UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පොසොන් පෝදා පින්කම්

කතරගම කිරි වෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී පොසොන් පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවෙ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන්කරවීම මල්පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා බෞද්ධ කොඩි 330 පැළදවීමේ කප්රුක් පූජාව පැවැත්වේ. භාවනා වැඩසටහන චෛත්‍යය මලුවේදී පැවැත්වේ. ගාමිණීපුර බෞද්ධ සමිතියේ මල්පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට පැමිණ කිරිවෙහෙර වහන්සේ වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට නොමිලේ මල් බෙදාදෙයි. උදේ ධර්ම දේශනාව කතරගම කඳසුරිදුගම ශ්‍රී‍්‍ර බෝධි රාජ විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය කිරින්දේ රතනාලංකාර නාහිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේදී පැවැත්වේ.

සවස කිරිවෙහෙර මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨපල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පුජා කිරීම බෝධින් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් අනතුරුව අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජ මහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් බෝධි පුජාව පවත්වා ශ්‍රී ලංකාවාසි සැමට සෙත්පැතීම සිදුකෙරේ. කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් මාලාව සංවිධානය කර ඇත.


අනුරාධපුර මහා විහාරය

මහාවිහාර සංඝ සභාවේ සභාපති අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී 25 දින පැවැත්වෙන මහාවිහාර පොසොන් පොහොය වැඩසටහන මෙසේය.

පුන්පෝ දින පෙරවරු 6.00 - 6.30 ජය සිරිමහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 6.30 - 7.00 - බුද්ධ පූජාව, 8.00 - 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේදී ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය, 8.30 - 9.15 - ධර්ම දේශනය - තලාවේ ඥානරතන හිමි, 9.15 - 10.00 භාවනා - මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 - 11.00 ජයසිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව, 11.00 ප.ව. 12.30 පුණ්‍යානුමෝදනාව, පස්වරු - 12.30 - 1.00 මහාවිහාර සන්නිපාත ශාලාවේදී ජාතක කතා දේශනාව - කිරින්දේ ඥානදර්ශන හිමි, 1.00 - 2.00 - ධර්ම සාකච්ඡාව , 2.00 - 2.30 - ශීල ආවර්ජනය , 2.30 - 3.30 - භාවනා, 4.00 - 5.00 ජයසිරි මහ බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය, 5.15 - 6.00 - මහාවිහාර සන්නිපාත ශාලාවේදී භාවනා, 6.30 - 7.00 ජයසිරිමහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 7.30 - 8.30 - මහාවිහාර සන්නිපාත ශාලාවේදී ධර්ම දේශනය, 8.30 - 9.30 - භාවනා, 9.30 - 10.00 - පිරිත් සජ්ඣායනය, 10.00 පුණ්‍යානුමෝදනාව - ඕපාත ධම්මසාර හිමි

පුන්පෝදිනට පසු දින

පෙ.ව. 5.00 - 5.30 - මහාවිහාර සන්නිපාත ශාලාවේදී භාවනා, 6.00 - ජයසිරිමහා බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දී පොසොන් පුර පසළොස්වක පොහෝදා, ශීල, භාවනා, ධර්ම දේශනා පින්කම් මාලාවක් සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපසාක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 සිට 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී, රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරි මහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රජවත්තේ වප්ප හිමි, 09.15 – 10.15 ධර්ම දේශනාව කථිකාචාර්ය පණ්ඩිත කොස්ගොඩ චන්ද්‍රජෝති හිමි, 10.15 – 11.00 සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරි මහින්ද නාහිමි, 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ක්‍ධායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්. 1.00 – 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.00 භාවනා වැඩ සටහන තලල්ලේ සිරි මහින්ද නාහිමි, 3.15 – 4.15 ධර්ම දේශනය වැල්ලවායේ බුද්ධවංශ හිමි, 4.30 – 5.30 ධර්ම දේශනය මොරාවත්තේ සුබෝධි හිමි 6.00 සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද නාහිමි, 7.00 – 7.30 මල් පහන් ගිලන්පස සම්බුද්ධ පූජාව රාත්‍රී 7.45 සිට 8.45 ධර්‍ම දේශනාව රාජකීය පණ්ඩිත මාමඬලේ විමල හිමි.


සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම

පොසොන් පුර පසළොස්වක පෝ දා වැඩිහිටි සීල සාමාදාන වැඩසටහන

පෙ.ව. 6.00 - 7.00 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගබ්බෙල වජිර හිමිපාණෝ ,පෙ.ව. 7.00 - 8.00 හීල් දානයට විවේකය ,පෙ.ව. 8.00 - 9.00 භාවනාව -ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමණසිරි හිමිපාණෝ ,පෙ.ව. 9.00 - 11.00 දරුවන් 50 දෙනකු පැවිදි කිරීම හා ආශිර්වාදාත්මක පුණ්‍යමහෝත්සවය ධර්මායතනාධිකාරි ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක වොෂිංටන් බෞද්ධ විහාරාධිපති මහරගම ධම්මසිරි නාහිමිපාණන් පැවිදිව 50 වසරක් පිරීම නිමිත්තෙනි. පෙ.ව. 11.00 - 11.15 බුද්ධ පූජාව මකුලේමඩ සිරිනන්ද හිමිපාණෝ, බියගම කමලධම්ම හිමිපාණෝ පෙ.ව. 11.15 - 12.25 දහවල් දානය

