ගලෙන්බිඳුණුවැවේ විජිතනන්ද හිමි
අපි අපගේම සිත තුළට එබී බැලීමට ලජ්ජිත වෙමු.
නමුත් චිත්තානුපස්සනාවේ දී කැඩපතකින් මුහුණ බලන්නාක් මෙන්
සිතින් සිත දෙස බැලීමට අවංක විය යුතු ය. මෙසේ රාග, ද්වේෂ සහගත සිතිවිලි
දෙස සිතින් බලන විට සැබවින්ම එයින් හානියක් සිදුවීමේ අවකාශ නැති වී
යයි. සමාජ සබඳතා පැවැත්වීමේ දී සාමයෙන් හා සහජීවනයෙන් එය පැවැත්වීමට
මෙම භාවනා ක්‍රමය ඉතා වැදගත් වේ
සමාජ සන්දර්භයෙන් තොරව භාවනාව ගැන කථා කිරීම
අර්ථශූන්‍ය ය . භාවනාවේ සංවර්ධනය මැන ගැනීමට ඇති
හොඳම උපකරණය සමාජ ජීවිතය යි. සමාජ සම්බන්ධතා
පැවැත්වීමේදි මනස තුළ ගැටුම් පැන නගී නම් තවදුරටත් ඔහුගේ චර්යා රටාව
යහපත් විය යුතු බව හැඟවේ. භාවනාව පුහුණු කිරීම සඳහා හුදෙකලා ශාන්ත
පරිසරයක් අවශ්‍ය වේ
බුදු දහමට අනුව “ සත්වයා” යනු පඤ්චස්කන්ධවල එකතුවකි. එනම්, නාම රූප ,
ධර්මයන්ගේ සමවායෙන් සැකසුණකි. පංචේන්ද්‍රියන්ගෙන් සමන්විත රූපකාය රූප
කොටසටත් වේදනා සඤ්ඤා ,සංඛාර හා විඤ්ඤාණ යන ඒවා නාම කොටසටත්
අන්තර්ගතය.මේ අනුව පහෙන් එකක් පමණක් කායික කොටසට අයත් වන විට පහෙන්
හතරක්ම මානසික අංශයට අයත් වේ. අපි නිරතුරුව වෙහෙස මහන්සියෙන් යුතුව
ආහාරපාන සපයමින් ,බෙහෙත් හේත් සපයමින් , පවිත්‍ර කරමින්, ඇඳුමින් ,
පැළඳුමින් සරසවමින්, ආලේපයන් ගෙන් ඔපවත් කරමින් කායික අංශයම පෝෂණය
කරමු. ඊට සාපේක්‍ෂකව මානසික අංශයට දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. නමුත්
කායික නිරෝගී භාවයට මානසික නිරෝගීතාවය ප්‍රබල ලෙස බලපායි. එසේම කායිකව
කරන කියන දෙය මෙහෙය වන්නේද මනසය. බුදු දහම කර්මය ලෙස දැක්වූයේ ද
චේතනාවයි. මානසික පවිත්‍රත්වය උදෙසා වෙසෙසින් සැලකිලිමත් විය යුතු බව
මින් පැහැදිලි වන අතර භාවනාව යනු මේ සඳහා ගත හැකි ප්‍රබල ක්‍රම වේදයක්
බව සදහන් කළ හැකිය.
වර්තමානයේ දී භාවනාව පිළිබඳ සමාජයේ යම් ප්‍රබෝධයක් දැකිය හැකිය. නමුත්
විටෙක කල්පනා කර බලනවිට භාවනාව තරම් වරදවා තේරුම් ගත් අංශයක්ද නැති
තරම්ය. භාවනාව යන වදන පවසත්ම ඇතැම් දෙනා කල්පනා කරන්නේ දවසේ වැඩ කටයුතු
වලින් වෙන්ව විශේෂිත වූ ඉරියව්වකින් යුතුව හුදෙකලාව කරනු ලබන කටයුත්තක්
ලෙසය. මෙවැනි දුර්මත රාශියක්ම බෞද්ධ අබෞද්ධ පිරිස් අතර පවතී.
භාවනාවේ අරමුණ දෙස බැලූ විට ද ඇතැමෙක් අන් අයට නැති මානසික බලවේගයක්
ඇතිකර ගැනීමට, ශරීරික සෞඛ්‍ය වර්ධනය කර ගැනීමට ආදී ලෙසින් භාවනා කරති.
