පින් දහම් මත යැපෙන ‘උපධි සම්පත්තිය’
උඩුබද්දාවේ සෝමරත්න
බන්නැහැක
යමෙක් තමා විසින් සිදු කරනු ලබන පාපකර්මයන්ගේ විපාක වළක්වා ගැනීමට හේතු
වන්නේ ‘උපධි
සම්පත්තියයි ’. උපධි
සම්පත්තියට හේතු වන කුසල කර්මයන් කෙසේද යන්න
බුදුන් වහන්සේ විසින් මැනවින් දේශනා කොට ඇත.
මිනිසත් බව ලබන්නට බොහෝ කුසල් කළ යුතුය.
එසේ පින් කොටත් උපදින මනුෂ්‍යයෝ ගති පැවතුම් අතින් විවිධාකාරය.
ගති පැවතුම් හා ක්‍රියාකාරකම් අතින් මනුෂ්‍යයෝ එකිනෙකාට බොහෝ වෙනස්ය.
කෙනෙක් රුව ලක්‍ෂණ අතින් පි‍්‍රයශීලි බවක් දක්වති. ඇවතුම් පැවතුම්වලින්
අන්‍යයන්ගේ සිත් ගනිති. අනුනට පමණක් නොව තමන්ටත් කරදරයක් පීඩාවක් නොවන
අයුරින් ජිවත් වීමට නිසි පිළිවෙත් ඇතිව කල දවස ගෙවති. දුගී දුප්පත්ව,
අසරණව හරියකට ඉන්න හිටින්න තැනක් නැතිව උපන්න ද ඇතමෙකුගේ ඇවතුම්
පැවතුම් යමෙකු තුළ පැහැදීමට හේතුවේ. එබඳු පුද්ගලයෝ “ උපධි සම්පත්තිය “
ලැබීමට පුණ්‍යවන්තයෝ වෙති.
භාග්‍යවත් බුදුපියාණන් දවස මහා ධනස්කන්ධයක් ඇති සිටුවරයෙක් සැවැත් නුවර
විසීය. මෙම සිටුවරයා බොහෝ මසුරුය. කිසිවෙකුටත් උපකාරයක් නොකළේය. ආගමක්
ධර්මයක් නොඇදහු මොහු සිල්වතෙකුට හෝ අසරණයෙකුට දනක් පමණෙකුදු නොදුන්හ.
අනුන්ගේ අඩුපාඩු සොයමින් ඒ ගැන කතා කළා මිස, තමන්ගේ වැරැදි හදා ගන්නේ
නැත. නින්දා අපහාස කෙරෙමින් අන්‍යයන් හෙළා දුටු ඔහු ජීවිතයේ වැඩි
කාලයක් දුක් විඳ මිය පරලොව ගියේය.
මරණින් මතු ඔහු සැඬොල් ගමක සැඬොල් කාන්තාවක කුස උපන්නේය. උපන් දරුවා
විරූපීය. අවාසනාවක මහත, ඔහු උපන්දා සිට එම සැඬොල් පවුලට හොඳක් නම්
නොවීය. සෑම අතින්ම අග හිඟකම් ඇති විය. ලෙඩ දුක් වැඩි විය. මව දරුවා හදා
ගත්තේ ද ඉතා දුක සේය.
මෙලෙස විරූපීව අවාසනාවන්ත ලෙස උපන් දරුවා හැදී වැඩී ලොකු මහත් වුවද
කිසිවකු විසිනුත් පි‍්‍රය නොකළේය. පෙර භවයන්හි “ උපධි සම්පත්තිය” ක්
ලැබීමට තරම් පිනක දහමක නොයෙදීම ඊ්ට හේතුවයි.
යමෙක් තමා විසින් සිදු කරනු ලබන පාපකර්මයන්ගේ විපාක වළක්වා ගැනීමට හේතු
වන්නේ ‘උපධි සම්පත්තියයි .’උපධි සම්පත්තියට හේතු වන කුසල කර්මයන් කෙසේද
යන්න බුදුන් වහන්සේ විසින් මැනවින් දේශනා කොට ඇත.
මිනිසත් බව ලබන්නට බොහෝ කුසල් කළ යුතුය. එසේ පින් කොටත් උපදින
මනුෂ්‍යයෝ ගති පැවතුම් අතින් විවිධාකාරය.
