බුහුමන් ලැබිය යුතු
වැඩිහිටියෝ
උඩුබද්දාවේ
සෝමරත්න බන්නැහැක
තමන්ගේ ප්‍රඥාවට ගෝචර වන පිළිපැදිය යුතු යහපත් ධර්මතාවයක් ඇත්නම් එය
ගරු කරන්නේ යමෙක් ද පිළිපදින්නේ කවරෙක් ද හෙතෙම බුදුරජාණන් වහන්සේ
දකින්නේ්ය යනුවෙන් බුදුදහම ඇසුරෙන් අප උගෙන තිබේ. එය සමාජයේ වෙසෙන සෑම
පුද්ගලයෙකු විසිනුත් අත්නොහැර පිළිපැදිය යුතු ධර්මතාවයකි.
යම් පුද්ගලයෙකු තම ගෞරවය පුදකළ යුතු ඉහළම තැනැත්තා ළඟට තම මව්පියන්
තැබිය යුතු බව ආගමික ශාස්තෘන් විසින් පෙන්වා දී තිබේ. මව්පියන්ට සැලකීම
මංගල කාරණයක් වශයෙන් පෙන්වා දෙන බුදුපියාණන්වහන්සේ ගෙදර බුදුන් , පූර්ව
දේවතාවන් ආදී වශයෙන් මව්පියන් උසස් කොට සලකන ආකාරය මනාව පැහැදිලි කර දී
ඇත.
පුරාතන සමාජය වැඩිහිටියන් නොසලකා හැරීම දඬුවම් ලැබිය යුතු වරදක් සේ
සැලකූහ. මව්පියන්ට නොසලකන්නා සමාජය විසින් කොන්කර දමන ලද බවත් එබඳු
පුද්ගලයන් කවර අන්දමේ දරිද්‍රතාවයකට පත් වුවද කිසිදු උපකාරයක් නොකිරීමට
එදා සමාජය ක්‍රියාකොට ඇත. මව්පියන්ට සැලකීම සම්බන්ධයෙන් බොහෝ ආදර්ශ අපට
බුද්ධ චරිතයෙන් උගත හැකි ය. වියපත් සුදොවුන් මහ රජතුමා ගිලන්ව වැදහොත්
රජ මාලිගයට එතුමා බැහැ දකින්නට බුදුන් වහන්සේ කිඹුල්වත්පුර වැඩියේ
මව්පියන් සැලකීම උතුම් ගුණධර්මයක් කොට සලකමින්ය.
සිංහල රාජවංශය ගැන කතා කළොත් ඔටුනුපලන් කීර්තිමත් රාජ්‍ය නායකයෙකි
අටවැනි අග්බෝ රජතුමා එතුමා රාජ්‍ය සේවයට අයත් සියලුම කටයුතු මහත්
කැපවීමෙන් සිදුකළ අතර තම මෑණියන් වහන්සේ සම්බන්ධයෙන් ද බොහෝ සෙනෙහසින්
කටයුතු කළහ.
තම වියපත් ආදරණීය මෑණියන් සියතින් මැ නහවා කවා පොවා උපස්ථානයෙහි
යෙදුනහ. මෑණියන් නැහැවීමෙන් අනතුරුව එතුමිය නෑමට හැදි වස්ත්‍රය රජතුමා
විසින් ම සෝදා පවිත්‍ර කළහ. එම වස්ත්‍රය සේදූ ජලයෙන් රජතුමා තම මුව
දෝවනය කළා පමණක් නොව එම ජලයෙන් තම ඔටුන්න අභිෂේක කොට හිස පැළඳ රාජ
සභාවට යාමට පෙර මෑණියන් වහන්සේට වැඳ නමස්කාර කොට ආශිර්වාද ලබා ගැනීමට
අමතක නොකළහ. මව්පියන්ට සැලකීම ගුණධර්ම අගය කරන යහපත් දරුවන් විසින්
කළයුතු යුතුකමක් බව මෙයින් මනාව පැහැදිලි වේ.
බුදුරජාණන් වහන්සේ මව්පියන් හඳුන්වන ලද්දේ ‘ බ්‍රහ්මාති මාතා පිතරෝ’ යන
උතුම් වචනයෙනි. ඒ දරුවන් හදන මව්පියන් කොතරම් උසස් තැනෙකලා බුදුන්
වහන්සේ විසින් සලකා අත්දැයි පැහැදිලි කිරීමකි. සෑම මව්පිය කෙනෙක් ම
‘සතර බඹ විහරණයෙන්’ සමන්විත වන බැව් උන්වන්සේ වදාළ සේක.