අන් අය කරන හෙයින් අනුකරණාත්මකව අන්ධානුකරණයෙන් කරන පිරිස් ද වෙති.
බෞද්ධ භාවනා වේ මූලික අරමුණ වන්නේ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන්ගෙන් සිත
මුදා ගෙන ශ්‍රද්ධා , සති, වීර්ය, ස්මෘතිය, ප්‍රඥාව වැනි ගුණාංග වර්ධනය
කරලීමත්, අවසාන වශයෙන් යථාභූත +ඥාන + දර්ශනය ලබා පරම සත්‍ය අවබෝධ කර
ගැනීමයි . මෙලෙස සිත පවිත්‍ර කර ගැනීමේ දී හා සමාධිගත කරවීමෙන් ලෞකික
ප්‍රයෝජන රාශියක්ම ලැබේ. ඒවා අතුරු ඵල විපාකයෝ වෙති.අපේක්‍ෂා කළ ද නොකළ
ද ලැබේ. මෙහෙයින් දෛනික කටයුතු සාර්ථක කරගැනීමට භාවනාවෙන් ලැබෙන
පිටුබලය සුවිශාලය. මෙලෙස දෛනික ජීවිතයේ කටයුතු සාර්ථකවත් , සමතුලිත
මානසිකත්වයකින් යුතුව සමාජ සබඳතා පවත්වා ගැනීමටත් සතර සතිපට්ඨාන
භාවනාවේ උපයෝගිතාවය මෙහිලා විවරණය වේ.
බුද්ධ දේශනා අතුරින් දීඝ නිකායෙහි මෙන්ම මජ්ඣිම නිකායෙහි ද සඳහන් වන
සතිපට්ඨාන සූත්‍රය මගින් අනුපස්සනා භාවනා සතරක් උගන්වා ඇත.
එනම්
1.කායානුපස්සනා
2.වේදනානුපස්සනා
3. චිත්තානුපස්සනා
4. ධම්මානුපස්සනා වශයෙනි
මේ එකදු භාවනාවක් වත් අපගේ ජීවිතයෙන් බැහැර නොවේ. බවුන් වැඩීමට ජීවිතය
මග හැරීමක් ද කළ යුතු නොවේ. දෛනික වැඩකටයුතුවලටත්, අපගේ සිතිවිලිවලටත්
මෙය සම්බන්ධ වේ.
කායානුපස්සනාවට අයත් ඉතා ප්‍රකට ජනපි‍්‍රය හා ප්‍රායෝගික භාවනාවකි
ආනාපානසති භාවනාව . අපි උපන් මොහොතේ සිට මිය යන මොහොත දක්වාම අඛණ්ඩව
ආශ්වාස ප්‍රශ්වාස කිරීම සිදු කරමු. මේ ස්වභාවික ක්‍රියාවලිය දෙස ඉතා
විමිසිලිවත්ව බැලීම ආනාපානසති භාවනාවෙන් සිදු කරයි. බොහෝ දෙනෙකු මෙම
භාවනාවේ දී සිතින් සිතා ආශ්වාස ප්‍රශ්වාස කරනු දැකිය හැකිය. “ දීඝං වා
අස්ස සන්තො දීඝා අස්සසාමිතී පජානානි “ ලෙසින් තමා දීර්ඝව ආශ්වාස කරන
විට ද එය දැන ගනී. හුස්ම (කෙටියෙන්) හුස්ම ගන්නා විට හා පිටකරන විටද ඒ
අනුව දැන ගත යුතු වේ. ස්වභාවිකව තමාගේ මෙහෙයවීමක් නොමැතිව සිදු වන
ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ සෑම වෙනස්වීමක්ම මේ අනුව යෝගාවචරයා දැන
ගනී. නාසාග්‍රයෙහි තැන්පත් වූ සිහිය තුළින් එය නිරීක්‍ෂණය කරයි. මෙම
අරමුණෙහි සමාධි ගත සිතින් විදර්ශනාවට බැස ගත හැකිය. එනම් මෙම වාතයෙහි
නිරතුරුවම දැකිය හැක්කේ වෙනස් වීමය. එය හේතුඵල ධර්මතාවයට අනුව පවත්නා
ක්‍රියාවලියක් බව අවබෝධ කොට ගත හැකිවේ. මෙලෙස ත්‍රිලක්‍ෂණයම මෙනෙහි කළ
හැකිය. ආනාපාන සති භාවනාව සඳහා විශේෂයෙන් කය ඍජුව තබා, සිහිය මනාව
පිහිටුවා පර්යංකයෙන් වාඩි වී භාවනා කළ යුතු බව සූත්‍රාගතව තිබේ.