රුව ලක්‍ෂණ අතින් කෙනෙක් පි‍්‍රයශීලි බවක් දක්වන අතර ඇවතුම් පැවතුම්
වලින් අන්‍යයන්ගේ සිත් ගනිති.
හරියකට ඉන්න හිටින්න ගෙයක් දොරක් නැතිව දුක්ඛිතව අසරණව උපන්නද ඇතමතු
පැවතුම් හා ක්‍රියාකාරකම් අන්‍යයන් සිත් ගන්නා සුළුය. ‘උපධි සම්පත්තිය
‘ ලැබීමට සුදුසු පුණ්‍යවන්තයෝ වනුයේ ඔවුහු ය.
මෙම තත්වය මනුෂ්‍යයන් අතර පමණක් නොව තිරිසන් සත්වයන් අතරද බල
පැවැත්වෙනු ඇත. ඇතැම් බලු බළල් හෝ වසු පැටවුන් දුටු පමණින් කෙනෙක් තුළ
ආදරයක් කරුණාවක් ඇතිව පහදින ස්වරූපයක් පවතී. තිරිසන්ගත ආත්මභාවයක එම
සත්වයන් උපත ලැබුවද ‘උපධි සම්පත්තිය’ක් ලැබීමට තරම් කුසල කර්මයක් පුර්ව
ආත්මයන්හි ඔවුන් විසින් සිදු කරගෙන තිබීම ඊට හේතුව ය. ඇතැම්
මනුෂ්‍යයන්ටත් වඩා සැපෙන් ඇති දැඩි වන තිරිසන් සත්වයන් කොතෙකුත් සිටින
බව අප කාටත් දැක ගත හැකිය.
මේ අතර තවත් කෙනෙක් ඊට හාත්පසින්ම වෙනස් ය. අන්‍යයන්ට පමණක් නොව තමන්ට
ද ඔවුන්ගේ ජීවිත පීඩාකාරිය. ඇතමෙක් ඉතා දිළිඳුව උපදී. තවත් කෙනෙක් බොහෝ
ධන සම්පත් ඇත්තෝ වෙති. කවර තරාතිරමේ කෙනෙකුගේ හෝ ඇසුරට ලක් නොවන
ස්වරූපව උපන්නෝද වෙති. ඔවුන්ගෙන් කෙනෙක් විරූපී විය හැකිය. නොමැති නම්
ක්‍රියාශීලි ගති පැවතුම් ඇති තැනැත්තෙකු වියහැක.
යම් පාප කර්මයක් හේතු කොට ගෙන ඊට අනුරූපව අගහිගකම සමඟ දිළිඳුව උපන්න ද
එහිදී ‘උපධි සම්පත්තිය ‘ ලැබීමට ඉවහල් වන පින ඉදිරිපත් වුවහොත් සසරදී
කරන ලද (ආනන්තරීය පාප කර්මයන් හැර ) සාමාන්‍ය අකුසල කර්මයන්හි විපාක
වළක්වා ගත හැකිය.
කෙනෙකුට රූප සම්පත්තිය ලබාදෙන යහපත් ක්‍රියාවන් බුදු දහමින්
ප්‍රකාශිතය. ප්‍රධානම කුසලය වන්නේ ආහාර පාන දන් දීමය. මිනිසා පමණක් නොව
උපන් සෑම සත්වයයෙක්ම ජීවත් වනුයේ ආහාරයෙන් හෙයින් සිල්වත් උතුමන්,
දිළිඳු අසරණයන්ට දන්දීම කුසල් වැඩෙන පින්කමකි.
බුදුරජාණන් වහන්සේගේ දේශනය අනුව දන් දීමෙන් මිනිසා තුළ ආයු, වර්ණ, සැප,
බල, ප්‍රඥා යන පංච බල කුසල් වර්ධනයට හේතු වෙයි .මෙයිනුත් රූප සම්පත්තිය
ලැබීමට ආහාර දන්දීම ප්‍රධාන වෙයි.
කරන යම් කටයුත්තක් වේ නම් ඒවා කලට වේලාවට සංවිධානාත්මකව සිදු කළ යුතුය.
