බුදු සමය ආගමක්ද ?
සියඹලාණ්ඩුව බෞද්ධ කටයුතු සමායෝජන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ
ඒ . ඒ. නිර්මලා අමරසිංහ
“ආගම යන වචනය ඉංගී‍්‍රසි භාෂාවේ Religion නමින් හැඳින්වේ. ලතින් භාෂාවේ
අඥතඥඨඥපඥ යන වචනයෙන් මෙය විකාශනය වී තිබේ. මෙහි සරල අදහස වැඳීම, පිදීම
යන්නයි. නමුත් මෙය වචනාර්ථ නිර්වචනයක් පමණි. “ආගම “ යන්නට නිර්වචනයක්
දීමට සමාජ විද්‍යාඥයින්ද උත්සාහ ගෙන ඇති බව පෙනේ. ඒ අතරින්
E.B Tylor 1971 Primiyive Culture (ප්‍රාථමික සංස්කෘතිය) නම් ග්‍රන්ථයෙහි ආගම
යන්නට නිර්වචනයක් ඉදිරිපත් කොට ඇත. ඔහු දක්වන පරිදි “ආගම යනු අධි භෞතික
තත්වයන් ගැන මිනිසා තුළ පවත්නා විශ්වාසයයි” මෙහිදී භෞතික තත්වයෙන් ඉක්ම
ගිය දේ පිළිබඳ ඔහු සඳහන් කරයි. ප්‍රායෝගික තත්වයෙන් ඔබ්බට ගිය නිවන,
ස්වර්ගය, විමුක්තිය, අපාය , දිව්‍යලෝකය, යක්ෂයෝ, පේ‍්‍රතයෝ යනාදිය අපි
භෞතික දේ ලෙස පිළිගැනේ. මේ පිළිබඳව මිනිසුන් තුළ ඇති විශ්වාසය ආගම ලෙස
දක්වා ඇත.
ආගම පිළිබඳ සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් බැලීමේදී
Emile Durkhiem වැදගත් වේ.
The Elementary forms of Religion life - 1972 (ආගමික
ජීවිතයේ මූලික හැඩයන්) නම් ග්‍රන්ථයෙහි ආගම යනු කුමක්දැයි නිර්වචනය කොට
ඇත. ඔහුගේ නිර්වචනය තේරුම් ගැනීමේ පහසුව සඳහා කොටස් වශයෙන් විශ්ලේෂණය
කොට ඇත. ඒ අනුව,
1. ඕනෑම ආගමකට ශුද්ධ වස්තුවක් තිබීම
2. ඒ පිළිබඳ විශ්වාසයක් තිබීම
3.වත් පිළිවෙත් ක්‍රමයක් තිබීම
4. ඉහත කරුණු ඒකරාශි වූ ආයතනයක් හෝ සංවිධානයක් තිබීම
යන ලක්ෂණ ආගමක දැකිය හැකි බව පෙන්වා දේ. ඩර්කයිම් ඉදිරිපත් කොට ඇති
කරුණු අනුව ශුද්ධ වස්තුන් ඇති ඒ පිළිබඳ විශ්වාසයක් ඇතිව වත් පිළිවෙත්
ඉටු කිරීම ආගම යැයි ඔහු අදහස් කළ බව පෙන්වා දිය හැකිය. මේ ආකාරයට ආගම
යන්නට නිර්චචනයන් ඉදිරිපත් කිරීමට විවිධ උගතුන් උත්සාහ දරා තිබුණද ආගම
යන්නට පිළිගත හැකි නිශ්චිත එකම නිර්වචනයක් ඉදිරිපත් කිරිමට අපහසු වී
ඇත. හේතුව පෙරදිග රටවල ආගම යනුවෙන් අදහස් කරන දේට වඩා බටහිර රටවල ආගම
යනුවෙන් අදහස් කරන දේ වෙනස් වීමයි.