ස්ත්‍රීන්ට අර්ධ පර්යංකයෙන් ද රෝගී අයට පුටුවක හෝ වාඩි වී සිට භාවනා
කිරීමට තහනමක් නැත. නමුත් ශරීරය ඍජුව තබා ගැනීමත් සිහියෙන් යුතුව
සිටීමත් අත්‍යවශ්‍ය වේ.
දෛනික වැඩකටයුතු නිරවුල්ව කරගෙන යාමට මෙම භාවනාවෙන් ලැබෙන බලපෑම
වැදගත්ය. නිරවුල් මනසක් ඇති හෙයින් නිවුන සිතින් සියල්ල විමසා බලා
කටයුතු කළ හැකිය. මානසික හා කායික සෞඛ්‍යය ට ද එය හේතුවේ. විශේෂයෙන්
විතර්ක චරිත ඇති අය සඳහා මෙය බෙහෙවින් වැදගත් භාවනා ක්‍රමයකි.
අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීමටත්, සුවදායක නින්දකට ද මානසික
අසහනකාරී තත්වයෙන් මිදීමට ද ප්‍රායෝගිකව කළ හැකි උසස් ප්‍රතිඵල ලැබෙන
භාවනා ක්‍රමයක් බව සඳහන් කළ හැකිය.
කායානුපස්සනා භාවනාවේ ඉරියාපථ පබ්බයේ දී අපගේ දෛනික චර්යා රටාවට අයත්
ඇවිදීම, සිටීම, නිදාගැනීම , අඟපස¼ඟ හැකිලීම, දිග හැරීම, ඇදුම් පැළඳුම්
ඇදීම, කතාකිරීම, නිහඩව සිටීම, ආහාරපාන ගැනීම ආදි සෑම ක්‍රියාවක්ම
සිහිනුවණින් යුතුව කිරීමට අනුදැන ඇත. මේ අනුව බලන විට අප කරන කියන දේ
ඉතා සිහියෙන් යුතුව කිරීමට භාවනාව අවශ්‍ය වේ. මෙලෙස උගන්වන්නේ
වර්තමානයේ එනම් මේ මොහොතේ ජීවත් වීමටය. බොහෝ විට අපගේ සැබෑ ස්වභාවය
වන්නේ අප ජීවත් වන්නේ අතීතයේ මතකයන් තුළ හෝ අනාගතය පිළිබඳ කල්පනා වන්
හෝ ප්‍රාර්ථනාවන් තුළය. අප යම් කර්යයක් කරන විට වුව සිත අතීතයේ සිදු
වූවක් ගැන සිතමින් හෝ අනාගත බලාපොරොත්තුවක් ගැන සිතමින් හෝ තිබේ. මේ
නිසා නිසිලෙස කරන කටයුත්ත සාර්ථක නොවේ. කායානුපස්සනාදී භාවනාව මගින් මේ
මොහොතේහි සිහිය පිහිටු වීමට අනුදැන ඇති ඇති අතර එමගින් අතීතය අමතක කොට
දැමීමක් හෝ අනාගතය පිළිබඳ නො සිතීමට යැයි නො පවසයි.
“ දවසකට එක්වරක් පමණක් වළඳමින්, සැහැල්ලු ජීවිතයක් ගත කරන ශ්‍රාවකයන්ගේ
පෙනුම මෙතරම් පැහැපත් වන්නේ කවර නිසා දැ”යි විමසූ විට බුදුන් වහන්සේ
වදාළේ
“අතීතං නානුසොචෙන්ති
නප්පජප්පන්ති නාගතං
වත්තමානෙන යාපෙන්ති
තෙන වණ්ණො පසීදතී “ ලෙසින් අතීතය පිළිබඳ සිතමින් සෝක නොකරමින්ද අනාගත
බලාපොරොත්තුවලින්ද තොරව නිරතුරු වර්තමානයෙහි වෙසෙමින් සිටීම නිසා
පැහැපත් වන බවය.
