ශ්‍රද්ධාව පිළිබඳ බෞද්ධ අර්ථකථනය
සුජිත් නිශාන්ත හේවගේ
ශ්‍රද්ධාව පිළිබඳ බුදුන් වහන්සේගේ පැහැදිලි කරදීම අනුව අමූලිකා
ශ්‍රද්ධාව පදනමකින් තොර පිළිගැනීමක් බව පෙනේ. බුදු සමය අනුව පඤ්ඤාව
අත්දැකීම් වශයෙන් තහවුරු වන්නක් ද විය යුතුය. මම මෙය දනිමි. මම මෙය
දකිමි. (අහං ජානාම්, දහමෙනං පස්සාමි) යනුවෙන් පැවසීමට අවකාශ නො මැති
සාරධර්ම පිළිබඳ පිළිගැනීම් බුදුසමයෙන් ප්‍රතික්‍ෂේපිතය. එබඳු සාරධර්ම
සම්බන්ධ පිළිගැනීම් බුදුසමයට හිතකර නොවේ. එබැවින් කාලාම සූත්‍රයෙහි
ප්‍රතික්‍ෂේප වූ නිෂ්ඨා 10න් අවසන් නිෂ්ඨාව ලෙස විග්‍රහ කරන ලද (සමණො
නො ගරු) අපගේ ආචාය¸යන් වහන්සේගේ (ශාස්තෘන් වහන්සේගේ ) කියා ප්‍රමාණ කර
ගැනීම ප්‍රතික්‍ෂේප කරන ලද්දේ මේ අමූළිකා ශ්‍රද්ධාව අන්තර්ගත වන කරුණු
බැව් සැලකිය යුතුය.
තවත් ගැටලුවක් මෙහිදී යමෙකුට උද්ගත විය හැකියි. එනම් යමක් සොයා නොබලා
විමසා නොබලා හෝ නුවණ මඳ බවකින් හෝ බුදුරජාණන් වහන්සේ ගේ දේශනා පිළිගෙන
කටයුතු කෙරේ නම් එය අමූළිකා ශ්‍රද්ධාවට අයත් වනවාද යන කාරණයයි. මෙහිදී
අදාළ වන්නේ අන්තර්ගතයෙහි හරය අතින් බුද්ධ දේශනාව කෙතරම් ප්‍රායෝගික
වනවාද යන කාරණයයි. ඉහත කී චංකී බමුණාට වදාළ කරුණ මෙහි දී සිහිපත්
කිරීමට හැකිය. එනම් බුදුරදුන්ගේ දේශනාව වනාහී හුදෙක් දෘෂ්ඨිමය බැස
ගැනීමක් අල්ලා ගැනීමක් තවත් අයෙකුට එම දෘෂ්ඨි ග්‍රහණය පිළිගැන්වීමක්
නොවන බැවින් බුදුරදුන් චංකී බමුණාට දේශනා කළේ තමන් වහන්සේ එය අවබෝධ
කිරීමෙන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් අනතුරුව දේශනා කරන බවයි. අනෙකුත්
සමයන්හි මේ කරුණ සර්ව සම්පූර්ණ වශයෙන් දක්නට නො ලැබෙන බැවින් අදාළ
සමයන්හි අඩංගු ඉගැන්වීම් ප්‍රායෝගිකත්වයෙන් අසම්පූර්ණ බවයි.
