ආර්.එම්. සෙනෙහෙලතා ගුණසීලි
ලෞකික ජීවිතය යහපත් ලෙස ගත කිරීමටත්, ලෝකෝත්තර වීමටත් හිරි, ඔතප් හෙවත්
දේව ධර්ම විශාල වශයෙන් උපයෝගී වන බව පැහැදිලි ය. අභිධර්ම කාණ්ඩයේ සෝභන
චෛතසික අතර තෙවැනි හා සිව්වෙන චෛතසික වශයෙන් මේවා සඳහන් කොට ඇත. මෙය
දෙකක් වශයෙන් වෙන් කොට ඇතත්, එකටම පහළ වන බව අභිධර්මය අධ්‍යයනය කරන විට
පැහැදිලි වෙයි.
එසේම ආර්යයන්ට පහළ වන සප්ත ආර්ය ධන අතරත් තවත් නොයෙක් ධර්ම තුළත් මේවා
ව්‍යංගාර්ථයෙන් දක්වා ඇත. වචනයෙන් හා කයෙන් පෘථග්ජන මිනිසා වැරැදි
හෙවත් දුසිරිත් බොහෝ සේ කරයි. මේවායින් වෙන්වීමට, අපි විරති යැයි
කියමු. දුසිරිතට යොමුවීම හෙවත් පාපකාරී වචන හා ක්‍රියා වලට යොමුවීමට
ලැජ්ජාවීම, හිරිය යි.. එවැනි ක්‍රියාවලට යොමු වීමට ඇති බිය ඔත්තපය යි.
යම් පිළිකුල් සහගත වචනයක් හෝ පිළිකුල් සහගත ක්‍රියාවක් කරන බව අන්
අයෙක් අහගෙන සිටියොත් නැතහොත් දැක්කොත් අපට සමාජයෙන් කොන් වීමට
සිදුවෙයි. අපහාසයට, ගෞරවයට පාත්‍ර වීමට සිදුවෙයි. ඒ වාගේම කුල
පරම්පරාවට ද එය මදි පුංචිකමක් වෙයි. මවුපියන්ගෙන්,
වැඩිහිටියන්ගෙන්,ඥාති මිත්‍රාදීන්ගෙන් ගුටි බැට කෑමට සිදුවෙයි. උසස්
නිලතල දරන පවුලේ සාමාජිකයන්ගේ කීර්තියට එයින් හානි වෙයි. නිවසින්
පිටුවහල් කරයි. අවසානයේ පොලිස් හිර ගෙවල් ආදියේ දුක් විඳීමට පවා
සිදුවෙයි. මේ ආකාරයේ සිතිවිලි චිත්ත සංකල්පනා පහළ කර ගැනීම, මේ ලැජ්ජා
භය දෙක ඇතිකරගෙන පවින් වැළැකී සිටීමට හේතුවෙයි. එය දහමෙහි සම්පත්ති
විරති’ යනුවෙන් හැඳීන්වෙයි.
නිති මල් පහන් පූජා කරමින් පොහොය දිනයට අටසිල් සමාදන් වන පෘථග්ජන
පුද්ගලයා පවෙන් බැහැරව කයින් වචනයෙන් කුසලයට හුරුවීම, වචී දුශ්චරිත,
කාය දුශ්චරිත වලින් වෙන්වීම සමාදාන විරතිය යි.
තවත් වෙන්වීමක් ඇත. එනම් සමුච්ඡේද විරතිය යි. එනම් යමෙක් සීල සමාධි
ප්‍රඥා වැඩීමෙන් හිත කය වචන යන තිදොරින් කෙරෙන සියලුම අකුසලයන්ගෙන්
වෙන්වීම යි. මෙය පුරුදු පුහුණු කරන පුද්ගලයා ලොව්තුරා බුදු පියාණන්
වහන්සේ දේශනා කොට වදාළ ඬවනට පත් ව නිවන් සුව මෙලොවදීමල යි. මෙය රතන
සූත්‍රයේ මෙසේ වදාරා ඇත. ‘ලද්ධා මුදා නිබ්බති භඤ්ඤමානා යනුවෙන් මෙය
සමුච්ඡේද විරතිය යි.