කායානුපස්සනාවේ දී අප ශරීරයෙහි දෙතිස් කුණප කොට්ඨාසයන් ගැන ද මෙනෙහි කළ
යුතුය. මෙ නිසා මේවායෙහි පවත්නා වර්ණය, දුර්ගන්ධය, පිළිකුල් බව හා
අනිත්‍යාදි ලක්‍ෂණ හඳුනා ගත හැකිය. මෙහි ආනිසංස ලෙස ශීල, සමාධි,
ප්‍රඥා, වැඩීමට රුචියක් ඇතිවේ. සිරුරේ යථා තත්වය අවබෝධ කර ගැනීමට මෙන්ම
එනිසාම රාග ආදි කෙළෙස්වලින් සිත මුදා ගැනීමට නිසි පසුබිමක් සිත තුළ
ගොඩනැගේ. ආත්මීය සංකල්පයන්ගෙන් බැහැර වීමටත් එමගින් සිතට ඇති වන දුක්
දොම්නස්, කාය චිත්ත පීඩා ආදිය ඉවසීමටත් ශක්තිය ලැබේ.
වේදනානුපස්සනාවෙහිදී සිදු කරනු ලබන්නේ අප අත්විදින සුඛ (සැප ) දුක්ඛ
(දුක්) අදුක්ඛමසුඛ (උපේක්‍ෂා) සහගත විදීම් හෙයක් වේදනාවක් පිළිබඳ සිහි
උපදවා මෙනෙහි කිරීමයි. ඇස්, කන්, නාසාදි අපගේ ඉන්ද්‍රියවලට රූප, ශබ්ද,
ගන්ධාදී අරමුණු ගෝචර වේ. ලොව ජීවත් වීම යනු එම ඉන්ද්‍රියවලට අදාළ
අරමුණු ග්‍රහණය කිරීමයි. මෙහි දී ලැබෙන අරමුණ දුක් සහගත නම් අපගේ සිත
පීඩිත වෙයි. අසහනයට අතෘප්තියට පත්වේ. සුඛ සහගගත වේදනාවක් නම් ඇලීමටත් ,
ආශාවෙන් ග්‍රහණය කර ගැනීමටත් අප පුරුදුව සිටිමු. නමුත් භාවනාව වැඩූ
පුද්ගලයා පසිදුරන් මගින් ලබාගන්නා තෙවැදෑරුම් වේදනාවන් උපදින බව හොඳින්
දනී. ඒ පිළිබඳ පුබුදු බවක් ඇති කර ගනී. තවද එම වින්දනයන් විවිධ හේතු
ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බවත් ඒ අනුව ඔහුට මනාප, අමනාප, මනාපාමනාප
වින්දනයන් බැහැර කොට මධ්‍යස්ථතාව ඇතිකර ගැනීමට හැකිවේ. මෙම චිත්ත
සමතුලිතතාවය ඇතිකරගැනීම පහසු නොවන අතර එසේ මධ්‍යස්ථ සිතින් සමාජ
ජීවිතයේ දී ක්‍රියාත්මක වීම තුළින් ප්‍රතිඵල රැසක් අත්පත් වේ. බොහෝ විට
අප අරගලවලට අසහනයට පත් වන්නේ මනාප වින්දනයන්හි ඇලීමක් , අමනාප
වින්දනයන්හි ගැටීමත් නිසාය.
මෙම මධ්‍යස්ථතාව තව දුරටත් වර්ධනය කරන යෝගාවචරයාට ඕනෑම අරමුණක්
සම්බන්ධයෙන් තමා කැමැති ආකාරයට තම සිත සකස් කර ගැනීමට හැකියාව තිබේ.
පිළිකුල් සහගත අරමුණක් පිළිබඳව පිළිකුල් නොවන ආකල්පයක් ආදි වශයෙන් සිත
සකස් කර ගැනීමේ හැකියාව ඔහු ලබාගනී.
චිත්තනුපස්සනාවෙහි දී යෝගාවචරයා තම සිත දෙස සිතින්ම විමසා බැලීමක් කරනු
ලබයි. රාග සහිත සිතක් ඇති වන විට එය දැක හැදින ගැනීමට සමත් වෙයි .
