මිය ගිය අයට පින් දී
හිතේ දුක දුරලමු
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ
(ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යාංශය) සහකාර ලේකම්
කේ.කේ. සුගතපාල
‘පේත වත්ථු’ කතා මාලාව -
2 කොටස
තථාගතයන් වහන්සේගේ
අවසන්ම අනුශාසනය වූයේ
“ අප්‍රමාදයෙහි “ පිහිටමින්, දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලැබ නිවන් මග
තවමත් විවෘත තිබියදී
(බුද්ධෝත්පාද කාලය) ක්ෂණ
සම්පත්තිය හෙවත්, අංග
විකලත්වයක් නොමැතිව හා
කියන දේ තේරුම් ගැනීමට හැකි බුද්ධියක් ඇති උපතත් ලබා තිබියදී අපි නිවන
හෝ නිවනට ළං වූ මාර්ග ඵල හෝ ලබාගත යුතු බව ය. එය මතු බුදු වන මෛත්‍රිය
බුදුරජාණන් වහන්සේ දක්වා වූ අති දීර්ඝ
කාලයකට කල් නොදැමිය යුතු ය.
එසේ වන්නට නම් අපි දන් දිය යුත්තේ වෙනත් සම්පත් අපේක්‍ෂා නොකොට නිවන්
අරමුණු කොටගෙනමය. දානයේ ප්‍රභේද රැසකි. ඒ සියලු තන්හි අරමුණු නිවනම විය
යුතුය. දානය දස පුණ්‍ය ක්‍රියාවෙහි පළමුවැන්නය. දස කුසල් හි දානය ඍජුවම
ඇතුළත් කර නැත. එහෙයින් පින්කමක් කුසලයක් බවට පත්කර ගත හැක්කේ දන් දීමේ
අරමුණ නිවන සඳහාම වුවහොත්ය.
මේ අනුව පින හා කුසලය නිවන අරමුණු කොටගත් විට දෙකක් නොව එකක්මය. දස
පුණ්‍ය ක්‍රියා නිවන අරමුණු කොට කරත්ම ඒවා කුසල් බවට පත්වෙති. නැතහොත්
ආයු වර්ණ සැප බල හා දිව්‍ය ලෝක උත්පත්ති හෝ මනුෂ්‍ය ලෝක සැප සම්පත්
අරමුණු වුවහොත් එය පුණ්‍යයෙහිලා (පින්කමක් ) පමණක් ගැනේ. මාපුඤ්ඤභායි
සූත්‍රයේ සමගින් වෙනත් බොහෝ සූත්‍රවල තථාගතයන් වහන්සේ පින ගැන කරන ලද
දේශනා බොහෝ ඇත. එම සූත්‍රයේදී “ මහණෙනි පුණ්‍ය (පින) යනු සැපයට නමෙකි”
වශයෙන් දේශනා කරමින් පින් කළ තමා සත්තිස් වතාවක් සක්විති රජ සැප හා
සත්තිස් වතාවක් සක්දෙව් රජ පදවි ලැබූ බවත් සඳහන්ව ඇත. රහත්ව නිවනට
පැමිණීමට හේතු වාසනා තිබූ (අභිනිහාර ධර්ම අටෙන් එකකි) අපගේ ශාස්තෘ වූ
තථාගතයන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ දවස සුමේධ තවුස්ව සිටි
සාරාසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් සසර සැරිසරන ලද්දේ ප්‍රඥාධික හෙයින් දුක්
විඳින තවත් මහා සත්ත්වයන් ද ලොවින් එතෙර කරවීමේ මහාකරුණාවෙනි.
