UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහම සහ ප්‍රජාතන්ත්‍රවාදය

‘ආනන්ද, වජ්ජිහු යම් තාක් සමඟියෙන් රැස්වෙමින්, සමඟියෙන් සංවාදයේ යෙදෙමින්, සමඟියෙන් විසිර යමින්, සමඟියෙන් ඔවුන්ගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු මෙහෙයවා ගෙන යෙත් ද, ඒතාක් ඔවුහු නොපිරිහෙති, සමෘද්ධියෙන් සමෘද්ධියට ම යෙති’. මෙසේ සඳහන් වන්නේ් අතීත යුගයක ලෝකයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් පිළිබඳ ප්‍රකාශයක්, අගැයීමක් හා ආකෘතියකි.

ප්‍රජාතන්ත්‍රවාදය එහි පුළුල්තම සහ ගැඹුරුතම අර්ථයෙන් තේරුම් ගන්නේ නම්, එය අත්‍යවශ්‍යයෙන්ම සිත පිළිබඳ නිදහස විෂයයෙහි අනුරූපිත අවකාශයේ පිහිටා විමර්ශනය කළ යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මූලධර්ම කවරේ ද? ප්‍රජාතන්ත්‍රවාදය නිදහස් ලෙස අදහස් පළ කිරීමේ අයිතිය පිළිගනී. ඒ අනුව ජනතාව විසින් තොරා ගන්නා ලද ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත, ඔවුන් විසින් පාලනය කරනු ලබන රාජ්‍යය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බව කියනු ලැබේ. එවන් ආණ්ඩුවක් තුළ අධිකරණයේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත මඟින් සමස්ත ජනතාව කෙරෙහි විකල්පයකින් තොරව සාධාරණත්වය ඉටු වෙති යි සැලකේ. එනම්, යුක්තිය, සමානාත්මතාව සහ දේශපාලනික සහජීවනය යි.

ඩිමෝක්‍රසි යන්නෙහි සම්භාව්‍ය අර්ථය ගී‍්‍රක බසින් මෙසේ දැක්වෙයි. ඩිමෝස් යනු ප්‍රජාව යි. ක්රාටීන් යනු පාලනය යි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව වෙත ඇති සහ ප්‍රජාව විසින් භාවිතයෙහි යෙදෙන දේශපාලන බලය අන්තර්ගත පාලන ආකෘතිය යි. තදනුරූපව ප්‍රජාතන්ත්‍රවාදීයා යනු එවන් ආකෘතියේ ආණ්ඩු ක්‍රමයක් තහවුරු කරන හෝ නියෝජනය කරන පුරවැසියා යි. හැරී එමර්සන් ෆොස්ඩික් එහිලා මෙසේ සඳහන් කරයි. ‘ප්‍රජාතන්ත්‍රවාදය වනාහි පොදු මහජනතාව තුළ නිදන්ගත සුවිශේෂි ශක්‍යතා පදනම් කොට ගත් හෘදය සාක්ෂ්‍යය හෙවත් ස්ථිර විශ්වාසය යි’.

අපරදිග ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මුල් බිජුවට අංකුර ලන්නට පටන්ගත්තේ ක්‍රි.පූ. 450 පමණේදී ගි‍්‍රසියේ ය. අදින් වසර 2500 කට පමණ පෙර ආසන්න වශයෙන් ක්‍රි.පූ. හයවැනි සියවසේදී බුදුන් වහන්සේගේ උපත සිදුව තිබිණි. එසේම තිබුණත් ඉන් වසර 200 ක් පමණ ගතව තිබියදී පුරාතන ගී‍්‍රසියේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංවාදය පැවති හෙයින් එහි ආරම්භය ගී‍්‍රසියේ සිදුවිණැ යි බොහෝ දෙනා අතර වැරදි හැඟීමක් ජනිතව ඇත. ඓතිහාසික විසින් සලකා බලන කල එය සාවද්‍ය අදහසක් බව පෙනේ. එය ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හුදු අදහසක් පමණක් ලෙස තිබුණා පමණි. බටහිර ලෝකයේ මූලික ශ්‍රේෂ්ඨතම චින්තකයන් වූ සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ද ප්‍රජාතන්ත්‍රවාදය විෂයයෙහි සංවාදයේ යෙදී සිටියෝ ය. එහෙත් එය පොදු ජනයා විෂයයෙහි නුසුදුසු ආණ්ඩුක්‍රම ආකෘතියක් ලෙස ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණ.