පෙ.ව. 12.25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව , පෙ.ව. 12.30 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ පූජ්‍ය කඹුරුගමුවේ සුමේධ හිමිපාණෝ, ගඟේයායේ විජිතවංස හිමිපාණෝ , ප.ව. 01.00 - 02.00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමිපාණෝ , ප.ව. 02.00 - 3.00 ධර්ම දේශනාව මහරගම ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය කිරම රාහුල හිමිපාණෝ, ප.ව. 03.00 - 04.00 විශේෂ අනුශාසනාව අග්ග මහාපණ්ඩිත වැලිගම ඥානරතන මහා නාහිමිපාණෝ ,ප.ව. 04.00 - 04.15 ගිලන්පස , ප.ව. 04.15 - 05.00 ධර්ම දේශනාව - වැලිමඩ පසන්න මානස හිමිපාණෝ , ප.ව. 05.00 - 06.00 ධම්මපදය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමිපාණෝ, ප.ව. 06.00 - 06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමිපාණෝ , ප.ව. 08.00 සිට සර්වරාත්‍රික මහ පිරිත් දේශනය


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන වැඩ සටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ පොසොන් පෝදා තරුණසීල සමාදාන වැඩ සටහන මෙසේය. පෝදා පෙරවරු 6.00 – 7.00 - සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි 8.00 – 9.00 – භාවනාව වැලිමඩ පසන්නමානස හිමි 9.00 – 10.00 - වෙසෙසි දෙසුම – ආචාර්ය තිස්ස කාරියවසම් මහතා 10.00-10.45 – කුල දරුවන් 50 දෙනෙකු පැවිදි කිරීමේ පින්කම 10.45-11.15 පරෝපකාර සංග්‍රහය – හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි පස්වරු 12.25-12.30 – විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30-1.00 – පිරිත් හා තෙරුවන් ගුණ රන්ගිරි උල්පත සුගතවංස හිමි 1.00-2.00 – ධර්ම සාකච්ඡාව මහරගම ධම්මසිරි නාහිමි ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි 2.00-3.00 – ධර්ම දේශනාව කුකුල්පනේ සුදස්සි හිමි 3.00 – 4.00 – ධර්ම දේශනාව ශාස්ත්‍රපති කොටපොල අමරකිත්ති මාහිමි 4.15-5.00 – ධම්මපදය පණ්ඩිත ගබ්බෙල වජිර හිමි 5.00-6.00 – ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි 6.00-6.30 – ධම්මසිරි නාහිමි ආශිර්වාද බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් කළුතර බෝධි පරිශ්‍රයේදී පොසොන් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

පෝදා පෙරවරු 6.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව ගැටඅරළුවේ විමලධම්ම හිමි, 8 - 11 භාවනාව මෙහෙයවීම වතුරුගම නන්දසිරි හිමි, 11.25 අභයදාන පින්කම සහ ඒ පිළිබ¼ඳ අනුශාසනය හල්වතුරේ අස්සජි නාහිමි, පස්වරු 1 - 2 දහම් දෙසුම කලමුල්ලේ ජිනරතන නාහිමි, 2.15 - 3.15 දහම් දෙසුම පළාතොට පඤ්ඤානන්ද හිමි, 3.30 - 4.30 දහම් දෙසුම පොල්ගහපිටියේ සුගතානන්ද හිමි, 4.45 - 6.30 දහම් දෙසුම ඉහළවැවේ ඤාණසීල හිමි, වඩුපොල විමලදස්සි හිමි, 7 - 8 පහන් පූජාව මෙහෙයවීම කේ. පරණවිතාන මහතා.


ජාතික නාමල් උයන පොසොන් උත්සවය

ජාතික නාමල් උයනේ වාර්ෂික පොසොන් උත්සවය මෙම මස 25, 26, 27 යන දිනවල ඉතා උසස් අන්දමින් සිදුකිරීමට ජාතික නාමල් උයන සංරක්ෂණ හා සංවර්ධන භාරය විසින් කටයුතු යොදා ඇත.

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් දිවයිනේ් සිව් දිගින් අති විශාල බැතිමතුන් පිරිසක් ජාතික නාමල් උයන සහිත රෝස තිරිවාන නිධිය නැරඹීම සඳහා පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් ඔවුන් සඳහා ආරක්ෂාව සහ පානීය ජලය වැසිකිළි පහසුකම් රථගාල ඇතුලු සියලු පහසුකම් සපයා ඇති බව වනවාසී රාහුල හිමියෝ පැවසූහ.


ශ්‍රී ජයවර්ධනපුර ධර්මාශ්‍රම විහාරය

ශ්‍රී ජයවර්ධනපුර කොටුබැම්ම පාරේ ධර්මාශ්‍රම විහාරස්ථානයේදී, විහාරාධිපති දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන පොසොන් පොහෝදින වැඩසටහන මෙසේය.

