‘සිහිය පිහිටුවීම
අවබෝධයට මඟ යි’
නාවලපිටියේ අරියවංශ හිමි
ඒ භාග්‍යවතුන්
වහන්සේ ගේ අවබෝධය
අදහාගන්න, ඒ ධර්මය අදහාගත්ත
කෙනා ගේ ස්වභාවය මොකක්ද? ඉවසීම,
ඉවසීමෙන් යුක්ත ව මොකක් ද එයා කරන්නේ? එයා ඉවසීමෙන් යුක්ත ව මේ දහම
පුරුදු කරන්න පටන් ගන්නවා.
එතකොට එයා කවුද?..ධර්මය පුරුදු කරන කෙනා. යමක් පුරුදු කරන්න පුරුදු
කරන්න එයා තුළ ඇති වන ධර්මතාව මොකක් ද? යමක් පුරුදු කරන්න කරන්න ඒ
පුරුදු කරන්නා වූ දේ පිළිබඳ වැටහීමක් ඇති වනවා. ඒ පුරුදු කරන්නා වූ දේ
සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂ
බවක් ඇති වනවා.
දැන් ‘මේක යි නිවන් මඟ‘ කියල යම් කෙනෙක් දැන ගත්තොත් එයා තුළ තිබුණු භය
දුරු වෙයි ද, වැඩි වෙයි ද? දුරු වෙනවා. එයා නිර්භය බවට පත් වෙනවා. භය
දුරු වීමත් එක්ක එයා තුළ ප්‍රමුදිත බව හට ගනියි ද නැද්ද? හට ගන්නවා.
එයා සුවපහසුවට පත්වෙයි ද නැද්ද? සුව පහසුවට පත් වෙනවා.
එතකොට එයා පිළිවෙළකට ඒ භාවනා පුරුදු කරගන්න දක්ෂ බවක් ඇති කරගන්නවා. ඒ
නිසා අපි සතිපට්ඨානය කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න කල්පනා කළ යුතුයි.
කැමැති විය යුතු යි. ඒ සඳහා වෑයම් කළ යුතු යි.
ඒ සඳහා මොකක් ද අපි කළ යුත්තේ...කළ්‍යාණ මිත්‍ර ඇසුර ඇති කරගන්න කැමැති
වන්න ඕන. වෑයම් කරන්න ඕන.ඒ විදියට කළ්‍යාණ මිත්‍ර ඇසුර අපි ඇති
කරගත්තොත් අපිට පුළුවන්කම ඇති වෙනවා. සතිපට්ඨානය කෙරෙහි පැහැදීමක්
ඇතිකර ගන්න. අන්න එසේ සතිපට්ඨානය කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න කෙනා
සතුටු සිතින් වාසය කරනවා. නැවුම් සිතින් වාසය කරනවා. එයා ගේ ජීවිතේ
සුන්දර යි. අසුන්දර බව දුරු වන්න පටන් ගන්නවා. එයාට සංසාරෙ තිබුණු මහත්
වූ බිය පහ වන්න පටන් ගන්නවා. ඒක ධර්මතාවයක්. අද්භූත දෙයක් නොවෙයි.
මායාවක් නො වෙයි. සිද්ධ වන දෙයක්. එතෙන්ට එන්න අපි කවුරුත් කැමැති
වෙන්න ඕන.
බලන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දුන්නේ, මේ වනාහී එක ම මඟ බවයි.
සිතේ පිරිසුදු භාවය ඇති කරගන්නත්, දුක් දොම්නස් දුරු කරගන්නත්, සිතේ
ශෝක කරන තැවෙන ගතිය දුරු කරගන්නත්, විශේෂ ඤාණය ඇති කරගන්නත් නිවන අවබෝධ
කරගන්නත් එක ම මඟ සතිපට්ඨානය යි. මෙන්න මේ ධර්මය කෙරෙහි විශ්වාසය උපදවා
ගන්න බලන්න. අන්න එතකොට අපි තුළ නිර්භය භාවය ඇති වෙයි. නිසැක බව, සැක
රහිත බව ඇති වෙයි. මේ සිතේ ඇල් මැරුණු බව දුරු වෙලා යයි.අලසකම දුරු
වෙලා යයි.එයාට පුළුවන් ප්‍රමුදිත භාවයෙන් යුක්ත ව වාසය කරන්න.