එබඳු අසම්පූර්ණ ඉගැන්වීම් ප්‍රමාණිකව අන්ධ ලෙස පිළිගැනීම දෝෂ සහිත බව
පමණක් මේ මඟින් තහවුරු කෙරේ. බුදු සමයෙහි අන්තර්ගත ඉගැන්වීම්
ප්‍රායෝගිකත්වයෙන් සර්ව සම්පූර්ණ බැව් ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කොට
ඉදිරිපත් කෙරෙන බැවින් කෙනෙකු අනවබෝධයෙන් වුවත්, බුදු සමයෙහි ඉගැන්වීම්
ඒ අයුරින් පිළිපදිතහොත් , ඒ තුළින්ම එම තැනැත්තාගේ චරිත සංවර්ධනයට මනා
රුකුළක් ලැබේ. එම නිසා උපයෝගිතාමය සංදර්භය යටතේ එය අමුළිකා ශ්‍රද්ධා
ගණයට අන්තර්ගත නොවේ. එමෙන්ම පසු කාලයක දී ප්‍රත්‍යක්ෂයට පැමිණීම පිණිස
අනුමානය ඤාණයක් වශයෙන් ප්‍රමාණ කර පිළිපදින තැනැත්තාට මාර්ගය සම්පූර්ණ
වීමත් සමඟම අනුමාන ඤාණය සම්පූර්ණ කරමින් ප්‍රඤ්ඤාව උපදින බැවින් බුදු
සමයෙහි දී ප්‍රත්‍යක්ෂය ප්‍රමාණය අරමුණු කරගනු ලැබූ පූර්ව අනුමානය
ප්‍රමාණයක් ලෙස ක්‍රියාත්මක වේ. මෙය විවෘත මානසික ප්‍රතිපදාවක් බැවින්
මෝහයෙන් මනස ආවරණය නො කෙරේ. බුදුසමයෙහි ඉගැන්වීම් හුදු ශ්‍රද්ධා
මාත්‍රයකින් හෝ පිළිපදිත හොත් පශ්චාත් කාලීනව ප්‍රත්‍යක්ෂ ප්‍රමාණයට
පැමිණිය හැකි බැවින් එසේ ක්‍රියාත්මක වීම පවා ඥාන විභාගය යටතට ගැනේ. මේ
නිසා බුදු සමයෙහි ඉගැන්වීම් මොනම ආකාරයකින් හෝ අමුළිකා ශ්‍රද්ධා යටතට
නොගැනේ. එබැවින් සමණෝ ගරු යන යන නිර්දේශය අදාළ වන්නේ අන්‍ය සමයවාදයන්හි
එන ඉගැන්වීම් කෙරෙහි බව සැලකිය යුතුය. තව ද බුදුන් වහන්සේ විසින්ම
නොයෙකුත් අවස්ථාවල දී සිය ශ්‍රාවකයින් අමතා දේශනා කළ වදාළේ තමන් වහන්සේ
දේශනා කර තිබෙන නිසා පවා හුදෙක් ශාස්තෘ ගෞරවය හේතු කොටගෙන පමණක් ඒවා
නොපිළිගත යුතු බවයි. තමන් වහන්සේගේ බුද්ධ දේශශනා වුව ද පිළිගත යුත්තේ
තමන් ඒ අනුව ස්වාධීනව සිතාමතා විමසා බලා ක්‍රියාකර එයින් තමන්ට සෑහීමකට
පත්වීමට අවකාශ සැලසෙන්නේ නම් පමණක් බව බුද්ධ දේශනා තුළම අන්තර්ගත වේ.
අමූළිකා ශ්‍රද්ධා වෙනුවට බුදු සමය අගය කරනුයේ අකාරවතී සද්ධා යන්නයි.