මේ හිරි ඔත්තප්ප වලට තවත් නමක් දී ඇත. එනම්, ලෝක පාලක ධර්ම’ යන්නයි
අංගුත්තර නිකායේ එක් සූත්‍රයක ‘යෙ සුඛා ධම්මං ලෝකස්ස පාලෙය්‍ය යැයි
සඳහන් වෙයි.
ලෝකය කියන්නේ ගංඟා, ඇළ, දොළ, වැව්, සාගර , කඳු පර්වත ඇති ලෝකය පමණක්
නොවේ. ලොව්තුරු බුදුපියාණන් වහන්සේ ලෝකය කියා යම් තැනක දේශනා කොට
ඇත්නම් ඒ පෙර කියන ලද ලෝකය නොව ඉසේ සිට දෙපාන්තය දක්වා වූ මේ කලේබරය
යි. “ඉමස්මිං බ්‍යම වත්තෙ කලේබරෙ, ලොකඤ්ච පඤ්ඤාපේමි’ යනුවෙන් බුදු
හිමියෝ වදාළහ. මේ ලෝක පාලක ධර්ම මගින් පාලනය නොවන පුද්ගලයාට කළ නොහැකි
අපරාධයක් නැත. මිනිසා යනුවෙන් සඳහන් කරන්නේ උසස් මනසක් ඇති පුද්ගලයන්
වුවත්, මෙවැනි දෑ කරන අය තිරිසනුන්ට සමාන කළ හැකිය. මේ ධර්ම නොපවතින
තැන්වල තිරිසනුන්ගේත් මිනිසුන්ගේත් වෙනසක් දැකිය නොහැකි.
මෛත්‍රීය, කරුණාව, අනුකම්පාව, සාමය, සමගිය, ලැජ්ජාව, භය ආදි ගුණධර්ම වල
පිහිටා සිටින පිරිසක් යම් ගමක, පළාතක හෝ රටක ජීවත් වෙනවා නම් ඒ මුළු
ගමමත්, මුළු රටමත් දිනෙන් දින දියුණු වන අතර, ඔවුන්ගෙන් රටට ගමට සිදුවන
සේවය මෙපමණයැයි සීමා කළ නොහැකි ය. මෙහි දියුණුව යැයි සඳහන් කළේ කාපට්
පාරවල් ඇති තට්ටු ගෙවල් ඇති යාන වාහන වලින් පෝෂිත වූ ලෞකික දියුණුව
පමණක් නොවේ.
එහෙම නම් එය කුමක්ද? අධ්‍යාත්මික දියුණුවයි. පොතපත හදාරන උගතකුට වූවත්,
විභාග වලට ඉදිරිපත් වූ උපාධිධාරීන්ට වූවත් මේ හිරි ඔතප්ප මෛත්‍රීය,
කරුණාව ආදී වශයෙන් දැක්වෙන ගුණධර්ම බාහිර ලෝකයෙන් හෝ තමාගේ් කය තුලින්
ලබාගත හැක්කක් නොව කය උපයෝගි කරගෙන සිත තුළින් ලබාගත යුතු දේවල් ය.