දැන් අපට සතිපට්ඨානය කෙරෙහි පැහැදීමක් ඇති වුණොත් ඒ පැහැදීම කුමක්
පිණිස ද ඇති වුණේ? සතිපට්ඨානයට පහදින කෙනාගේ පැහැදීම කුමක් උදෙසා ද ඇති
වන්නේ? නිවන් මග කෙරෙහි යි. නිවන් මගට යි එයා පහදින්නේ. සතිපට්ඨානයට
පැහැදුණොත් ඒ පැහැදීම කුමකට ද? නිවන් මඟට හතර වන ආර්ය සත්‍යයට තමයි
පහදින්නේ. එතකොට එක ආර්ය සත්‍යයකට පැහැදුනොත් යම් කෙනෙක්, එයා ආර්ය
සත්‍ය හතරට ම පහදිනවා නේ ද? සතිපට්ඨානය කෙරෙහි පැහැදීමක් ඇති වුණොත්
එයා ආර්ය සත්‍ය කෙරෙහි තමයි පැහැදීමක් ඇති කරගන්නේ. එතකොට ආර්ය සත්‍ය
කෙරෙහි පැහැදීමක් ඇති වුණොත් එතන ශ්‍රද්ධාව නේ ද තියෙන්නේ ? එතකොට එයා
ශ්‍රද්ධාවට ඇවිල්ල නේ ද?
එහෙනම් , සතිපට්ඨානය කෙරෙහි පැහැදීමක් ඇති කරගත්තොත් අපි ලොකු දෙයක්
කරගත්තා වෙනව නේ ද? එහෙනම්, අපි ඇස් නැති අය අත පත ගාන්න වගේ හිස් වැඩ
කරන්න හොඳ නෑ නේ ද? ඇස් නැති අය එහෙ මෙහෙ අත පත ගගා බලනවා. “අනේ මොකක්ද
මේ.? කොහෙද ඉන්නේ කියල, ඒ වගේ හිස් වැඩ කරන්න එපා. හොඳට ඇස් තියෙන අය
ආලෝකය තුළ හොඳින් දැකල දේවල් තෝර බේර ගන්නේ යම් සේ ද, ඒ වගේම මේ
පිරිසුදු ව පෙන්වා දී තිබෙන සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයක් ඇති කර ගන්න
වෑයම් කරන්න. ඒ සඳහා කැමැති වෙන්න. නැවත කියවන්න ඒක.කියවලා බුදුරජාණන්
වහන්සේ වදාළ ඒ දහම කෙරෙහි පැහැදීම ඇති කරගන්න. “
සතිපට්ඨානය කෙරෙහි විශ්වාස කළා කියල විචිකිච්ඡාව එක පාරට නැති වන්නේ
නැති වෙයි. මේ දහම අදහාගන්න. එහෙම අදහගත්ත කෙනා කලබල නොවී ඉවසීමෙන් මේක
කරගෙන යනවා. එසේ කලක් පුරුදු කරනකොට එයා යමක් ද විශ්වාස කළේ, යමක් ද
අදහාගත්තේ , අන්න ඒ දේ එයාට ප්‍රත්‍යක්ෂ වන්න පටන් ගනියි. අන්න එතකොට
එයා තුළ යම් සැකයක් තිබුණ නම් ඒ සැකය ටික ටික දුරු වන්න පටන් ගනියි.
යම් කලක දී එයා අදහගත්ත යම් දහමක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්
ප්‍රත්‍යක්ෂ වෙයි. තව කෙනකුට ඒක අයින් කරන්න බැරි විදියට තහවුරු වෙයි.
අන්න එදාට විචිකිච්ඡාව නිරුද්ධ යි. ආයෙ කිසි දවසක විචිකිච්ඡාව හටගන්නේ
නෑ.
දහම අදහගත් පමණින් විචිකිච්ඡාව නිරුද්ධ වනව ද? නෑ. ඒ ධර්මය අදහගන්නවා
කියන්නේ මොකක් ද? සතිපට්ඨානය මෙය ම යි හරි, මෙය ම යි මාර්ගය ‘කියලා
අදහා ගැනීම.සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීම පැහැදීම ඇති
කරගත්ත කෙනා ටික ටික මේ සතිපට්ඨානයේ පෙන්වා දී තිබෙන ධර්ම කාරණා පුරුදු
කරන්න, පටන් ගන්නවා.
ඒ ධර්මය පුරුදු කරන්න නම් අප තුළ තිබිය යුතු ගුණය මොකක්ද? ඒ ධර්මය,
කෙරෙහි තිබුණු සැකය බැහැර කරල තියෙන්න ඕන. ඒ ධර්මය කෙරෙහි විශ්වාසයක්
නැත්නම් අපි පුරුදු කරයි ද? නෑ. සැකය තියාගෙන ම පුරුදු කිරීමෙන්
අපේක්‍ෂා කරන ප්‍රතිඵලයෙන් අංශුවක් වත් ලබාගන්න බෑ. ඔන්න කෙනෙක් “හොඳයි
අපි කරල බලමුකො.” කියල පටන් ගන්නවා. එයාට ඒ ප්‍රතිඵල ලැබෙයි ද?...එයා ඒ
ටෙස් කරන්න බලන්නේ. ටෙස් කරල කවදාවත් මේ ධර්මයෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න
බෑ. අත් හදා බැලීම ළඟ තියෙන්නේ, සැකය, විචිකිච්ඡාව . ඒ නිසා සැකය බැහැර
කරන්න.
ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය අදහාගන්න, ඒ ධර්මය අදහාගත්ත කෙනා ගේ
ස්වභාවය මොකක්ද? ඉවසීම, ඉවසීමෙන් යුක්ත ව මොකක් ද එයා කරන්නේ? එයා
ඉවසීමෙන් යුක්ත ව මේ දහම පුරුදු කරන්න පටන් ගන්නවා. එතකොට එයා
කවුද?..ධර්මය පුරුදු කරන කෙනා. යමක් පුරුදු කරන්න පුරුදු කරන්න එයා තුළ
ඇති වන ධර්මතාව මොකක් ද? යමක් පුරුදු කරන්න කරන්න ඒ පුරුදු කරන්නා වූ
දේ පිළිබඳ වැටහීමක් ඇති වනවා. ඒ පුරුදු කරන්නා වූ දේ සම්බන්ධයන්
ප්‍රත්‍යක්ෂ බවක් ඇති වනවා. තමා තුළ උපදින වැටහීමක් ඇති වනවා.
ප්‍රත්‍යක්ෂ කියල කියන්නේ ඒක යි.තමා තුළ ම ඒ සම්බන්ධ වැටහීමක් ඇති
වනවා. පුරුදු කරන්න කලින් මොකක්ද තිබුණේ තමා තුළ ...? තිබුණ ද වැටහීමක්
? නෑ. කලින් මොකක්ද තිබුණේ? කලින් විශ්වාසයක්, අදහගැනීමක් තිබුණේ. ඒ
ධර්මය අදහා ගන්නවා. අදහගත්තට පස්සේ ඉවසීමෙන් පුරුදු කරනවා. ඒ විදියට
පුරුදු කරනකොට මොකක් ද ඇති වෙන්නේ...? පුරුදු කරනකොට තමා තුළ ම ඒ
පිළිබඳ වැටහීමක් ඇති වෙනවා. ඒකට මොකක් ද කියන්නේ? ප්‍රත්‍යක්ෂය. තමාට ම
ඒක තහවුරු වෙනවා. ‘මේක ඇත්ත යි’ කියලා, ‘මේක සත්‍ය යි’ කියල තහවුරු
වෙනවා.
යම් කලක දී අපි ඒ අදහාගත්ත දේ පිළිබඳ පරිපූර්ණ විශ්වාසයක්, ප්‍රත්‍යක්ෂ
වැටහීමක් අප තුළ ඇති වනවා. අන්න එදාට විචිකිච්ඡාව සදහට ම නිරුද්ධ යි.
ආයි එන්නෙ නෑ. ඒක සිදු වන්නේ භාවනාව තුළ. ඒක සිදු වන්නේ සිහිය දියුණු
කිරීමෙන්. එහෙනම් සිහිය දියුණු කරගන්න නම් සිහිය උපදවා ගන්න ඕන නේ
ද?...මොකක් මත ද සිහිය උපදවා ගන්නේ..?සතිපට්ඨාන අරමුණු මත.මොකක් මත ද
සිහිය දියුණු කරන්නේ? සතිපට්ඨාන අරමුණු මත. සතිපට්ඨානය කෙරෙහි අප තුළ
විශ්වාසයක් තිබුණොත් තමයි, ඒ මත පිහිටා සිහිය දියුණු කරගන්නේ. අන්න
එතකොට, ආර්ය සත්‍ය කෙරෙහි නො සෙල්වෙන ප්‍රසාදය ඇති කරගන්නට අපට
අවස්ථාවක් උදාවෙයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දී තිබෙන ඒ උතුම් නිවන් මඟ, සතර
සතිපට්ඨානය කෙරෙහි බලවත් වූ පැහැදීම ඇති කරගැනීමට වාසනාව, ශක්තිය
ධෛර්යය උදාවේවා...! ඒ සඳහා කළ්‍යාණ මිත්‍ර ඇසුර ඇති කරගන්නත් දියුණු
කරගන්තත් හැකියාව, ධෛර්යය, වාසනාව ඔබටත් උදාවේවා......! කියලා ආශිර්වාද
කරනවා.
|