නූතන පොදුජන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස් බටහිර යුරෝපයේ පැතිර ගියේ 19 වැනි සහ 20 වැනි සියවස් වලදී ය. තදනුකූ®ලව වඩාත් ආසන්න නූතන කාල වකවානුව තුළ යුරෝපයේ සංවර්ධනය වෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු බහුල වශයෙන් දකින්නට ලැබෙයි. එහෙත් එය එතරම් සතුටුදායක වාර්තාවක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය පැමිණියේ බටහිරින් යැයි සිතන මිනිසුන් ඓතිහාසික වරදක් කර ගෙන ඇති බව පෙනේ.

“බටහිරට උරුමය කිය නොහැකි ආදි දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදය එහි මූලාකෘතිය ලබා ගත්තේ් මෙයින් සියවස් විසි පහකට පමණ පෙර ඉන්දියාවේ තනි තනිව, හුදකලාව පිහිටි ‘පඤ්චයාත්’ ග්‍රාම සංකල්පයෙනි. සැබවින්ම මේවායින් ඇතැම් ඒවා සංවර්ධනය වූයේ බුදුදහමේ බලපෑම යටතේ ය. එහෙත් 20 වැනි සියවස වන තුරු දිගු කලක් තිස්සේ ආසියාවේ වැඩිතමයක් රටවල් පාලනය කර තිබුණේ ඒකාධිපති අධිරාජයන් සහ යටත්විජිතවාදය විසිනි. එබැවින් පාලන තන්ත්‍රයක් යන සංකල්පය විෂයයෙහි පුළුල් පරාසයක් තුළ පිහිටා සලකා බලන කල්හි ආසියාවේ සේ ම, ලොව පුරා අනෙක් හැම තැනක්ම ප්‍රජාතන්ත්‍රවාදයට තිබුණේ ඉතා සීමාසහිත ඉතිහාසයක් බවට අප විසින් නිගමනය කළ යුතුව තිබේ. සැබවින් ම ආසියාවේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් තිබුණු නමුත් බර තබා සඳහන් කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයක් තිබුණේ නැත.

‘මේ අතර හණික අපරදිග ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය විෂයයෙහි බලවත් උනන්දුවක් උත්සන්න වී ඇති බවක් පෙනේ. අනෙක් අතින් නැගෙනහිර යුරෝපයේ පිහිටි තුන්වැනි ලෝකයේ බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉල්ලුම ඉහළ යමින් ඇති අතර එය ප්‍රජාතන්ත්‍රවාදි නව යුගයක උදාව පිළිබිඹු කරන්නා සේ ය.

‘මෙහිදී වෙසෙසින් සඳහන් කළ යුත්තක් නම්, බුදුන් වහන්සේගේ ඉගැන්වීම විමසා බලන විට ප්‍රජාතන්ත්‍රවාදය හා බුදුදහම අතර සාම්‍යයක් දකින්නට ලැබෙන බව යි. ක්ෂාන්තිවාදි සහජිවනය පිළිබඳ උන්වහන්සේගේ අනුශාසනය, එක්රැස්ව සාකච්ඡා කිරීමේ සංකල්පය, වරණය හෙවත් තෝරා ගැනීමේ සුවිශේෂ නිදහස, සමානාත්මතාව, අහිංසාව, අනිත්‍යතාව ආදි මේ සියලු අදහස් එක එකක් එවක පැවති පොදු සම්ප්‍රදායයට පටහැනි ඒවා ය. ඒවා වසර 2500 කට පමණ පෙර බුදුන් වහන්සේ විසින් හඳුන්වා දෙන ලද විප්ලවිය චින්තනයේ අංගෝපාංග වෙයි. ඒ සියල්ල සමාජ හිතකාමී බුද්ධිමත් යෝජනා ය. අනෙක් අතට ඒ සියලු ඉදිරිපත් කිරීම්, අන්තර්ගතය සහ අරමුණු විසින් ප්‍රජාතන්ත්‍රවාදී වෙයි. (බුදුදහම සහ ප්‍රජාතන්ත්‍රවාදය මැයින් මහාචාර්ය රැල්ෆ් බුල්ජන්ස් විසින් ඉදිරිපත් කරන ලද දේශනයකිනි)