(සරාගංවා චිත්තං සරාග චිත්තන්ති පජානාති) මෙසේම රාග රහිත සිත ද දැනගනී,
(වීතරාගං වා චිත්තං වීතරාගං චින්තන්ති පජානාති) මේ ලෙස ද්වේෂ සහිත සිත
ද , ද්වේෂ රහිත සිත ද, මෝහ සහිත හා රහිත සිත ද හැකුළුණු හා විසිරුණු
සිත ද මහග්ගත සිත හා අමහග්ගත සිතද ආදි වශයෙන් තමා තුළ පහල වන සිත්
හොඳින් හඳුනා ගැනීමට චිත්තානුපස්සනා භාවනා කරනයෝගියාට හැකිවේ. තව ද
අනුන් පිළිබඳ වූ සිතෙහි හී සිත අනුව බලමින් වාසය කරන බව දැක්වේ. සිතෙහි
හටගන්නා ස්වභාවය හා නැති වීමේ ස්වභාවය ද දැන ගනී. මෙලෙස පවත්නා සිහිය
ඥානය වැඩීම පිණිස හේතු වේ. මෙ නිසාම මෙම භාවනාව පුරුදු පුහුණු කරන්නා
තෘෂ්ණා දෘෂ්ටියෙන් තොරව මේ සත්Àව ලෝකයෙහි කිසිවක් ආත්මාදි වශයෙන් ( න ච
තිඤ්චි ලොකෙ උපාදියති ) නොගන්නේය.
මෙසේ වුවද අපි අපගේම සිත තුළට එබී බැලීමට ලජ්ජිත වෙමු. නමුත්
චිත්තානුපස්සනාවේ දී කැඩපතකින් මුහුණ බලන්නාක් මෙන් සිතින් සිත දෙස
බැලීමට අවංක විය යුතු ය. මෙසේ රාග, ද්වේෂ සහගත සිතිවිලි දෙස සිතින් බලන
විට සැබවින්ම එයින් හානියක් සිදුවීමේ අවකාශ නැති වී යයි. සමාජ සබඳතා
පැවැත්වීමේ දී සාමයෙන් හා සහජීවනයෙන් එය පැවැත්වීමට මෙම භාවනා ක්‍රමය
ඉතා වැදගත් වේ. සරාගාදි සිතක් පහල වන විට එය එම අවස්ථාවේදීම මර්දනය වේ.
දෛනික ජීවිතය මනාව පවත්වා ගැනීමට මෙම මානසිකත්වය මනා පිටු බලයකි.
මීට අමතරව ධාර්මික, අධ්‍යාත්මික, බුද්ධිමය විෂයයන් පිළිබඳ භාවනා
ක්‍රමයක් ද වෙයි. එය ධම්මානුපස්සනාව නම් වේ. ධම්මානුපස්සනාවෙහි යෙදෙන
යෝගාවචරයාට පඤ්ච නීවරණ ධර්ම, ස්කන්ධ , ආයතන , බොජ්ක්‍ධඞග හා චතුරාර්ය
සත්‍යය යන ධර්මතා පිළිබඳ මෙනෙහි කිරීමට මහා සතිපට්ඨාන සූත්‍රයෙහිලා
අනුදැන තිබේ. පඤ්ච නීවරණ ධර්මයන් කෙරෙහි ඇත්තා වූ අනුපස්සනාවෙන් යුතු
යෝගාවචරයා තමාගේ ආධ්‍යාත්මයෙහි කාමච්ඡන්දය ඇතැයි කියා දැන ගනී. එමෙන්ම
කාමච්ඡන්දය නැත්තේ එය දැන ගනී. උපන්නා වු කමච්ඡන්දයෙහි ඉපදීම ද
ප්‍රහාණය ද දැන ගනී. මෙලෙස ව්‍යාපාද , ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ඡ හා
විචිකිච්ඡා යන නීවරණයන් පිළිබඳ වද මෙනෙහි කරයි.
පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි අනුව බලන යෝගාවචරයා රූපය මෙසේය.
රූපයෙහි හට ගැනීම මෙසේය. එහි නිරෝධය මෙසේය. ආදි වශයෙන් වේදනා, සංඥා,
සංඛාර හා විඤ්ඤාණ උපාදානස්කන්ධයන් ගැන ද දැන ගනී. මෙය තෘෂ්ණා
දෘෂ්ටියෙන් තොරව මේ ලෝකයෙහි කිසිවක් ආත්මාදී වශයෙන් ග්‍රහණය නොකිරීමට
මනා රුකුලකි.