එනිසා අප බුදුරජාණන් වහන්සේ අපගේ විමුක්තිය වෙනුවෙන් ඉතා දීර්ඝ කාලයක්
සසර දුක් වින්දේ අපටද ඒ ජාති දුක් විඳීමට (නැවැත නැවැත ඉපදීමට) නොවන බව
ත්‍රිපිටක ධර්මය ගැඹූරෙන් කියවීමේ දී වැටහේ. තථාගතයන් වහන්සේගේ
අනුශාසනය අවසන්ම වූයේ “ අප්‍රමාදයෙහි “ පිහිටමින්, දුර්ලභ මනුෂ්‍ය
ආත්මයක් ලැබ නිවන් මග තවමත් විවෘත තිබියදී (බුද්ධෝත්පාද කාලය) ක්ෂණ
සම්පත්තිය හෙවත්, අංග විකලත්වයක් නොමැතිව හා කියනදේ තේරුම් ගැනීමට හැකි
බුද්ධියක් ඇති උපතත් ලබා තිබියදී අපි නිවන හෝ නිවනට ළං වූ මාර්ග ඵල හෝ
ලබාගත යුතු බව ය. එය මතු බුදුවන මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ දක්වා වූ
අති දීර්ඝ කාලයකට කල් නොදැමිය යුතු ය. මරණයෙන් පසුව ලබන ඊළඟ භවයට හෝ
කල් නොදමන ලෙසය. එනිසා දන්දීම නිවන අපේක්‍ෂා කොට කුසලයක්ම වනසේ කළ යුතු
ය. එය යම් හේතුවකින් වෙනස් වුවහොත් පින්කමක් බවට පත්ව දිව්‍යසැප ආදි
ලෞකික සම්පත් ලැබීම අනිවාර්ය වේ. එය නොපැතුවත් ලබන්නකි. එනිසා ලෞකික
සම්පත් නොපතා ලෝකෝත්තර සැපත (නිවන් ) සඳහාම දන් දිය යුතුය.
ii තවද දන්දීම සඳහා අරමුණූ කෙසේ විය යුතුද? දන් දීම පිනක් හා කුසලයක්
වන අයුරු ඉහත දැක්වීමි. එහෙයින් දානය හෙවත් දීම පිනක් හෝ කුසලයක් වන
හෙයින් ද යහපත් සිතිවිල්ලක් හා ක්‍රියාවක් වන හෙයින්ද යෙදෙන කිසියම් හෝ
යහපත් අරමුණක් ගෙන දන් දිය හැක. මෙම කතා වස්තුවේ එදා දීමෙහි අග්‍රදායක
වු අනේපිඬු මහා සිටුවරයා ගත් අරමුණු කවරක් වූයේද? එය සිත් පිත් නැති
බෝනික්කෙකු බිඳී යාමය. එතුමා පිදූ දානයෙහි පින් අනුමෝදන් වීමට එහි
පුද්ගලයෙක් නොමැති බව එතුමා නොදනීද? දනී. එහෙත් චේතනාවට ගත්තේ දීම ය.
බුදුරජාණන් වහන්සේ නිතර ඇසුරු කළ මේ සිටාණෝ දීමෙහි ආනිසංස මනාව දැන
සිටියහ.
රන් පවුමක් අතට වන් රන්කරුවා එහි නියම අගය දනී. රන් පවුමක් අතට වන්
කුඩා දරුවෙක් එහි වටිනාකමක් නොදනී. ඒ ඔහු අතට පත් තවත් සෙල්ලම්
භාණ්ඩයක් පමණක් විය හැකිය. එසේම තමාගේ ක්‍රියාව යහපත් ක්‍රියාවක්
(පිනක් හෝ කුසලයක්) වන්නේ නම් එය නොපැකිළිව කළ හැක. වර්තමාන සමාජයෙහි
යම් යම් අයෝග්‍ය නො හොබිනා පව්කම් සඳහා ඔවුහු අරමුණු වශයෙන් ගන්නේ
මොනවා දැයි මෙවැනි අවස්ථාවකදී සුළු වශයෙන් වුවත් ටිකක් සිතා බලමු.