එනම් හේතු යුක්ති සහගත සාරධර්ම පිළිබඳ පිළිගැනීමයි. ආකාර යනුවෙන් හේතු
සහගත බව පළකරයි. යම් පුද්ගලයෙකු භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ
ධර්මය මැනවින් ප්‍රකාශිත යැයි ද සංඝයා නිවැරැදි මඟට පිවිස ඇතැයි ද
ස්ථීරත්වයෙන් පිළිගැනීමට හේතු සහගතව පැමිණෙන්නේ නම් ආකාරවතී ශ්‍රද්ධාව
යනු එයයි. මේ ශ්‍රද්ධා ප්‍රතිලාභයට පැමිණෙන්නේ සදහම් ඇසීමෙනි. ශාස්තෘන්
වහන්සේ මනා ලෙස පැහැදිලිව ප්‍රනීතව පව් පින් පහදමින් ධර්ම දේශනා කරන
කල්හි ඒ ධර්මයන් වැටහීමට පැමිණ භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ බව
ධර්මය ස්වක්ඛ්‍යාත බව සංඝයා සුප්‍රතිපන්න බව නිශ්චය කරගනියි. ශාස්තෘ
ප්‍රසාදයට පැමිණෙයි. මේ අනුව තථාගතයන් වහන්සේ ශාස්තෘ ප්‍රමාණිකත්වයෙන්
පිළිගැනීමේ යෝග්‍යතාවය ගැන ශ්‍රාවකයා තුළ වැටහීමක් ඇති විය යුතුය.
ධර්මය මැනවින් ප්‍රකාශිත බව එනම් නිර්වාණය අපේක්ෂා කිරීමේ අර්ථ
සම්පන්නභාවය ගැනත් ඒ සඳහා අදාළ ප්‍රතිපදාවේ ප්‍රයෝගිකත්වය ගැනත්
වැටහීමක් ඇති විය යුතුය. ඒ සදහම් මඟ සොතාපන්න සකදාගාමී අනාගාමී හා
අර්හත් ප්‍රතිඵල දනවමින් ඉදිරි ගමන් ඇති ශාසනික පිරිස පිළිබඳ වැටහීමක්
තිබිය යුතුය. මේ අයුරින් ඇතිවන අකාරවතී ශ්‍රද්ධාව ස්ථීර නිගමනයකි.
(සෝතාපන්නභාවයෙන්) හටගත් මුල් ඇත්තෙකි.(මූල ජාතා) ස්ථීරව
පිහිටියකි.(පතිට්ඨිතා) මේ අකාරවතී ශ්‍රද්ධාව දර්ශනය මූළික කර
ගත්තකි.(දස්සන මූලිකා ) දැඩිය (දළ්හා) ශ්‍රමණයෙකු විසින් හෝ
බ්‍රාහ්මණයෙකු විසින් හෝ ඉවත් කරනු ලැබිය නොහැකි ශ්‍රද්ධාවකි.
මේ ශ්‍රද්ධා ප්‍රතිලාභය සෝතාපන්නභාවයට පැමිණීමය. මේ ශ්‍රද්ධාව දර්ශන
ප්‍රතිලාභය හැටියට ද සැලකේ. දර්ශන ප්‍රතිලාභය සිදුවන්නේ
යෝනිසෝමනසිකාරයෙනි. එනම් කාමාසව,භවාසව හා අවිජ්ජාසව ඇති නොවන
මනසිකාරයෙනි. යථාභූත ඤාණ දස්සණ යනු ද මේ යොනිසෝමනසිකාරයටම ව්‍යවහාරවන
තවත් වචනයක් ලෙස සැලකේ. එය එලෙස හැඳින්වෙන්නේ යමක ඇති සැටිය මුවා කරන
ගතිය මේ මඟින් දුරු කර යථාර්ථය දැකීමට ඉඩ ප්‍රස්තාවනාව සලසන්නා වූ