තවද ආයතන පිළිබඳ අනුව බලමින් බවුන් වඩන්නේ හෙතෙම ඇස ද දැන ගනී. රූපයන්
ද දැන ගනී. ඒ දෙක නිසා යම් සංයෝගයක් උපදී ද එය ද දැනගනී. (චක්ඛු ඤ්ච
පජානාති , රූපෙ ච පජානාති යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සඤ්ඤොජන තඤ්ච
පජානාති) එමෙන්ම උපන්නා වූ සංයෝජනයන්ගේ ප්‍රහාණය ද නූපන්නා වූ
සංයෝජනයන්ගේ ඉපදීම හා ප්‍රහාණය ද දැන ගනී. මෙසේ සෝත, ඝාණ, ජිව්හාදි
ආයතන හා ඉන් ඇතිවන සංයෝජන පිළිබඳ දැන ගනී. මෙයද මනාව සිහිය
පිහිටුවීමටත් ඥානයාගේ වැඩීමටත් තෘෂ්ණා දෘෂ්ටියෙන් මිදී ආත්මාදි වශයෙන්
කිසිවක් නොගෙන සිටීමට හේතුවේ.
මේ අයුරින්ම සති ධම්ම විචය, විරිය පීති පස්සද්ධි , සමාධී හා උපේක්‍ඛා
යන බොජ්ඣංග ධර්මයන්හි ස්වභාවය මනාව දැන ගනී. එමෙන්ම දුක්ඛ, සමුදය,
නිරෝධ, නිරෝධ මග්ග යන චතුරාර්ය සත්‍ය ධර්මයන්හි ස්වභාවයද මනාව දැන ගනී.
මේ විෂයයන් ඉගෙනීම, කියවීම, සාකච්ඡා කිරීම, විවේචනය කිරීම මේ භාවනාවට
ඇතුළත්ය.
ඛේමක භික්‍ෂුව හා තවත් භික්‍ෂූ පිරිසක් අතර පැවැති සාකච්ඡාව භාවනාවක්
වූ සැටි ද එය නිර්වාණ ලාභයට ද හේතු වූ අයුරු මෙහිලා ගත හැකි හොඳ
නිදසුනකි. මෙනිසා මෙම භාවනාවද දෛනික ජීවිතයේදී ක්‍රියාත්මක කළ හැකි
භාවනාවකි. එමෙන්ම එහි ප්‍රතිඵල අත්විදිය හැකි භාවනාවක් බව පැහැදිලිය.
මෙලෙස බෞද්ධ භාවනාවේ ප්‍රායෝගිකත්වය පිළිබඳව ද අප සැලකිලිමත් විය
යුතුය. සමාජ සන්දර්භයෙන් තොරව භාවනාව ගැන කථා කිරීම අර්ථශූන්‍ය ය .
භාවනාවේ සංවර්ධනය මැන ගැනීමට ඇති හොඳම උපකරණය සමාජ ජීවිතයයි. සමාජ
සම්බන්ධතා පැවැත්වීමේදි මනස තුළ ගැටුම් පැන නගී නම් තවදුරටත් ඔහුගේ
චර්යා රටාව යහපත් විය යුතු බව හැඟවේ. භාවනාව පුහුණු කිරීම සඳහා හුදෙකලා
ශාන්ත පරිසරයක් අවශ්‍ය වේ.
නමුත් හෙතෙම සමාජගත පුද්ගලයෙකි. සමාජය ආරණ්‍යයක් මෙන් සන්සුන් නොවේ.
ඉතා සංකීර්ණ වූවකි. එවන් සමාජයේ සමබර ශාන්ත ජීවිතයක් ගෙන යාමට තරම්
ඔහුගේ භාවනා පුහුණුව සවිමත් විය යුතුවේ. සමාජ ජීවිතයේ දී ඇස කණ පියාගෙන
සිටීම හෝ සමාජ ප්‍රශ්න වලින් පලා යාම භාවනාවෙන් අපේක්‍ෂා නොකෙරේ.
මේ සදහා ම.නි. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් මනා උපදෙසක් ලබා ගත හැකිය.
ඇසින් රූප නොබැලීම් , කණින් ශබ්ද නො ඇසීම් ආදී වශයෙන් ඉන්ද්‍රියන්
සංවර්ධනය කළ යුතු බව. පාරාසරිය බ්‍රාහ්මණයාගේ මතය වූ අතර එයට පිළිතුරු
දෙමින් කිසිදා රූප නොදකින අන්ධයාත් කිසිදා ශබ්ද නො අසන බිහිරාත් මේ
අනුව ඉදුරන් සංවර්ධනය කළ අය වන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. භාවනාව යනු
සමාජයෙන් ලෝකයෙන් පලායාමක් නොවන වග මේ අනුව පැහැදිලිය. |