බුදුන් වහන්සේ සහ උන්වනහන්සේගේ උපස්ථායක ශ්‍රාවක ආනන්ද හිමියන් අතර ඇති වූ ආකර්ෂණීය සංවාදය මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන්ව ඇත. බුදුන්වහන්සේ වජ්ජීන් අනුගමනය කළ සප්ත අපරිහානිය ධර්ම ගැන සඳහන් කරමින් ආනන්ද හිමියනට මෙසේ කියති.

“ආනන්ද, වජ්ජින් නිතර රැස්වෙමින් සාකච්ඡා කරන බව ඔබ අසා තිබේ ද?’

‘එසේ ය ස්වාමිනි, මම එසේ අසා ඇත්තෙමි’

‘ආනන්ද, එසේ නිතර රැස්වෙමින් සාකච්ඡා කරන වජිජීහු අපරිහානිය ධර්මයක් අනුගමනය කරති. ඔවුහු එයින් සමෘද්ධියක් ම බලාපොරොත්තු වන්නෝ ය. ආනන්ද, ඔබ මෙවැන්නක් අසා තිබේද? වජ්ජීහු සාමකාමීව රැස්වෙති. සමකාමීව සාකච්ඡා කරති. සාමකාමීව විසිර යති. ඔවුහු තමන්ගේ ව්‍යාපාර කටයුතු සාමකාමීව මෙහෙයවා පවත්වා ගෙන යති.’

‘එසේ ය ස්වාමිනි, මම එසේ අසා ඇත්තෙමි’

‘ආනන්ද, වජ්ජිහු යම් තාක් සමඟියෙන් රැස්වෙමින්, සමඟියෙන් සංවාදයේ යෙදෙමින්, සමඟියෙන් විසිර යමින්, සමඟියෙන් ඔවුන්ගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු මෙහෙයවා ගෙන යෙත් ද, ඒතාක් ඔවුහු නොපිරිහෙති, සමෘද්ධියෙන් සමෘද්ධියට ම යෙති’.

මෙසේ සඳහන් වන්නේ අතීත යුගයක ලෝකයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් පිළිබඳ ප්‍රකාශයක්, අගැයීමක් හා ආකෘතියකි.

භාරත දේශයට ශ්‍රේෂ්ඨ බෞද්ධ අධිරාජයන් විෂයයෙහි කීර්තිමත් උරුමයක් ඇත. ක්‍රි.පූ. තුන්වැනි සියවසේ ශ්‍රේෂ්ඨ බෞද්ධ අධිරාජයා වූයේ ධර්මාශෝක ය. ක්‍රි.පූ. දෙවැනි සියවසේ ඒ තැන ගත්තාහු කනිෂ්ක රාජයාණෝ ය. ක්‍රි.ව. අටවැනි සියවසේ හර්ෂ අධිරාජ සමයේ විශිෂ්ට බෞද්ධ ආණ්ඩු ක්‍රමයක් සහ විශිෂ්ට බෞද්ධ ශිෂ්ටාචාරයක් ද වර්ධනය වූයේ ය.

2010.03.10 වන දා ඩේලි නිව්ස් පුවත්පතේ පළ කරන ලද Democracy and i ts kelation to Buddhism මැයින් වූ ලිපියේ පරිවර්තනයකි.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 13 වන දා අපර භාග 05.11 ට ලබයි. 14 වන දා බදාදා අපරභාග 05. 58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 13 වන දා අඟහරුවාදාය.

 මීළඟ පෝය අප්‍රේල් 21 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]