පඤ්ඤාමය ප්‍රතිලාභයක් බැවිනි. බුදු සමයෙහි දර්ශනයෙන් ප්‍රහාතව්‍ය
ආශ්‍රව තුනක් දක්වා තිබේ. පංච උපාදානස්කන්ධ අනුසාරයෙන් ආත්මයක් සලසා
ගැනීම (සක්කාය දිට්ඨි) කුසල පිළිවෙත පිළිබඳව සැක සහිතවීම, (විචිකිච්ඡා)
සීල ප්‍රතිපදාවෙහි ප්‍රායෝගිකත්වය නොදැන ප්‍රායෝගික නො වන ශික්ෂා පසුපස
ලුහුබැඳීම (සීලබ්බත පරාමාස) යනුයි. සද්ධම්ම ශ්‍රවණයෙන් සද්ධම්ම
ප්‍රත්‍යවේෂණයෙන් මේ කරුණු බැහැර කළ හැකි නිසා ඒවා දර්ශනයෙන්
ප්‍රහාතව්‍ය ආශ්‍රව ලෙස සැලකේ. කිසියම් පුද්ගලයෙකු ජෛව හිතෛෂී
සංකල්පයෙන් සමන්විතවීම මඟින් ද තමා සහ අන්‍යයන් අතර සීමාවන් දුරු කිරීම
ද ස්වකීය කුසල පිළිවෙත පිළිබඳව සැක පහළ නොකිරීම ද ප්‍රයෝග නොවන්නා වූ
ක්‍රම වේදයන් අනුගමනයෙන් වැළකීම ද යන කරුණු තුන සම්පූර්ණ වන හෙයින්
සාරධර්ම වර්ධනය මඟින් ද පුද්ගලයෙකු හට මෙකී දර්ශන ප්‍රතිලාභය කරා
ස්වකීය චින්තනය මෙහෙයවිය හැකි බව පැහැදිලි වේ. කරණීය මෙත්ත සූත්‍රයෙහි
දිට්ඨිගත සම්පයුත්ත නාමයෙන් දක්වා ඇත්තේ කිසියම් පුද්ගලයෙකු ආය¸
අෂ්ඨාංගික මාර්ගාවබෝධය මඟින් පැමිණෙන්නා වූ සෝතාපත්ති මාර්ග ඵලයයි.
සාරධර්ම භාවිතයෙන් ඕනෑම පුද්ගලයෙකු හට මෙකී දිට්ඨිගත සම්පයුත්ත බවට
පැමිණීමේ අවකාශ ඇති බව පෙන්වා දී ඇත.
මෙහි සඳහන් වන්නා වූ දර්ශනය නම් පඤ්ඤාමය හා උපයෝගිතා සංදර්භය එක්වන
අවස්ථාවයි. කිසියම් සාරධර්ම ප්‍රස්තූ®තයක් පිළිබඳව ප්‍රායෝගිකව
ප්‍රත්‍යක්ෂ කරගනු ලබයි ද ඒ පිළිබඳ පඤ්ඤාමය සංදර්භය ලබයි. ඒ සාරධර්ම
ප්‍රායෝගික වශයෙන් ජීවන ප්‍රතිපදාව ධනාත්මකව වර්ධනය කරලීමට උපකාරී වන
බව ප්‍රත්‍යක්ෂ කරගැනීම නිසා උපයෝගිතාමය සංදර්භය ලබයි. මෙම පඤ්ඤාමය
සංදර්භය හා උපයෝගිතාමය සංදර්භය යන දෙකරුණ නිසා කිසියම් සාරධර්ම
ප්‍රස්තූතයක් පිළිබඳව නියමාකාර පිලිගැනීමක් සම්පූර්ණ බැස ගැනීමක්
සිතෙහි හටගනියි. ඒ ආකාරයෙන් සිතෙහි හටගන්නා වූ සම්පූර්ණ බැසගැනීම හෝ
පිළිගැනීම අචල ශ්‍රද්ධාව ( අවෙච්චප්පසාද) නාමයෙන් හඳුන්වනු ලැබේ. මෙම
අචල ශ්‍රද්ධාව වනාහී අකාරවතී සද්ධාවේම දියුණු වර්ධනීය ඉදිරි පියවරකි.
