පින්-පව් කුසල්-අකුසල් විමසුම
වරලත් ඉංජිනේරු
කපිල පීරිස්
අපේ සිත් තුළ ලෝභ, ද්වේශ, මෝහ සහ ඒවායේ
සංයෝජනවලින් සැදුණු විවිධාකාර කෙලෙස් ඇත. කෙලෙස් සහිත සිත් නිතරම
පෙළඹෙන්නේ තවත් කෙලෙස් වැඩි කර ගැනීමට ය. කෙලෙස් අඩු කර ගැනීමට නම් අප
යහපත් සිහියෙන් යහපත් ක්‍රියා කළ යුතු ය. තවද පුඤ්ඤාභි සංඛාරා,
අපුඤ්ඤාභි සංඛාරා සහ ආනෙඤ්ජාභි සංඛාරා යනුවෙන් සංඛාර තුන් වර්ගයක්,
චේතනා පෙරදැරිව කෙරෙන ක්‍රියා එනම් ‘කර්ම’ නිසා හට ගන්නා බව
දහමේ සඳහන් ය.
පින් - පව්, කුසල් - අකුසල් යනුවෙන් ගැනෙනන්නේ එකම ප්‍රපංචයක්ද?
නැතිනම් ප්‍රපංච දෙකක් ද යන්න පිළිබඳව බෞද්ධ උගතුන් අතර විවිධාකාර
මතභේද පවතී. එහෙත් සූත්‍ර පිටකයේ සහ අභිධර්ම පිටකයේ මෙම පින් – පව්
(පුඤ්ඤ – පාප) සහ කුසල් - අකුසල් යන පද යෙදී ඇති අයුරු විමසීමේ දී මේවා
දෙකක් වන බව හෝ එකක් වන බව හෝ පැහැදිලිව ප්‍රකාශ කළ නොහැකි බැව් පෙනී
යයි. මේ පිළිබඳව පින් – කුසල් විමසුම යනුවෙන් පොතක් පළ කරන වේදෙණියේ
නන්දසීල හිමියන්ගේ අදහස වන්නේ මෙම ප්‍රපංච දෙකම සම බවය. උන්වහන්සේට
අනුව පින යනු සිත පිරිසුදු වීම ය. කුසල් යනු ද එයමය. සිතේ පවත්නා
කෙලෙස් ඉවත් වීම කුසලය වන අතර ඒ නිසා සිත පිරිසුදු වීම පින වේ. මේ අනුව
පින සහ කුසලය යනු එකම දෙයකි.
පින් – පව් සහ කුසල් - අකුසල් යනු එකක් ද, දෙකක් ද යන්න බැහැරලා මෙම
පදවලට අදාළ සන්දර්භය විමසමින් මේ පිළිබඳව වෙනත් ආකාරයක විග්‍රහයක යෙදීම
මෙම කෙටි සටහනේ අරමුණ ය.
අපේ සිත් තුළ ලෝභ, ද්වේශ, මෝහ සහ ඒවායේ සංයෝජනයන්ගෙන් සැදුණු
විවිධාකාරය කෙලෙස් ඇත. කෙලෙස් සහිත සිත් නිතරම පෙලඹෙන්නේ තවත් කෙලෙස්
වැඩි කර ගැනීමටය. කෙලෙස් අඩු කර ගැනීමට නම් අප යහපත් සිහියෙන් යහපත්
ක්‍රියා කළ යුතු ය. තවද පුඤ්ඤාභි සංඛාරා සහ අපුඤ්ඤාභිසංඛාරා
ආනෙඤ්ජාභිසංඛාර යනුවෙන් සංඛාර තුන් වර්ගයක් චේතනා පෙරදැරිව කෙරෙන
ක්‍රියාවන් එනම් ‘කර්ම’ නිසා හට ගන්නා බැව් දහමේ සඳහන් ය.
පුඤ්ඤාභිසංඛාර යනු කාමාවචර සහ රුපාවචර කුසල කර්ම නිසා ද අපුඤ්ඤාභිසංඛාර
යනු කාමාවචර අකුසල් කර්ම නිසා ද ආනෙඤ්ජාහි සංඛාර යනු අරූපාවචර කුසල
කර්ම නිසා ද හට ගන්නා සංඛාරයන් ය. (පටිච්ච සමුප්පාදය රේරුකානේ චන්ද
විමල හිමි) දැන් අපට වැදගත් වන්නේ කාමාවචර භවය නිසා පුඤ්ඤාභිසංඛාර සහ
අපුඤ්ඤාභිසංඛාර පිළිබඳව පමණක් සලකමු. දහමට අනුව මෙම සංඛ්‍යාර
ගොඩනැගෙන්නේ කෙලෙස් සහිත සිත් මඟින් කෙරෙන කර්ම හේතු කොට ගෙන පමණ ය.
අවිද්‍යා පච්චයා සංඛ්‍යාර යන්නෙන්ද මෙය පැහැදිලි ය. (ඉහත පුඤ්ඤාභිසංඛාර
යනු කාමාවචර සහ රූපාවචර කුසල කර්ම ලෙස සඳහන් වන විට පුඤ්ඤ කුසල යන පද
දෙකම යෙදී ඇති බැව් මෙහිදී සැලකිය යුතු ය.)
