ශ්‍රී දළදා මාළිගාවේ
අලුත් සහල් මංගල්‍යය පෝදා
කේ. බණ්ඩාරනායක
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය ජනවාරි මස 10 වෙනි ශනි
දින පෙරවරු 10.22 ට උතුර දිශාභිමුඛව ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කොට
විහාර දේවාලයන්හි අලුත් සහලින් පිසින ලද ප්‍රණීත මුරුතැන් බුද්ධ පුජා
මංගල්‍යය සිදුකෙරේ.
දුරුතු පුර පසළොස්වක පෝදා සිදුකෙරෙන අලුත් සහල් මංගල්‍යය සම්බන්ධව
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අණපරිදි
ශ්‍රී දළදා මාළිගාවේ කාරිය කරවන කෝරාල වන කේ. එම්. කරුණාතිලක මහතා
විසින් නිකුත් කර ඇති දැන්වීම ප්‍රකාශ චාරිත්‍රය පහත සඳහන් පරිදි සිදු
කෙරේ.
ශක වර්ෂ ප්‍රමාණයෙන් 1930 ක් වූ ධනු රවි 6 භාග රවි විනාඩි 32 ක් වූ
උත්තරායන සිසිර ඍතුවට සැපැත් දුරුතු මස පුර විශේෂිය තිථිය ලත් ගුරුදින
හෙවත් රාජ්‍ය වර්ෂයෙන් 2009 ක් වූ ජනවාරි මස 01 වෙනි දින ප.ව. 1.24 ට
ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කොට ඇති සියලු දේවාලයන්හි පෙරහර උතුරු
දිශාභිමුඛව පල්ලේකැලේ ශ්‍රී දළදා මාලිගයේ අටුවට යාම ශුභ වේ.
රාජ්‍ය වර්ෂයෙන් 2009 ක් වූ ජනවාරි මස දෙවෙනි දින පෙ.ව. 6 පසු වී
විනාඩි 45 ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන්හි
ධන්‍යාගාරවල වී සහල් තැන්පත් කිරීම ශූ®භ වේ. රාජ්‍ය වර්ෂයෙන් 2009 ක්
වූ ජනවාරි 10 වෙනි දිනට යෙදෙන දුරුතුපුර පසළොස්වක පෝය දින පෙ.ව. 10.22
ට යෙදෙන ශුභ මොහොතින් උතුර දිසාභිමුඛව ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන
සියලු විහාර දේවාලයන්හි අලුත් සහලින් පිසින ලද ප්‍රණීත මුරුතැන් බුද්ධ
පුජාව මංගල්‍යය සිදු කෙරේ. |