ආගමික පුණ්‍ය කටයුතු වලට පමණක් මෙය සීමා නොවේ. එදිනෙදා පවතින ගේ දොර
කටයුතු ගොවිතැන්, කර්මාන්ත, ආදී රැකියාවන්හි දීද යම් සැලැසුමක් අනුව
කටයුතු කරීම ද රූප සම්පත්තිය ලැබීමට හේතු වන කුසලයන්ය.
ඇතැම් කෙනෙක් එසේ නොවේ. කරන වැඩක් ඇත්නම් එය කරන්නන් වාලේ ආවාට ගියා
නැතිනම් උඩින් පල්ලෙන් කර එම කාර්යය අඩාල කරති. ප්‍රතිඵලය වන්නේ
නිෂ්ප්‍රයෝජනය පමණකි. කායික මහන්සියත් සමහර විට ධනයත් අපතේ යැවීමකි.
යම් ආකාරයකින් සිතට නැගී එන ක්‍රෝධය එහෙමත් නැත්නම් තරහව වළක්වා ගෙන
මෛත්‍රී සිතක් ඇතිකර ගැනීම ‘උපධි සම්පත්තිය ‘ ලැබීමට සමත් වන තවත්
පින්කමකි.
අන්‍යනන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා නොකරිමෙන් එසේ දියුණුව දැක තමා ද සතුටු
වීමෙන් ‘උපධි සම්පත්තිය ‘ ලැබීමට ඉවහල් වන තවත් පුණ්‍ය කර්මයකි.
“මුදිතාව “ නමින් හඳුන්වන මෙය, අත් පා, ඇස , කන්, නාසා දී අංගෝපායන්
නිසි පරිදි පිහිටන රූප ශෝභාව ඇති කරන පින්කමක් ලෙස හැඳින්විය හැක.
බොරුවෙන්, වැළකීම, සත්‍යවාදී වීම, කාගේත් සිත් පහදින ආකාරයෙන් මියුරු
වචනයෙන් කතා කිරීම, රූප ශෝභාව ලැබීමට සමත් වන පින්කම් අතර වේ.
අපගේ ශාස්තෘ බුදු පියාණන් දවස විසූ “ පිළින්දවච්ඡ “ මහ රහතන් වහන්සේ ගේ
කතාව රළුය. සැර පරුෂය.අන්‍යයන් සිත් රිදවන ස්වභාවයක් ඇත්තේය. කෙනෙකු
පහදින ස්වරූපයක් නැත. බොහෝ විට තෝ බොල ආදි වශයෙන් කර්ණ කටුක වචනයෙන්
කෙනෙකු ඇමතීමට උන්වහන්සේ පුරුදුව සිටියහ.මේ නිසා බොහෝ වහන්දෑ
‘පිළින්දවච්ඡ’ මහ තෙරුන් වහන්සේ ගේ වචනය පිළිකෙව් කළහ. ඇතැම් භික්ෂූන්
වහන්සේ ඒ සම්බන්ධයෙන් බුදුන් වහන්සේට පැමිණිලි කළහ.
කතාවෙන් සංවර නොවූව ද, “ පිළින්දවච්ඡ “ මහ රහතන් වහන්සේ, දුටුවන් තුළ
පි‍්‍රය මනාප පෙනුමක් ඇති විය. පාංශු දේහධාරි උන්වහන්සේ පැහැයෙන්
රන්වන් ය. සුසිනිඳු සිරුරය. වර්ණවත් අන්‍යයන් පහදින ස්වභාවයක්
උන්වහන්සේට ලැබුණේ පෙර සසරදී වස්ත්‍ර දන් දීමෙන් ලද ආනිසංස යෙනැයි
උනවහන්සේම දක්වා ඇත.
පෙර අත් බැව්හි කරන ලද පරිත්‍යාගයත් සිතෙහි වර්ධනය කර ගන්නා ලද මෛත්‍රී
කරුණා ගුණ ධර්මයත් නිසා කෙනෙකු ශරීර වර්ණයට අඟ පසඟ නිසි පරිදි පිහිටා
උපත ලැබීමට හේතු වන බව ධර්මයෙහි සඳහන්ය.
එවැනි උපතක් ලැබූ යම් කෙනෙක් වේද කවර තැනකට ගියද කාගේත් ගෞරවය ,
සැලකිල්ල ලැදියාව නොඅඩුව ලැබීමට හේතු වෙයි . කෙබඳු කරදරයක් හෝ
උපද්‍රවයක් පැමිණීමට අවකාශ තිබුණද එබඳු හිංසාකාරි විපත් ‘උපධි
සම්පත්තිය ‘ හේතු කොට ගෙන වළකාලීම කර්ම නියාමය වෙයි.
