නවම් පෝදා
එදා හෙළි කළ
පහන් මාවත
පේ‍්‍රමසර ඈපාසිංහ
සැරියුත් මුගලන් මහ
රහතන් වහන්සේ දෙනම එකී සම්භාවනීය තනතුරුවලින් පිදුම් ලැබුවේ නවම් පුන්
පොහොය දිනක ය. සැරියුත් මුගලන් දෙනමට ඕවාද
ප්‍රාතිමෝක්ෂය , තථාගත බුදුපියාණන් දේශනා කර වදාළේ නවම් පෝය දිනයේ දී
ය. දීඝනක නම් තවුසාණට “වේදනපරිත්ත සූත්‍රය “ දේශනා කොට වදාළේ නවම් පෝය දිනයකදී ය. ගෞතම
බුදුහිමියන් පිරිනිවන් පාන්නට ආයු සංස්කාරය අත්හළේ ද නවම් පෝය දිනයකදී
ය.
බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධීන් රැසක් සිදුවුණු දිනයක් ලෙස නවම්
පුන් පොහෝ දිනය හැඳින්විය හැකියි.
අප තථාගත බුදුපියාණන් වහන්සේගේ අගසව් තනතුරු ලාභීන් වූ, සැරියුත්
මුගලන් මහ රහතන් වහන්සේ දෙනම එකී සම්භාවනීය තනතුරුවලින් පිදුම් ලැබුවේ
නවම් පුන් පොහොය දිනක ය. මෙයට අමතරව , ප්‍රථම මහා සංඝ සංගායනාව, රජගහ
නුවර වේළුවනාරාමයේදී පවත්වන ලද්දේ ද නවම් පොහෝ දිනයේදී ය.
බුදු දහම ප්‍රජාතන්ත්‍රවාදී දහමකි. තර්ක විතර්ක කොට, සත්‍යය අවබෝධ
කරගන්නට හැකියාව ඇත. අදහස් උදහස් ප්‍රකාශ කිරීමටත්, ඇතැම් අවස්ථාවලදී
ප්‍රතිපත්තිමය ප්‍රශ්න පිළිබඳ හඬක් නගන්නටත් අවසර තිබේ.
ජ්‍යෙෂ්ඨ භික්ෂූන් ශාසනයේ සිටියදී, කණිෂ්ඨ හිමිවරුන් දෙනමකට අගසව්
තනතුරු පිරිනැමීම පිළිබඳ ඇතැම් භික්ෂූන් වහන්සේගෙන් විවේචනය එල්ල
විය.බුදුරජාණන් වහන්සේට මෙම විවේචන ඇසුණු විට එයට පිළිතුරු සැපයීමට
උන්වහන්සේ ඉදිරිපත් වූහ. උන්වහන්සේ සත්භාවයෙන් යුතුව මෙසේ කරුණු
පැහැදිලි කළහ. (“මහණෙනි පඤ්චවර්ගික, යස, භද්‍රවර්ගික , තුන් බෑ ජටිල යන
භික්ෂූන් වහන්සේ ඉහත ආත්මභාවයන්හි අගසව් තනතුරු අපේක්ෂාවෙන් පින් දහම්
නොකළහ. ඔවුන්හට එවන් බලාපොරොත්තු ද නොතිබිණි. එහෙත් සැරියුත් මුගලන්
දෙනම, පෙර අත්භවයේදීම මාගේ අගසව් තනතුරු ප්‍රාර්ථනා කළ සේක. එම නිසා,
සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමුවෙමි.”
බුදු දහමේ මූලික දේශනා දෙකකි. පළමුවැන්න, “ඕවාද ප්‍රාතිමෝක්ෂ “ දේශනාව
යි . දෙවැන්න, ආනා දේශනාවයි .
ඕවාද ප්‍රාතිමෝක්ෂ යනුවෙන් අදහස් කරන්නේ යම්කිසි අවවාදයක් කිරීමයි.
මින් අපේක්ෂා කරන්නේ ස්වයං හික්මීම යි. නැතහොත් තමා විසින්ම තමා
හික්මවා ගැන්මයි. සැරියුත් මුගලන් දෙනමට ඕවාද ප්‍රාතිමෝක්ෂය ,තථාගත
බුදුපියාණන් දේශනා කර වදාළේ නවම් පෝය දිනයේ දී ය.
භික්ෂූන් වහන්සේ එක් තැනකට රැස්කොට, සය මසකට, තෙමසකට හෝ වසකට වරක් ඕවාද
ප්‍රාතිමෝක්ෂ දේශනා කිරීම සිරිතකි. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් අවුරුදු
20 කට පෙර ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළ සේක. එම කාල පරාසය තුළදි අවවාද
කළසේක.
ආනා දේශනාව යනු අණ කිරීමයි. මෙහිදී ශික්ෂාපද පැනවීම සිදුවිය. විනය
රැකගන්නට මෙය බෙහෙවින් වැදගත් විය. බුදුදහම කෙතරම් විනයගරුක දර්ශනයක්
දැයි මෙයින් පැහැදිලි වෙයි.
බුදුන් වහන්සේ ගිජ්ජකූට පර්වතය අසල පිහිටි සුඛරකථලෙන නම් ස්ථානයේ
පදිංචිව සිටිය දීඝනක නම් තවුසාණට “වේදනපරිත්ත සූත්‍රය “ දේශනා කොට
වදාළේ නවම් පෝය දිනයකදී ය. මේ අවස්ථාවේදී අප තථාගතයන් වහන්සේ අසල
සිටිමින්, උන්වහන්සේගේ ධර්ම දේශනයට සවන් දුන් සැරියුත් හිමිපාණෝ අරහත්
ඵලයට පත් වූ සේක.