උදේ 6ට සීල සමාදානය, 8 සේරන්කඩ සීලවංශ හිමියන්ගේ ධර්ම දේශනාව, 9 රූපවාහිනි ධර්ම දේශනාව, 10 මහවලතැන්නේ සුමනසිරි හිමියන්ගේ ධර්ම දේශනාව, 11 බුද්ධ පූජාව හා දවල් දානය. සවස 1 සමූහ පිරිත් දේශනාව, 2 කසුන් තිසර නාගොඩවිතාන මහතා මෙහෙයවන භාවනාව, 3 ජඹුරේවෙල චන්දරතන හිමියන්ගේ ධර්ම දේශනාව, 4.30 ශාන්ත ජෝතිවංශ මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාව, රාත්‍රී 7 අටවිසි බුද්ධ පූජාව හා ආලෝක පූජාව.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයෙහි 2010-06-25 පොසොන් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 6.00 – පස්වරු 6.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 මහමෙව්නාවේ මංගල හිමියන් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද, 9.00 – 11.00 දක්වා රණාල අමාදම් අසපුවේ වැල්ලම්පිටියේ විනයවංශ හිමියන් විසින් පවත්වන ධර්ම දේශනය හා භාවනා වැඩසටහනක් ද වේ. 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 - පස්වරු 1.00 ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣායනය, ප.ව. 1.00 – 2.00 ගල්දූවේ උපේක්‍ෂා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනය 2.00 – 4.00 දක්වා වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව 4.00 – 5.00 පානළුවේ සතීමා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනය 5.00 – 5.30 දක්වා තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6.00 ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


මාතර තරුණ බෞද්ධ සමිතිය

පොසොන් පෝදා පෙරවරු 6.30 සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි 8.00 බුදු ගුණ වන්දනාව, 9.30 විදර්ශනා මාර්ගය - කම්මට්ඨානාචාරිනි චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ වන්දනාව ත්‍රිපිටකවේදි ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි , පස්වරු 1.00 රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි 1.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑනේ සුවිනීත හිමි 3.00 ධර්ම සාකච්ඡාව බන්දුල උදයකුමාර මහතා , 4.00 ධර්ම දේශනාව , ශාස්ත්‍රවේදී කුඩාවැල්ලේ නන්දසිරි හිමි, 5.00 සිල් පවාරණය ශාස්ත්‍රවේදී කුඩාගොඩ ඤාණවංශ හිමි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

පොසොන් පෝදා පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, 7.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී රත්මල්කැටියේ සිරිධම්ම හිමි, 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත මොදරවානේ සිද්ධත්ත නාහිමි, 11.00 බුද්ධ පූජාව, ප.ව. 1.00 සෙත් පිරිත් දේශනාව පොඩි ස්වාමින්වහන්සේලා 2.00 ධර්ම සාකච්ඡාව 3.30 ධර්ම දේශනාව දිද්දෙණිපොත සුමේධ හිමි, 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද නාහිමි, 6.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිකාරි පණ්ඩිත හිමි


මාතර ආරෝග්‍ය සේවා සංගමය

මාසිකව පැවැත්වෙන ගිලන් සංග්‍රහය පුන් පෝදා පස්වරු 3.30 මාතර මහ රෝහලේ නේවාසික රෝගීන්ට කිරි , බිස්කට් සහ “ සිත්සුව“ ධර්ම පත්‍රිකා බෙදාදීම සිදුකෙරේ.


පොළොන්නරුව දළදා පෙරහර

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය උතුමන්ට සහ ශ්‍රී මහා බෝධිය දළදා වහන්සේ වැනි පුජනීය වස්තුවලට ගෞරව කිරීම පිණිස පවත්වනු ලබන පෙරහර අනුරාධපුර යුගය තෙක් ඈතට විහිද යන උතුම් පුණ්‍ය කටයුත්තකි. යුගයෙන් යුගයට පෙරහරේ අංග ලක්‍ෂණ වෙනස් වුවත් එදා සිට අද දක්වා පවත්වනු ලබන පෙරහර තුළ මූලික ගුණාංග එක්තරා දුරකට ආරක්‍ෂා වී ඇත.එබඳු හර පද්ධතියක් සුරකින ශ්‍රේෂ්ඨ පෙරහරක් වශයෙන් පොළොන්නරුව ඓතිහාසික ශ්‍රී දළදා පොසොන් පෙරහර වැදගත් වේ.

එදා පොළොන්නරු යුගයේ ජීවත් වු මහ විජයබාහු මහා පරාක්‍රමබාහු මහරජතුමාගේ දවසද, ඉතාමත් අභිමානවත් පෙරහර පවත්වා ඇති බව සඳහන් වේ.

1817 දළදා පෙරහර නැරඹූ පෝන් ඩේව්ගේ ප්‍රකාශය මෙහිදී වැදගත්වේ.

අනුරාධපුර යුගයෙන් පසු එළඹි පොළොන්නරුව යුගය දළදා ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ලෙස හැඳින්වීමට තරම් දළදා පූජෝපහාර දළදා වහන්සේට ලැබී ඇත. විශේෂයෙන් අටදාගෙය, සැටදාගෙය, වටදාගෙය යනුවෙන් දළදාවහන්සේ වෙනුවෙන් මාලිගා 03 ක් ම ඉදිවී ඇත්තේ පොළොන්නරුව යුගයේදීය. මෙම යුගයේද පරසතුරු උවදුරු නිසා දළදා පූජෝපහාර දළදා පෙරහර නොකඩවා පැවැත්වීමට ඉඩ ප්‍රස්ථාව නොලැබිණි.වෙහෙර විහාර වල් බිහි වීමත් සමග පෙරහර ආදි කටයුතු නැවතින.

1973 නැවතත් දළදා වහන්සේ වෙනුවෙන් පොළොන්නරුව වටදාගෙය මූලික කරගෙන පෙරහර පැවැත්වීමේ අවස්ථාව උදාකරගෙන ඇත. එම කටයුත්තේදී එවකට පොළොන්නරුව දිසාපති තනතුරු හෙබවූ අමරදාස ගුණවර්ධන මහතා පුරෝගාමීව ක්‍රියා කළ බව කෘතවේදීව සඳහන් කළ යුතුය. දිස්ත්‍රික්කයට අදාළ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන අයුරින් පුලතිසි පුරවරයේ පූජනීය වටදාගෙය දළදා මළුවට ප්‍රාදේශීය පෙරහර පමුනුවා වීදි සංචාරයට යොමු කර ඇත.