ආගම පිළිබඳ විමසීමේදී බුදුසමය ආගමක්ද? යන පැනය බොහෝ දෙනා තුළ පැන
නැගෙන්නකි. බුදුසමය ආගමක්ද යන පැනයට පිළිතුරක් ඉදිරිපත් කිරීමට පෙර
ආගමක් තුළ දැකිය හැකි ලක්ෂණ හඳුනා ගැනීම වැදගත් වේ. ලොව ඇති විවිධ ආගම්
දෙස බලන විට ඒවා තුළ විද්‍යාමාන වන මූලික ලක්ෂණ 3 ක් ඇත. එනම්,
1. සර්ව බලධාරි දෙවි කෙනෙක් විශ්වාස කිරීම
2. පුද පුජාමය ස්ථරයක් තිබීම
3. විශ්වාසමය හා භක්තිමය ස්ථරය
ආගම් පුද පුජා කිරීමෙන් යම් යම් දේ ලබා ගැනීමට බලාපොරොත්තු වෙති . පුද
පූජා පැවැත්වීමේ අරමුණ ලෞකික ජීවිතයේ බොහෝ ලාභ, අපේක්‍ෂාවන් ඉටුකර
ගැනීම වේ. විශ්වාසමය ස්ථරයක්ද දැකිය හැකි ලක්ෂණයකි. දෙවියන් ගැන මහා
බ්‍රහ්මයා ගැන ඔවුන් විශ්වාස කරති. බටහිර දේවවාදී ආගම් දෙවියන් ගැන
විශ්වාස කරති.විවිධ අදහස් නිසා බටහිර ලෝකයේ ආගමික යුද්ධ ඇති විය. බටහිර
බොහෝ ආගම්වල කේන්ද්‍රිය සංකල්පය දෙවියන්ය. මේ දෙවියන් දැකිය නොහැකි
අල්ලා ගත නොහැකි ලෝකෝත්තර අයෙක් බව ඔවුන්ගේ විශ්වාසයයි.
ආගම් වල දැකිය හැකි තවත් සුවිශේෂි අංගයක් ලෙස අභිචාර විධි දැක්විය
හැකිය. මේවා ගුප්ත ස්වරූපයෙන් යුක්තය. විශේෂයෙන් මේවා සම්බන්ධ වී ඇත්තේ
ගෝත්‍රික ආගම් සමගය. මෙම අභිචාර විධි ගුප්ත වුවද මේවායේ කිසියම්
විද්‍යාත්මක ස්වරූපයක් ඇති බව මානව විද්‍යාඥයින් පිළිගෙන ඇත. එම බලය
“මානා” නම් වේ. යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ආදිය මගින් ප්‍රායෝගික
ප්‍රතිඵල ලබා ගන්නා අයුරු දැකිය හැකි නිසා මේවායේ යම් සත්‍යයක් ගැබ් වී
ඇතැයි කල්පනා කරති. කුමන ආගමක් වුවද ලෝකෝත්තර තත්වයෙන් පිරිහී එහි
ආධ්‍යාත්මික හරය අවබෝධ කර ගැනීමට නොහැකි වූ විට ආගම පිරිහේ. ඒ සමඟම එය
අභිචාර විධි සමඟ සම්බන්ධ වේ.
මේ අනුව ආගම හා අභිචාර විධි අතරද අන්තර් සම්බන්ධයක් ඇත. ආගම්වල දක්නට
ලැබෙන මෙබඳු ලක්ෂණ පදනම් කරගෙන එම ලක්ෂණ බුදුසමය සමඟ තුලනය කර බැලීමෙන්
බුදුසමය ආගමක්ද? යන්න නිගමනය කළ හැකිය.
එමිල් ඩර්කයිම්ගේ නිර්වචනයට අනුව ශුද්ධ වස්තුවක් තිබීම, ඒ පිළිබඳ
විශ්වාසයක් තිබීම, වත් පිළිවෙත් ක්‍රම තිබීම ඒ කරුණු ඒකරාශි වූ
සංවිධානයක් තිබීම ආගමක ලක්ෂණයකි. ඒ අනුව විමසන විට බෞද්ධයින් ශ්‍රී පාද
පද්මය , ශ්‍රී දළදා වහන්සේ, බෝධිය බුද්ධ ප්‍රතිමාව ධර්ම චක්‍රය වැනි
වස්තු ශුද්ධ වස්තු ලෙස සලකති. එම ශුද්ධ වස්තුන් කෙරේ ඇති විශ්වාසය ආගමක
ලක්ෂණයකි. ඒ අනුව ශ්‍රී පාද පද්මය ශ්‍රී දළදාව ආදී පූජනීය වස්තුන්
සැකයෙන් තොරව හැමදෙනාම විශ්වාස කරති. ශ්‍රී මහා බෝධිය යනු ලෝකයේ
පැරැණිම වෘක්ෂය බවටත් කාලයකදී එයින් රශ්මි මාලාවක් බිහි වන බවත් එය
විනාශ කරන්නට නොහැකිය යන විශ්වාසයක් මිනිසුන් තුළ පවතී. මෙම ශුද්ධ
වස්තු වන්දනාමාන කිරීමට වත් පිළිවෙත්ද බෞද්ධයින් අතර පවතී. ශ්‍රී මහා
බෝධිය ශුද්ධ වස්තුවක් ලෙස ගැනීමේ දී එය පුද සත්කාර කිරීමට බෝධි වන්දනා,
බෝධි පූජා ආදිය ඇති වී තිබේ. බෝධිය පැන්වලින් සහ කිරිවලින් නැහැවීම,
බෝධි ප්‍රාකාරය වටා කොඩි වැල් එල්ලීම ආදිය වත් පිළිවෙත් ලෙස ගැනේ.