ආත්ම අර්ථය යනු තමාගේ දියුණුවයි. නමුත් ගුණධර්ම වඩා වර්ධනය කර ගැනීමට
නම් පරඅර්ථය සඳහා ද යම් යම් කටයුතු වල නිරත විය යුතුයි. බුදුරජාණන්
වහන්සේ ලෝකාර්ථ චර්යාව සඳහා පරර්ථ සේවය සඳහා තමාගේ මුළු ජීවිත කාලයම
යෙදවූහ. තමා පළමුව අර්ථවත් වී පසුව ලෝකයාට අර්ථවත් විය යුතු බව අවබෝධ
කොට ගෙන ලෝකාර්ථ චර්යාවෙහි යෙදුණහ. ‘ බුද්ධෙ සො භගවා බෝධාය ධම්මං දේ
සෙයි’ යනුවෙන් එය දේශනා කොට ඇත. මඩේ එරී සිටින කෙනෙක් ගොඩ ගැනීමට තවත්
මඩේ එරී සිටින කෙනෙකුට නොහැකි ය. පළමුව එක් අයෙක් කොහොම හෝ උනන්දුව
උත්සාහය ඇතිකර ගෙන ගොඩට ඇදුණොත් අනෙකා ගොඩ ගත හැකි ය.
හිරි ඔතප් දෙකෙන් යුතු සිල්වත් ගුණවත්, උපාසක උපාසිකා, භික්ෂු භික්ෂුණී
පිරිස ලෝකයේ නැත්තේ නොවේ. දිනක් ශක්‍ර දේවේන්ද්‍රයා මිනිස් ලොව දෙසට
දොහොත් මුදුන් දී වන්දනා කරන විට, රථාචාර්ය මාතලී දිව්‍ය පුත්‍රයා
ඇසුවා. මනුෂ්‍ය ලෝකයේ බහුතරයක් ඉන්නේ ලැජ්ජා භය නැති අය. ඇයි ඔබ ඒ අයට
මේ ආකාර වඳින්නේ කියලා. එවිට ශක්‍ර දේවේන්ද්‍රයා කිව්වා, එහෙම කියන්න
එපා. මාතලී, මිනිස් ලොව පින් දහම් වල යෙදෙන ගුණ ධර්ම වඩන ලැජ්ජා භය ඇති
පිරිස, මාර්ගඵල ලාභී උත්තමයෝ ඉන්නවා. මා ඒ අයට මේ වඳින්නේ කියා. ‘යෙ
ගහට්ඨා පුඤ්ඤකරා’ යන පාලි පාඨයෙන් එය පැහැදිලි කර ඇත. මෙයින් අපට
තේරුම් ගන්න පුළුවන් ලැජ්ජා භය ඇති සිල්වතුන්ට දෙවියොත් වැඳුම් පිදුම්
කරන බව. මේ සාරධර්ම වල නොපිහිටා ආර්ථිකය පමණක් වර්ධනය කර ගැනීමටත්,
සුඛෝපභෝගීව ජීවත්වීමට පමණක් බලාපොරොත්තු වන අයගේ ධනය මෙන් ආයුෂ ද කෙටි
වේ. ස්වභාවධර්මය පවා ඒ අයට එරෙහිව ක්‍රියාකරන බව නාය යෑම් සුළි සුළං
සුනාමි ආදි ව්‍යසන වලින් ඔප්පු වේ. මේ අතර ගුණධර්ම රකින යහපත්
පුද්ගලයින්ද සිටිය හැකි ය. කෙසේ හෝ ඒ අය එයින් නිදහස් වේ.