ඒ අනුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ශ්‍රී දළදා පෙරහර මිහිඳු පෙරහර, පත්තිනි දේවාල පෙරහර සහ ශිව දේවාල පෙරහර ද ඇලහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා මින්නේරි දේවාල පෙරහරද, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් බිසෝ බණ්ඩාර දේවාල පෙරහරද , හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් හිඟුරක බණ්ඩාර දේවාල පෙරහරද දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ගඟේ දේවාල පෙරහරද, වීදි සංචාරය සඳහා යොමු කරවති.

බෞද්ධ හැඟීම් පුබුදු කරවීමට ප්‍රබල මාධ්‍යයක් වශයෙන් පෙරහරකින් විශාල කාර්යභාරයක් ඉටුවේ. තවද ජනතාව තුළ සාමූහික එක්රැස්වීමකටද පෙරහර බෙහෙවින් මහෝපකාරී වේ.

මෙහිදී පොළොන්නරුව ශ්‍රී දළදා පොසොන් මහාපෙරහර ඉහත කී කාරණය සමගින් විශේෂ වන්නේය. දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික වූද, රාජකීය වූද, උතුම් වු ගල් විහාර උත්තරාරාම මහා විහාරය, ශ්‍රී දළදා සමිඳු වැඩ සිටි වටදාගෙය, අටදාගෙය, සැටදාගෙය වැනි දළදා මැදුරු සහිත දළදා මළුව මූලිකව සංවිධානය වන ශ්‍රී දළදා පෙරහරට පොළොන්නරුව ඉසිපතනාරාම විහාරයෙන් සංවිධානය වන මිහිඳු පෙරහර එකතුව එකම පෙරහරක් වශයෙන් ගමන් ගන්නා හෙයිනි. පොළොන්නරුව දළදා පෙරහර බැඳි විශේෂ පුණ්‍ය කර්මයක් ලෙස පෙරහර පෙර දින පොසොන් පෝය දින පවත්වනු ලබන සර්වරාත්‍රික මහාපිරිත් දේශනය විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.

එම පිරිත් පින්කම සඳහා පිරිත් පැන් පිළියෙල කිරීමද සුවිශේෂී වූ කටයුත්තකි. පරාක්‍රම සමුද්‍රය මින්නේරිය වැව, කවුඩුළු වැව, ගිරිතලේ වැව ආදි ජලාශයන්ගෙන් ලබාගත් ජලය සහිත පැන් කළය පිරිත් මණ්ඩපයේ තැන්පත් කර පිරිත් කරවාගෙන පසුදින මහාපෙරහරේද එම පිරිත් පැන් කළය ගෙන යනු ලැබේ.

දිස්ත්‍රික්කයේ සියලු පෙරහර වටදාගෙය පිහිටි දළදා මළුව අබියසට එක්රැස්ව වීදි සංචාරය කරනු ලබන පෙරහර ගමන් මාර්ගය මේ අයුරිනි. වටදාගෙය පොළොන්නරුව , හබරන ප්‍රධාන මාර්ගය, රෝහල් හන්දිය, රවුම් පාර, පොලීසිය හන්දිය, නැවත පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගය වටදාගෙය දළදා මළුවෙන් ගෙවදීමය.


ගලවිලවත්ත

හෝමාගම ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී පොසොන් පොහොය නිමිතිකර භාවනා මධ්‍යස්ථානාධිපති හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය රත්මලානේ සුජාත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් රැසක් පොසොන් සතිය පුරා පැවැත්වේ. පොසොන් පොහොය දින විශේෂ ධර්ම දේශනයක් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ගම්මැද්දේගොඩ සුවච හිමියන් විසින් පවත්වනු ලැබේ.


තලම්මැහැර

පන්නල ; තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ පොසොන් කලාපයක් සංවිධානය කර ඇත. විහාරාධිපති ගොලහැන් වත්තේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම (25) දා සිට 30 දක්වා මෙම පොසොන් කලාපය පැවැත්වේ. පොසොන් තොරණ, බැති ගී, බෞද්ධ නාට්‍ය ධර්ම දේශනා ඇතුලු විශේෂාංග රැසක් මේ දිනවල සවස 7.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙන බව විහාරස්ථ දායක සභාව සඳහන් කරයි.


පූජාපිටිය පොසොන් පෙරහර

පූජාපිටිය පලිපාන උඩමුදුන ශ්‍රී පූර්වාරාමයේ අසූපස්වන වාර්ෂික පොසොන් මහා පෙරහර ජුනි 25 වෙනිදා අත්‍යාලංකාරයෙන් වීදි සංචාරය කිරීමට විධිවිදාන යොදා ඇත. ශ්‍රී පූර්වාරාමාධිපති හාරිස්පත්තුව අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අධිකරණ සංඝනායක මිනිවන්ගමුවේ ශ්‍රී රතනසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ කාර්ය සාධක සමිතිය මගින් සංවිධානය කරන ශ්‍රී පූර්වාරාමස්ථ පොසොන් මහා පෙරහර විහාරයේ පැරැණිම දායකයින් කිහිප දෙනෙකු මුල්වී 1925 දී පොසොන් පුර පසළොස්වක පෝයදින ආරම්භ කර ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුරුවක් වැඩමවාගෙන රාත්‍රි ආරම්භ කරන ලද පෙරහර උඩමුදුන විහාරස්ථානයෙන් ගල්ගාන රජමහ විහාරය කරා ගමන්කර පෙරහර එහි නතරවී ඇත.