අකාරවතී ශ්‍රද්ධාවේ දී පූර්ණ ප්‍රත්‍යක්ෂ ප්‍රමාණයක් වශයෙන් අනුමානය
ප්‍රමාණය කොට ගන්නා නමුදු අචල ශ්‍රද්ධාව වනාහී පූර්ව ප්‍රත්‍යක්ෂ
ප්‍රමාණයක් වශයෙන් ප්‍රත්‍යක්ෂය ද ප්‍රමාණ කොට ගනියි. සාරධර්ම භාවිතා
කරන්නා වූ පුද්ගලයා එය ප්‍රත්‍යක්ෂ වශයෙන් ස්වකීය චිනත්නයෙන් අත්දැක
ප්‍රත්‍යක්ෂ කරගන්නා අතර එහි ප්‍රතිඵල දිට්ඨධම්මික වශයෙන් මෙලොවවදීම
අත්විඳියි. එනමුත් සාරධර්ම සර්ව සම්පූර්ණ වශයෙන්ම කිසියම් පුද්ගලයෙකු
හට එක්වරම අත්දැක ප්‍රත්‍යක්ෂ කරගැනීමට අපහසු වන්නේ එය ඉතාමත් ගැඹුරු
අතීන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයක් වන හෙයිනි. නමුත් එහි පූර්ව අවස්ථාවන්
ඉතාමත් සරළ මට්ටමෙහි දී ඕනෑම පුද්ගලයෙකුහට අත්දැක ප්‍රත්‍යක්ෂ කරගැනීමේ
හැකියාව ඇත. මෙහි ශ්‍රද්ධාව යන්න යෙදී ඇත්තේ පිළිගැනීම යන අර්ථයෙනි. ඒ
අනුව කිසියම් අර්ථ සම්පන්න පිළිගැනීමකට ජෛව හිතෛෂී සංකල්පයෙන් අනුබල
සැලසේ. එසේ වන්නේ තමන් භාවිතා කරන ප්‍රමාණය අනුව සාරධර්ම එක් එක්
පුද්ගලයා කෙරෙහි ක්‍රියාත්මක වන සීමාවන් අනුවය. මේ අනුව සාරධර්ම භාවිතා
කරන්නා වූ පුද්ගලයෙකුහට එහි ප්‍රත්‍යක්ෂ ප්‍රමාණයන් මෙන්ම අප්‍රත්‍යක්ෂ
ප්‍රමාණයන් පිළිබඳව ද හැඳින ගැනීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය වනු ඇත. එහි
දී තමන් ප්‍රත්‍යක්ෂ කර ගන්නා ජෛව හිතෛෂී සංකල්පයෙහි ප්‍රමාණය අනුව
සාරධර්ම පිළිබඳ ඔහුගේ ශ්‍රද්ධාව අනුමානය හා අචල මට්ටමේ පවතී.
ප්‍රත්‍යක්ෂ ප්‍රමාණය පිළිබඳව මෙකී ප්‍රමාණයන් දෙක මඟින් පෙන්වා දෙනු
ලබන්නේ ප්‍රත්‍යක්ෂයෙහි එක් කොටසක් ශාක්ෂාත් කර ඇති අතර ඉදිරියට තවත්
කොටසක් ශාක්ෂාත් කිරීමට ඇති බවයි. මෙහි දී ප්‍රත්‍යක්ෂ කරගෙන ඇති කොටස
ප්‍රත්‍යක්ෂ ප්‍රමාණය වශයෙන් සැළකෙන අතර ප්‍රත්‍යක්ෂ කිරීමට ඇති කොටස
අනුමානය වශයෙන් සැලකේ. අකාරවතී ශ්‍රද්ධාවේ හා අචල ශ්‍රද්ධාවේ ඇති වෙනස
වනුයේ අකාරවතී ශ්‍රද්ධාවේ සම්පූර්ණයෙන්ම අනුමානය ප්‍රමාණයක් වශයෙන්
පිළිගැනීමත්, අචල ශ්‍රද්ධාවේ දී අකාරවතී ශ්‍රද්ධාවේ දී පිළිගන්නා