සතර බඹ විහරණයන් යනු මෙත්තා, කරුණා, මුදිතා, සහ උපේක්ෂා යන ගුණාංගයෝ
ය. තම දරුවන් තුළ යහපත් ගති පැවතුම් පුරුදු පුහුණු කිරීමෙන් වරදෙහි
ආදීනව පෙන්වා දෙමින් සමාජයට වැඩදායක දරුවන් තැනීමේ ගුණය මෙත්තා නම් වේ.
දරුවන්ගේ දුක් කම්කටොලු ඉවසා විඳදරා ගනිමින් කම්පා වූ සිතින් ඔවුනට
පිහිට වීමේ ගුණය කරුණා නම් වේ. තම දරුවන් ඉගෙනීමේ කටයුතු වල යොදමින්
යහපත් සමාජයක හොඳ පුරවැසියන් වශයෙන් ජීවත්වීමේ ගුණය මුදිතා නම් වෙයි.
එසේ ම තම දරුවන් එකිනෙකා අතර අමනාපයක්, තරහක් ක්‍රෝධයක් ඇති නොවන පරිදි
සියලු දෙනාටම එක හා සමානව සැලකීමේ ගුණය උපේක්ෂා නම් වෙයි. මෙකී
ගුණාංගයන් යහපත් දෙමව්පියන් තුළ දැකිය හැකිය.
මෙසේ මව්පියන් සහ දරුවන් අතර ඇති බැඳීම තහවුරු කෙරෙන තවත් පදනමක් ඇත.
එනම් ‘සතර සංග්‍රහ වස්තුන්’ කෙරෙහි මනා අවබෝධයකින් කටයුතු කිරීමේ ගුණය
දෙමව්පියන් තුළ අඩුවක් නැතිව පැවතීම ය. තම ශක්ති පමණින් දරුවන්ට
සංග්‍රහ කිරීම, පි‍්‍රය වචනයෙන් ඇමතීම, කතාබස් කිරීම, ගුණධර්ම කියා
දෙමින් අධ්‍යාපන කටයුතු කෙරෙහි සාර්ථකව යොමු කිරීම, දරුවන්ගේ් මානසික
ක්‍රියාකාරකම් අනුව ඔවුන් සමඟ මිත්‍රශීලිව සතුටින් කල් ගෙවීම යන මෙකී
කරුණු යහපත් දෙමවුපියන් විසින් මනාව ඉටුකළ යුතු ය.
දානය, පි‍්‍රය වචනය, අර්ථ චර්යාව හා සමානාත්මතාවය යනුවෙන් බුදුන්
වහන්සේ විසින් දක්වා ඇත්තේ මෙයයි. මෙයාකාරයෙන් දිවි ඇතිතාක් කල්
දෙමවුපියන් හා දරුවන් අතර ඇති බැඳීම් එමෙන්ම සහයෝගීතාව නොකෙළෙසා රැකිය
යුතුවාක් මෙන්ම තම ජීවිතය පරදුවට තබා දරුවන් රකින දෙමවුපියන්ට කලගුණ
සැලකීමෙන් පිහිටවීමට නම් දෙමව්පියන් විසින් තමන් වෙනුවෙන් කරන ලද
සුවිශාල වූ මෙහෙය දරුවන් විසින් අමතක නොකළ යුතුය. නූතන සමාජය දෙස බලන
විට මව්පියන්ට සැලකීම බොහෝ දුරට දරුවන් අතින් නොසලකා හැරෙන්නේ දරුවන්ට
ආවාහ විවාහ කටයුතු කරදීමෙන් අනතුරුව හා ඉඩකඩම් ගේ දොර වැනි දේපළ
දරුවන්ට උරුමකර දීමෙන් පසුව ය. දිවි ඇති තාක්කල් තමන්ව පෝෂණය කරමින්
රැකබලා ගනීවිය යන විශ්වාසය මත බොහෝ දෙමව්පියන් තම දරුවන්ට දේපොළ පවරා
දෙන්නේ අසීමිත සතුටකිනි. එය දෙමවුපියන් සතු යුතුකමක් ද වශයෙනි. දරුවන්
පමණක් නොව දරුවන්ගේ් දරුවන් (මුණුපුරන්) සමග එක්ව විසීමේ ඉමහත්
ආශාවෙනි. එහෙත් වැඩිකලක් ගතවෙන්නට පෙර මව්පියන් වෙතින් සිය පැතුම් බොඳ
වී යන්නේ, ඔවුන් නිතර නිතර රෝගාතුර වීමෙන්, රුචි අරුචිකම් අනුව ආහාරපාන