අපගේ ශාස්තෘ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර
වැඩ වසන සේක. එක්තරා මාලාකරුවෙක් සැවැත් නුවරට නුදුරු ගම් දනව්වක
විසීය. ඔහුට “චාලා “ නමින් දියණියක් වූවාය. නව යෞවන වියට පැමිණි ඕතොමෝ
මනා රූ ඇත්තීය. ඇය බෙහෙවින් කරුණාවන්තය. මවුපියන්ට කීකරුය. අසල්වාසීන්
සතුටු සිතින් ඇසුරු කළාය. මේ නිසා චාලා කුමරිය කාගෙත් ප්‍රසාදයට හේතු
විය.
සාමාන්‍ය පවුලක උපන් ‘චාලාගේ “ පියාණන් ලොකු ධනවතෙක් නොවීය. රැකියාව
වශයෙන් කළේ සැවැත් නුවර වීථියෙහි මල් වෙළෙඳ ශාලාවලට මල් සැපයීමය.
දියණිය චාලා ඒ සඳහා ඔහුට උදවු කළාය. තනියෙන් මැ නොවේ. ඇගේ සම වයසේ අසල්
වැසි මිතුරියන් කිහිප දෙනෙකු සමඟය.
දිනපතා මල් සොයා නගරයෙන් පිටත යන ‘චාලා’ උදෑසන ආහාරයට සැහැල්ලු යමක්ද
රැගෙන ගියාය.ඇගේ යෙහෙළියන් ගේ සිරිතද එයයි. මෙදින චාලාගේ පසුම්බියේ
වූයේ අග්ගලා ගෙඩි තුනකි. මෙම අවස්ථාවේදී ඇය යෙහෙළියන් සමඟ මල් වත්තට
ආසන්න වෙමින් සිටියහ.
හිරු උදාවෙන් අඩ හෝරාවක් පමණ ගෙවී යන්නට ඇත. පා සිවුරු පෙරවා පාත්‍රා
අතින් ගත් ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ කිහිප නමකුත් සමඟ ශාන්ත
ගමනින් ඉදිරියෙන් වඩින සේක. බුදුන් වහන්සේ දුටු පමණින් ‘චාලාගේ ‘ සිත්
සතන් සතුටින් පිරී ගියා ය. එවැනිම ශ්‍රද්ධාවක් ඇති විය. තම ආදරණීය
මවත්, පියාත් එවිට ඇයට නිතැතින්මැ සිහිපත් විය.
“දරුවෙනි, අප පොහොසතුන් නොවූවද පිනක් සිද්ධ කර ගැනීමට යම් අවස්ථාවක්
එළඹුණ හොත් ඊට අප්‍රමාද විය යුතුය. තමන්ට ඇති තරමින් යුහුසුළුව දන් දිය
යුතුය. නිරන්තරයෙන් තුණුරුවන් කෙරෙහි සිත අලවා ගන්න. තෙරුවන් හැර වෙනත්
සරණක් අපට නැත. සරණ සීලයේ පිහිටියෝ හැම විටෙක මැ සන්සුන් සිතින් ජීවත්
වන්නා හුය. ශ්‍රද්ධා ධනයට වැඩි ධනයක් වෙනත් නැත.
බුද්ධාලම්බන පී‍්‍රතියෙන් පිනා ගිය ‘ චාලා කුමරියට ‘ දන් පිදීමට අඩුවක්
නැත. ඇගේ පසුම්බියේ අග්ගලා තුනක්ම තිබේ. බුදුන් වහන්සේ පුදන්නට එය හොඳට
මැ ප්‍රමාණවත්ය.
