බුදුසරණ අන්තර්ජාල කලාපය
ශාන්ති පදනමෙන් විශේෂ බෝධි පූජා
මේ දිනවල උතුරේ නිරායුධ ජනතාවගේ රැකවරණය සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සටන්
බිමේ රැඳී සිටින විරෝදාර රණවිරුවන්ට හැකි ඉක්මනින් කිලිනොච්චිය සහ
මුලතිව් ප්‍රදේශ ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීමට ශක්තිය බලය හා
උපායශීලී නුවණ ලැබේවායි ප්‍රාර්ථනය කරමින්, විශේෂ බෝධි පූජා මාලාවක්
පැවැත්වීමට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ
“ශාන්ති පදනම” කටයුතු යොදා ඇත. නොවැම්බර් මස 22 වන සෙනසුරාදා සවස 6.00
ට සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී ආරම්භ කැරුණු මෙම ආශිර්වාද වැඩ සටහන
නොවැම්බර් 28 වන දා දක්වා නොකඩවා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉහත සඳහන්
ආශිර්වාද වැඩ සටහන් මාලාවේ අති උත්කර්ෂවත් වැඩ සටහන නොවැම්බර් 29 වන
සෙනසුරාදා සවස 6.00 කළුතර බෝ සමිඳු අබියස පැවැත්වෙන බැවින් සාමය කැමති
දේශ මාමක සියලු පින්වතුන්ට ඒ සඳහා සුදු වතින් සැරසී සුවඳ මල් රැගෙන
සහභාගීවන ලෙස ‘ශාන්ති පදනමේ’ නිර්මාතෘ කොටපොල අමරකිත්ති ස්වාමීන්
වහන්සේ ඉල්ලා සිටිති. |
|
|
ඉල් අමාවක පෝය
ඉල් අමාවක
පෝය
නොවැම්බර් 26 වනදා බදාදා අපරභාග 8.11 ට ලබයි. 27 වන දා
බ්‍රහස්පතින්දා
අපර භාග 10.25 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම
නොවැම්බර් 27 වන දා
බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
දෙසැම්බර් 5 වනදා |
|
|
අමාවක |
නොවැම්බර් 27 |
පුර අටවක |
දෙසැම්බර් 5 |
පසෙලාස්වක |
දෙසැම්බර් 12 |
අව
අටවක |
දෙසැම්බර් 19 |
|
|
|
|
|
|