සැපයීමෙන්, ආගමික කටයුතු සඳහා සහයෝගය දීමෙන්, ඇඳුම් පැළඳුම් සැපයීම
වැනි කළයුතු යුතුකම් ඇතැම් දරුවන්ට මහත් හිසරදයක් වීමෙනි. අවංකවම
කල්පනා කළහොත් එම තත්ත්වය කෙළෙහිගුණ දන්නා දරුවන් තුළ ඇති නොවිය යුතු
නමුත් තම බලාපොරොත්තු සිහිනයක් බවට පත් වූ දෙමාපියන් අවසානයේ අසරණ බවට
පත්වන්නේ මෙතැන්හිදී ය. ඉන්පසු මවුපියන්ගේ් බලාපොරොත්තු ව වැඩිහිටි
නිවාසයකට ඇතුළුවීමට මෙන්ම, දරුවන්ගේ් වෑයම සිය මහළු මව්පියන් වැඩිහිටි
නිවාසයකට කොටුකර ප්‍රශ්න වලින් මිදීමට ය.
වියපත් අසරණ මව්පියන් හා දරුවන් අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය
සම්බන්ධතාවය බිඳ වැටීගෙන යන ප්‍රවනතාවයකට සමාජය හැඩගැසී ඇති බව මෙයින්
පැහැදිලිව ම පෙනේ.
ජීවත්වීමට ආදායමක් නැතිව සැලකීමට කිසිම කෙනෙකුගෙන් පිහිටක් නොලැබ
මරණයෙන් පසු සිිය දේහය පවා කිසිවෙකුටවත් නොදෙන ලෙස ඉල්ලමින් නිවාස වලට
ඇතුළුව ජීවිතයේ සැදෑසමය ගෙවන ඇතැම් මව්පියන් කල දවස ගෙවන්නේ කොතරම් නම්
සිත් පීඩාවෙන් ද? තම අතීතය සිහි කරමින් නිතර දෙවේලේ කඳුළු සලන ඇතැම්
මව්පියවරුන්ගේ් ජීවිත පිළිබඳ සෝචනීය කතාන්තරය දුක දන්නා බොහෝ දෙනෙකුගේ
හදවත් ගිනිගෙන දැවෙන තරම් ය.
මව්පියෝ නම් දරුවන්ගේ වරද කොතෙක් තිබුණ ද ඒ ගැන කනස්සලු නොවන්නා හ.
එවෙලේ පමණක් හිතට ගෙන තවත් සුළු මොහොතකින් එම වරද අමතක කරන්නාහ.
සෙනෙහසින් දරුවන් හැදූ මව්පියන් ගති පැවතුම් අතින් යහපත් වුවද ඇතැම්
දරුවන්ට ඒ ගැන හැඟීමක් නැත.
නාගරීකරණයේ වානිජ්‍ය රැල්ලට කොටු වූ බොහෝ දෙනෙක් කියන්නේ තමන්ගේ
දෙමව්පියන් බලා සොයා ගැනීමට තරම් අවකාශයක් එම දරුවන්ට නොමැති බවය.
නමුත් දුප්පත් පන්තියේ ඇතැම් කෙනෙක් කියන්නේ තම මව පියා පෝෂණය කිරීමට
තරම් ආර්ථික පසුබිමක් ඔවුනට නැත කියාය. එහෙත් ඉතා කනගාටුවෙන් හෝ
කිවයුතු දෙයක් ඇත.
හොඳ අධ්‍යාපනයක් ලැබූ එමෙන්ම සාර්ථක ආර්ථික පසුබිමක් ඇති ධනවත් පන්තියේ
දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් බැලීමට ඔවුන්ට සත්කාර කිරීමට තරම් අවකාශයක්
නැතැයි කියනවානම් එය පිළිගත යුතු සත්‍යයක් නොවේ. අප දන්නා තරම් තොරතුරු
ලබා ගැනීමෙන් හා කරන ලද සමීක්ෂණ වලදී පැහැදිලිව පෙනෙන කරුණක්නම් ඉඩකඩම්
හා ගේ දොර ලියවා ගත් ඇතැම් විවාහක දරුවන් බොහෝමයක් දෙනා කිසිදු
අනුකම්පාවකින් තොරව ඕනෑකමින්ම තම මව්පියන් අත්හැර දමන බව ය.