කර්මය විග්‍රහ කරන තැන තමා පසුපස අකුසල ධර්ම රථ රෝදය මෙන් එන බව ‘චක්කබ
වහත්තො පදං’ යනුවෙනුත් කුසල ධර්ම කරන අයගේ කර්ම ඡායාවක් මෙන් එන බව
‘ඡායාව අනපායිනී’ යනුවෙන් ධම්මපදයේ පළමු ගාථාවෙන් පැහැදිලි කර ඇත. ඒ
වාගේම කර්මය එක එක ආකාරයෙන් තමා පසු පස ගමන් කරන බව ‘කම්ම දායාදො
කමම්යොනි කම්මබන්ධු කම්ම පටිසරණො, යං කම්මං කරිසසාවි සල්‍යණිවා පාපකංවා
තස්ස ද්‍රයාද්‍රෙ භවිස්සාමිති’ යි දේශනා කොට ඇත. තමා කරන කර්මය තමා පසු
පසම විවිධ ආකාරයෙන් එන බැවින් නිරන්තර හිරි ඔතප් දෙකෙන් යුතුව ගුණධර්ම
වලම හිත පිහිටුවා ගෙන ජීවත් විය යුතුය. මෙලොව මිය යෑමට පැමිණි අවස්ථාවේ
තමාගේ ‘චුති’ සිතට ඒ කරන ලද හොඳ කර්මයක්. කර්ම නිමිත්තක් හෝ ගති
නිමිත්තක් පහළ වී ඊළඟ භවය (සුගතිය) යහපත් වේ. හිත නරක සිතිවිල්ලක පහළ
වුවොත් ‘මනසාචෙ පදුට්ඨෙන’ චුති හිතට නරක කර්මයක්, කර්ම නිමිත්තක් හෝ
(නරක තැනක) ගති නිමිත්තක් පහළ වී අයහපත් භවයක් ලැබේ.
මේ හිරි ඔත්තප්ප දෙකෙන් තොරවීම හීන ධර්ම බව අන්‍ය ආගම් කතුවරයෝ පවා
කියති. මේ නිසා හීන ධර්ම වලින් බරිතව ජීවත්වන අය ‘දිට්ඨ ධම්ම වේදනීය’
වශයෙන් නොයෙක් භයානක ලෙඩ රෝග වලින් පෙළෙමින්ද. අන්ත දුක් විඳිති.
එමනිසා කුඩා කළ සිටම මවුපියන් තම දූ දරුවන්ගේ කය පමණක් පෝෂණය කිරීමට,
වර්ධනය කිරීමට උනන්දු නොවී අධ්‍යාත්මයද පෝෂණය කිරීමට උනන්දු විය යුතු
යි. නූතන ලංකාවේ වර්තමාන සංස්කෘතිය ඉතා පහත් තත්ත්වයක පවතින්නේ, වරදට
ලැජ්ජා - භය දෙක, නොපිහිටීම නිසා ය. කරදර වලින් නිදහස්වීමට සමාදානයට,
ගොඩනැගීමට මිනිස්සු පන්සල් වලට ගොස් බෝධි පූජා තැබීමට කෝවිල්, පල්ලි
වලට ගොස් පුද පඬුරු පූජා කොට යාඥා කිරීමට පුරුදු වී සිටිති. නමුත් තම
තමන්ගේ අධ්‍යාත්මය සාර්ධර්ම වලින් පෝෂණය වනතුරු මේ කරන සියල්ලම ගඟට
කැපූ ඉනි හා සම වේ. හිත හදා ගතහොත් ලෝකයම හැදිය හැකිය.
බුදුපියාණන් වහන්සේ මේ අභිරික අනෙත්තප්ප කියන අකුසල චෛතසික දෙක පහළ
වන්නේ පෘථග්ජන හිත තුළ බව දේශනා කොට ඇත. මේ අපිරිසුදු සිතිවිලි දෙකෙන්
හිත වෙන් කර ගන්නා තුරු කුමන යාග හෝම කළත් ලැබෙන්නේ අසාර්ථක ප්‍රතිඵල
යි. මනුෂ්‍යත්වය ලැබූ සියලු දෙනාටම බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ
දුකින් නිදහස් වී නිවන් දැකීමට ය. නිවන පසෙකට තබා වෙනත් වෙනත් දේ
කරමින් සැපක් නැති පංචස්කන්ධය තුළ සැප සොයනවා නම්, එය මහා මෝඩකමකි. මේ
මෝඩයන්ට බුදුන් වහන්සේ ‘සබ්බේ පුථුජ්ජනා උම්මත්තකකා’ යැයි දේශනා කොට
ඇත.