ඇය මෙසේ සිතීය. “පෙර සසර පින් කර ඇති හෙයින් බුදුරජාණන් වහන්සේ දකින්නට
මට භාග්‍යයක් ලැබුණා විය හැකිය. එහෙයින් මම, පසුම්බියෙහි ඇති අග්ගලා
තුනම උන්වහන්සේට පුදමි “ ඉතා ශ්‍රද්ධාවෙන් බුදුන් වහන්සේට පූජා කොට වැඳ
නමස්කාර කළාය. මේවිට අනඳ මහ තෙරුන් වහන්සේ ද බුදුන් වහන්සේ සමීපයෙහි
වැඩ සිටි සේක. දන් පිළිගැනීමත් සමඟ බුදුන් වහන්සේ වෙතින් සිනහවක් පහළ
වීය . දන් පිදූ ‘චාලා ඇගේ යෙහෙළියන් සමඟ මල් වත්තට ගියාය. බුදුරජාණන්
වහන්සේ වෙතින් සිනහවක් පහළ වනු දුටු ආනන්ද තෙරුන් වහන්සේ.
ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ‘චාලා ‘ කුමරියගෙන් දානය පිළිගන්නා විට ඔබ
වහන්සේ සිනා පහළ කළ බවක් දුටුවෙමි. කුමක් හෙයින්ද ස්වාමීනි “ යි ආනන්ද
තෙරණුවෝ විචාළ කල්හි.
“ඇවැත්නි, ආනන්දය, ලොවුතුරා බුදුවරු නිකරුණ් සිනා පහළ නොකරන්නාහ.
මොහොතකට පෙරැ තමන් අනුභවයට ගෙනෙන ලද අග්ගලා කිහිපය මහත් වූ
ශ්‍රද්ධාවෙන් අප වෙතැ පුජා කළාය. එලෙස පුජා කළා වූ පුණ්‍ය කර්මයෙහි
පසුබිම සැඟවුණ, පිනක් මතුවීමට අවකාශ ලැබෙන්නේය.
ම විසින් එය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් මැ දුටුවෙමි. ආනන්දයෙනි, චාලා කුමරිය
සිද්ධ කළා වූ කුසල් මහිමයෙන් අද සවස් භාගයෙහි රජ කෙනෙකුට අග්‍ර මහේෂිකා
වන්නට තරම් ඇය පුණ්‍ය වන්තියෙකැ ඒ බව දැන සිනා පහළ කළෙමි “ යි වදාළ
සේක.
අජාසත්ත තරුණ රජතෙමේ කොසොල් රජ්ජුරුවන්ගේ සහෝදරියක ගේ පුත්‍රයාය. මගධ
රට එක්තරා ජනපදයක් කොසොල් මහ රජු සහ අජාසත්ත යන රජවරුන් දෙදෙනාගෙන් එක්
රජෙකු දිනා ගැනීමේ සටනෙක පටලැවී සිටියේය. කාලයත් තිස්සේ පැවතුණ මෙම
සටනින් කොසොල් මහ රජු පරාජයට පත් විය. තම බෑණනුවන් වන අජාසත්ත රජුට
පරාජ ය වූ කොසොල් මහ රජු එයින් මහත් වු ලජ්ජාවට පැමිණ තම යුද්ධ
සේනාවෙන්ද හුදකලා වී වෙස්වලාගෙන අසෙකු පිටින් පැන ගියේය. ඒ වන විටත්
මහත් වෙහෙසට පත්වි සිටි රජතුමා අප්‍රසිද්ධියේ මැ නුදුරෙහි වූ මල් වත්තට
පැමිණියේය.
තණ කා දිය බීමට අශ්වයා මුදා හළ රජු විඩා සන්සිදුවා ගැනීම් වස් උයනෙහි
වූ රුක් සෙවණක් යට වාඩි විය.
මල් සොයා ගිය ‘චාලා ‘ සහ ඇගේ මිතුරියෝ ගස යට ගිමන් නිවන මිනිසකු සිටිනු
දුටුවද වෙස්වලා සිටි රජු කවරෙක්දැයි හඳුනා ගැනීමට ඔවුන්ට නුපුළුවන්
විය. රජු බිම් වැතිරී සිටින තැනට තම මිතුරියන් සමඟ චාලා කුමරිය
පැමිණියේ අසරණයකු වශයෙන් කවරකුට හෝ පිළිසරණක් වන අදහසින්ය. පිපාසයෙන්
බිම වැතිර සිටි රජුට බීමට දියත්, කුසගින්න නිසා කෑමට පළතුරුත් සපයා
දුන්හ. ‘චාලා’ තමන් වෙතැ දැක්වූ දයාන්විත කරුණාව නිසා රජු ඇය කෙරෙහි
බෙහෙවින් පැහැදුනේය.