හැට දශකයේ ශ්‍රී දළදා මාළිගාවේ ‘රාජා’ ඇතා සව¢ඥධාතු කරඩුව වැඩමවා ඇත. දායක සභාවට සහය වූ තරුණ පිරිස සම්බන්ධව පොසොන් උත්සව කමිටුව එම දශකයේ පෙරහර සංවිධානය කර පොසොන් උත්සව අරමුදලක් ද ස්ථාපිත කර අද පෙරහරේ වැඩම කරවන සර්‍වඥ ධාතු කරඩුව ද එවකට අස්ගිරිය මහා විහාරයේ ලේඛකාධිකාරී පදවිය හෙබවූ පලිපාන සිරිනිවාස හිමියන් විසින් පූජා කර ඇත.


ජේතවනාරාම කප්රුක් පූජාව

අනුරාධපුර ජේතවනාරාම මහ සෑය දස ලක්ෂයක් විදුලි බුබුළු වලින් ආලෝකවත් කිරීමේ සහ චීවර කප්රුක පූජා මහා පින්කම මෙවර පොසොන් පුන් පොහෝදින (25) ජේතවනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ගේ අනුශාසනා මත ජේතවනාරාමාධිකාරි ඉහළ හල්මිල්ලෑවේ රතනපාල හිමියන් ගේ උපදෙස් පරිදි ගල්බොක්කේ ඤාණසාර හිමියන් විසින් එය සංවිධානය කර ඇත.ජේතවනාරාම ස්ථූපය මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සංරක්ෂණය කිරීමෙන් පසුව පැවැත්වෙන විශාලතම පුණ්‍යෙීත්සවය මෙය වේ.


බොරැල්ල ශ්‍රී ගෝතමී විහාරය

බොරැල්ල ශ්‍රී ගෝතමී විහාරස්ථානයේදී පොසොන් පෝදා ශීල සමාදාන පින්කම දවස පුරා පැවැත්වීමට දායක සභාව සහ ආය¸ මහිලා සමිතිය කටයුතු යොදා ඇත.

පෝදා පෙරවරු 6.00 උපෝසථ ශීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව ශාස්ත්‍රවේදී කටුගහ පියදස්සී හිමි, 6.30 සම්බුද්ධ පූජාව, 8.15 භාවනාව, ආටිගල අමිතදේව හිමි, 9.30 බුදුසරණ පුවත්පත බෙදාදීම, හසිත දියබලනගේ සහ තිලංක දියබලනගේ සොහොයුරන්ගේ ප්‍රධානත්වයෙනි, 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති නාවින්නේ සුගුණධම්ම හිමි, පස්වරු 1.30 ධර්ම දේශනාව අම්බුලුගල සුමංගල හිමි, 3.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති රාවණාගොඩ ඤාණරත්න හිමි 4.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති වහුමුවේ විජයවංස නාහිමි, 6.00 සීල පවාරණය හා අටවිසි බුද්ධ පූජාව දොළොස්බාගේ සන්තනාග හිමි.


ඉංගිරියේ පොසොන් කලාපයක

පොසොන් උත්සවය නිමිත්තෙන් ඉංගිරිය නගරය පොසොන් කලාපයක් ලෙස නම් කැර ඇත. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හොරණ ප්‍රාදේශීය සභාව ප්‍රදේශයේ විහාරස්ථාන සහ නගරයේ විදුහල්වල ආචාර්ය මණ්ඩල සිසු දරු දැරියන් එක්ව එම කටයුතු සංවිධානය කර තිබේ.

මෙම 25 දිනසිට 29 දින දක්වා දින 5 ක් මු‍්‍රළුල්ලේ පොසොන් කලාපය ක්‍රියාත්මක වන අතර තොරණ දන්සැල්, බෞද්ධ නාට්‍ය, භක්තිගීත, පහන් කූඩු තරඟ ආදී වැඩ සටහන් රාශියක් පොසොන් කලාපයට ඇතුළත් බව හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතා කීය. භක්ති ගීත තරඟ සඳහා ජයග්‍රාහකයන්ට මුදලින් තෑගි හා සහතික පත් පිරිනැමෙන අතර දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වෙන පොසොන් පහන් කූඩු තරඟයේ පළමු ස්ථානය දිනාගන්නා අයට මුදලින් රු. 30,000 ක්ද දෙවැනි ස්ථානයට රු. 20,000 ක් ද තෙවැනි ස්ථානයට රුපියල් දස දහසක්ද පිරිනැමේ. රුපියල් 2500 බැගින් සිව්වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා මුදල් තෑගි හා සහතිකපිරිනැමේ. මේ සඳහා අවශ්‍ය අයදුම්පත් හා විස්තර හොරණ ප්‍රාදේශීය සභාවේ ඉංගිරිය උප කාර්යාලයෙන් ලබා ගත හැකිය.