නිවසේ බිරිඳ සමඟ දබරවීම මත්පැන් බී ඒමට අරමුණකි. මාසයේ වැටුප ගෙදර
වියදමට මදිවීම මත්පැන් බීමට අරමුණකි. දරුවා විභාගයෙන් අසමත් වීම ගෙදර
මරණයක් වීම හේතුවකි. කාර්යාලයේ කම්හලේ වෙළඳ පොළේ ඇතිවු රැකියා හෝ වෙනත්
ගැටලු බීමට වු හේතුවකි. දරුවා විශ්වවිද්‍යාලයට යෑම, දරුවාට රැකියාවක්
ලැබීම. දුව පුතා ගේ උපන් දිනය, හෝ විවාහ කරදීම මත්පැන් බීමට
නිමිත්තෙකි. මෙසේ ගොස් දැන් දැන් ගෙදර සිදු කරන දානමය පින්කම පිරිත්
පින්කම පවා මත්පැන් බීමට නිමිති වී ඇත. එසේ අයහපත සඳහා ද අරමුණු කරගත
යුත්තක් නොවූවක් වුවත් අරමුණක් වෙති. කරුණු මෙසේ වන්නේ නම් පින්කම් වලට
අරමුණු හිඟ විය හැකිද?
iii මෙම පේ‍්‍රත වස්තු දේශනාව තුළ මළගිය ඇත්තන්ට පින්දීම හා පින්දිය
හැකි බවත් ඒ ඇත්තෝ එකෙනෙහිම පින් අනුමෝදන්ව දුකෙන් මිදෙන බව සඳහන්ව ඇත.
මලගිය ඇත්තෝ “පේ‍්‍රත” යනුවෙන්ද හඳුන්වති. යම් කෙනෙක් මරණයට පත්වන
අවස්ථාව වන විට රහත්ව සිටියහොත් නැවැත උපතක් නොලබයි. අනාගාමී ව සිටිය
හොත් රූපවචර බ්‍රහ්මලෝක ගණයෙහිලා සැළකෙන අව්හ අතප්ප, සුදස්ස, සුදස්සී
හෝ අකනිටා යන ශුද්ධාවාස පහෙන් එකක උපත ලැබ එහිදීම රහත්ව පිරිනිවෙයි.
සෝතාපන්න හෝ සකෘදාගාමි තත්වයන්ට පත්ව සිටියහොත් දිව්‍ය බ්‍රහ්ම
උත්පත්ති ලබත හැක.
එයද එක් වරක් හෝ උපරිම හත් වරකි. ධ්‍යාන ලාභීව සිටිය හොත් රූපාවචර
අරූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදී. දාන ශීල ආදි නිති පින්කම් හි යෙදී සිටියේ
නම් දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලබති. මෙසේ නොවී පව්කම් හි යෙදුනෝ නරක
තිරිසන් පේ‍්‍රත ඇසුර යන සතර අපායන් හි එකෙක උපදී. මේවායින් සුන්දර
යහපත් ගති ඇත්තේ සුගති ලෙසද, අයහපත් මහත් දුක්, දිගුකලක් විදින ගති
ඇත්තේ දුගති ලෙසද හඳුන්වති. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ මනුෂ්‍යකුව
සිට මිය පරලොව යන අයගෙන් නැවැත මනුෂ්‍යයකුව හෝ සුගතිගාමි වන්නන් අල්ප
බවත් දුගතිගාමී වන්නන් බොහෝ බවත් සඳහන්ව ඇත. ඛුද්දක නිකායේ සුත්ත
නිපාතයෙහි ඇති ඛුද්දක පාඨවලට ඇතුළත් “ තිරෝකුඩ්ඩ “ සූත්‍රයේ මළවුන්ට
පින් දිය හැකි බව සඳහන්ව ඇති තවත් තැනැකි. මෙහිදී මේ පිළිබඳවද දැන
සිටීම වැදගත් යයි සළකමි. ධම්මපද අට්ඨකතාවේ දේව්දත්ත කතාවස්තුවේදී
පේ‍්‍රත ලෝක පිළිබඳව මෙසේ සඳහන් වෙති.
(පේතවත්‍ථුවෙහි පිට්ඨධීතලික පේ‍්‍රත වස්තුව ඇසුරෙනි )
මතු සම්බන්ධයි
|