අනුමාන ප්‍රමාණයෙන් කුඩා කොටසක් ප්‍රත්‍යක්ෂ ප්‍රමාණයක් ලෙසත්, ඉතිරි
කොටස අනුමානය වශයෙන්ම පිළිගැනීමත්ය. ආය¸ නාමය මුල් වරට ලැබෙනුයේ මෙලෙස
ප්‍රත්‍යක්ෂ මුල්වරට ප්‍රමාණයක් වශයෙන් කරගන්නා මෙම අචල ශ්‍රද්ධා
සාරධර්මය ක්‍රියාත්මක වන අවස්ථාවය. කිසියම් පුද්ගලයෙකු තුළ විද්‍යාමාන
සාරධර්ම තර්කානුකූල අවබෝධය මත යහපත් යැයි ඇති කරගන්නා හේතු යුක්ති සහගත
වූ සංකල්පයන් අකාරවතී ශ්‍රද්ධාව වශයෙන් ද ඔහු විසින් ලබා ගන්නා ලද එකී
අවබෝධය මත පිහිටා සිට සාරධර්ම ක්‍රියාත්මක කිරීමෙහි දී එකී පුද්ගලයා
විසින් අත්පත් කරගන්නා ලද ජෛව හිතෛෂී සංකල්ප ප්‍රත්‍යක්ෂය අචල
ශ්‍රද්ධාව වශයෙන් සැලකිය හැකිය. සාරධර්ම මනාව ප්‍රගුණ කිරීම මඟින්
කිසියම් පුද්ගලයෙකු සත්ත්ව පුද්ගලයන් තමාය අන්‍යයන්ය යනුවෙන් දැඩි ලෙස
වෙන් කර පෙන්වන ආත්මාර්ථකාමී චේතනාත්මක සිතිවිලි සීමාවන් අභිබවනය කරන
බැවින් ආය¸ පුද්ගලයෙකු බවට පත්වීමේ මුල්ම අත්තිවාරම සාරධර්ම ප්‍රගුණ
කිරීම තුළින් ලබාගත හැකි වේ යැයි නිගමනය කළ හැකිය.
අවෙච්චප්පසාද යන්නෙහි අර්ථය නම් කරුණු දැන පැහැදීමයි. බුද්ධෙ
අවෙච්චප්පසාද, ධම්මෙ අවෙච්චප්පසාද,සංඝෙ අවෙච්චප්පසාද යනුවෙන් සෝතාපත්ති
අංග අතර සඳහන් වන්නේ මේ කරුණු සහිත ශ්‍රද්ධාවයි. අචල ප්‍රසාදයයි.
තෙරුවන්හි අචල ප්‍රසාදයට අනතුරුව සිව්වැනිව දැක්වෙන සෝතාපත්ති අංගය නම්
අරියකාන්ත ශීලයයි. මෙකී අවෙච්චප්පසාදය ඇති වනුයේ ප්‍රත්‍යක්ෂය ප්‍රමාණ
කොටගෙන බැවින් එය හුදෙක් පැහැදීම යන්නෙන් වෙනස් වෙයි. මෙවැනි
ප්‍රසාදයක් පුද්ගලයෙකු තුළ ජනිත වනුයේ තමන් විසින් අවබෝධ කරගන්නා ලද
ධර්මයෙහි ප්‍රායෝගිකත්වය තමන් විසින්ම මැනවින් ක්‍රියාත්මක කොට දැන
ගැනීමත් නිසා එකී ධර්මය කෙරෙහි ප්‍රබල විශ්වාසයක් ගොඩනැඟීමත්, එය දේශනා
කරන ලද ශාස්තෘවරයා කෙරෙහි ප්‍රබල විශ්වාසයක් ගොඩනැඟීමත්, තවත්
පුද්ගලයන් විසින් ද තමන් වටහාගත් ධර්මය දැන ශාක්ෂාත් කොට එයට පැමිණ වැඩ
වාසය කරන්නේ යැයි අන්‍ය අෂ්ට ආර්ය පුද්ගලයන්ගේ වශයෙන් ශාවක පිරිස
කෙරෙහි ප්‍රබල විශ්වාසයක් ගොඩනැඟීමත් නිසාය.