මේ අනුව කෙලෙස් සහිත සිතකින් එහි කෙලෙස් අඩු වන ලෙස කෙරෙන යහපත් කර්ම
කුසල කර්ම ලෙස හැඳින්විය හැකි අතර මෙම කර්ම නිසා පුඤ්ඤාභිසංඛාර
ගොඩනැගෙනු ඇත. මෙලෙසම අයහපත් කර්ම නිසා කෙලෙස් වැඩිවන අතර ඒවා අකුසල
කර්ම ලෙස හැඳින්විය හැකි අතර ඒවා නිසා අපුඤ්ඤාභිසංඛාර ගොඩනැගෙනු ඇත.
මෙම පුඤ්ඤාභිසංඛාර සහ අපුඤ්ඤාභිසංඛාර සංසාර භවයේ දී පිළිවෙළින් යහපත්
සහ අයහපත් විපාක ලබා දෙනු ඇත. රහත් භාවයට පත් වීමේ දී කෙලෙස්
මුළුමනින්ම දුරු වේ. එහෙත් එතෙක් ගොඩනැඟුණු සහ ඵල දී අවසන් නොවූ
පුඤ්ඤාභිසංඛාර සහ අපුඤ්ඤාභිසංඛාර එලෙසම පවතී. කෙලෙස් රහිත සිතකින්
සංඛ්‍යාර ගොඩ නැගෙන නිසා රහත් භාවයට පත් වීමේ දී (රහත් වන තෙක්) එතෙක්
එකතුව තිබූ සංඛාරයන් පිරිනිවන් පාන තෙක් අදාළ පරිදි දෙනු ඇත. මේ අනුව
රහතන් වහන්සේට පෙර කර්ම (සංඛාර) ඵල දෙන අයුරු තේරුම් ගත හැකි ය.
“පුඤ්ඤපාප පහීනස්” ලෙස සඳහන් වන පරිදි රහත් වීමෙන් අනතුරුව
පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර අලුතෙන් ගොඩ නොනැගේ. රහත් වීමේ දී
කෙලෙස් (මෙවැනි කෙලෙස් වර්ග 1500 ක් පමණ ඇති බව රේරුකානේ චන්දවිමල
මහානාහිමියන්ගේ “කෙලෙස් එකදහස් පන්සීයය”පොතේ සඳහන් ය” මුළුමනින්ම දුරු
වන අතර සංඛාරා ගොඩනැගීම ද නැවතේ. මේ නිසා නැවත භවයක් නැත.
යහපත් චේතනා පෙරදැරිව කෙරෙන ක්‍රියා (කුසල කර්ම) නිසා කෙලෙස් අඩු වන
අතර පුඤ්ඤාභිසංඛාරා ගොඩ නැඟීම අඩු වැඩි වශයෙන් සිදු වේ. එනම් ඇතැම්
ක්‍රියා නිසා කෙලෙස් අඩුවීම වැඩියෙන් සිදුවිය හැකි අතර පුඤ්ඤාභිසංඛාරා
ගොඩනැගීම අඩු විය හැක. මෙවැනි ක්‍රියා භවයේ යහපත් විපාක දීමට වඩා නිවනට
අදාල වනු ඇත. මේවා විවට්ටගාමී කුසල් ලෙස හැඳින්වේ. මෙලෙසම කෙලෙස් එතරම්
අඩු නොවන එහෙත් පුඤ්ඤාභිසංඛාරා විශාල වශයෙන් ගොඩ නැගෙන ක්‍රියා එනම්
නිවනට වඩා භවයේ යහපත් විපාක ලබාදීමට අදාළ වන ක්‍රියා වට්ටගාමී කුසල්
ලෙස හැඳින්වේ.
පුඤ්ඤාභිසංඛාරා සහ අපුඤ්ඤාභිසංඛාරා විපාකදීමෙන් ගෙවී යයි. මේ අනුව භවයේ
යහපත් විපාක ලබා ගැනීමට නම් පුඤ්ඤාභිසංඛාරා නිරතුරුව ඇති කර ගත යුතු ය.
නිතර නිතර පින් රැස් කළ යුතු යැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ මේ
නිසා ය. පුඤ්ඤාභිසංඛාරා සහ අපුඤ්ඤාභිසංඛාරා ගොඩනැගීම කම්මනියාම යටතට ගත
හැකි අතර කෙලෙස් අඩු වැඩි වීම සිතේ ක්‍රියාකාරීත්වය (සිත් ඇති – නැති
වීම්) තුළ චිත්ත නියාම යටතට ගත හැකි ය.
මේ අනුව කුසල් අකුසල් හා පුඤ්ඤාභිසංඛාරා සහ අපුඤ්ඤාභිසංඛාරා යන ධර්මයන්
ඇසුරින් කුසල් අකුසල් සහ පින් පව් ගැටලුව නිරාකරණය කර ගත හැකිය යනු
අපගේ හැඟීමයි.
|