ඇතුගල්පුර පොසොන් පින්කම්

කුරුණෑගල ඇතාගල සමාධි බුදු පිළිම වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන පිංවතුන් උදෙසා ලංකා බැංකුව විසින් තේ, කෝපි දන්සලක්ද, වයඹ සංවර්ධන බැංකුව විසින් ඔසුපැන් දන්සලක්ද, කුරුණෑගල වෙළඳ ව්‍යාපාරිකයන් විසින් බත් දන්සලක්ද , ස්වේච්ඡා සංවිධාන කීපයක එකමුතුවෙන් සිංහල රස කැවිලි හා සව්කැඳ දන්සලක්ද ඇතුගල පාමුල මධ්‍ය වෙළඳපොල වෙළඳ සංගමය විසින් පොසොන් පෝදා දවස පුරා බත් දන්සලක්ද පැවැත්වීමට කටයුතුයොදා ඇත.

කුරුණෑගල ඇත්කඳ විහාරය, වජිරාරාමය කොටකන්ද විහාරය, භාවනා මධ්‍යස්ථානය, ජනකලා කේන්ද්‍රය සහ ශ්‍රී සම්බෝධි මහා විහාරය 2600 සම්බුද්ධත්ව ජයන්තිය සිහිපත් කරමින් පොසොන් පොහෝ දා විශේෂ සීල සමාදාන වැඩ සටහනක් සංවිධානය කර ඇත. සිල් සමාදන්වන උපාසක උපාසිකාවන් උදෙසා දානය සහ ගිලන්පස සැපයීමට කුරුණෑගල නගරයේ බෞද්ධ අබෞද්ධ ව්‍යාපාරිකයෝ හා දායක කාරකාදිහු සියලු කටයුතු සූදානම් කරමින් සිටීති.

කුරුණෑගල මලියදේව පිරිමි ළමා නිවාසය සහ ගැහැණු ළමා නිවාසය ඒකාබද්ධව පවත්වන පොසොන් බැති ගී සරණිය ඇතුගල පාමුල ඇත්කඳ විහාර පූජා භූ®මියේදී පැවැත්වේ. මල්ලවපිටිය ටයිනි ටොට්ස් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ සිඟිති දරු දැරියන් විසින් හා ගුරු මණ්ඩලය දෙමාපියන් ඒකාබද්ධව පොසොන් බැති ගී සංදර්ශනයක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර මෙහි විශේෂත්වය වනුයේ සිංහල, දෙමළ , මුස්ලිම් දරු දැරියන් කණ්ඩායමක් වශයෙන් භක්තිගීත ගායනා කිරීමයි.


කල්දෙමුල්ලේ සුධර්මාරාමයේ පින්කම්

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ලංකා ගමනය සිහි කිරීමටත් අතිගරු ජනාධිපතිතුමාගේ වසර 40 ක දේශපාලන දිවියට සෙත් පැතීමක් මූලික අරමුණු ඇතිව මොරටුව කල්දෙමුල්ලේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයේදී ජුනි මස 25 වනදා විශේෂ පින්කමක් සංවිධානය කර ඇත


කුඩාබුත්ගමුවේ මිහිඳු පෙරහර

කුඩාබුත්ගමුව “ නවෝදය “ සංගමයේ මගින් කුඩාබුත්ගමුව ශ්‍රී පියදස්සිනාරාම විහාරස්ථ කාර්ය සාධක සමිතිය, දහම් පාසැල සහ පළාත් වාසීන්ගේ් සහයෝගයෙන් සංවිධානය කරනු ලබන මිහිඳු මහා පෙරහර ජුනි මස 25 වන දින රාත්‍රි 7.00 ට වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිතයි.කුඩාබුත්ගමුව ශ්‍රී‍්‍රපියදස්සිනාරාමයෙන් ගමන් ආරම්භ වන මෙම පෙරහර කොහිලවත්ත, අඹතලේ පාර, ශ්‍රී සුමන මාවත, අංගොඩ හන්දිය , අවිස්සාවේල්ල පාර, කොටිකාවත්ත හන්දිය හරහා ආපසු විහාරස්ථානයට පැමිණීමට නියමිතය.


ගම්පහ ලුණුගම සිරිපැරකුම්බා පොසොන් කලාපය

ගම්පහ ලුණුගම සිරිපැරකුම්බා රජ මහ විහාර කේන්ද්‍ර කර ගනිමින් මෙවරත් පොසොන් කලාපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජුනි මස 25 සිට 29 වැනි දින දක්වා පැවැත්වෙන මෙම කලාපයේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන රැසක ආක්‍යති, බෞද්ධ චරිත හා කතා ප්‍රවෘත්ති ඇසුරෙන් සකස් වු දර්ශනීය පහන් කූඩු , තොරණ ආදි විවිධ අංග රැසකින් මෙම පොසොන් කලාපය වර්ණවත් වේ. මෙම දින කීපය පුරා දිවා රාත්‍රියේදී ආහාරපාන හා සිසිල් බීම දන්සැල් රැසක්ම පැවැත්වීමට ද සිරිපැරකුම්බා පොසොන් කලාප සංවිධායක කමිටුව අපේක්‍ෂා කරති.


හම්බන්තොට

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරස්ථානයේදී පොසොන්පුර පොහොය නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වීමට සිංහගිරි විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය බොදු සංරක්ෂණ පදනමේ සභාපති, විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි බොදු සංරක්ෂණ පදනම සහ විහාරස්ථ ධර්ම විජය සමාජය කටයුතු යොදා ඇත.


හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය

මීරිගම හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ජල උද්‍යානය සහිත විසි රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණෝත්සවය පොසොන් පුර පසලොස්වක පොහෝ දින ප.ව. 2.45 ට යෙදෙන සුභ මොහොතින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය වේවැල්දෙනියේ මේධාලංකාරාභිධාන මාහිමිපාණන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සුරතින් නිරාවරණය කිරීමට නියමිත ය.