මේ අවෙච්චප්පසාදය ඇති පුද්ගලයා ආර්ය ශ්‍රාවක නාමයෙන් හැඳින්වෙන අයෙකි.
ඔහු පෘථග්ජනයෙකු නොවේ. අවෙච්චප්පසාදය ඇත්නම් එය සෝතාපන්න භාවය ප්‍රතිඥා
කිරීමට සංසාර වට්ටයට ආපසු නො පෙරළෙන , දුගති භයෙන් විනිර්මුක්ත, නියත
වශයෙන්ම සම්බෝධි පරායන පුද්ගලයෙකු බව පැවසීමට සුදුසුකමක් බව ධර්මයෙහිම
දැක්වේ.
බුදු දහමෙහි ශ්‍රද්ධා ප්‍රතිලාභය කවර ප්‍රයෝගික අර්ථයක් කෙරෙහි
පුද්ගලයා යොමු කරවන්නේද යන්න මින් පැහැදිලි වේ. මේ අනුව කාලාම
සූත්‍රයෙහි ප්‍රතික්ෂේප කොට ඇත්තා වූ නිෂ්ඨා 10 භාවිතා කොට යම්
ඉගැන්වීමක අන්තර්ගත නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම අයෝග්‍ය නො වන්නේ බුදු
සමයෙන් පරිබාහිර වූ අන්‍ය ඉගැන්වීම් වලට අදාළව බව පැහැදිලි වේ. ඇතැම්
දෙනෙකු බුදුසමයෙහි එන ඉගැන්වීම් පවා තමන්ට නොවැටහෙන බැවින්
පිළිනොගැනීමටත්, එලෙස පිළිනොගැනීමට හේතු වශයෙන් කාලාම සූත්‍රයෙහි
අන්තර්ගත දශවිධ ප්‍රතිශේධනම ඉදිරිපත් කරන අතර බුද්ධිමත්ව සිතා බැලූ කල
එය විචාර පූර්වක විධි ක්‍රමයක් නොවන බැව් මේ අනුව පෙනී යයි. නමුත් එලෙස
බුදු සමයාගත ඉගැන්වීම් කෙරෙහි සංශය මුසු දෘෂ්ඨි කෝණයකින් උපකල්පන මත
පිහිටා කටයුතු කිරීම සාවද්‍යය. කාලාම සූත්‍රයෙහි එන දසවිධ නිශේධනයන්
වලංගු වනුයේ අසම්පූර්ණ ඉගැන්වීම් අඩංගුවන අන්‍ය සමයවාදයන් කෙරෙහිය.
