UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 අප ලොව ශිෂ්ට ජාතියක් වන්නේ බුදු දහමට අනුව ජීවත් වුණොත් පමණයි - අගමැති දි.මු. ජයරත්න

අපට ලෝකයේ ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත්විය හැකි වන්නේ බුදු දහමේ උගන්වා ඇති පරිදි අපේ ජීවිත යහමඟට හැඩගස්වා ගතහොත් පමණැකියිද එයින් අපට සුබ අනාගතයක් උදාකර ගත හැකි බව ද අගමැති දි.මු. ජයරත්න මහතා උඩුනුවර කඹුරාදෙණියේදී පැවසී ය. අගමැතිවරයා එසේ පැවසුවේ කඹුරාදෙණියේ ටිකිරි බෝගහගොඩ ඓතිහාසික සංඝරාජ පිරිවෙන් විහාරස්ථානයේ අභිනව ධර්මශාලා ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීමේ උලෙළේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

විහාරාධිපති මී වතුරේ වජිරඥාණ මාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උත්සවය උඩුනුවර ප්‍රධාන සංවිධායක, උසස් අධ්‍යාපන ඇමැති ඇස්.බී. දිසානායක මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් හා මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූහ. මෙහිදී අගමැතිවරයා මෙසේ ද කීය.

“අපේ විශ්වවිද්‍යාල වලින් අපේ රටට පමණක් නොව ලෝකයටම අවශ්‍ය උගතුන් බුද්ධිමතුන් බිහිකිරීමේ හැකියාව තිබෙනවා. පුද්ගලයින් හැටියට අපි අතින් යම් යම් වැරැදි සිදුවෙනවා. ඒ වැරැදි හදාගෙන අප ඉදිරියට යා යුතුයි. එසේ නොවුවහොත් ලෝකයටම අපි නරක ජාතියක් හැටියට ප්‍රකට වෙනවා. අපි සමාජයේ යහපත් මිනිසුන් හැටියට රටේ යහපත් ආර්ථිකයක් ගොඩනගාගැනීමට හැමදෙනාම කල්පනාවට ගතයුතුයි. ඒ සඳහා සාධාරණ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ආදායම් උපයාගත යුතුයි.

අපේ රටේ සම්බුද්ධ ශාසනය වසර 2500ක් ආරක්ෂා වුණේ මහා සංඝරත්නයේ කැප කිරීම් නිසා යැයි කී අගමැති දි.මු. ජයරත්න මහතා මහාසංඝ රත්නය ආරක්ෂා කර ගැනීම දායකයන් වශයෙන් අපේ වගකීමක්.උසස් අධ්‍යාපන ඇමැති ඇස්.බී. දිසානායක මහතා

මේ රටේ විශාල මුදලක් වැයකළ යුද්ධය දැන් නිමාවට පත්ව ඇති නිසා ලැබෙන ආදායම රටේ සංවර්ධනයට වැය කළ හැකියි. තව නොබෝ කාලයකදී මහනුවර සියලු අබලන් මාර්ග සංවර්ධනය කරනවා. දැන් ඉන්දියාව , චීනය වැනි රටවලත් බුදු දහම පවතින්නේ අපේ මහා සංඝරත්නය නිසයි. එය අපට සතුටට කරුණක්. ඒ නිසා අපේ බෞද්ධ සිද්ධස්ථාන රැකගෙන බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඒවා සංවර්ධනය කිරීම දායක කාරකාදීන් හැටියට අපේ වගකීමක්.

නව ධර්මශාලාව සඳහා සුබ මොහොතින් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න , උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක සහ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු මුල් ගල් තැබූහ.

මහනුවර දකුණ විශේෂ - ආර්.එම්. රත්නායක

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]