පි‍්‍රය වචනයෙන් කළ කතා බහත්, ආගන්තුක සත්කාරයෙහි දැක්වු නිපුණතාවත්
ඇගේ මිතුරියනට ඇය දුන් නායකත්වයත් ගැන සැළකිලිමත් වූ කොසොල් මහ
රජ්ජුරුවෝ ඇගේ රූප ශෝභාව දැක ඇය කෙරෙහි තදින්ම මැ ඇල්මක් දැක්වූහ.
දුටුවන් සිත් ගන්නා රූප ශෝභාවෙන් පිරිපුන් ‘චාලා ‘ රජ මාලිගයකට සුදුසු
මහා භාග්‍යවන්තියෙකැයි සිතා එයින් රජු බෙහෙවින් සතුටු විය. ‘චාලා’
කුමරිය ඇතුළු තරුණියන් වෙතින් ගෞරවයට හා සත්කාරයට පාත්‍ර වූ කොසොල් මහ
රජු තමා කවරෙක්දැයි ඔවුනට හෙළි කළේ නැත.
කරන ලද උපකාරයට මුව නොසැහෙන සේ ස්තුතිය ප්‍රකාශ කළ එතුමෝ අසුපිට නැගී
උයනින් නික්මැ ගියහ.
රජ මාළිඟය බලා ගමන් ගත් කොසොල් මහ රජ්ජුරුවෝ වහා සිය ඇමතියන් රැස්කරවා
‘චාලා ‘ කුමාරිකාව කාගේ කවුරුන්දැයි විවසා දැන පැමිණීමට ඇමැතියන්
යැවූහ. ‘චාලා ‘ අවිවාහක තරුණියක් බව ඇමැතිවරුන් අතින් විමසා දැන ගත්
කොසොල් රජු ඇය සහ ඇගේ මවුපියන් සම¼ග කිට්ටුම ඥාතීන් රාජ මන්දිරයට කැඳවා
සත්කාර සම්මානයෙන්, සංග්‍රහ පවත්වා ‘චාලා කුමරිය කොසොල් මහ රාජයන්ගේ
අග්‍ර මහේෂිකාව බවට පත් කර ගත්හ.
මල් උයනේදි රජ්ජුරුවන්ට හමුවූ ‘චාලා’ අග මෙහෙසුම් පදවියෙන් පිදුම් ලැබූ
අනතුරුව ‘මල්ලිකා දේවිය ‘ නමින් හඳුන්වනු ලැබීය.
බුදුරජාණන් වහන්සේට අග්ගලා පිදු පින මහත් ඵල මහානිසන්ස වූ හෙයින් එහි
ඉෂ්ට විපාක වශයෙන් තමන්ට මෙම මහා සම්පත්තිය ලැබුණේය යි අදහාගත් මල්ලිකා
දේවිය බොහෝ වූ ශ්‍රද්ධාව ඇති පරිත්‍යාගයෙන් ජනහිතකාමි අග්‍ර මහේෂිකාවක්
වශයෙන් ජනාදරයට පත් වැ රාජ ගෞරවයෙන්ද පිදුම් ලැබුවාය.
සැවැත් නුවර විසූ මාලාකරුවෙකුගේ දියණියක වූ ‘චාලා’ කෝසල මහා රාජයා වැනි
රජෙකුට අග මෙහෙසුන් වීමට හේතුසම්පන්න වූයේ ඇය සසර පුරුදු කර ගෙන
පැමිණි” උපධි සම්පත්තිය “ නිසාය.
පසු කලෙකදී බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් මහ රහතන් වහන්සේ වෙතැ
පුජා කරන ලද “අසදෘශ මහා දානමය “ පින්කමෙහි දී කෝසල මහා රාජයාණන්ට
උපදෙස් ලැබුණේද “ චාලා” නොහොත් මෙම අග්‍ර මහේෂිකාව මල්ලිකා දේවීන්
විසින්ය.
“කෝසල මල්ලිකා “ යනුවෙන් විරුදාවලිය ලත් මෙතුමිය ගෞතම නම් වූ සම්බුද්ධ
ශාසනයේ අග්‍ර ගණ්‍යයේ දායිකාවක් වූවා සේම මහා දානපතිනියක් වශයෙන් දේශ
දේශාන්තරයෙන්හි පතළ ව මහත් කීර්තියක් ඇත්තේ වූවාය. |