මහ බෝ සෙවණේ බවුන් වැඩීමට

අනුරාධපුර මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී 2010 ජුනි මස 26 වැනි දින, පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් භාවනා වැඩසටහනක් පැවැත්වේ. මෙම භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.

සෑම පුන් පොහොය දිනයකට ම පසු දින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් මෙම භාවනා වැඩසටහන් පැවැත්වේ.


කතරගම දේවාලයේ ඇසළ මහා පෙරහර

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සඳහා කප් සිටුවීම මැයි මස 28 දින සුබ නැකැත් අනුව කතරගම මහා දේවාලයේ මිණිබැඳි මණ්ඩපයේ කතරගම මහාදේවාලයේ කපු මහත්වරුන් විසින් සිදුකරන ලදී.

කප් සිටුවීම අනුව කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර ජුලි මස 21 දින ඇරඹෙයි. ජුලි මස 25 දින අවසාන මහා පෙරහර පැවැත්වෙන අතර ජුලි මස 26 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර කටයුතු අවසන් වෙයි.

පෞරාණික චාරිත්‍ර පුද සිරිත්වලට මුල්තැනක් දෙමින් උඩරට පහතරට සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේනික නැටුම් වලින්ද අලි ඇතුන්ගෙන්ද යුතුව ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට ඌව පළාත්සභා ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කටයුතු සම්පාදනය කර ඇත.


සාරධර්ම පිරි සමාජයක් සඳහා ‘පොකුරු වැස්ස ‘

සාරධර්ම පිරි සමාජයක් හා සමෘද්ධි දේශයක් ඉලක්ක කර ගනිමින් පොකුරු වැස්ස නම් විශේෂ ව්‍යාපෘතියක් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කෙරේ.

පොකුරු වැස්ස ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ ලේකම් ලෙස බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ අමිල පියසිංහ මහතා කටයුතු කරයි. මෙම ව්‍යාපෘතිය සඳහා වයස අවුරුදු 5 - 16 ත් අතර පාසල් සිසු දරුවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වේ.

බෞද්ධ ආගමික නායකයන් සහ විවිධ ආගමික නායකයින්ගේ අනුශාසනා හා සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන එම ව්‍යාපෘතිය සඳහා විද්වතුන් රැසකගේ දායකත්වය දැනට ලැබී ඇත.

සාරධර්ම පිරි සමාජයක් සහ සමෘධිමත් දේශයක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති එම ව්‍යාපෘතිය සඳහා ඔබටත් දායකවිය හැකි බව බුද්ධශාසන අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් අමිල පියසිංහ මහතා දන්වා සිටී. වැඩි විස්තර සඳහා 0718334455 / 2690898 දුරකථන අංකයන් වලින් ලබාගත හැකි බවද කියයි.


අරංගල ශ්‍රී ශෛලාරාමය

උතුරු හෝකන්දර අරංගල ශ්‍රී ශෛලාරාමයයේදී පොසොන් පෝදා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ සීලභාවනා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව මෙසේය.

පෙරවරු 5.45 - 6.30 විශේෂ පිණ්ඩපාත චාරිකාව , 6.30 - 7.30 සිල් සමාදන් කරවීම සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව , ඇත්කඳුරේ සුමනසාර මාහිමි, 8.30 - 9.30 ජාතක කතා විමර්ශනය මාඑළියේ සුදස්සි හිමි, 9.45 - 10.45 ධර්ම දේශනාව , සමාධිගම රතනජෝති හිමි, 11.00 - 11.30 දවල් ආහාර බුද්ධ පූජාව බදුල්ලේ සුමංගල හිමි. පස්වරු 1.00 - 1.30 සෙත් පිරිත් සජ්ඣායනාව සහ දහම් පොත් බෙදාදීම 1.30 - 2.30 භාවනා වැඩසටහන , සිරිසේන ලියනාරාච්චි මහතා , 2.45 - 3.45 ධර්ම දේශනය මාපලගම සිරිකර නාහිමි, 4.00 - 5.00 බුද්ධ ප්‍රතිමාව ශෛලාරාම විහාරයට වැඩම කිරීම, සවස 6.00 - 7.00 ප්‍රථම පූජාව, චෛත්‍යයට මුල්ගල් තැබීම සහ විශේෂ ආශිර්වාද පූජාව මෙහෙයවීම ඇත්කඳුරේ සුමනසාර මාහිමි


“බොදු රස කතා “ ‍බෞද්ධ ඒකාංගික කතා මාලාව

බෞද්ධයාගේ බුද්ධාලම්භන පී‍්‍ර‍්‍රතිය වැඩිකිරීමේ අපේක්‍ෂාව පෙරදැරිව, “මලිති බටිති එන්ටර්ටේට්මන්ට් ආයතනය සහ ගම්පහ සංවර්ධන සමාගම එක්වී” බොදු රස කතා “ නමින් ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවක් නිර්මාණය කර ඇත.