හේතුව මෙම ඉගැන්වීම් අසම්පූර්ණ බැවින් ප්‍රායෝගිකත්වයෙන් ද සම්පූර්ණ
නොවේ. එබැවින් කාලාම සූත්‍රයෙහි දැක්වෙන දසවිධ ප්‍රතිශේධනයන්
ප්‍රතිජානනාත්මක ලෙස සලකා ඒවාට සාපේක්ෂකව බාහිර සමයන්හි ඉගැන්වීම්
පිළිගැනීම සාවද්‍යය. නමුත් බුදුසමය තුළ ඉදිරිපත් කෙරෙන සාරධර්ම කාලාම
සූත්‍රයෙන් ප්‍රතික්‍ෂේපිත මිණුම් දඬු 10 මුල් කොටගෙන සත්‍ය යැයි
පිළිගනු ලැබුව ද ඉන් ඉදිරිපත් වන දහමේ ප්‍රයෝගිකත්වයට ඒ නිසා වන
ඛ්ානියක් නැත. කාලාම සූත්‍රයෙන් ප්‍රතික්‍ෂේපිත මිණුම් දඬු 10 බැහැර
කොට සත්‍ය යැයි අනුමානය හා ප්‍රත්‍යක්ෂය ප්‍රමාණ කොට පිළිගත්ත ද
ප්‍රායෝගිකත්වයෙන් තහවුරු කෙරෙන බැවින් බුදු සමයෙහි ඉගැන්වීම්වලට ඉන්
වන හානියක් නො මැත. මේ අනුව බුදු සමයෙහි එන ඉගැන්වීම් කාලාම සූත්‍රයෙහි
මිණුම් දඬු 10 මුල්කොට සාරධර්ම විනිශ්චයකට එළඹුන ද නො එළඹුන ද ඉන් දහමේ
ප්‍රායෝගිකත්වයට බාධාවක් ඇති නොවන බැවින් ඒ කෙසේ කළත් වරදක් නො වන බව
මින් තහවුරු වේ. මේ නිසා බුදු සමයට අභියෝග කිරීම සඳහා බුදුන් වහන්සේ
විසින් දේශනා කරන ලද ත්‍රිපිටකාගත බුද්ධ වචනය පවා විචාර පූර්වක බවකින්
යුක්තව මිස පිළිනොගත යුතු යැයි පෙන්වා දෙමින් කාලාම සූත්‍රයම ඇතැමුන්
විසින් අර්ථ වරදවා කරනු ලබන පැහැදිලි කිරීම් සාවද්‍ය වන බැවින් එවැනි
ඉගැන්වීම් නිසාම දහමේ අගය වඩ වඩාත් වැඩිවන බව නම් ප්‍රත්‍යක්ෂයට
කරුණකි. බුද්ධ දේශනාවක අර්ථය සැබවින්ම විමසීමේ දී බුදුන් වහන්සේ විසින්
එකී දේශනා සියල්ලම සිදු කළේ සියලු සත්ත්වයා විෂයෙහි අපරිමිත
මෛත්‍රියෙන් හා කරුණාවෙන් බව සිහිපත් කරගත හොත් එවැනි බුද්ධ දේශනාවන්හි
නියමාර්ථය අපට ඉන් උකහා ගැනීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය වේ.
පෙර අපරදිග සුවිශේෂිතාවයකින් තොරව සියලු ඥාන විභාග සිද්ධාන්ත අනුව
සැලකූ කල සාරධර්ම වෙනත් බෞද්ධ සංකල්ප සියල්ලටම පාදක වන ඉතාමත් ඉහළ
වපරියක් සහිත සංකල්පයක් බව මේ අනුව පැහැදිලි වේ. වෙනත් සමයවාදයන්හි
සාරධර්මවලට සමාන වෙනත් සංකල්පවලට වඩා සාරධර්ම ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ
බුද්ධිමය හා ප්‍රඥා ප්‍රතිලාභය උදාකර ගැනීම අරඹයා ඉන් ලැබෙන පිටිවහල
සලකාය. ක්‍රමානුකූලව සංවර්ධනය කරමින් අවසානයෙහි බුදුසමයෙහි දක්වා ඇති
අවසාන නිෂ්ඨාව වන නිර්වාණ ප්‍රතිලාභය දක්වාම සාරධර්ම ස්වකීය සිත්
සතන්හි ඉතාමත්ම ප්‍රයෝගිතව හා බුද්ධිමය ප්‍රස්තූතයකින් සමන්විතව ඉහළ
තත්ත්වයක් කරා විවෘත වූ ක්‍රියාමාර්ගයක් ඔස්සේ හැසිරවිය හැකි බව හා එය
කිසිදු භේදයකින් තොරව සෑම දෙනා විෂයෙහි අදාළ වන බව සාරධර්මවලටම අනන්‍ය
වූ ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය.
|