කිසිදු ඉස්පාසුවක් නැතිව අඩුතරමින් පොහොය දිනකවත් පන්සලකට ගොසින් මලක්
පහනක් පුදන්නට තරම්වත් අවකාශයක් නොමැතිව ජීවිතය එකම සටනක් බවට පත්කර
ගත් සමාජයේ උසස් යැයි සම්මත තානාන්තරයන් හි වැජඹෙන සමහර දරුවන්ට පැය
ගණනක් රූපවාහිනිය ඉදරියේ නොයෙකුත් රූප නැරඹීමට කාලය කා දමමින් පැය ගණන්
වරු ගණන් මධුවිත පානයට ඕනෑතරම් කාලය ඇත. එබදු දරුවන්ට එක පැයක් හමාරක්
මාසයකට වරක්වත් අම්මා තාත්තා දැක ගැනීමට ඉඩක් නැත. එතරම්වත් ඉඩපහසුකමක්
නැති ඇතැම් ධනවත් දූ පුතුන්ට සති ගණන් මාස ගණන් රට රටවල සවාරි යන්නට
ඕනෑතරම් කාලයත් ආර්ථික පහසුවත් ඇත.
‘ගෙදර බුදුන්’ ගෙදර තනිකොට අසරණ කොට නොඑසේ නම් මහළු මඩවකට කොටුකර රටේ
දුර බැහැරක හෝ දේශ දේශාන්තරයන්හි යාම යුතුකම් දන්නා කවරෙකු විසින් හෝ
අනුමත නොකරනු ඇත.
කරුණු එසේ වුවද තමන්ට වඩා තම මව්පියන් සුවසේ ජීවත්වෙනවා දකින්නට සතුටු
දරුවෝ ද නැත්තේ නොවේ. ගේ දොර තමන් නමට ලීවුව ද ඇතැම් දරුවෝ මව්පියන්ට
අපහසුතාවයකින් තොරව ජීවත්වීමට අවකාශ සලසා කුලී ගෙවල් වල වෙසෙන
කරුණාවන්ත දරුවෝ ද අද අප සමාජයේ ඕනෑතරම් සිටින බව පිළිගත යුතු ය. එසේ
සිටිය ද එම දරුවන් මව්පියන්ට සැලකීමෙන් උපස්ථාන කිරීමෙන් තම යුතුකම්
අඩුපාඩුවක් නැතිව ඉටු කරන්නා හ.
නිතර දෙවේලේ මවගේ් පියාගේ දුක සැප සොයා බලන්නා හ. යම් ගැටලුවක් වේනම්
එය විසදන්නා හ. එවැනි පුණ්‍යවන්ත දරුවෝ අප අතර කොතෙකුත් ඇත.
තවත් අතකින් බැලුවොත් තම මවට පියාට සලකා කුසල් රැස්කර ගන්නට දරුවන්ට
පිනක් තිබිය යුතුය. එවැනි පිනක් නැති දරුවෝ මව්පියන් වෙනුවෙන් යුතුකම්
ඉටු නොකිරීමෙන් ඔවුන් නොදැනුවත්ම පව් සිදුකර ගනිති.
එවැනි දරුවන් ගේ් ජීවිත ද අවසන් කාලයේ දී ගෙවා මියැදි යන්නේ් මෙහි
මුලින් සඳහන් කළ මව්පියන් ජීවත්වූවාටත් වඩා දස දහස් ගුණයක දුක්ඛ
දොම්නසන්ට මුහුණ දෙමින් ය. එහෙම දෙයක් නැහැ යි තමන් වරදින් මිදෙන්ට
මෙන් සිතුව ද එලෙස මිය යන්නවුන්ට නිරය මිස අන්කවර සුගතියක් ද? කවර
තරාතිරමේ පුද්ගලයෙකු වුවද මවට හා පියාට සැලකීම ආදර්ශයට ගතයුතු වැදගත්
චාරිත්‍ර ධර්මයකි.
|