බුදුරදුන් පිරිනිවන් පෑමෙන් පසු උන් වහන්සේගේ ගුණ සිහිපත් කොට ගෞරව
කිරීමට පෙළඹීම නිසා මිනිසුන් විසින් ස්තූප, බුදු පිළිම ආදිය නිර්මාණය
කර ඇත. බුදුරදුන් කෙරෙහි ඇති අසීමිත භක්තිය නිසා ඒවාට කළ හැකි උපරිම
පුද සත්කාර කිරීම ටද පෙළඹී ඇත. මේ නිසා වර්තමානය වන විට පුද පූජා ඉතා
ජනපි‍්‍රය අංගයක් වී ඇත.
මෙවැනි පුද පූජා කිරීමෙන් කිසි විටෙකත් නිවන් අවබෝධ කර ගැනිමට හෝ
ස්වකීය ප්‍රාර්ථනාවන් මුදුන් පත් කර ගැනීමට හැකි බව හේ බුදුරදුන් කිසි
විටෙක දේශනා කොට නැත. බුදුරදුන් දේශනා කළේ ආමිසයෙන් පුදන්නෝ මා නොපුදන
බවත් ධර්මය තුළින් තමා දකින ලෙසත් ධර්මය දකින්නා තමා දකින බවත්ය. බුදු
දහමට අනුව තමාගේ් ස්වාමියා තමාමය. දෙවියන් හෝ අන් කිසිදු බලවේගයකට
තමාගේ විමුක්තිය ලබා දිය නොහැකිය. ධර්මය අවබෝධ කර ගැනීමට නම් තමා
විසින්ම එය ප්‍රතිවේදයෙන් දත යුතුය.
කිසිවක් අනුන් කී නිසා පිළි නොගන්නා ලෙස “ සතර මහෝපදේශ” දේශනා කොට ඇත.
“ විමංසක සූත්‍රයේදී” හැම දෙයක්ම විමසා බලා ප්‍රත්‍යක්ෂයෙන් වටහා ගන්නා
ලෙස අවවාද කර ඇත.
අවශ්‍ය නම් තම සර්වඥතා ඤාණය පවා පරීක්‍ෂා කිරීමට බුදු රදුන් ඉඩ දී ඇත.
පිරිසුදු රත්තරන් තෝරා ගැනීමට උර ගලෙහිලා උරගා බලන්නාක් මෙන් තම ධර්මයද
පරීක්ෂා කොට බලා පිළිගන්නා ලෙස නිර්දේශ කර ඇත. කාලාම සූත්‍රයේදි
කිසිවෙකුගෙන් ඇසු නිසා හෝ පරම්පරාවෙන් එන නිසා හෝ පිඨක ග්‍රන්ථවල තිබෙන
නිසා හෝ තර්කයට ගැළපෙන නිසා හෝ කිසිවක් පිළි නොගන්නා ලෙස දන්වා ඇත. මේ
අනුව දේවවාදි ආගම් වල එන කිසිදු විමසීමකින් තොරව දෙවියන් කෙරෙහි හෝ
වෙනත් බලවේගයක් කෙරෙහි ඇතිකර ගන්නා විශ්වාසයන් බුදුසමය ප්‍රතික්ෂේප
කරයි.
කාල,දේශ හා සමාජ ආර්ථික, දේශපාලන, විපර්යාසයන් සමඟ ඉදිරියට ගමන්
කිරීමේදී මුල් බුදුසමය තුළට ආගම්වල ලක්ෂණ එක් වෙමින් එහි මූලික ස්වරූපය
වෙනස් වීම නිසා වර්තමානයේ ආගමක තත්වයට පත්වී ඇත.
නමුත් විමර්ශනාත්මකව බැලීමේදි මුල් බුදුසමය ආගම නොවන බව විවාදයකින්
තොරව පෙන්වා දිය හැකිය. |