මතු සම්බන්ධයි |