ලෝක ප්‍රජාවගේ කුදු මහත් ගෞරවයට පාත්‍ර වුණු බෞද්ධ දර්ශනයෙන් ලැබෙන සිසිල සෙවන ජනහදට නවමු ආරකින් සමීප කරවීමත්, ලෞකික ජීවිතයේ හරස්කඩක් ඉදිරිපත් කරමින් ජීවිතය පිළිබඳ ගැඹුරු චින්තනයකට පේ‍්‍රක්‍ෂකයා යොමු කරවීමත්, ආධ්‍යාත්මික දිවි පැවැත්මක නිරාමිස සුවය පේ‍්‍රක්‍ෂකයාට හඳුන්වා දීමත් යන අරමුණු පෙරදැරිව ගම්පහ සංවර්ධන සමාගම සහ මලිති බටිති එන්ටර්ටේට්මන්ට් ආයතනයේ සුසංයෝගයෙන් මේ නිර්මාණය බිහි වී ඇතැයි කියති.

ශ්‍රී ලංකාවේ ඇති සැඟවුණු එහෙත් පෞරාණික වටිනාකමකින් යුතු ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන වෙත පේ‍්‍රක්‍ෂක අවධානය යොමු කරනු වස් නිර්මාණය වුනු “ අපේ පන්සල “ නම් වාර්තාමය විශේෂාංගයක් ද “ බොදු රස කතා “ වැඩසටහනට අන්තර්ගතය.

ගම්පහ සංවර්ධන සමාගමේ පුර්ණ අනුග්‍රහය සහිතව “ඊඍ දෙරණ “ නාලිකාවෙන් පොසොන් පෝදා සිට සෑම පෝ දිනකම මෙය විකාශය කෙරේ. පළමු වැඩසටහන පොසොන් පෝදා පස්වරු 6.00 සිට 6.30 දක්වාත් ඇසළ පෝදා සිට සෑම පෝ දිනකම පස්වරු 5.00 සිට 5.30 දක්වාත් ඊඍ දෙරණින් “බොදු රස කතා “ ඔබට රසවිඳීය හැකි බව කියයි.


වාරියගොඩ පොසොන් කලාපය

වාරියගොඩ එක්සත් බෞද්ධ සංගමය හයවන වරටත් ඉදිරිපත් කරනු ලබන වාරියගොඩ පොසොන් කලාපය මෙවරත් පොසාන් පුන් පොහෝ දින මහජනතාව උදෙසා පෝදා සවස 6 සිට අලව්ව වාරියගොඩ මංසන්ධියේදී පැවැත්වේ.

පාසල් දරුවන් සිය දෙනෙකුට අවශ්‍ය පාසල් පොත්, බෑග් ඇතුළු පාසල් උපකරණ කට්ටල සියයක් පිරිනැමීම. ප්‍රදේශයේ අසරණ දරු පවුල් උදෙසා වියළි ආහාර කට්ටල පිරිනැමීම. ප්‍රදේශයේ අසරණ පවුල් උදෙසා නිවාස ආධාර ප්‍රදානය ඇතුළු සමාජ සද්කාරයන් ගණනාවක් මෙන්ම ධර්ම දේශනාවක් ජනපි‍්‍රය ගායන හැකියාවන්ගෙන් පිරිපුන් විචිත්‍ර වූ බැති ගී සරණියක් හා ප්‍රදේශයේ දහම් අධ්‍යාපන ආයතන සිසු සිසුවියන් ඉදිරිපත් කරනු ලබන බැති ගී ගායනයන්ගෙන් මෙම පොසොන් කලාප උත්සවය පරිපූර්ණ වී තිබේ.


දොඹගම්මන මිහිඳු පෙරහර

දොඹගම්මන, උග්ගහකුඹුර, මොරගහකුඹුර ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථ දායක සභාව තුන්වැනි වරටත් පවත්වනු ලබන පොසොන් මහා පෙරහර ජුනි මස 25 වැනි දින රාත්‍රී වීදි සංචාරය කිරීමට ශ්‍රී සුදර්ශනාරාමාධිපති කොටින්කඩුවේ සුමනජෝති නා හිමියන් ඇතුළු දායක සභාව විසින් කටයුතු සංවිධානය කර ඇත.


මලේගොඩ ලේ දන්දීම 26 දා

වීරෝදාර රණවිරුවන්ට සහ හදිසි අනතුරු හේතුවෙන් රෝගාතුර වන සියලුම රෝගීන්ටත් විවිධ රෝගී තත්ත්වයන් මත රෝහල් ගත වී සිටින රෝගීන්ටත් අවශ්‍ය කරන ප්‍රතිකාර සඳහා රුධිරය ලබාදීම සහ ජාත්‍යන්තර රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සහ පොසොන් උත්සවය සැමරීම වෙනුවෙන් විශේෂ ලේ දන්දීමේ කඳවුරක් මෙම 26 දින පෙරවරු 09.00 සිට පස්වරු 03.00 දක්වා මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමයේ දී පැවැත්වේ.එම ලේ දන්දීමේ කඳවුර මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක මලේගොඩ නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි 733 මලේගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය මඟින් සංවිධානය කර ඇත.


බොරු කීමෙන් වළකිමු

පොසොන් පොහොය අලලා ‘ලංකා බැංකුව‘ මගින් මිහිඳු මහරහතන් වහන්සේට ගෞරව පිණිස ජුනි 22 වනදා සිට ජුනි 28 වනදා දක්වා යෙදෙන ‘පොසොන් සතිය’ තුළදී ජනතාව ‘බොරු කීමෙන්’ වළක්වා ගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් බොරැල්ල කෝට්ටේ පාරේ, ශ්‍රී ජයවර්ධනාරාමයේදී විහාරාධිපති දේවහන්දියේ පඤ්ඤාසේකර හිමිපාණන්ගේ මූලිකත්වයෙන් දියත්කර ඇතැයි තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා කියයි.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]