මේ ලැජ්ජා භය නැතිකම කොපමණ භයානක ද කිවහොත් නිවන වසාලන අධර්ම දෙකක්
වශයෙන් හඳුන්වා ඇත. එම නිසා නිවන අවබෝධ කිරීමට මාර්ගස්ථ වන පුද්ගලයා
විදර්ශනා වැඩීමට පටන් ගැනීමට පෙරාතුව පරමාර්ථ වශයෙන් මේ හිරි ඔතප්ප ඇති
කර ගත යුතුය. මේ අවිජ්ඡාවරණයෙන් වෙන්වීම, විජ්ජාචරණ සම්පන්න වීමයි.
මෙසේ නොවන පුද්ගලයා අකුසල් රැස් කරමින් කෙලෙස් බරිතව දිවි ගෙවමින්
ආගාධයෙන් ආගාධයට යමින් අවසානයේ (දුග්ගති ගතො) දුගතියටම ගමන් කරයි. නිවන
පැත්තට ගමන් කරන පුද්ගලයා මේ අයහපත් විනාශකාරි පාප මූල තුන වෙනස්කොට
යහපත් අතට හරවාගෙන අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලයන්ට පෙරලා ගෙන මෙලොවද
උත්තරීතර දිවියක් ගතකොට මිය යෑමෙන් පසුව ද සුගතියට හෝ මෝක්ෂයට
පත්වෙයි. එයයි. මේ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් ලබාගත යුතු ප්‍රතිඵලය.
මනුෂ්‍යයන් වූ අප සත්වයන් හය දෙනෙක් රැගෙනයි උපත ලබන්නේ. ඒ ඇස, කණ,
නාසය, දිව, කය මනස යි. නයා, කිඹුලා, කුරුල්ලා, වඳුරා, බල්ලා නරියා යන
මේ සත්ත්වයින් එකට ලණුවකින් ගැට ගසා තැබුවහොත් සිදුවන්නේ කුමක්ද? නයා
හුඹහට රිංගනවා, කිඹුලා වතුරට යනවා. කුරුල්ලා අහසේ පියාසර කරනවා. නරියා
සොහොන් පිටියට යනවා.
මේ වාගේ නේද අපේ ඉන්ද්‍රිය? එක් එක් ඉන්ද්‍රියයන්ට එක් එක් ආකාරයේ ගෝචර
රූප ලබා දෙන්න ඕන වෙනවා. මේවා ලබා ගන්න ‘මනෝ පුබ්බංගමා සෙට්ඨා’ හිත
පෙරටු විය යුතුයි. හිරි ඔතප් දෙකින් කය වචනය සංවර කරගෙන ලැබෙන ලැබෙන
අරමුණු වල නොඇලී ‘ජානතො පසසතෝ’ දැන දැක අවබෝධයෙන් යෝනිසෝ මනසිකාරයෙන්
යුතුව සිටින විට හිත සංවර වෙයි. ‘දුරංගමං එකචරං’ වූ හිත එවිට සමාධියට
පත්කර ගත හැකිය. ‘නත්ථි ඣානං අප්ණණාස්ස නත්ථි පඤ්ඤා ආජයතා’ යමෙකු තුල
සීලය නැතිනම් ධ්‍යානයද නැත. ධ්‍යානය නැතිනම් පඤ්ඤාව ද පහළ නොවේ. එහෙම
නම් පළමුව සීලය ආරක්ෂා කර ගත යුතුයි. සීලය සඳහා පළමුව හිරි ඔතප් දෙක
ඇති කර ගත යුතුයි. ඊට පසු තමා කාය සංවරය, වාග් සංවරය ඇති වී සම්මා
වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මාර්ගාංග වැඩෙන්නේ මේ විරති චෛතසිකය
යි.
නන් අයුරින් මෙසේ පැහැදිලි කළ පරිදි හිරි ඔතප් කියන දේව ධර්ම ඔබලාගේ්
හදවත් තුළත් පහළ කරගෙන අපගේ බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ ශාන්ති
පදය නම් වූ නිවන අවබෝධ කරත්වා. |