(සැරියුත් මුගලන් අගසව් දෙදෙනා පිරිනිවන් පෑමෙන් අනතුරුව, බුදුන්
වහන්සේ ) රජගහ නුවරින් පිටත්ව, චාපාල චෛත්‍යය වෙත වැඩම කළ සේක. සතර
ඍද්ධිපාදලාභියෙකුට කල්පයක් ජීවත්විය හැකි බව තථාගත බුදුපියාණන් වහන්සේ
, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ට තෙවරක්ම ප්‍රකාශ කළ ද එය, අනද
හිමියනට තේරුම් ගත නොහැකි විය. ඉන් ප්‍රයෝජනගත් මාරයා, තථාගත
බුදුපියාණන්ට පිරිනිවන් පාන්නට ආරාධනා කළේය. එය සිදුවුණේ නවම් පෝය
දිනයකදීය. පාවා නගරයට වැඩමකොට වදාළ බුදුන් වහන්සේ ඉන් අනතුරුව
කුසිනාරා මල්ල රජදරුවන්ගේ සල් උයනේදී පිරිනිවන් පෑ වදාළ සේක. ගෞතම
බුදුහිමියන් පිරිනිවන් පාන්නට ආයු සංස්කාරය අත්හළේ ද නවම් පෝය දිනයකදී
ය. බුදුදහම ආගමක් පමණක් නොව, ඉතා සම්භාවනීය ජීවිත දර්ශනයකි. තමා විසින්
දේශනා කරන ලද උතුම් ගුණාංග සියල්ල එක් කළ උතුම් රත්නයක් වශයෙන් අප
තථාගත බුදුරජාණන් වහන්සේ හැඳින්විය හැකි බව ජර්මන් මහා පඬිවරයෙකු වන
මහාචාර්ය මැක්ස් මුලර් මහතා පවසා ඇත.
මිනිසාගේ හිතසුව පිණිස වන්නා වු සියලු සතුනට කරුණික වීම , මෛත්‍රිය
පැතිරීම බුදු දහමෙන් අප ඉගෙනගන්නා වැදගත් පාඩම්ය.
වසරේ සෑම පෝය දිනයකදීම බොදු උවැසි උවැසියෝද දහස් ගණනින් සීල, සමාධි ගුණ
ධර්මයන්හි යෙදෙන අතර දිවයිනේ සියලු වෙහෙර විහාර වලින් දහම් සුවඳ
පැතිරෙයි. ඉතා ඉහළ ශික්ෂණයක් යටතේ දස දහස් ගණන් සැදැහැවත්හුද
සැදැහැවතියෝද සිල් සමාදන්ව ප්‍රතිපත්ති පූජාවල නියැළී සිටිති.
නූතන කළමනාකරණ කටයුතු ගැන කතා කරන විට, බුදුදහමෙන් අපට ලබාගත හැකි
පාඩම් රැසකි. කිසියම් පුද්ගලයකුගේ චරිත වර්ධනයට ඉවහල් වන්නා වූ කරුණූ
රැසක් අපට බුදුදහමෙන් ඉගෙන ගත හැකි ය.
අද නවම් පුන් පොහෝදා ආගමික වතාවත් වල යෙදෙන අය බොහෝ විට මංගල සූත්‍රය,
කරණීය මෙත්ත සූත්‍රය සිඟාලෝවාද සූත්‍රය හා පරාභව සූත්‍රය ආදිය පිළිබඳ
අධ්‍යයනයක් ලබනවාට සැකයක් නොමැත. ඒ මගින් ඔවුන්ගේ චරිත හැඩගස්වා
ගන්නටත් ජීවිතයේ කළමනාකාරිත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට ඉන් හැකියාව
ලැබේ. අප තථාගත බුදුපියාණන් මනස දියුණු කරගැනීම සඳහා සතර ඍද්ධිපාද ධර්ම
වර්ධනය කර ගත් සේක. ඒවා නම් ඡන්ද වීර්ය, චිත්ත සහ විමංසා යන සතරයි.අප
මෙම නවම් පෝය දිනයේ දී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් ඇත. බොහෝ
දෙනා තම මනස අවුල් කර ගනිමින් කෝපයට පත්වන අයුරු අප දැක ඇත.
මෙහිදී අප ආදර්ශයට ගත යුතු වන්නේ අප තථාගත බුදුපියාණන් වහන්සේය. ආචාර්ය
ශර්වපල්ලි රාධක්‍රිෂ්ණන් නමැති ඉන්දියාවේ හිටපු ජනපතිවරයා තම රටේ උපන්
ශ්‍රේෂ්ඨම පුරුෂ රත්නය වූ සිද්ධාර්ථ ගෞතමයන් ගැන පැවසු වදනක් මෙසේය.
“බුදුරජාණන් වහන්සේ කෙදිනකවත් කෝපයට පත්වුනු අවස්ථාවක් අප අසා නොමැත.
එමෙන්ම උන් වහන්සේ ශ්‍රී මුඛයෙන් නුසුදුසු පහත් වචනයක් කෙදිනකවත් පිටවී
නොමැත. සැමවිටම බුද්ධිමත්ව කතා කරන්න. තමා කිසියම් අදහසක් ප්‍රකාශ
කිරීමට පෙර තමා ප්‍රකාශ කරන කරුනු ගැන සිතා බලන්න.
|