පාලි භාෂාව 01
කොලොන්නේ
ජී. පත්ම කුමාර
සෑම භාෂාවකට මෙන්ම මෙම පාලි භාෂාවටද අක්‍ෂර මාලාවක් ඇත.
පාලි හෝඩියේ අක්‍ෂර මාලාව
අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඔ
ක, ඛ, ග, ඝ, ඞ
ච, ඡ, ජ, ඣ, ඤ
ට, ඨ, ඩ, ඪ, ණ
ත, ථ, ද, ධ, න
ප, ඵ, බ, භ, ම
ය, ර, ල, ව, ස, හ, ළ, අං
මේ අකුරු 41 අක්ඛරාපාදයො එක චත්තා ළීසං යනුවෙන් පාලි භාෂාවේ
බාලාවතාරයෙහි සඳහන් වෙයි. මෙම අකුරු 41 වනාහී ව්‍යාකරණ කොටස් දෙකකට
බෙදෙයි. එනම් ස්වරාක්‍ෂර සහ ව්‍යඤ්ජනාක්‍ෂර යනුවෙනි.
“තෙත්‍ථා දන්තා සරා අට්ඨ” යන බලාවතාර සූත්‍ර බලයෙන් ස්වර ව්‍යඤ්ජන වෙන්
කැරේ.
ස්වර අක්‍ෂර 8 කි. එනම්,
අ, අ, ඉ, ඊ, උ, ඌ, එ, ඔ වශයෙනි.
ව්‍යඤ්ජන අක්‍ෂර 33 කි.
ක, ඛ, ග, ඝ, ඞ
ච, ඡ, ජ, ඣ ඤ
ට, ඨ, ඩ, ඪ, ණ
ත, ථ, ද, ධ, න
ප, ඵ, බ, භ, ම
ය, ර, ල, ව, ස, හ, ළ, අං
ඉහත සඳහන් ස්වර අට හ්‍රස්ව, දීර්ඝ වශයෙන් කොටස් දෙකකට බෙදේ. ගුරු ලගු
යනුවෙන් ද හ්‍රස්ව දීර්ඝ හැඳින්වේ.
ලගු හෙවත් කෙටි හඬ ඇති
අක්‍ෂර 3 කි.
අ, ඉ, උ
දිගු හෙවත් දීර්ඝ අක්‍ෂර 5 කි. එනම්
ආ, ඊ,
ඌ, එ, ඔ
පාලි හෝඩියේ ඒ, ඕ යනුවෙන් ව්‍යාකරණ අකුරු දෙකක් නැත. නමුත් සංයෝගයකට
මුලින් එ, ඔ තිබෙන විට කෙටියෙන් ද ලසු ලෙසද ඇදීමක් නොමැතිව ද හ්‍රස්වද
කියැවෙන අතර සංයෝගයකට හෙවත් බැඳි අකුරකට මුලින් නොමැතිව සමාන තැන්වල
දීර්ඝ ලෙස ඇදී කියැවෙයි. ඔටේඨා යන මෙහි ‘ඔ’ යන්න ඇදීමක් නැතිව
කියැවෙයි. ‘එත්‍ථ’ යන තැන බැඳි අකුරකට මුලින් නිසා ඇදෙන්නේ නැතිව
කියැවෙයි. ‘සෙය්‍යා’ යන තැන ‘සෙ’ යන්නේ ඇත්තේ එ හඬකි. ඇදීමක් නැතිව
කියැවෙයි. ‘සොÀථි’ යන තැන ‘සො’ යන්නේ ඇත්තේ ඩ හඬකි. ඇදෙන්නේ නැතිව
කියැවෙයි.
“එවං මෙසුතං එකං සමයං භගවා”
යන මෙහි එවං යන තැනද ‘මෙ’ යන තැනද ‘එකං’ යන තැන ද ඇදී කියැවෙයි.
බැඳි අකුරක් නොමැති හෙයින් මෙම ව්‍යඤ්ජනාක්‍ෂර ව්‍යාකරණ අකුරු 25 ක්
වර්ගාක්‍ෂර යනුවෙන් සඳහන් වෙයි. එනම්,
ක, ඛ, ග, ඝ, ඞ
ච, ඡ, ජ, ඣ, ඤ
ට, ඨ, ඩ, ඪ, ණ
ත, ථ, ද, ධ, න
ප, ඵ, බ, භ, ම
මෙම අකුරු 25 ට වර්ගාක්‍ෂර යෝ නම් වෙති. ‘ක’ වර්ගය ‘ච’ වර්ගය, ‘ට’
වර්ගය, ‘ත’ වර්ගය, ‘ප’ වර්ගය යනුවෙනි. (ක, ච, ට, ත, ප)
වර්ගමූල අකුරු ක, ච, ට, ත, ප යනුවෙන් ද වර්ගාන්තාක්‍ෂර 5 නම් ඬ,ඤ,ණ,න,ම
යනුවෙන්ද සඳහන් ය.
මෙම වර්ගාක්‍ෂර වල අල්පප්‍රාණ
15 ක් සහ මහප්‍රාණ 10 ක් ඇත.
මහප්‍රාණ අක්‍ෂර
ච, ඝ, ඡ, ඣ, ඨ, ඪ, ථ, ධ, ඵ, භ
මෙහි ‘අං’ යන තැන ඇති ව්‍යාකරණ බිංදුව භාෂාවෙහි සඳහන් වන්නේ
‘නිග්ගහීතය’ යනුවෙනි.
මෙහිදී අකුරු ශබ්ද වන ස්ථානද මදක් වටහා ගත යුතුයි.
අකවග්ගහ කණ්ඨාඡා, අ, ආ, ක, ඛ, ග, ඝ, ඞ සහ හ යන්න ද කණ්ඨයෙන් ශබ්ද වෙයි.
ඉ, ච, වග්ගය තාලුජා
ඉ, ඊ, ච, ඡ, ජ, ඣ, ඤ සහ ය කාරය තල්ලෙන් ශබ්ද වෙයි.
උ පවග්ගා ඔට්ඨජා උ, ඌ ප, ඵ, බ, භ, ම යන අකුරු ඔෂ්ඨයෙහි ශබ්ද වෙයි.
ට වග්ග රළා මුද්ධජා , ට, ඨ, ඩ, ඪ, ණ, ර, ළ යන අකුරු මුදුනෙන් ශබ්ද
වෙයි.
තවග්ගලයා දන්තජා ත, ථ, ද, ධ, න සහ ල, ඝ දෙකද දත් වලින් ශබ්ද වෙයි.
එ කාරය කණ්ඨයෙන් සහ තල්ලෙන් ද
ඔ කාරය කණ්ඨයෙන් සහ ඔෂ්ටයෙන්ද
ව කාරය දන්තයෙන් සහ ඔෂ්ඨයෙන්ද ශබ්ද වෙයි.
|